Thursday, December 25, 2014








අන්තර්ජාලය පිටුපස ඇති විශාල තාක්‍ෂණයේ නූතන කථාබහට නිරන්තර ලක්වන වයි-ෆයි (Wi–Fi) තාක්‍ෂණය යනු ; රැහැන් රහිත හෙවත් වයර්ලස් ක‍්‍රමයට පරිගණක ජාල සම`ග හෝ අන්තර්ජාලය සම`ග සම්බන්ධවන්නට ඇති වේගවත්ම තාක්‍ෂණයයි. වයි-ෆයි (Wi–Fi) යනු        (Wireless Fidelity)
 යන සම්පූර්ණ නම කෙටිකර සකසාගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හ`දුන්වනුයේ රැහැන් රහිත ජාලයක් :(Wireless Network) හරහා තොරතුරු විසුරුවා හැරීමේ ක‍්‍රමයයි.
1991 දී වයි-ෆයි (Wi–Fi) තාක්‍ෂණය සොයාගත්තේ ඒටී ඇන්ඞ් ටී සහ එන්සී ආර් කෝපරේෂන් :AT & T, NCR Corparation) නම් ආයතන දෙක එක්වය. මෙහි පුරෝගාමියා වූ වික් . හේයස් වයි-ෆයි තාක්‍ෂණයේ පියා ලෙස සැලකේ. මොහු මෙම තාක්‍ෂණය ලොවට දායාද කලත් මේ වනවිට මේ පිළිබ`දව සම්පූර්ණ බලය තිබෙන්නේ Wi–Fi Alliance නම් ජාත්‍යයන්තර මට්ටමේ සමාගමකට ය. රැහැන් රහිත ක‍්‍රමයට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හො`දම තාක්‍ෂණය වයි-ෆයි ය. අනෙක් අතට දුප්පත් රටවල ලාභදායී ක‍්‍රමයකට අන්තර්ජාලය ලබා දෙන්නට මේ හො`ද මෙවලමකි. වයි-ෆයි තාක්‍ෂණය කෙතරම් ප‍්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට ගම් නගරවලට වයි-ෆයි තාක්‍ෂණයෙන් නොමිලේ ඉන්ටනෙට් ලබා දෙයි.
රැහැන් රහිත ක‍්‍රමයට හෙවත් වයර්ලස් ක‍්‍රමයට ඉන්ටනෙට් දීම ගැන මතක් කරන විටම මතක් වෙන වයි-ෆයි ගැන කතා දැන් තම තමාගේ යහපත් සෞඛ්‍යයට බලපෑම් ඇතිවෙන්නට පුළුවන් බවට පැතිරෙන ආරංචි නිසා බොහෝ දෙනෙක් ඊට බිය වූහ. වයි-ෆයි විකිරණ සෞඛ්‍යයට නරක බලපෑම් ඇති කරන්නේය යන අදහස මීට පෙර බොහෝ සෙයින් කතාබහට ලක්විය . ඒ BBC panorama නම් වැඩසටහනෙනි.
 



එම වැඩ සටහන ම`ගින් ඉදිරිපත් කලේ බි‍්‍රතාන්‍යයේ බර්කින්හැම්ෂයර් ප‍්‍රදේශයේ පාසල් ගුරුවරයෙකුගේ අත්දැකීමකි. ඔහු කියා සිටියේ තම පංතියට වයර්ලස් ඉන්ටනෙට් සම්බන්ධය ලබා දෙන්නට යොදා ගැනෙන රවුටරය ක‍්‍රියාත්මක කල විට හිසරදය හා ඔක්කාරය ඇතිවන බවයි. එම එලි කිරීම ඔස්සේ සිය ගවේෂණාත්මක ප‍්‍රවෘත්ති කලාව මෙහෙය වූ  BBC කීවේ වයි-ෆයි සම්බන්ධය ඇති ලැප්ටොප් පර්ගණකයක් අසල පැතිරෙන සංඥාවල  බලසම්බන්නකම ජංගම දුරකථන කුළුනක් ළ`ග ඇති සංඥා මෙන් තුන් ගුණයක් බවයි. මේ ප‍්‍රවෘත්තිය සම`ග මෙම තාක්‍ෂණය සෞඛ්‍යයට හො`දද නැද්ද යන්න පිළිබ`ද ඇතිවූ සංවාදය නිසාම බි‍්‍රතාන්‍යයේ ජංගම සන්නිවේදනය සම සෞඛ්‍යය පර්යේෂණ ආයතනයේ (MTHR – Mobile Telecommunications and Health Research) සභාපති මහාචාර්ය ලව්රි වැලිස් පැවසූවේ වයි-ෆයි රවුටරයක් අසල තිබෙන සංඥාවල ප‍්‍රබලතාව රජයේ සම්මත ප‍්‍රමිතියට වඩා හයසිය ගුණයකින් දුර්වල හෙයින් බිය නොවිය යුතු බවයි. අවසන් වශයෙන්  සෞඛ්‍යය ආරක්ෂක ඒජන්සිය ප‍්‍රකාශ කළේ වයි-ෆයි සංඥා ඇති තැනෙක යමෙක් අවුරුද්දක් තිස්සේ වාඩි වී සිටින විට සිරුරට ඇතුළුවන කිරණ ප‍්‍රමාණය විනාඩි විස්සක ජංගම දුරකථන සංවාදයකදී සිරුරට ඇතුළුවන කිරණ ප‍්‍රමාණය සමාන වන බවයි. කෙසේ වෙතත් මහජනතාවගේ සිතෙහි උපන් භීතිය තුරන්කරන්නට මේ වෑයම සමත්වී නොමැත.











රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරුවන්නේ සෙලියුලර් දුරකථන, රූපවාහිනි, රේඩියෝ යන්ත‍්‍ර වැනි උපකරණවල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංගවලිනි. වයර්ලස් රවුටරයක් මෙසේ රේඩියෝ තරංග සම්පේ‍්‍රශණය ස`දහා තිබිය යුතු මුලික අංගයකි.







මෙම රවුටරයේ තිබෙන ඇන්ටනා මගින් පරිගණක දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි. මේ ස`දහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යයතාවය වන්නේ වයි-ෆයි ඇඩැප්ටරයකි. මෙය යූඑස්බී ඇඩැප්ටරයක් නැතිනම් පීසී කාඞ් එකකි. මේ අවශ්‍යයතාවයන් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටනෙට් සම`ග සම්බන්ධවීමේදී මූලික වශයෙන් සිදුවන ක‍්‍රියාවලි දෙකකි. පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය ම`ගින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව ම`ගින් ඒවා සම්පේ‍්‍රශනය කරයි.
රුහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හරවයි. ඉනිපසු ඒවා සාමාන්‍ය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ කෙරේ. මෙසේ ඉන්ටනෙට් සම`ග රැහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක තිබෙන කාමරයක් තුල පිහිටුවිය හැක. එලිමහනක පිහිටුවීමටද හැක. කෙසේ නමුත් මේ රවුටරයෙන් තරංග සම්පේ‍්‍රශණය කරන හා ලබාගන්නා බල ප‍්‍රදේශයක් තිබේ.
        එහි ඇති වයි-ෆයි සම්බන්ධතාවය ලබාගත හැකි තැන් හොස්ට්පොට්ස්  නම් වේ. ඒ කියන්නේ ඇඩැප්පරය සහිත ලැප්ටොප් එකක් රැගෙන යන්නෙකු වයර්ලස් ඉන්ටනෙට් සම්බන්ධය ලබා ගන්නට නම් මෙවැනි වයි-ෆයි හොස්ට්පොට් එකට ඇතුලු විය යුතුය.







වයි-ෆයි හොස්ට්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන, වෝකිටෝකි, රූපවාහිනි යන්ත‍්‍ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත් මේවායේ සංඛ්‍යාතය ඒ හැමටම වඩා ඉහලය. ඒ නිසා මේවාට වැඩි තොරතුරු ප‍්‍රමාණයක් හුවමාරු කරගන්නට පුළුවන. වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්ටමෙන් තාක්‍ෂණික ප‍්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ටි‍්‍රකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of Electrical and Electronics  Engineering)නියමයන්ට අනුවය. ඔවුන් සැලසූ 802.11 යන ජාල ප‍්‍රමිතිය (802.11 Networking Standard)මෙහිදී යොදා ගැනේ.

