Tuesday, December 23, 2014


Google සර්ච් එන්ජිම ආරම්භය හා විකාශනය

ලෝකයේ හොඳම සෙවුම් යන්ත‍්‍ර තාක්‍ෂණය සොයාගත්තේ ලැරී ජේජ් සමඟ සර්ජි බි‍්‍රන්ය. ගූගල් සෙවුම් යන්ත‍්‍රය නිර්මාණය කළේ මේ තාක්‍ෂණයේ පිහිටෙනි.

දැන් තිස්වැනි විය පසුකරමින් සිටින ලැරී පේජ් සහ සර්ජි බි‍්‍රන්, ඩොලර් බිලියන සියයක හෙවත් රුපියල් කෝටි ලක්‍ෂයක වත්කම ඇති ගූගල් සමාගමේ අයිතිකරුවෝ වෙත්.

දිනකට ලෝකයේ නන් දෙස සෙනඟ කෝටි විස්සක් දෙනා ගූගල් සර්ච් එන්ජිමේ ප‍්‍රයෝජනය සොයා එති. මේ සෙවුම් යන්ත‍්‍රය හරහා වෙබ් පිටු කෝටි අටසියයක් පීරා බලන්නට පුළුවන. මේ වෙබ් පිටු අතරින් තමන්ගේ මාතෘකාවට ගැලපෙන තැන් වෙත යොමුවෙන්නට පුළුවන. මෙම වෙබ් පිටුවල නාමාවලිය පමණක් කඩදාසි වල මුද්‍රණය කළේ නම් ඒ කඩදාසි රේල සැතපුම් කීයක් දිගු වේදැයි වරෙක ජාත්‍යන්තර ටයිම්ලෝකයේ ලොකුම සර්ච් එන්ජිම ආරම්භය හා විකාශනය

ලෝකයේ හොඳම සෙවුම් යන්ත‍්‍ර තාක්‍ෂණය සොයාගත්තේ ලැරී ජේජ් සමඟ සර්ජි බි‍්‍රන්ය. ගූගල් සෙවුම් යන්ත‍්‍රය නිර්මාණය කළේ මේ තාක්‍ෂණයේ පිහිටෙනි.

දැන් තිස්වැනි විය පසුකරමින් සිටින ලැරී පේජ් සහ සර්ජි බි‍්‍රන්, ඩොලර් බිලියන සියයක හෙවත් රුපියල් කෝටි ලක්‍ෂයක වත්කම ඇති ගූගල් සමාගමේ අයිතිකරුවෝ වෙත්.

දිනකට ලෝකයේ නන් දෙස සෙනඟ කෝටි විස්සක් දෙනා ගූගල් සර්ච් එන්ජිමේ ප‍්‍රයෝජනය සොයා එති. මේ සෙවුම් යන්ත‍්‍රය හරහා වෙබ් පිටු කෝටි අටසියයක් පීරා බලන්නට පුළුවන. මේ වෙබ් පිටු අතරින් තමන්ගේ මාතෘකාවට ගැලපෙන තැන් වෙත යොමුවෙන්නට පුළුවන. මෙම වෙබ් පිටුවල නාමාවලිය පමණක් කඩදාසි වල මුද්‍රණය කළේ නම් ඒ කඩදාසි රේල සැතපුම් කීයක් දිගු වේදැයි වරෙක ජාත්‍යන්තර ටයිම්  සඟරාව (Time)
  වෙනුවෙන් සර්ජි බි‍්‍රන් හමුවූ පුවත්පත් කලාවේදි ආඩි ඉග්නේෂන් ඇසීය. ‘‘සැතපුම් පන්සියයකට වැඩිය’’ සර්ජි බි‍්‍රන් උත්තර දුන්නේය.

එක්දහස් නවසිය අනූ ගණන්වලදී ඇමරිකාවේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේදී සර්ජි බි‍්‍රන්ට ලැරී පේජ් මුණ ගැසුණේය. දෙදෙනාම පැමිණ සිටියේ පරිගණක විද්‍යා ආචාර්ය උපාධිය ලබා ගැනීමටය.

