Tuesday, February 24, 2015


Skype වූ කලි මෘදුකාංග වැඩසටහනකි. මෙය අන්තර්ජාලය තුළ පුද්ගලයන් අතර සංනිවේදන කටයුතු කිරීම සඳහා භාවිතා කරයි. මෙමගින් පරිශිලකයන්ට ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය යන දෙයාකාරයෙන්ම අදහස් හුවමාරු කර ගත හැක. Tango,Viber යනාදී මෘදුකාංග වැඩසටහන් මෙන් සමානත්වයක් දරණ  Skype සමාජ ජාලයකි. එසේම මෙම මෘදුකාංග වැඩසටහන අධ්‍යාපනික හා ආර්ථිකමය කටයුතු කිරීමේදී සුවිශේෂී මෙහෙයක් ඉටු කරයි. වර්තමානයෙ ඉතා දියුණු සංනිවේදන ක‍්‍රමවේදයක් වන Skype වලට දශකයකට එහා ගිය ඉතිහාසයකට නෑකම් කියයි. අද පවතින මෙම සංවර්ධිත Skype වැඩසටහන ඉතා සරලව මුලින් ආරම්භ කර ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධණීයත්වයට පත් වූ වැඩසටහනකි. මෙහි ඉතිහාසය ගෙන කතාකිරීමේ දී මෙ Skype ඩෙන්මාර්ක් ජාතික Janus Fris සහ ස්වීඩන් ජාතික Nikalas Zernstrom  විසින් නිර්මාණය කරන ලදී. මෙය ප‍්‍රථමයෙන් 2003 අපේ‍්‍රල් මාසයේ අන්තර්ජාල බල මණ්ඩලයේ Skype.com සහ Skype net නම්න් ලියා පදිංචි විය. 2003 අගෝස්තු මාසයේ ක‍්‍රමයෙන් මහජනතාවගේ භාවිතය සඳහා හදුන්වා දෙන ලදී. 2005 E bay නම් Website ඒකක් මිලදී ගත් අතර Skype ආයතනය විසින් 2005 දෙසැම්බර් දෘශ්‍ය දුරකථන ක‍්‍රමය (videotelepnony) Skype තුළ නැවතත් පහසුකමක් වශයෙන් හදුන්වා දුනි. මෙම මෘදුකාංගය භාවිතයෙදී වැයවන ගාස්තුව පිළිබඳව ආකෘතියක් ප‍්‍රකාශයට පත් කලද 2007 ජනවාරි සිට නැවත නොමිලේ සන්නිවේදන පහසුකම ලබාදුනි. 2007 මාර්තු 3'1-3'2 Version නිකුත් කළ අතර මෙමගින් Skype භාවිතා කරන්නන්ට තවත් නව පහසුම් කිහිපයක්ම ලබා දුනි.Skype 3.5 Version  එය විශේෂයෙන් Windows සඳහා නිර්මාණය කරන ලද අතර මෙයට අමතරව එන ලද ඇමතුම් වෙනත් පුද්ගලයෙකුට හෝ පිරිසකට මාරු කිරීමේ පහසුකම ද ලබාදුනි.  2007 අගෝසතු 16 වන දින Skype මෘදුකාංගය බොහෝ පිරිසකට භාවිතා කිරීමට නොහැකි වූ අතර එය නැවත දින දෙකකින් යථාතත්වයට පත්කරන ලදී. එසේම නැවත 2010 දෙසැම්බර් 10 ද භාවිතා කිරීමේ අවහිරයක් පැන නගින අතර එම ගැටඵව හා එය යථාතත්වයට නැවත හැකි ඉක්මනින් පත් කරන බව සමාජ ජාලාවක් වන twitter page එකකින් ප‍්‍රකාශයට පත් කර තිබුණි. 2011 මැයි 10 Microsoft  සමාගම විසින් මෙම Skype මෘදුකාංගය මිලදී ගත් අතර ඔවුන් මෙයට තව තවත් පහසුකම් එකතු කරන ලදී.විසින්
එකකින් ප‍්‍රකාශයට පත් කර තිබුණි. 2011 මැයි 10 Microsoft සමාගම විසින් මෙම Skype මෘදුකාංගය මිලදී ගත් අතර ඔවුන් මෙයට තව තවත් පහසුකම් එකතු කරන ලදී. 2011 ජූලි 14 වන දින නව පහසුකමක් වශයෙන් Skype මෘදුකාංගයට HD රූපවාහිනියද සම්බන්ධ කරගෙන දෘශ්‍යමාන වශයෙන් සංවාද කිරීමේ හැකියාව ලබාදෙන ලදී. නැවත 2013 පුනි 13 වන දින Skype  විසින් නිදහස් දෘශ්‍ය පණිවිඩ හුවමාරු ක‍්‍රමයය (A Free Video messaging service)  හදුන්වා දුන් අතර මෙම පහසුකම Windows,mac,OS,ios android  යන පද්ධති මෘදුකාංග ඇති නව මාධ්‍ය වල පමණක් මෙය භාවිතා කළ හැක. එසේම 2013 අගෝස්තු 12 Skype විසින් apple  iPhone සහ I pad සදහා HD සහිත දෘශ්‍යමය රූප පහසුකම් ඇති application එකක් එලි දක්වන ලදී. මේ ආකාරයෙන් දශකයකට වැඩි කාලයක් තිස්සේ සංවර්ධනය වෙමින් අද පවතින දියුණු සන්නිවේදන ක‍්‍රමයක් බවට පත්ව ඇත. වර්තමානය වන විට එය භාවිතා කරන ආකාරය හා පහසුකම ගැන ද සඳහන් කළයුතුය. වර්තමානය වන විට Skype සමානව Viber සහ Tango සන්නිවේදන ජාල පැවතුන ද තාම Skype වලට සුවිශේෂි තැනක් හිමිය. ජනප‍්‍රියත්වය, බොහෝ පිරිසක් භාවිතා කිරීම, වේගවත් බව මෙන්ම සුපැහැදිලිතාවය, නිසා තාමත් Skype පෙරමුණේ සිටී.


