Monday, December 29, 2014

                                 පරිගණක අපරාධ


          පරිගණක අපරාධ හා අන්තරජාලය වර්තමාන සමාජය තුළ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. පෞද්ගලික කටයුතු සඳහා මෙන්ම සමාජීය කටයුතු පහසුවෙන් හා කාර්යක්‍ෂමව  ඉටු කර ගැනිමට පරිගණක හා අන්තරජාලය  උපකාරි වේ.
          තොරතුරු ගබඩා කර තබීම, දත්ත සකස් කිරිම, සන්නිවේදනය වැනි කාර්යයන්ට මෙන්ම චිත‍්‍ර සිතුවම් කිරිම වැනි සියුම් කටයුතු  වලටද පරිගණක හා අන්තරජාලය  භාවිත කරයි. පරිගණකයට හා අන්තරජාලයට ඇති මෙකී සුවීශේෂිී තත්ත්වය හා කාර්ය භාර්ය හේතුවෙන් පුද්ගලයන් වැඩි වශයෙන් මෙම තාක්‍ෂණිික උපකරණ අපරාධකාරි චර්යාවන් මුවහත් කිරීමට ආයුධයක් ලෙස පරිගණක හා අන්තරජාලය භාවිතා කරනු ලැබේ.
       

            පරිගණක අපරාධයක් යනු........?

   
            ” පරිගණකයක් සහ අන්තරජාලය  භාවිත කරමින් සැලසුම් සයගතව හෝ නීති විරෝධී ආකාරයෙන් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් කරනු ලබන අපරාධකාරී ක‍්‍රියාවන් ය....”
           පරිගණක අංශයෙන් සිදුවන  අපරාධ නූතනය තුළ වර්ධනය වී ඇත. තාක්‍ෂණික උපකරණයක් ලෙස මෙය  පුද්ගල  ජීවිතයට ඍජු බළපෑමක් කරනු ලබයි. පරිගණක අපරාධ ඉංග‍්‍රීසි භාෂාව තුළ
               computer crime
              cyber crime
              Hi- tech crime
              Electronic crime

        යම් හෝ සන්නිවේදන  පද්ධතියක් අපරාධයක් සිදුකිරිම සඳහා යොදා ගැනීම පරිගණක අපරාධ ලෙස හදුන්වයි.
තනි හෝ පුද්ගල කණ්ඩායමක් වශයෙන් පරිගණකය, අන්තරජාලය හෝ විද්‍යුත් තැපැල වැනි නවීන තාක්‍ෂණික ක‍්‍රම භාාවිත කරමින් පුද්ගලයින්ට ඍජුව හෝ වක‍්‍රව මානසික හෝ කායික පීඩාවන් සිදු කිරිම...”  (Wikipedia)
පරිගණක අපරාධ යන්න ප‍්‍රධාන දෘෂටිකෝණ දෙකකින් හදුනාගත හැක. එනම්

01. නීතිමය දෘෂටිකෝණය
02.සමාජමය දෘෂටිකෝණය

     * නීතිමය දෘෂටිකෝණය

      නීතිමය දෘෂටිකෝණයට අනුව පරිගණක අපරාධ යනු පරිගණක සම්බන්ධයෙන් පවත්නා නීතිමය තත්ත්වයන්  උල්ලංඝනය කිරිමයි.

     * සමාජමය දෘෂටිකෝණය

         පුද්ගලයන්ගේ කීර්තිය හා දේපලවලට හානියක් සහිත වූ අපරාධයන් පරිගණක අපරාධ ලෙස විග‍්‍රහ කොට ඇත. මෙම අපරාධ සංවිධානාත්මක ලෙස බිහි වී ඇත. විශේෂයෙන්ම එම අපරාධ ලෙස
     
       *ගණිකා වෘත්තිය
       *ළමා අපචාර
       *මනුෂ්‍ය ඝාතනය
       *මත්ද්‍රව්‍ය ජාවාරම ආදිය සඳහන් කළ හැකි ය.