පරිගණක විද්‍යාව හා කෘති‍්‍රම බුද්ධිය පිළිබඳ ඇමරිකාවේ සිටින කීර්තිමත්ම විද්‍යාඥයෙකු වන මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාල් පේජ්, ලැරී හෙවත් ලෝරන්ස් ගේ පියාය. ලැරීගේ මව පරිගණක ක‍්‍රමලේඛ ශිල්පියනියකි. ලැරීට මුලින්ම පරිගණකයක් ලැබුණේ අවුරුදු හයේදීය. ඉන් ආභාෂය ලැබූ හේ හොඳින් කි‍්‍රයාත්මක වන ඉන්ක්ජෙට් පි‍්‍රන්ටරයක් පාසල් විද්‍යා ප‍්‍රදර්ශනයට තැනුවේ ලෙහෝ ක‍්‍රීඩා කොටස්වලිනි.

සර්ජි බි‍්‍රන් රුසියාවේ මොස්කව් නුවර උපන් යුදෙව්වෙකි. සෝවියට් සමාජ ප‍්‍රතිසංස්කරණවලට මුහුණ දෙන්නට බැරිව එක්දහස් නවසිය හැත්තෑ නවයේදී සර්ජි පවුල ඇමරිකාවට පැන ආවේය. බි‍්‍රන්ගේ පියා වන මයිකල් බි‍්‍රන් දැන් මේරිලන්ඞ් විශ්වවිද්‍යාලයේ සම්භාවිතාව හා සංඛ්‍යානය පිළිබඳ කථිකාචාර්යවරයෙකි. සර්ජි බි‍්‍රන්ගේ මව ඇමෙරිකානු අභ්‍යාවකාශ ඒජන්සියේ (NASA) සේවය කරන්නීය. සර්ජිට ගෙදරින් ලැබුණු පළමු කොම්පියුටරය කොමඩෝර් 64 වර්ගයේ එකකි. එවිට සර්ජිගේ වයස අවුරුදු නවයකි.

සර්ජි බි‍්‍රන් පරිගණක විද්‍යාවට ආචාර්ය උපාධිය ලබාගන්නට ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයට එන විට එහි ආ ලැරී පේජ් දෙදෙනා මිතුරුව, විශ්වවිද්‍යාලයේදී නව සෙවුම් යන්ත‍්‍රයක් නිර්මාණය කළේය. එය නම් කළේ බැක්රබ්  කියාය. බැක්රබ් සර්ච් එන්ජිම යමක් සොයන්නේ ජනප‍්‍රියතාවය අනුවය. ඒ කියන්නේ වැඩි දෙනෙක් බලන වෙබ් අඩවි මුලට එන සේ මෙම සර්ච් එන්ජිම මඟින් ස්වයංක‍්‍රීයව වෙබ් පිටු පෙළගස්වයි.
මේ තත්ත්වය ඔවුන් දියුණු කළේ ස්ටැන්ෆර්ඞ් විශ්විවද්‍යාලයේදී නිසා එහි අයිතිය තිබෙන්නේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලටය. එහෙත් පේජ් හා බින් එක්ව මේ තාක්‍ෂණය තවදුරටත් දියුණු කොට 2011 වනතෙක් එයට පේටන්ට් අයිතිය ගත්තේය. අලූත් තාක්‍ෂණයක් ඇතිව 1998 සැප්තැම්බර් 07 වැනිදා ගූගල් සර්ච් එන්ජිම ලෝකයට ආවේ ඉන්පසුවයි.

එකේ ඉලක්කමට බින්දු සියයක් ලියූ විට ලැබෙන ඉලක්කම ගණිතයේදී හඳුන්වන්නේ ගූගොල්  (Googolකියාය. තම සර්ච් එන්ජිමෙන් ඉන්ටනෙට්හි තිබෙන වෙබ් පිටු අති විශාල ගණක් පීරා බලන්නේය යන තේරුමින් මේ නම සිය සර්ච් එන්ජිමට යොදන්නට ලැරී ජේජ් සමඟ සර්ජි බි‍්‍රන් කල්පනා කළහ. පසුව එය කටහුරු වචනයක් වන ගූගල් (Googleලෙස වෙනස් කොට ගත්තේය.
තම මිතුරන්ගෙන් හා පවුලේ අයගෙන් ඉල්ලාගත් ඩොලර් දශලක්‍ෂයකින් ඔවුහු ගූගල් ඉන්කෝපරේෂන්  (Google Inc,) සමාගම පටන් ගත්තේය. ඒ කැලිෆෝනියාවේ මෙන්ලෝපාක් හි කුළියට ගත් ගරාජයක ප‍්‍රධාන සර්වරය පිහිටුවමිනි.