                             Skype හරහා සංනිවේදනය කිරීමට පෙර මුලින්ම තමාගේ විද්‍යුත් ලිපිනය හරහා ලියා පදිංචි විය යුතුය. Skype භාවිතා කරන්නන් ඔවුන් හදුන්වන්නෙ Skype නාමය තුළිණි. එය නාමාවලියක් ආකාරයට දැක ගත හැකි අතර එකිනෙකාගේ සම්බන්ධතාවය මත සන්නිවේදනය කළ හැක. මෙසේ සන්නිවේදනය කිරීමේදී දෙදෙනාම online ව සිටිය යුතු අතර  ක්ෂණික පණිවිඩ යවන විට ප‍්‍රතිග‍්‍රාහකයා Skype සමග සම්බන්ධ වී නොසිටිය ද නැවත සම්බන්ධ වු විගසම එම පණිවිඩය ලැබෙයි. එසේම Skype හරහා දේශීය මෙන්ම විදේශිය ඇමතුම් සමග Land Phone ( ස්ථානගත දුරකථන ) Mobile Phone ජංගම දුරකථන වලට ද ඇමතුම් ලබාගත හැකි අතර ඔවුන් සියල්ලට ද Skype සබඳතාවය පැවතිය යුතුය. මෙම සියලූ ඇමතුම් නොමිලේ ලබා ගත හැක. මෙම ඇමතුම්  වලට අමතරව ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය ලිපි හුවමාරුව හා ශ‍්‍රව්‍ය දෘශ්‍ය  සන්නිවේදනය  දෙදෙනෙකු හෝ පිරිසක් අතර එකවිට කළ හැක. එම පිරිසකට උපරිම 25 ක් බව සඳහන් කරයි. එසේම Skype තුළ 119 ආදී ක්ෂණික ඇමතුම් (Emergency Call) ලබා ගැනීමේ පහසු කම නොමැති  අතර එහෙත් 2012 දෙසැම්බර් 12 වැනි දින සිට විශේෂයෙන් ඔස්ෙටි‍්‍රලියාව, ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය ආදී රටවල් කිහිපයකට පමණක්  මෙම ක්ෂණික ඇමතුම් ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත.

                        එසේම මෙම  Skype මෘදුකාංගය භාවිතය පිළිබඳව වාර්ෂික අනුපාතය  මෙසේ පෙළ ගැස්විය හැක.

Year

International Call
 Market Share
2005
2.9 %
2006
4.4 %
2008
8 %
2009
12 %
2010
13 %
2012
33 %
2013
36 %
2014
40 %



                               එසේම මෙම Skype මෘදුකාංගය භාවිතයට ගත හැක්කේ පහත සඳහන් operating system
 ඇති නව මාධ්‍ය තුළ පමණි
1.      Microsoft windows (XP: Vista 7,8)  

2.      O s X (10,6 or newer)
3.      Linux (Vbuntu and others)         
4.      Android
5.      Black berry -10
6.      I o S
7.      Windows phone - 8 

                                     එසේම 2007 octomber 29 දින Skype විසින්ම 3Skype phone නම් දුරකථනයක් නිර්මාණය කරන ලද අතර එය Brew os System හරහා ක‍්‍රියාත්මක වේ.
                                      
                                    මෙය විනෝද වීම අධ්‍යාපනික හා ආර්ථිකමය වශයෙන් විශේෂ වැදගත් කමක් හිමි වේ. ලෝකයේ කොහේ  ඕනෑම ස්ථානයක  ඕනෑම වෙලාවක නිදහසේ සන්නිවේදනය කිරීමේ හැකියාව මෙන්ම අධ්‍යාපනික සම්බන්ධ තොරතුරු ද එනම් යම් යම් විෂය සම්බන්ධ විශේෂඥයින් සජීවී ව සම්බන්ධ කර එම විෂය සම්බන්ධව පුඵල් අවබෝධ ලබා දීමට මෙමගින් කළ හැක. මෙවැනි බොහෝ අධ්‍යාපනික ආර්ථික කටයුතු ඉතා පහසුවෙන් මෙන්ම ඉක්මනින් කළ හැකි අතර මෙය වඩාත් ආරක්ෂිත බවක් ද ඇත.

                                     පුද්ගලික අවශ්‍යතාවය මෙන්ම ආරක්ෂිතභාවය ද සපයයි. මෙම Skype මෘදුකාංග වැඩසටහන encryption නැමති විශේෂයෙන් ඒ සම්බන්ධව දැනුමක් නොමැත අයට කියවා  තේරුම්ගත නොහැකි  සැගවුණු  ආරක්ෂිත  පද්ධතියක් ඇත.  මෙම Skype සංනිවේදනය පාලනය තුළ ප‍්‍රධාන ආරක්ෂිත පද්ධතියක් ඇත. මෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් මෙසේ පවසා ඇත. "අපි ආරක්ෂක සන්නිවේදන ක‍්‍රම මාර්ගයක් ලබා දෙන්ෙනමු."  මේ ආකාරයෙන් මෙහි ආරක්ෂාව පිළිබඳ ප‍්‍රකාශ කර ඇති අතර මෙහි ආරක්ෂිත පද්ධතිය  කිසිවෙකුට On හෝ off  කළ නොහැක. කෙසේ වූවද Skype විසින් නිදහසේ පාරිභෝගිකයන්ට භාවිතා කළ හැකි ක‍්‍රමවේදයක් සපයා ඇති අතර මිනිසුන්ට තමන්ගේ ජීවිතයේ සැබෑ අවශ්‍යතාවය  හෙළිදරව්  නොකරමින්  සුරක්ෂිත භාවිතා කිරීමේ පහසුකම ලබා දෙයි.

