Monday, December 29, 2014

                     
                      විකිපීඩියා

   
විකිපීඩියාහිඉතිහාසය

”විකිපීඩියා” ප‍්‍රථමයෙන්ම ලෝකයට හඳුන්වා දෙනු ලැබූවේ 2001 වර්ෂයේ ජනවාරි 15 වන දින ජිමිවේල්ස් සහ ලැරී සැන්ගර් විසිනි. වේල්ස් සහ සැන්ගර් දෙදෙනා එක්ව  මෙය වැඩි දියුණු  කරන ලද්දේ වෝඞ් කනිංහැම් විසින් 1995 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද ”විකි” සංකල්පය සහ තාක්ෂණය උපයෝගී කරගනිමිනි.ජනපි‍්‍රයත්වය අතින් ලෝකය හයවන ස්ථානයේ පසු වන වෙබ්අඩවිය ලෙස විකිපීඩියා හඳුන්වාදියහැකිය .ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් මිලියන අසූපහකට වැඞ්පිරිසක් මෙය භාවිතා කරයි. ඉංගී‍්‍රසි නොවන  ප‍්‍රථම විකිපීඩියාව වන්නේ  deutsche.wikipedia.com  ය.
                           ජපානයේ ප‍්‍රථමයෙන්ම විකිපීඩියා ආරම්භ වූයේ nihong.wikipedia.com    නමින්ය. එය ප‍්‍රථමයෙන් ම භාවිතා කරන ලද්දේ රෝමානු ජපන් ජාතිකයන් විසිනි.
 2002 වර්ෂයේ ජනවාරි මාසයේදී විකිපීඩියා සඟරා වලින් 90% ක්ම පළවූයේ ඉංගී‍්‍රසි භාෂවෙන් ය. 2014 වර්ෂය වනවිට ඵම තත්ත්වය වෙනස් වී 85.5% ක්ම සඟරා ඉංගී‍්‍රසි භාෂා මාධ්‍යයන් ගෙන් පළවුණි.
                            විකිපීඩියා වර්ධනය වූයේ විකිමීඩියා පදනම සමඟය.  The Wikipedia.com iyWikipedia.org යන නම් ලියාපදිංචි කරනු ලැබුවේ 2001 වර්ෂයේ ජනවාරි 12,13 යන දිනයන්හිදී ය. අතේ ගෙනයාහැකි පළමු ”විකි” මාධ්‍යය ආරම්භවූයේ 2002 වර්ෂයේ ජනවාරි 25 වන දිනය. 2003 වර්ෂයේදී ඉංගී‍්‍රසි මාධ්‍යයේ විකිපීඩියාව 100 000කට අධික ලිපි සංඛ්‍යාවක් ඉදිරිපත්කරන ලදි.එමෙන්ම දෙවන විශාලතම විකිපීඩියාව වන ජර්මන් විකිපීඩියාව ද ඊට සමානවම ලිපි 100,000 ක් ඉදිරිපත්කරනු ලබයි. විකිපීඩියාව අවහිර කිරීමට ප‍්‍රථම වරටඋත්සාහදරන ලද්දේ 2004 වර්ෂයේදීය. 2005 වර්ෂයේ දී ලොව වැඩි පිරිසක් කියවන ලද ප‍්‍රථම බහු භාෂිත ලිපි ඉදිරිපත් වූයේය. 2005 වර්ෂයේ දීලොව වැඩිපිරිසක් කියවන ලද ප‍්‍රචලිතම වෙබ්අඩවිය බවට දපත්විය.චීනය විසින් නැවතත් 2005 වර්ෂයේ ඔක්තෝබර් මස විකිපීඩියාව අවහිර කරන ලදි.
2007 වර්ෂයේදී ඉංගී‍්‍රසි විකිපීඩියාව දිනකට ලිපි 1700ක් ලබා ගත් අතර 2008 වර්ෂයේදී එය මිලියන 10ක් විය.එම වර්ෂයේ අවසානයේදීම ඉංගී‍්‍රසි විකිපීඩියාව මිලියන 2.5 ක ලිපිප‍්‍රමාණයක් ඉදිරිපත් කරන ලදි. 2009 වර්ෂයේ අගෝස්තු මාසයේදී විකිපීඩියා ලිපි ප‍්‍රමාණය මිලියන 14 දක්වා වර්ධනය වූ අතර 2010 වර්ෂයේ දෙසැම්බර් මස 12 වනදින ඉංගී‍්‍රසි විකිපීඩියාව මිලියන 3.5 වන ලිපිය ඉදිරිපත් කරන  ලදි.ඵසේම ප‍්‍රංශ විකිපීඩියාව 2010 වර්ෂයේ සැප්තැම්බර් 21 වන දින ප‍්‍රථම මිලියන ලිපිය ඉදිරිපත්කරන ලදි. 2011 වර්ෂයේ ඔක්තෝබර් 04 සහ 06 දෙදින තුළදී ඉතාලිය  විකිපීඩියාව  අවහිර කරන ලදි. 2012 වර්ෂයේ අපේ‍්‍රල් මස විකිපීඩියාව සඳහා මිලියන එකේ දායකයා ලෙස ඉන්දියාවේ  විය.2012 වර්ෂයේ ජූලි 13 වනදිනඉංගී‍්‍රසි විකිපීඩියාව සඳහා මිලියන 04 වෙනි ලිපිය ලැබුණි.