යාහු සර්ච් එන්ජිමටත් වඩා, මයික්‍රොසොෆ්ට්හි එම්එස්ළුන් සර්ච් එන්ජිමටත් වඩා, ගූගල් හි තාක්‍ෂණය වේගවත් හා පහසු බව ඉන්ටනෙට් කරන්නන්ට තේරුම් ගන්නට වැඩි කලක් ගියේ නැත. මුල් මාස කීපයේදී ‘‘වදයක් වෙන්න එපා’’ යන ගූගල් ආදර්ශ පාඨයම ගූගල් බලධාරීන්ට පෙන්වමින් ටිබෙටයේදී ද ලා්කයේ වෙනත් රටවලදී ද, උද්ඝෝෂකයින් පිරිසක් කීවේ, මොනවා කීවත් ගූගල් චීන්නුන්ට වදයක් වී ඇති බවය. ඒ ගූගල්හි චීන සෙවුම් යන්ත‍්‍රය චීන නීතියට අනුව වාරණය කොට ඉදිරිපත් කරන්නට ගූගල් සමාගම පසුගියදා වැඩ කළ නිසාය.
           තම මිතුරන්ගෙන් හා පවුලේ අයගෙන් ඉල්ලාගත් ඩොලර් දශ ලක්‍ෂයකින් ඔවුහු ගූගල් ඉන්කෝපරේෂන් (Google Inc,&) සමාගම පටන්ගත්හ. එකේ ඉලක්කමට බින්දු සියයක් ලියූ විට ලැබෙන ඉලක්කම ගණිතයේදී හඳුන්වන්නේ ගූගොල්  (Googol) කියා ය. තම සර්ච් එන්ජිමෙන් ඉන්ටනෙට් හි තිබෙන වෙබ් පිටු අති විශාල ගණනක් පීරා බලන්නේය යන තේරුමින් මේ නම සිය සර්ච් එන්ජිමට යොදන්නට ලැරිපේජ් හා සර්ජි බි‍්‍රන් කල්පනා කළහ. පසුව එය කටහුරු වචනයක් වන ගූගල් (Google) ලෙස වෙනස්කොට ගත්හ.
ලෝකයේ හොඳම සෙවුම් යන්ත‍්‍ර තාක්‍ෂණය සොයාගත්තේ ලැරී පේජ් සමඟ සර්ජි බි‍්‍රන්ය. නොයෙක් ජාත්‍යන්තර සඟරා කවරයේ කතා පළ කරමින් ඔවුන් ඇගයීමට ලක් කළේ ඒ නිසාය. ලෝකයා ගූගල් හි සේවය ලබන වාර ගණන දිනකට දස දහස දක්වා ඉහළි ගියේය. වසර 2000 වන විට එය දෙලක්‍ෂය පැන්නීය.

එහෙත් ප‍්‍රශ්ණයක් තිබුණි. ඒ ගූගල් සර්ච් එන්ජිමට ආදායම් එන මාර්ග අඩුවීමය. සර්ච් එන්ජිම තුළ කෙලින්ම දැන්වීම් පළ කිරීමෙන් ලබන ආදායමට වඩා ආදායමක් ලබන්නට පුළුවන් උපක‍්‍රමයයක් ගැන ඔවුන් උපදෙස් ගත්තේ ගෝටූ ඩොට් කොම් (GoTo.com) ආයතනයෙනි.
මේ සැලසුමට අනුව දැන්වීම් පළ කරන්නේ වෙබ් පිටුවේ කියවෙන දෙයට අනුවය. ගූගල් හරහා යමෙක් සොයා බලන්නේ මදර්බෝඞ් ගැන නම් දැන් ඒ පිටුවේ පළ කෙරෙන්නේ මදර්බෝඞ් ගැන වෙළෙඳ දැන්වීම් පමණි. යම් කෙනෙක් ගූගල් සර්ච් එන්ජිම හරහා මේ දැන්වීම් ඇති වෙබ් පිටුවකට පිවිසෙන වාරයක් පාසා දැන්වීම්කරු ගූගල් වෙත ගාස්තු ගෙවිය යුතුය.