                                      මේ ආකාරයෙන් මෙම Skype ජාලය වඩාත් ක්ෂණික පහසුකම මැද්දේ, නිදහස්, නොමිලේ වඩාත් ආරක්ෂිතව ලෝකයේ  ඕනෑම භාෂාවකින් Skype සම්බන්ධව සෑම කටයුත්තක්ම කිරීමට ඇවැසි සේවය සපයනුයේ මෙය මෙහෙයවනු ලබන ලක්සම්බර්ග් මූලස්ථානය කොටගත් සීමාසහිත Skype සමාගම විසිනි.



Referrences

1      .      EBay to buy Skype in $2 - 6bn deal NNc.12 September 2005 Retrieved 2 October 2014
2      .      Microsoft Confirms takeover of Skype BBc.com.10 May 2011, Retrieved 6 November 2012
3      .      "About Skype: What is Skype" ? Retrieved 28 July 2010
4      .      '' Skype.com" Skype com  Retrieved 10 October 2010
5      .      "Skype is now 40%. of the entire international telepone Market" Anorak 17 January 2014
6      .      " Skype knew of Security flaw Since November 2010 Researchrs say" The wall street Journal               May 2012
7      .      " Skype outage; millions affected worldwide" Fox news 22 december, 2010 Retriecd 22                         december 2010

 






      ට්විටර් (Twitter)
ට්විටර් (Twitter)යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි. මෙම සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ (ට්වීට්ස් ලෙසහැදින්වෙන ) කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කටසීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ.


අන්තර්ජාලය හරහා පවත්වාගෙන යන කෙටි පණිවිඩ සේවය ට්විටර්. මෙය කුඩා ප්‍රමාණයේ බ්ලොග් ලිවිය හැකි සේවයකි. එහෙත් මෙය හුදෙක් කෙටි පණිවුඩ සේවයක්  පමණක් ම නෙවේ එය මිතුරු හවුල් වෙබ් අඩවියක් ද වේ. පසුගිය ද ට්විටර් සේවය විශේෂ කඩඉමක් පසු කළා. ඒ තමයි ට්විටර් නිතර යන එන අය මිලියන 100 ඉක්මවීමයි.ඉන් මිලියන 50 ක් අය අඩුම තරමේ දවසකට වතාවක් හෝ ටිවිටර් වෙත ලොග්වෙති.
ටිවිටර් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ප්‍රමුඛතම සේවාවකි. ෆේස්බුක්මයිස්පේස් හැරුණු විට ලොව හොදම මිතුරු ජාලයයි. ලොව වැඩිම දෙනෙක් පිවිසෙනවෙබ් අඩවි 10 න් එකකි.


ටිවිටර් යනු නොමිලයේ ලබා දෙන සිත් ඇද ගන්නා සුලු වෙබ් සේවයකි. එය නෑදෑ හිතමිතුරන් සමග තමාගේ අදහස් හුවමාරු කර ගැනිමට කදිම අවස්ථාවකි.මෙහිදී බ්ලොගිංකටයුතු කළ හැක්කේ වචන 100 කින් පමණි.මේවා හදුන්වන්නේ ට්වීට්ස් යනුවෙනි.දැනට තිබෙන අන්තර්ජාලයට පිවිසිය හැකි ඕනෑම වර්ගයේ ජංගම දුරකථනයකින් වුවදට්විටර් හා සම්බන්ධ වීමට පුලුවන්. මෙහිදී මයික්‍රොලොබින් ලිවීමටත් ට්වීට්ස්කියවන්නටත් පුලුවන්.

ටිවිටර් ඉතිහාසය
ට්විටර් සේවයේ උප්පත්තිය 2006 දී සිදු වුවකි. ජැක් ඩෝසි නමැත්තා ඕඩීයෝනමැති පොඩ්කාස්ටින් සමාගමේ සේවය කරන කාලයේ ඔහු මිතුරු මිතුරියන් සමග අන්තර්ජාගයෙන් පණිවිඩ හුවමාරු කරගත හැකි සේවයක් ගැන සැළසුම් කරමින් සිටියා.2006 මාර්තු 21 ඔහු තම ආයතනයේ මිතුරන් කිහිප දෙනෙකුට ලොව පළමු ට්විටර් එකයැව්වා. ඒ just setting up my twitter යනුවෙනුයි. ඉන්පසු දිනයේ ට්විටර් 40 යැව්වා ඒවා පරීක්ෂණ මට්ටමෙන්. 2006 ජුලි 15දා ලෝකයා ට ට්විවර් සේවය දිගහැරියා.......

ඕඩියෝ සමාගමේ බොහෝ දෙනා එක්වී ට්විටර් සමාගම පිහිටුවා ගත්තා. එහි නමයෝජනා කලේ ඊවන් විලියම්ස් ය. එතැන් පටන් ගෙවී ගිය දිනෙන් දින ට්විටර්ප්‍රසිද්ධ විය. නිතර නිතර ට්විටර් වෙත ජයග්‍රහණ ගලාගෙන ආවා.