දෘඩාංග සහමෘදුකාංග


2001 වර්ෂයේ ජනවාරි මාසයේ දීවිකිපීඩියා සඳහා භාවිතාවූයේ usemod wiki  hkakhs' th la,s*ä  ඇඩම් ස් විසින් ලියන ලදි. 2002 වර්ෂයේ ජනවාරි මාසයේදී විකි   “phase 11”යනුවෙන් මෘදුකාංගයක් ඉදිරිපත් කරන ලදි. 2002 වර්ෂයේ ජූලි මස  “phase 11  ”මෘදුකාංගයම නැවතත්   “phase 111”ලෙස ලී ඩැනියෙල් ක්‍රෙකර් විසින් නිපදවන ලදි. 2002 වර්ෂයේ ඔක්තෝබර් මස ඩිරෙක්රම් සේ විසින්  ඇමරිකාව පිළිබඳව ලිපි බහුතරයක් ඇතුළත් කළ හැකි වැඩසටහනක් නිපදවන ලදි. 2004 වර්ෂයේ මැයි මස සෑම 29 වන දි සෑම වෙබ් අඩවියක්ම  Mediawiki””මෘදුකාංගය මගින් අලුත්වැඩියා කරන ලදි. 2003 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වන දින විකිපී ඩියා සඳහා වෙනමම ලාංඡනයක් ඉදිරිපත් කරන ලද අතර 2005  වර්ෂයේ ජූලිමස 10 වන දින ඉංගී‍්‍රසි විකිපීඩියා හි ප‍්‍රධාන පිටුව සඳහා ඡයාරූප පළකිරීම ආරම්භකරන ලදි. 2001වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ”wiki නමින් නව ව්‍යාපෘතියක්ද ආරම්භකරන ලදි.
විකිමීඩියාහි පදනම සහ නීතිමය සංයුතිය
                             2002 වර්ෂයේ අගෝස්තු මාසයේදී ජිම්වේල්ස් විසින් වානිජ දැන්වීම් වර්ෂයේ විකිපීඩියාහි පළනොකරන බවට ප‍්‍රකාශ කිරීමත් සමඟම එය Wikipedia .com isg Wikipedia  ලෙස වෙනස්විය. 2003 වර්ෂයේ ජූනි 20 දින විකිමීඩියා සඳහා පදනම සොයා ගන්නා ලදි. 2006 වර්ෂයේ ජනවාරි 10 වන දින විකිපීඩියා, විකිමීඩියා පදනමෙහි ලියාපදිංචි විය.
විකිපීඩියාහි කි‍්‍රයාත්මක ව්‍යාපෘති
                     2001 වර්ෂයේ ජනවාරි 15 වනදිනපටිගත කරන ලද ප‍්‍රථම ලිපිය ඉදිරිපත්විය.  2002 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ප‍්‍රථම වරට wiktionar නිපදවන ලදි. 2003 වර්ෂයේ  ජූනි විසිවන දින wikiquote  ks¾udKh  කරන ලදි.මසකට පසු wikibook පදවන ලදි. වර්ෂය අවසානයේ දී wikisource නිපදවීය. 2004 වර්ෂයේ  අපේ‍්‍රල් 20 දී විකිපීඩියා හි ඉංගී‍්‍රසි ලිපි 250, 000ක්ම විය. 2004ජූලි 07 එය 300,000 ක්මවිය. 2004 වර්ෂයේ සැප්තැම්බර් 20 වන දින විට විකිපීඩියාහි ලිපි ගණන 1000,0000 දක්වාවිය. එය භාෂා 105කින් ඉදිරිපත් කරන ලදි. 2009 වර්ෂයේ දෙසැම්බර් 27 වනදින ජර්මන් විකිපීඩියාහි  ලිපි ප‍්‍රමාණය 1000,0000 දක්වා ඉක්මවිය. 
විකිපීඩියාව බහු භාෂා විශ්වකෝෂයක් ලෙස ද හඳුන්වාදීමට හැකිය. මෙය භාවිතාකරනු ලබන පුද්ගලයන් වාසි සහ අවාසි රැසක් තිබේ. අන්තර්ජාල පහසුකම් සතු  ඕනෑම පුද්ගලයෙකුට මෙහි ලිපි පළ කළහැකි අතර ලිපිකියවා තොරතුරුද ලබා ගත හැකිය. දිනපතා අලුත්වන කාර්යක්ෂම මාධ්‍යයක් වන මෙහි  ඕනෑම පුද්ගලයෙකුට එනම් ජාති, වයස් මට්ටම් , ආගම්, කුල ආදී බෙදීම් වලින් තොරව ලිපි පළ කළහැකි බැවින් මෙය සුවිශේෂි වෙයි. ඉතිහාස ගත තොරතුරු ඇතුළත් ලිපි මෙන්ම එදිනෙදා අලූත් වන තොරතුරු ඇතුළත් ලිපිමේ තුළ පළකිරීමද ප‍්‍රයෝජනවත් වේ.  ඕනෑම පුද්ගලයෙකුට මෙහි ලිපි පළකිරීමට හැකි නිසාත්, ඒවා සංශෝධනය කළහැකි  නිසාත් ලිපි වල අන්තර්ගත තොරතුරු කරුණු වල සත්‍ය හා නිවැරදිතාවය පිළිබඳව ගැටලූ පවතී.
 බොහෝදුරට අධ්‍යාපන ය  හදාරන සිසුසිසුවියන්ගේ සිට මහාචාර්යවරු , පර්යේෂණයන් සිදුකරන පර්යේෂකයන් ආදීන්ට ඉතා වැදගත් වන මෙය ලෝකයේ දැනුම , තොරතුරු සොයන පුද්ගලයන්ගේ ජනප‍්‍රිය වෙබ්අඩවියක් ලෙස හඳුන්වාදියහැකිය.
 
 


uQ,dY%h÷ WWW. Wired.com /2011 / 11 / st essay wikipeida
ku÷ tia' mS' ã' tï' tï' iq.;odi

AR/65187

 
 

No comments:

Post a Comment