මේ ක‍්‍රමයෙන් වෙබ් පිටුවලට ගැළපෙන සේ දැන්විම් යෙදීමේ සැලසුම පහසු වුවත් එය ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැගීම පහසු කටයුත්තක් නොවේ. ගූගල් සමාගම ඒ සඳහා අලූත් තාක්‍ෂණයක් සොයා ගත්තේ එනිසාය.

ගූගල් සමාගමේ ඇඞ්සෙන්ස් (AdSense) තාක්‍ෂණය නිසා යම් දැන්වීමක් යා යුත්තේ මොන වෙබ් පිටුවේදැයි යන්න ස්වයංක‍්‍රීයව තීරණය කෙරේ. මේ තාක්‍ෂණයත් සමඟ වෙළෙඳ දැන්වීම් හරිම තැන්වල පළවී ඒවාට ප‍්‍රතිචාර වැඩිවී ගූගල් හි ආදායම ඉහළ ගියේ අනෙක් තරඟකරුවන්ට කිසිවක් සිතාගන්නටවත් කාලයක් ඉතිරි නොකරමිනි.

වෙබ් පිටුවල දැන්වීම් එක් කරන්නාක් මෙන් ඊ-මේල් වලට දැන්වීම් එකතු කරන්නේ කෙසේද යන්න ගැන 2001 දී ගූගල් ආයතනය කල්පනා කරමින් සිටියේය. මේ නොමිලේ දෙන්නට පුළුවන් ඊ-මේල් සේවයක් ඔවුන් දියණු කරමින් සිටි කාලයයි.

2001 දවසක රාත‍්‍රියේ ගූගල් හි ප‍්‍රධාන ඉංජිනේරුවෙකු වන පෝල් බුඩෙයිට්, නව සොයාගැනීම් පිළිබඳ කළමනාකාරීනිය වන මැරිස්සා මේයර් සමඟ අලූත් අදහසක් ගැන කතා කරමින් සිටියේය. යම් කෙනෙකුට එන ඊ-මේල් ලිපියක ඔවුන්ගේ  ඕනෑ එපාකම් කියා තිබෙන අවස්ථාවලදී ඊට ගැලපෙන වෙළෙඳ දැන්වීම් එහි පළ කරන්නට පුළුවන් නොවේද කියා ඔවුහු කතා කළහ. අන්තිමේදී ඊ-මේල් පීරා බලන සෙවුම් වැඩසටහනක් මගින් ඊ-මේල් වලට ගැලපෙන වෙළෙඳ දැන්වීම සොයා ගන්නා තාක්‍ෂණයක් ගූගල් සමාගම දියුණු කළේය. ජීමේල් නමින් එළියට ආවේ මේ වෙළෙඳ දැන්වීම් ක‍්‍රමය ඇති නොමිලේ දෙන ඊ-මේල් සේවයයි.

මෙතැනදී ද ඊ-මේල් ලිපිය කියවීමට එය විවර කරන වාරයක් පාසා ගූගල් සමාගමට වෙළෙඳ දැන්වීම් ගාස්තුවක් ආදායම ලෙස ලැබේ.

මේ ක‍්‍රමයෙන් ගූගල් අර්ත්, ගූගල් ටෝක්, ගූගල් පිකාසා, ගූගල් ඩෙස්ක්ටොප් සර්ච් වැනි සෑහෙන දුරට නොමිලේ දෙන සේවා හරහා මුදල් ඉපයීම ගූගල් හි මූලික වෙළෙඳ උපායයි. වරෙක ඒබීසී පුවත්පත් සේවයට (ABC News) කතා කළ ලැරී පේජ් කීවේ ‘‘අපේ ආදර්ශ පාඨය වදයක් වෙන්න එපා (Don't be evil) කියන එකයි. අපි මන්තරයක් වගේ මේක හැම වේලාවෙම මතක් කරනවා’’ කියලා.

මේ මන්තරය කියමින් ගූගල් සමාගම අනුදත් මගෙහි යන සේවක පිරිස හයදහසකි. තාක්‍ෂණය දියුණු කිරීමේ පටන් අලෙවිකරණය දක්වා නොයෙක් වැඩවල යෙදෙන මේ පිරිසට ගූගල් සමාගම සළකන්නේ අනෙක් මොන සමාගමක්වත් සලකන්නේ නැති පිළිවෙලකටය.