2006ඉවරවෙනකොට දිනකට යවන ට්විටර් සංඛ්‍යාව 20,000ක් විය. 2007 මුළ 60,000ක් විය. 2007 අවසානයේ ට්විටර් ගණන 400,000 විය. ඉන් වසරකට පසු එනම් 2008 දී දිනපතා හුවමාරු උන ට්විටර් ගණන මිලියන් 100 ක් විය. වසර 2009 ජූනි 25 වැනදා පැයකට  හුවමාරු වු ට්වීට්ස් සංඛ්‍යාව 100,000ඉක්මවීය. මේ අපු ට්වීට්ස් කන්දරා  වදාරා ගන්න සර්වර් සියල්ල අසමත් උනා. එනිසා ට්විටර් සම්බන්ධතා බිද වැටින. එය යථා තත්වයට පත් වූයේ මේ වෙබ් තදබදය නැවතුන පසුවයි.
නමුත් දැන් නම් ටිවිට් කන්දරාවක් හැසිරවිය හැකි සර්වර් ඇත. දැන් දිනකටහුවමාරැ වෙන ට්විට්ස් සංඛ්‍යාව මිලියන 177 ක් හසුරුවා ගන්න එය සමත් වෙයි.
ට්විටර් සමාගමේ මේ සියලු වැඩවලට අවශ්‍ය මුදල් සහ ලාභ උපයා ගන්නේ ට්විටර් හරහා වෙළද දැන්විම් ප්‍රචාරය කිරීම මගින්. දැන් ප්‍රසිද්ධ වී තිබෙන  පිලිවෙලට අනුව ට්විටර් හි වාර්ෂික ආදායම ‍ඩොලර් මිලියන 400 කි.
මූලාශ්‍ර
  1. "Press Info", Twitter. Retrieved December 15, 2010.
  2. "twitter.com – Traffic Details from Alexa"Alexa Internetසම්ප්‍රවේශයFebruary 7, 2011.
  3. Schonfeld, Erick (July 8, 2010). "Costolo: Twitter Now Has 190 Million Users Tweeting 65 Million Times a Day"TechCrunch. Retrieved February 4, 2011.
  4. "Big Goals, Big Game, Big Records"blog.twitter.com. 18 June 2010.සම්ප්‍රවේශය4 August 2010.

 AR/65125
AF/6823
S.M.T.M.SAMARAKOON

පරිගණක හැක් (hack) කිරීම සහ
හැකර්වරුන්ගේ භාෂාව
(Hacking Language)
නවසරෙයන් දත්ත ලබා ගැනීම සඳහා පරිගණකය ෙයාදා ගැනීම, ඉංග්රිසි බසින්hack යනුෙවන් භාෂිත වනු ලැෙබ්. ෙම් අනුවhacker යන්ෙන හි අර්ථය නම් පරිගණක භාවිතා කර අනවසෙරන් දත්ත ලබාගන්නා යන්නයි. පරිගණක වරද කරුවන් බිහිවීම හෝ හැක් කිරීම්(hacking) මුලින්ම ආරම්භ වුයේ 1983 වර්ශයේ දී මිල්වොකී නම් නගරයේ අංක 414 පළාතෙන් ආවරණය වූ “Tthe 414 s” නැමති නඩුවෙනි. මෙහි දී තරුණයන් හය දෙනෙකු ඉහල පැති පෙනුම් (high-profile)පවතින පරිගණක පද්ධති කිහිපයක් තුලට කඩා වැද ඇත. ඒවා අතර
Los Alamos national පර්යේෂණාගාරය,
Sloan kettering පිළිකා මධ්යස්ථානය සහ
Security Pacific බැංකුවද පවතී.
1983 මැයි මස පළමු වන දා 414 න් කෙනෙකු වන ගැරල්ඩ් වොන්ඩ්රා(Gerald Wondra) අවුරුදු දෙකක පරිවාස කාලයක් සදහා තීන්දු කර ඇත. වර්ෂ 2009 දී අවුරුදු 5ක් පමණ දිගම බන්ධනාගාර කාළසීමාව උරුම වුයේ සොම්බී පරිගණක(zombie computers) සිය ගණනක් නිර්මාණය කල ජේන්සන් ජේම්ස් ඇචීටා(Jeanson James Ancheta) ටය. මෙම පරිගණක මගින් ඔහු ඔහුගේ ලංසු තැබීම් අති විශාල ඩොට් ජාලයක් හෙවත් ඩොට්නෙට්ස්(botnets) හරහා සිදුකර ඇත. පසුව ඔහු මෙම ඩොට්නෙට්ස් ඉහල ලංසු තබන්නන් හට "Denial-of-service (DoS)" වලින් ආක්රමණ කිරීම් සදහා විකුණා ඇත.
හැකර්වරුන් සාමාන් සිංහල ව්යවහාරය තුල දී පරිගණක අපරාධකරැවන් ෙලසින් විවරණිත ෙව්.ඔවුන් අතර අපරාධ නීතියට හසුවී දඩුවම් විඳින සුලුතරයක් වූ පිරිසක් හා නිදහෙස් කටයුතු කරන බහුතරයක් නිෙයා්ජනය ෙව්. පරිගණක අපරාධ ෙහවත් hack කිරීම් සඳහා දඩුවම් ලබාදුන් අවස්ථා ෙලා්කෙය් විවිධ ප්රෙද්ෂ වලින් වාර්ථා වී අැති අතර 1983 වසර සිට 2010 වසර ෙතක් පරිනක අපරාධ සඳහා දඩුවම් ලැබූවන් පහත වගුෙවන් දැක්ෙව්.