            එම අපරාධ අතර තවදුරටත් බොහෝ අපරාධකාරී චර්යාවන් දැකගත හැක. මේ අනුව අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ පර්ගණක අපරාධ ලෙස හදුනාගත හැක. අන්තර්ජාලය හරහා අපරාධ පැතිරවීම පරිගණක අපරාධ ලෙස හැදින්වේ.
 තවදුරටත් පරිගණක අපරාධයක් යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරිමේදී

” පරිගණක හෝ පරිගණක උපාංග හෝ පරිගණක ජාල යොදාගෙන කරනු ලබන අපරාධය cyber crime
 හෙවත් Hi- tech crime වේ”
            මේ ආකාරයට යහපත් චේතනාවෙන් හෝ අයහපත් චේතනාවෙන් යුතුුව තමන්ට අයිති නොවන පරිගණක හෝ පරිගණක ජාලයකට ඇතුළු වී එහි දත්ත මකා දැමීම දත්ත බැලීම විනාශ කිරිම වංචා කිරිම විවිධ අරමුණු සඳහා විෂය කරගැනිම පරිගණක අපරාධ වේ.
ප‍්‍රධාන වශයෙන්
                 *පුද්ගලයන්ට එරෙහිව
                 *දේපලවලට එරෙහිව
                 *සංවිධානවලට එරෙහිව කී‍්‍රයාත්මක වේ.

 පරිගණක අපරාධ වර්ග (Types of cyber crime)

       
         * හැක් කිරීම     (Hacking)
         *  අන්තර්ජාලයේ මාළු බෑම(Phishing)
         *කාමෝද්දීපනය
         *මුල්‍යමය අපරාධ
         * පරිගණක වෛරස්

Hacking  හැක් කිරීම යනු...?

        අනවසරයෙන් හා නීති විරෝධි ලෙස  පරිගණක පරිගණක  ජාලයක හෝ වෙබ් අඩවියක දත්ත අරිහරණය කිරිම.  Hackers Dictionary
               
              සෑම වෙබ් අඩවියකම ඇති ඞී එන් එස් දත්ත සමුහය සොරා ගැනිම මූලිකවම සිදුවේ. හැකර්ස්වරුන් මෙයට පෙළබෙන්නේ කලාව හා දේශපාලනය නිසා බව මතයක් වේ.


Phishing  අන්තර්ජායේ මාළු බෑම යනු...?

              විද්‍යුත් සම්බන්ධතා භාවිත කරමින් ව්‍යාජ වුවත් විශ්වාසනීය භාවයක් ඇතිවන ආකාරයෙන්  ජනතාවගේ වඩාත් සමීප සංවේදී තොරතුරු වන

         *පරිශීලන නාමයන්
         *මුර පද
         *ණයවර පත් තොරතුරු
        ආදිය සූක්‍ෂම ලෙස ලබා ගැනිමට උත්සහා කිරීම.

ළමා කාමෝද්දීපනය යනු...?

         ළමා කාමෝද්දීපනය යනු යෞවනත්වයට පත් වූ හෝ පත් නොවූ ළමයින් ඉලක්ක කර ගනිමින් පරිගණක  ආශ‍්‍ර‍්‍රයේ අයතා හැසීරීම් හෝ අසභ්‍ය චර්යාවන්වලට යොමු කිරීමයි. මෙහිදී ළමයින් ලිංගික ආශ්වාදය සඳහා කාමුක සතුට ලබා ගැනීමට ස්වයං ලිංගික ක‍්‍රියාවන්වලට යොමු විය හැක. උදාහරණ= ලේඛන, සඟරා, චිත‍්‍රපට, වීඩියෝ, ෆෝටෝ ආදිය පෙන්වා දිය හැක.


මුල්‍යමය අපරාධ යනු...?