ගූගල්ප්ලෙක්ස් ( Googleplexකියා හඳුන්වන මූලස්ථාන ගොඩනැගිල්ලේ සේවකයින් වෙනුවෙන් ක‍්‍රීඩාගාර තිබේ. නාන තටාක තිබේ. අඩු මිලට කොණ්ඩය-රැුවුල කපන රූපලාවන්‍යාගාර තිබේ. එසේම සියලූ සේවකයින්ට දිනකට සම්පූර්ණ ආහාර වේල් තුනක් නොමිලේ සැපයේ. ආයතනය තුළ කමකට නැති නීති නැත. කවුරුත් නිදහසේ ඇඳ-පැළඳ වැඩ කරති.

ගූගල් සමාගමේ තාක්‍ෂණ අංශයේ සභාපති සර්ජි බි‍්‍රන් සහ නිෂ්පාදන අංශයේ සභාපති ලැරී පේජ් තම සමාගමේ වැඩට එන්නේ කළු ටී ෂර්ට් හා ජින්ස් කලිසම් ඇඳගෙනය. විද්‍යාගාරයට යන විට ඊට උඩින් සුදු කබායක් අඳින්නේය. ‘‘අපේ කම්පැණියට නිල ඇඳුමක් නැහැ.  ඕනෑ කෙනෙකුට  ඕනෑ ඇඳුමක් අඳින්න පුළුවන්’’. ගූගල් සමාගමේ ප‍්‍රධාන විධායක එරික් ශෙමිජ් කියයි.

මේ පිළිවෙලට වැඩට එන සර්ජි බි‍්‍රන් හා ලැරී පේජ් අලූත් අදහස් හා ව්‍යාපෘති ගැන දිනපතා සාකච්ඡුා කරයි.

එක් දවසක තවත් අලූත් ව්‍යාපෘතියක් ඉදිරිපත් වුණේය. එහිදී ඉංජිනේරුවන් හා අලෙවිකරුවන් කීවේ, ගූගල් ඉමේජ් සර්ච් සමඟත් වෙළෙඳ දැන්වීම් පළ කරමු කියාය. ‘‘මේ නිසා අපේ අවුරුද්දක ආදායම ඩොලර් කෝටි අටකින් වැඩි කරන්න පුළුවන්’’ ඔවුහු කීහ.

එහෙත් ලැරී පේජ්ගේත් සර්ජි බි‍්‍රන්ගේත් අදහස් වුණේ ගූගල් ඉමේජ් සර්ච් හි පින්තූර සොයන්නට එය වදයක් විය හැකි බවයි. ‘‘අපේ මන්තරය මතක නැද්ද වදයක් වෙන්න එපා‘’ ඒ නිසා අපි මේක අතහැරලා දාමු’’ දෙදෙනා එක්ව අවුරුද්දක් ගානේ උපයන්නට තිබූ ඩොලර් කෝටි අට පැත්තකට කළේය.

‘‘වදයක් වෙන්න එපා’’ යන ගූගල් ආදර්ශ පාඨයම ගූගල් බලධාරීන්ට පෙන්වමින් ටිබෙටයේදි ද ලෝකයේ වෙනත් රටවලදී උද්ඝෝෂකයින් පිරිසක් කීවේ, මේ මොනවා කීවත් ගූගල් චීන්නුන්ට වදයක් වී ඇති බවය. ඒ ගූගල්හි චීන සෙවුම් යන්ත‍්‍රය චීන නීතියට අනුව වාරණය කොට ඉදිරිපත් කරන්නට ගූගල් සමාගම පසුගියදා වැඩ කළ නිසාය.

  තමන් එසේ කළේ ලෝකය පුරාම ගූගල් සේවය දියත් කිරීමේ අලූත් වැඩසටහනට අනුව බව ගූගල් ආයතනය කීවේය. ඒ වැඩසටහන යටතේ දැන් ගූගල් සමාගම අලූතින් සේවකයින් බඳවා ගැනීම වැඩි කොට තිබේ. ‘‘සර්වර්ස් දස දහසකට වැඩි ගණනක් නඩත්තු කරමින්, පැය විසිහතර පුරාම ඉන්ටනෙට් වෙත ඇස ගසා ගෙන ගූගල්හි ඉංජිනේරු කටයුතු කරගෙන යන්නට, අලූත් චරිත සොයා ගැනීමේ විශේෂ ක‍්‍රමයක් කලක පටන්ම ගූගල් අනුගමනය කළේය.