නම
පාලනය
ජාතිය (රට)
වරදකරු කිරීම
දඬුවම් කල දවස
Description: C:\Users\Udaya\Desktop\kevin-mitnick.gifදඬුවම
ගෙරල්ඩ් වොන්ඩ්‍ර (Gerald Wondra)
414 (The 414s)
එක්සත් රාජ්‍යය
නිව් යොර්ක් හි පවතින ස්ලෝන් කෙටෙරින් පිළිකා මධ්‍යථානයේ (Sloan-Kettering Cancer Center) සහ ලෝස් ඇන්ගල්ස් බංකුවේ පරිගණක තුලට අනවසරයෙන් ඇතුළු වීම සහ දුරකථන ඇමතුම් වලට හිරිහැර කිරීම.
1983 මැයි 1
අවුරුදු දෙකක පරිවාස කාලයක්.
රොබට් තප්පාන් මොරිස් (Robert Tappan Morris)
ආර්ටීඑම්
එක්සත් රාජ්‍යය
සාමූහික ලාභ පවතින පරිගණක වලට අනවසරයෙන් ජාත්‍යන්තර ලෙස ඇතුලු වීම සහ මෙනිසා අතිරේක ඇමෙරිකානු ඩොලර් 1000ක් වැයකරන්නට සිදුවීම .
1990 මැයි 16
අවුරුදු තුනක පරිවාස කාලයක් සහ පැය 400ක සමාජ සේවාවක් උසාවිය මගින් සහ පරිවාස කාර්යාලයෙන් නියම කරන ලදී.
මාර්ක් ඇබෙන් (Mark Abene)
පයිබර් ඔප්ටික
එක්සත් රාජ්‍යය
දුරකථන අංක 900 කට වංචාවෙන් ඇමතුම් ලබා ගැනීම
පරිගණකය අපචරණයක් සදහා සහ කුමන්ත්‍රනයක් සදහා යොදා ගැනීම.
1991 ,1993
පැය 35 ක සමාජ සේවාවක්