මෙයින් මුලින්ම ඉදිරිපත් වූයේ 802.11ඉ නම් ප‍්‍රමිතියයි. ගිගා හර්ට්ස් :(GHz) 2.4ක සංඛ්‍යාත පරාසයෙන් දත්ත හුවමාරු කරන මෙහිදී තප්පරයකට මෙගාබයිට් 11ක වේගයෙන් තොරතුරු හුවමාරු කරන්නට පුළුවන. 802.11ට ලෙස හ`දුන්වන ප‍්‍රමිතිය ඊට පසු ආ ප‍්‍රමිතිය අනුව ද ගිගාහර්ඩිස් 2.4 ක සංඛ්‍යාත පරාසයේම දත්ත සම්පේ‍්‍රශණය කලත් එහි වේගය වැඩිය. එය තප්පරයකට මෙගාබයිට් 54 කි.





.   වයි - ෆයි ජාලයක් වැඩ කරන හැටි
1) වයි-ෆයි හොස්ට්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලිවල, පහන් කණුවල හා වෙනත් ස්ථානවල සවි කරයි.
2) වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉනිටර්නෙට් සම්බන්ධය :Source Internet connection ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සම`ග රැුහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ.
3) දැන් සමහර මොබයිල් ෆෝන්වලටත් පාම්ටොප් පරිගණකවලටත් වයි-ෆයි තාක්‍ෂණය හ`දුනාගැනිමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහා ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක.
4) ලැප්ටොප් පරිගණක ද වයි-ෆයි ලබා ගත හැකි උපාංග (ඇඩැප්ටර්) සම`ග එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක.
802.11 මෙහිදීද මෙගාබයට් 54ක වේගයෙන් දත්ත හුවමාරු කළ හැකි වුවත් එහි සංඛ්‍යාත පරාසය ගිගාහර්ට්ස් 5 කි.
වයි-ෆයි තාක්‍ෂණයේ තිබෙන සුවිශේෂත්වය ද මෙතැනදී කිව හැක. එනම් වයි-ෆයි ක‍්‍රමයෙන් දත්තසම්පේ‍්‍රශණය කෙරෙන ගිගාහර්ට්ස් 2.4 සහ 5 යන රේඩියෝ තරංග සංඛ්‍යාත පරාසය ස`දහා බලපත‍්‍ර ලබාගත යුතු නොවීමයි. මේ නිසා සාමාන්‍ය ගෙදර දොරේ වයි-ෆයි රවුටරයක් පිහිටුවූවත්, ඊටත් වඩා සෙනක`ගට සේවය කරන්නට හැකි සේ නගරයක වයි-ෆයි ඇන්ටනා කුළුණක් ඉදි කලත් සංඛ්‍යාත පරාසය වෙනුවෙන් විදුලි සංදේශ ආයතනවලට බදු ගෙවිය යුතු නැත.   



වයි-ෆයි තාක්‍ෂණය යොදා ගෙන ඉන්ටනෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සම්බන්ධතා හෝ ලබා ගන්නා විට මීට අමතර වශයෙන් තියෙන වාසි ද කිහිපයකි.
1) කේබල් යෙදීමේ අවශයතාවක් නැති නිසා ජාලය ස්ථාපිත කිරිම පහසුය.
2) බොහොමයක් ලැප්ටොප් සම`ග වයි-ෆයි ඇඩැප්ටර් සවි කොට තිබීම නිසා ඉන්ටනෙට් සම්බන්ධය ලබා ගැනීමට යන මූලික වියදමද අඩුය.
3) වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.
4) මේ වාසිදායක තත්ත්වයන් සහිතව වූවත් වයි-ෆයි තාක්‍ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ.
5) මේ ස`දහා යෙදවිය යුතු ශක්තිය ඉහල නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහල යාම සි`දුවේ.
6) වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උපදින හොට්ස්පොට් එකක් අඩි 150ක පමණ ප‍්‍රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ‍්‍රයෙන් පිහිටුවන හොට්ස්පොට් එකක් වූවත් බල පවත්වන්නේ අඩි 300ක පමණ දුරකටය.
7) වයි-ෆයි ජාලයක රහස්‍ය බව අඩුය. කුමන වයි-ෆයි ජාලයක් නොමිලේ ඇති කාටත් පහසුවෙන් සම්බන්ධවිය හැකි සංඛ්‍යාත පරාසයකින් සම්පේ‍්‍රශණ කටයුතු කරන නිසා යම් ජාලයකට පිටස්තර අයෙකු ඇතුළුවී තොරතුරු සොයා බැලීම පහසුය.
මේ තත්ත්වයන් යටතේ වුවත් වයි-ෆයි තාක්‍ෂණය හො`ද අතට දියුණු කරන්නට නොයෙක් උපාය ලෝකයා විසින් සොයමින් සිටී. නගර වැසියන් අතර නොමිලේ වයර්ලස් ඉන්ටනෙට් සම්බන්ධය දීම එවැන්නකි. මෙහිදී මුළු නගරයම ආවරණය වන සේ රවුටර් පද්ධතියත් පිහිටුවයි. සාමාන්‍යයෙන් තිබෙන රවුටරයකට යාබදව ඇති තවත් රවුටරයක් හ`දුනාගැනීමට බැරි වූවත් නාගරික වයි-ෆයි ජාලයකදී එහි ඇති හැම රවුටරයක්ම යාබදව ඇති රවුටර් දෙකක්වත් හ`දුනාගන්නට පුළුවන්කම තිබේ.
එසේම ඒ හරහා මුළු නගරයේම ඇති රවුටර් සියල්ල එකිනෙක සම`ග සම්බන්ධ කෙරේ. මෙසේ තැනූ වයි-ෆයි ජාලයකින් :(Mesh Network) වැසී ගත් නයරයක  ඕනෑම තැනකට යන්නෙකුට කිසි කරදරයක් නැතිව සිය ලැප්ටොප් එකෙන් ඉන්ටනෙට් සම`ග සම්බන්ධ විය හැකිය.


ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා, ටෙක්සාස්, නිව් යොක් යන ප‍්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල (Municipal Wi – Fi Network) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොඩාවේ සෙන්ට් ක්ලවුඞ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටනෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය. මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මෝටර් රථ එක්නෙකට හදුනාගැනීමට හැකි සේ වයි-ෆයි තාක්‍ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් දැන් යුරෝපයේ ක‍්‍රියාත්මකය. යුරෝපීයන් කාර් ටු කාර් European Car - 2 – Car) ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප‍්‍රධාන මෝටර් නිෂ්පාදන සමාගම් හා විශ්ව විද්‍යාල කීපයකි.මෙහිදී කරන්නේ වාහනවල වයි-ෆයි පද්ධති පිහිුවා ඒවා අතර සම්බන්ධය ඇති කිරීමටය. එවිට නොපෙනෙන වංගුවකදී වූවත් එක් මෝටර් රථයකට අනෙක හදුනාගන්නට හැකිය.
වයි-ෆයි තාක්‍ෂණයෙන් ජනයා හදුනාගැනීමේ ක‍්‍රමයක් ෆින්ලන්තයේ ඉකාහෝ  සමාගම හදුන්වා දී තිබේ. මෙය වයි-ෆයි ජාලයකින් හදුනාගත හැකි රේඩියෝ ටැග් එකකි. මෙම ටැග්වලට (Battery Powered RFID Tags) ගැලපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් ඒවා හදුනා ගන්නට හැක. දියුණු රටවල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැලැදී රෝගීන් දැන් සිටින්නේ කොතනකදැයි දැන ගැනීම මෙම`ගින් පහසුය. මේ විදිහට දියුණු රටවල් බොහොමයක පාසල් හා විශ්ව විද්‍යාල වයි-ෆයි ජාලවලින් පෙහොසත්ය. එවැනි තැනක සිසුන් සිටින්නේ කුමන තැන්වල, කුමන ලෙසකින් ද කියා හදිසියකදී මෙම`ගින් දැන ගත හැක.











කාර් - ටූ සන්නිවේදන ක‍්‍රමය
වාහනවල වේගය, ගමන් කරන දිශාව යනාදිය දැන ගැනීමට වාහනයේ වයි-ෆයි පද්ධතියක් පිහිටුවිය හැක. දැන් මේ වාහනය ඉදිරියේ ඇති තැනක වදින්නට යන්නේනම් ඊට කලින් බාධකය හදුනාගෙන එලාම් හඩවා ඒ බව රියදුරාට දන්වයි. වාහන දෙකක් මූහුණට මුහුණලා පැමිණීමට පෙර වයි-ෆයි පද්ධති එකිනෙකට මුණගැසී ඉදිරියෙන් වාහනයක් එන බව දන්වයි.
මෙලෙස විශාල ප‍්‍රදේශයක පැතිරී ඇති නිසා වයි-ෆයි තාක්‍ෂණය අති විශාල මෙහෙයක් නූතන සමාජයට ඉටු කරනු ලබයි.




AR/64899/2009/2010.
ඒ : ඇම් : තුෂාරා ස්වර්ණ කුමාරි.
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.







No comments:

Post a Comment