ගූගල් වෙත සේවකයින් බඳවා ගන්නා බව කියවෙන බිල්බෝඞ් දැන්වීමක් ඇමෙරිකාවේ ප‍්‍රදර්ශනය කෙරේ. එහි තිබෙන්නේ මේ ගණිත ගැටලූවයි.

(first 10-digit prime found in consecutive digits of e}.com)

ගූගල් හි වෙළෙඳ ලකුණවත් අන් කිසි සටහනක්වත් එහි නැත. මේ ගැටලූව විසඳු විට ලැබෙන ඉලක්කම ඇති වෙබ් අඩවියට (එහි උත්තරය 7427466391.com) ගිය විට තවත් ගැටලූවක් ඉදිරිපත් කෙරේ. ඉන් සමත් වෙන්නන්ට ගූගල් ලැබ්ස් අභියෝග්‍යතා පරීක්‍ෂණය (Google Labs Aptitude Test )නම් පරීක්‍ෂණය පවත්වයි. ඉන් සමත්වන්නන්ට ගූගල්හි රැුකියාව ලැබේ.

මුලින්ම ගූගල්හි රැකියාවට එන්නෙකුට නිශ්චිත වැඩක් පැවරෙන්නේ නැත. ඔවුන්ට කියන්නේ තමන්ට  ඕනෑ මාතෘකාවක් තෝරාගෙන මෘදුකාංග සංවර්ධනය කරන ලෙසය.

මේ වැඩ ගැන සොයා බලන්නේ ගූගල් අර්ත් (Google Earth) වැඩසටහන මෙහෙයවන චිකායි ඔහසාමා ය.

කලින් කීහෝල් නම් ආයතනය පිහිටුවා ගෙන ගූගල් අර්ත් නිර්මාණය කළේ ඔහුය. ගූගල් සමාගම කීහෝල් සමඟ චිකායි ඔහසාමාත් තම සමාගමට මිලදී ගත්තේය.

මෙසේ ලෝකයේ සිටින නිර්මාණාත්මක චරිත සියල්ල කෙලින්ම තම සමාගමට බඳවා ගැනීම ද ගූගල් කරයි. වෝල් ස්ටී‍්‍රට් වෙළෙඳපොලේ සිටි හොඳම විධායකයෙකු වන එරික් ශෙමිජ්, ඩොලර් පන්ලක්‍ෂයක වැටුපක් ගෙවා ගූගල් හි ප‍්‍රධාන විධායක ලෙස කෙලින්ම බඳවා ගත්තේය.

ගූගල්හි ප‍්‍රධාන ඉංජිනේරුවා ලෙස වින්ට් සර්ෆ් බඳවා ගත්තේත් එසේමය. ඉන්ටනෙට් හි පියා සේ සැළකෙන්නේ අද ගූගල් හි ප‍්‍රධාන ඉංජිනේරුවා වන මේ වින්ට් සර්ෆ් ය.


පරිශීලන ග‍්‍රන්ථ :
1. විජය පරිගණක; ,, කලාපය, (2006 අපේ‍්‍රල්), ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඞීස්, මීරිගම,
2. විජය; (2003 සැප්තැම්බර්,23), ප‍්‍රායෝගික පරිගණක, 2 වන කලාපය, ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඞීස්, මීරිගම      
3. විජය; (2003 සැප්තැම්බර්,23), ප‍්‍රායෝගික පරිගණක, ,, වන කලාපය, ඇකඩමි ඔෆ්   කම්පියුටර් ස්ටඞීස්, මීරිගම
 4. විජය පරිගණක; ,, කලාපය, (2008 මාර්තු), ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඞීස්, මීරිගම
5. සේනාරත්න;පී.එම්.;(2002),21 වන සියවසට ඉන්ටර්නෙට්, ඇම්. ඞී. ගුණසේන,කොළඹ
6. https:// www.googel.com; (2014 Nov.30), Wikipidia ,the free encyclopedia

ඒ. ජී. නදීකා
AR/64994
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය

No comments:

Post a Comment