අවුරුද්දක හිරගෙහි ඳඩුවමක්.
ලිඔනාඩ් රෝස් (Leonard Rose)
ටර්මිනුස්
එක්සත් රාජ්‍යය
AT&T ට හිමිකම් ඇති මෘදුකාංග(UNIX 3.2) අනිසි විදියට භාවිතය සහ පරිගනක ප්‍රෝඩාවන් දෙකකට සහ සොරකම් කරන ලද දේපල අන්තර් රාජ්‍ය අතර ප්‍රවාහනය සිදුකරන අවස්ථාවන් 3කට හසු වීම.
1991 ජූනි 12
අවුරුද්දක හිරගෙහි ඳඩුවමක්.
රිචඩ් ජොන්ස් (Richard Jones)
එලෙක්ට්‍රොන
ඕස්ට්‍රේලියව
අනවසරයෙන් ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙහි පරිගණක ජාලයට ඇතුලු වී ZARDOZ ලිපි ගොනුව සොරකම් කිරීම.
1993
අවුරද්දක් සහ මාස 6 ක් නෙරපා හරින ලදී , පැය 300 ක සමාජ සේවාව සහ මානසික සත්කාර.
නැශොන් එවින් චේම් (Nahshon Even-Chaim)
ඵීනිස්
ඕස්ට්‍රේලියව
අනවසරයෙන් ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙහි පරිගණක ජාලයට ඇතුලු වී ZARDOZ ලිපි ගොනුව සොරකම් කිරීම සහ NASA වල දත්ත වෙනස් කිරීම.
1993
අවුරුද්දක අත්හිටවු ඳඩුවම් සහ යහපත් හැසිරීම මත ඕස්ට්‍රේලියානු ඩොලර් 1,000 ක බන්ධනයකටද පැය 500 සමාජ සේවාවක් ද හිමිවිය.
කෙවින් පොල්සන (Kevin Poulsen)
ඩාර්ක් ඩෙන්ට්
එක්සත් රාජ්‍යය
හත් වතාවක් ටෙලිග්‍රෑම්,පණිවුඩ, පරිගණක ප්‍රෝඩාවන්, මුදල් හොරෙන් මාරු කිරීම් සහ අධිකරණයේ බාධා ඇති කිරීම සදහා වරදකරු වීම.
1994 ජූනි 1
මාස 51 ක සිරඳඩුවම් සහ එක්සත් රාජ්‍යයේ ඩොලර් 56,000ක වංදි ගෙවීමට සිදුවිය.
නොදනී
ප්‍රියිම් සස්පෙක්ට්
ඕස්ට්‍රේලියව
හැක් කිරීම් සදහා 26 වතාවක් මුදල් ලබාගැනීම සහ හවුල් හැකර්ස් ල සදහා සාක්ෂි ලබාදාම, මැන්ඩැක්ස් සහ ට්‍රක්ස්.
1995 ජුලි 21
ඕස්ට්‍රේලියානු ඩොලර් 2,100ක් ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයට ගෙවීමට සිදුවිය(මාස 12 ක ගෙවීමට පවතිනා.) අවුරුදු 3 ක යහපත් හැසිරීම සදහා ඕස්ට්‍රේලියානු ඩොලර් 500ක් ද , ඔහුගේ පදිංචි ස්ථානයේදී අහිමි වු ඇපල් පරිගණකය භාරයට ගන්නා ලදී.
නොදනී
ට්‍රැක්ස්
ඕස්ට්‍රේලියව
6 වතාවක් හැක් කිරීම සහ සියළුම වැරදි සදහා මුදල් ලබාදීම.
1995 සැප්තම්බර් 20
මානසික අපහසුතා පැවති ඉතිහාසය නිසා දඩුවම් කිරීම් ගන වාර්තා කිසිවක් පවතියේ නැත. ඕස්ට්‍රලියානු ඩොලර 500 ක යහපත් චර්යා මත බන්දනයකට යටත් කරන ලදී.
ජුලියන් පව්ල් ඇසෙන්ජ් (Julian Paul Assange)
මෙන්ඩැක්ස්
ඕස්ට්‍රේලියව
31 වතාවක් හැක් කිරීම සහ වෙනත් දේවල් කිරීම. 25 කට මොහු වරදකරු උවද අනෙකුත් 6 ට ගෙවීමට නොහැකි වීම.
1996 දෙසැම්බර් 5
ඕස්ට්‍රේලියානු ඩොලර් 2,100 ක වන්දියක් ANU ට ගෙවීමට සිදුවිය. ඕස්ට්‍රේලියානු ඩොලර්5,000ක හැසිරීම් බැදුමකට යටත් කරන ලදී.
කෙවින් මිට්නික් (Kevin Mitnick)
කොන්ඩොර්‍ර
එක්සත් රාජ්‍යය
වයර් ප්‍රොඩාවන් 4ක් , පරිගණක ප්‍රොඩාවන් 2ක් සහ නීතිමය නොවන සංනිවේදන වයර අතුරු වෑරුමක්.
1999 අගෝස්තු 9
මාස 46 ක් උසාවියේ තබන ලදී.
චැඩ් ඩේවිස් (Chad Davis)
මින්ඩ්පසාර්
එක්සත් රාජ්‍යය
ජාත්‍යන්තර ආරක්ෂක පරිගණකයක් හැක් (hacking) කිරීම සහ ඕනෑකමින් විනාෂ කිරීම.
2000 මාර්තු 1
මාස 6 ක බංධනාගාර ඳඩුවම් ද එක්සත් රාජධනී ඩොලර් 8,054 ක වන්දියක් ද
අවුරුදු 3ක පරිවාස කාලයක්ද නියම කරන ලදී.
ජොනතන් ජේම්ස්
කොම්‍රේඩ්
එක්සත් රාජ්‍යය
බාල අපරාධ දෙකකට හසුවීම.
2000 සැප්තම්බර් 21
මාස 6ක සිරගෙහි ඳඩුවම සහ වයස 18 වනතුරු පරිවාසයේ තබන ලදී.
ඩෙනිස් මොරන් (Dennis Moran)
කූලිඕ
එක්සත් රාජ්‍යය
හැක් කිරීමට හසුවීම.
2001 මාර්තු 9
මාස 9ක් සිරගෙහිද සෑම වංචාවකටම ඩොලර් 5,00 ක්ද ගෙවීමට සිදුවිය.
එහුඩ් ටෙනෙබෞම් (Ehud Tenenbaum)
ඇනල්යිසර්
ඉශ්‍රායලය
එක්සත් රාජ්‍යයේ සහ ඉශ්‍රායලයේ පරිගණක විනාෂ කිරීම සහ මෙනිසා කුමන්ත්‍රණ කිරීම පරිගණක ද්‍රව‍ය සහ කාංදු වීම සහ පරිගණක භාවිතය කඩාකප්පල් කිරීම සහ සාක්ෂි විනාෂ කිරීම.
2001 ජූනි 15
මාස 6ක සමාජ සේවාවක්ද අවුරුද්දක පරිවාසයක්ද අවුරුදු 2 ක අත්හිටවු සිර ඳඩුවම්ද ඩොලර් 18,000ක දඩ ද ගෙවීමට සිදුවිය.
රැපයිල් ග්‍රේ (Raphael Gray)
කුරඩොර්‍ර
එක්සත් රාජධාණිය
පරිගණක වැරදියට භාවිතයේ පණත යටතේ හැක් කිරීම සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු පවතින ජාත්‍යන්තර අඩවි වලට ඇතුලු වීම.