            දේපලවලට එරෙහිව කරන අපරාධයකි. ලාභයක් ලබා ගැනීමේ චේතනාවෙන් මුදල් හෝ මූල්‍යමය වටිනාකමකට  හැරවිය හැකි දෑ හෝ ධනය නීත්‍යානුකුල නොවන ආකාරයකට  සොරකම් කිරීම වේ. බැංකු වංචා ක්‍රෙඩිට් කාඞ් අනන්‍යතා සොරකම් ආදිය මේ යටතේ සිදුවේ.


පරිගණක වෛරස් යනු...?

             අප සෞඛ්‍ය  ගැටලු ඇති කරන වෛරස් මෙන්ම මේවාද  පරිගණකයේ ක‍්‍රියාකාරිත්වයට අහිතකර බැවින් පරිගණක වෛරස් නම යෙදි ඇත. මේවා
⋆ පරිගණක භාවිත කරන්නන්ගේ අනුදැනුමකින් තොරව ක‍්‍රියාත්මක වේ.
⋆ පරිගණක වැඩ සටහන්වල ක‍්‍රියාකාරිත්වය මුළුමනින්ම අවුල් කරයි.
⋆තමා විසින් නැවත නැවත පිටපත් කර ව්‍යප්ක කරයි.


පරිගණක  පද්ධති මගින් අන් අයට පීඩා කිරීම.

                ලිංගබේදය, වර්ගය, ආගම, ජාතිකත්වය, හා ලිංගිකත්වය පදනම් කරගෙන පරිගණක ආශ‍්‍රිතව
⋆කතා කාමර(Chat Room)
⋆ප‍්‍රවෘත්ති කණ්ඩායම්(News Groups)
⋆වෛරී විද්‍යුත් තැපැල් පණිවිඩ(Hate E-mail)

    මාධ්‍ය කරගෙන කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් තවත් පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට පීඩාවට ලක් කිරිම පරිගණක පද්ධතිය මගින් අන්‍යන්ට පීඩා කිරිම ලෙස හැදින්විය හැක.


                        පරිගණක අපරාධවලට පෙළඹීමට හේතු.


                    සාම්ප‍්‍රධායික අපරාධවලට වඩා වර්තමානය වනවිට පරිගණක අපරාධවලට යොමු වීමේ ප‍්‍රධාන හේතුවන්නේ වර්තමාන සමාජයේ පරිගණක හා අන්තර්ජාලය භාවිත කිරීම වැඩි වීමයි. මිනිසා අන්තර් ක‍්‍රියා සිදු කරන්නේ මිනිසා සමග  නොව පරිගණකය විසින් නිර්මිත ලෝකය සමගය. පහත සඳහන් සාධක අපරාධවලට පෙළබීමට බලපානු ලබන්නේ ය.
                 ⋆රැුකියාවක් නොමැති නිසා වෘත්තියක් වශයෙන්.
                 ⋆ද්වේශ සහගත පළිගැනිම.
                 ⋆පෙළඹවීම.
                 ⋆අපරාධ කිරීමට ලැබෙන අවස්ථා වැඩි වීම.
                 ⋆විනෝදය සඳහා.
                 ⋆ආර්ථික වාසි සඳහා.
                 ⋆ඔත්තු බැලීම සඳහා.
                 ⋆නිසි ආරක්‍ෂණ ක‍්‍රමෝපායන් නොයදීම.

                                   

                      මූලාශ‍්‍ර 



http(//www.stiller.com/myths.htm
http(//www3.ca.com/virusinfo/
http(//www.cert.org/other sources/virus html
http(//www.vmytyhs.com
http(//www.ibm.com/link/www.avibm.com.html
www.toptenantiviruse/about
www.answer.com
                                                                                                                                                                                                                                                 කේ.බී.ටී විශාකා ලාලනී
                                                                              A/R  64937
                                                                               සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාශය










No comments:

Post a Comment