2001 ජූලි 6
වරද එලිදරවු වු පසු අවුරුදු 3 ක මානසික ප්‍රතිකාරයක් කිරීඑමට සිදුවිය. පසුව මොහුට සිරදඩුවම් නියම කරන එකට වඩා බෙහෙත් ප්‍රතිකාර ලබාදීමට සිදුවිය.
මයික් කැල්ක් (Mike Calce)
මාෆියාබොය
කැනඩාව
දත්ත මැරවරකම සදහා වරදකරු වීම.
2001 සැප්තම්බර් 12
මාස 8ක් විවෘත සිරභාරයේ ද, මොන්ට්‍රීල් තරුණ උසාවියෙන් අවුරුද්දක පරිවාසයක්ද අන්තර්ජාල අහිමිකිරීම සහ සුළු දඩයක් ද නියම කරන ලදී.
ජැන් ඩෙවිට් (Jan de Wit)
ඔන් ද ෆ්ලයි
නෙදර්ලන්තය
අන්නැ කවුනොකොව (Anna Kournikova virus)ලෙස වයිරසයක් සාදමින් දත්ත පරිගණක ජාලය තුලට ඇතුලු කර එය විනාෂ කිරීම.
2001 සැප්තම්බර් 27
පැය 150 ක සමාජ සේවාවක්.
ඩේව්ස් එල්. ස්මිත් (David L. Smith)
ක්විජිඩො
එක්සත් රාජ්‍යය
පරිගණකය විනාශ කිරීමේ අරමුනින් වයිරස් (Melissa virus) ඇතුලු කිරීම.
2002 මැයි 1
මාස 20 ක් උසාවියේද ඩොලර් 5,000 ක දඩයක්ද නිදහස් වන තුරු පැය 100ක සමාජ සත්කාර්යක්ද ලබාදෙන ලදී.
සිමොන් වොලර් (Simon Vallor)
ගොඩෝ
එක්සත් රාජධාණිය
පරිගණක වයිරස් (computer viruses) තුනක් ලියා ප්‍රචාරනය කිරීම.
2003 ජනවාරි 21
අවුරුදු 2ක සිරගේ ඳඩුවම.
ජැරොම් හෙක්කම්බ (Jerome Heckenkamp)
මැගික්ෆැක්ස
එක්සත් රාජ්‍යය
හැක් කිරීමට 2004 දී හවුල් කරුවන් දෙදෙනෙකුට වරදකරු වීම.
2004
මාස 7ක් උසාවියේ සිටිය පසු නිදහසේ කාලය ගතකිරීමට ඉඩ ලබාදෙන ලදී.
ඇඩ්‍රියන් ලැමෝ (Adrian Lamo)
-
එක්සත් රාජ්‍යය
මයික්‍රෝසොෆ්ට් ( Microsoft) හි LexisNexis සහ The New York Times එරෙහිව පරිගණක වරද කරුවන් වීම.
2004 ජූලි 15
දෙමාපියන්ගේ නිවසේ දී මාස 6 ක සිරදඩුවම් ලබාදීම සහ අවුරුදු 2ක පරිවාසයක්ද ඩොලර් 65,000ක වන්දි ගෙවීමක්ද ලබා දීමට සිදුවිය.
ඇඩම් බොට්බයිල් (Adam Botbyl)
-
එක්සත් රාජ්‍යය
එකිනෙකට සම්බන්ධ Lowe's ගබඩාවෙන් ක්‍රෙඩිට් කාඩ් අංක සොරකම් කිරීම.
2004 දෙසැම්බර් 16
අවුරුදු 2ක අධීක්ෂණය යටතේ අවුරුදු 2ක් සහ මාස 2ක් සිර අඩසියේ තබාගැනීම.
ජැෆ්‍රී ලී පාසන් (Jeffrey Lee Parson)
ටී33කිඩ්
එක්සත් රාජ්‍යය
2004 අගෝස්තු මස 11 වනදා මාස්ටර් පරිගණක වොම් ( Blaster computer worm) එකක් මගින් ආරක්ෂිත පරිගණකයක් විනාෂ කිරීමට තැත් කිරීම.
2005 ජනවාරි 1
මාස 18 ක් බන්දනාගාරයේද පැය 100ක සමාජ සේවාවක්ද ලබා දෙන ලදී.
කැමරන් ලැක්‍රෝස් (Cameron Lacroix)
කැමෝ
එක්සත් රාජ්‍යය
ජංගම දුරකථන හැක් කිරීම සහ පුද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ තබා ඇති Lexis Nexis යේ ආක්‍රමණයට හවුල් වීම.
2005 සැප්තම්බර් 13
මාස 11ක් බාලයින් ගේ පහසුකම් ලබා දෙන ලදී.
ජෙන්සන් ජේම්ස් ඇචීටා (Jeanson James Ancheta)
ගොඩෝ
එක්සත් රාජ්‍යය
එක්සත් රාජ්‍යයේ 1030 වන නීති වගන්තියට අනවශ්‍ය ප්‍රචන්ඩ ක්‍රියා කිරීම සහ (A)(5) (a)(i), 1030(a)(5) (B)(i) ,1030(b) උපවගන්තීන්ට අනුව ප්‍රෝඩාවන් සිදු කිරීම
2006 මැයි 8
මාස 57 ක උසාවියේද BMW එකක් අහිවි වීමද, ඩොලර් 558,000 ක ලාභයෙන් ඩොලර් 15,000ක්යුධමය පරිගණක සදහා රජයට නැවත ලබාදීමට සිදුවිය.
සමි කැම්කර් (Samy Kamkar)
සැමි
එක්සත් රාජ්‍යය
කැලිෆොනිය දණ්ඩ නීති සංග්‍රහයේ 502(c)(8) වගන්තිය උලගන්නනය වන පරිදි My Space සමාජ ජාලය හරහා පැතිරෙන ලෙස Samy is my hero නම් වු XSS වොර්ම් එකක් නිර්මාණය කිරීම.
2007
අවුරුදු 3ක් විධිමත් ලෙස පරිවාසයේ තබීම, දවස් 90 ක් සමාජ සේවාවේ නිරත වීම MySpace සදහා වන්දි ගෙවීමට සිදුවීම සහ පරිගණක භාවිතය අහිමි කිරීම.
රෞබා බාසෙට්
ඇල් හැක්
ඇල්ජේරියාව
අවසරයක් නොමැතිව , බුද්ධිමත් සහ ආරක්ෂිත පරිගණක පද්ධතියකට ඇතුලුවීම සහ මෙනිසා අතිරේක ඇමෙරිකානු ඩොලර් 129,117.00 ක් වැයවීම. ඇල්ජේරියාවේ (Algeria) පුද්ගලික පරිගණක 1312 අල් හුවරි නම් වු වයිරසයක් මගින් විනාශ කර B.B.A. (B.B.A. city) නගරයේ අන්තර්ජාල සේවාව පැය 1 මිනිත්තු 17 නතර කර තැබීම.
2010 මැයි 3
අවුරුදු 3ක් විධිමත් ලෙස පරිවාසයේ තබීම, දවස් 90 ක් සමාජ සේවාවේ නිරත වීම , MySpace සදහා වන්දි ගෙවීමට සිදුවීම සහ පරිගණක භාවිතය අහිමි කිරීම.


 

හැකර්වරුන් පරිගණකයකට ෙහා් පරිගණක ජාලයකට, අැතුලු වීමට බලපානු ලබන මූලික ෙහ්තූන් ෙලස තනිව ගත්කළ පරිගණක හසුරුවන්නන්ෙග් ද ෙපාදුෙව් ගත්කළ අන්තර් ජාලය පරිශීලනය කරන්නන්ෙග් ද ෙතාරතුරු තාක්ෂනෙය් පවතින දුර්වලතා ෙමන්ම අනුගමනය කරනු ලබන අාරක්ෂිත ක්රමයන්ෙග් දුර්වලතා අාදිය  ෙපන්වා දිය හැක.
·                     පරිගණක හා ෙවබ් අඩවි අනවසරෙයන් පරිශිලනය,
·                     නීත්‍යානුකූල ෙනාවන ෙලස දත්ත ඒහා ෙමහා හුවමාරු කිරීම,
·                     අඩංගු දත්ත උපුටා ගැනීම, ෙවනස් කිරීම, විකෘති කිරීම,මකා      දැමීම,
·                     රාජ්‍ය, අායතන අාදිෙයහි රහස් හා උපාය මාර්ග, බුද්ධී         ෙතාරතුරු ෙලාවට ෙහළි කිරීම,
·                     පරිගණක වයිරස් (computer viruses)  ලියා ප්‍රචාරනය කිරීම,
·                     ක්‍රෙඩිට් කාඩ් අංක සොරකම් කිරීම,
වැනි විනාශකාරී ක්රියා ෙබාෙහාමයක් හැකර්වරුන් තම වත්තීයමය ෙහා් විෙනා්දාංශය වශෙයන් සිදු කරයි. ෙමහිදී දැනගත යුතු වැදගත් කරුණකක් නම් ඉහත සහන් විනාශකාරී ක්රියා පාලනය කිරීමට නීතිගරුක හැකර්වරුන් ෙකාටසක් ද සිටී යන්නය.
ෙම් අනුව හැකර්වරුන් ෙකාටස් තුනක් දැනට හුනාෙගන තිෙබ්.ඔවුන් හැින්වීෙම් දී වර්ණ සහිත හිස් වැසුම් ෙයාදාගැනීම ද සුවිෙශ්ෂි කරුණකි.ඒනම් Hacker කෙනෙක් කිව්වාම සමහරකුගේ සිතට නැගෙන්නේ, ටිකක් අදුරු සහගත සිතුවිල්ලක් වුනත් අද තාක්ෂනික ලොකයේ සිටින Hackes ලා අනුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරනවා මේන්ම අන් අයගේ අයහපත සදහාම වැඩ කරනවා. මේ විදිහට විවිධ වැඩ කරන Hacks ලා තාක්ෂනික ලොකයේ හදුනා ගැනිමේ පහසුව සඳහා
·                     "Black hat''
·                     "White hat"
·                     "Gray hat"
ලෙස ඔවුන් ගේ හැසිරිම අනුව නම් කරනු ලැබ අැත.





White Hat Hacker


100% යහපත් දේ වෙනුවෙන් පමනක් තමන්ගේ දැනුම උපයොගි කරගන්නා. පිරිස white hats නැතිනම්  ethical hackers ලෙස හදුන්වනු ලබනවා. මොවුන් Black Hats ලාට 100% ෙවනස් අය ලෙස හැදින් වුවද නිවැරදිය..

මොවුන් සාමාන්යෙයන් කිසියම් වු ආයතනයකට බැදි සේවය කරන අතර අවසරය පරිදි එම ආයතනයේ පරිගනක ආරක්ෂන පදධතියේ ඇති දෝෂ සොයා පෙන්වා දි එවා නිවැරදි කරනු ලබනවා. එමෙන්ම විවිධ ආයතන වල අවසරය ලබාගනිමින් එවායේ web site හා ජාලයන්ගේ ආරක්ෂක දොෂද සමනය කිරිම මොවුන් අතින් සිදුවෙනවා.. මොවුන් සොයා ගන්නා security vulnerability එකකට ඉහල ෙගවිමක් සිදුකිරිමටද එම ආයතන වලින් වග බලා ගැෙනන්ෙන් පරිගනක පද්ධතිය ආයතනවල ජිවනාලය බදු නිසාය.

එමෙන්ම black hats ලාගේන් ප්රහාරයට ලක් වූ පද්ධති නැවත යතා තත්වයට පත් කරන්නේද, ප්රහාරයට ලක් වු ආයතනයේ අවසරය පරිදි, මෙ White hat hacker වරුන් විසිනි. white hat කෙෙනක් විමට පරිගනක ආරක්ෂනය පිළිබද අසිමිත දැනුමක් අවශ් බැවින් දක්ෂ White hats hacker කෙෙනක් සොයා ගැනිමටද අපහසු බව සමහර තාක්ෂණික ෙව්දින්ෙග් විශ්වාසය වී තිෙබ්.

Black Hat Hacker

                  ජනමාධ් මගින් වැඩි පුරම ප්රසිද්ධියට පත් වන්නේ මේ Black Hat Hacker වරුන් . මොවුහු තම පෞද්ගලික අවශ්යතාවය පරිදි විවිධාකාර වු cyber අපරාධ සිදුකරනු ලබති. උදාහරන ලෙස credit card වල දත්ත හොරකම් කිරිම, විවිධ පුද්ගලික තොරතුරු හොරකම් කිරිම වැනි අපරාධ වල සිට මහා පරිමාණ පරිගණක ජාල නිති විරොධි ෙලස hack කිරිම වැනි අපරාධ , එම පද්ධති වල ආරක්ෂක පද්ධති බිද දැමීමද සිදුකරනු ලබයි.

මෙසේ hack කිරිමේන් ලබා ගන්නා රහස් තොරතුරු අපරාධ සංවිධාන වලට විකිනිමටද මොවුන් ෙනාෙව්. මේසේ පරිගනක අාරක්ෂක පදධති බිද දැමීෙම්දී ඔවුන්ට සතුරන් සවභාවෙයන්ම ඇති වේ. එවැනි සතුරනට Black Hats ලා පිළිතුරු ලබා ෙදනුෙය්  DDOS ,BOTNET වැනි ආයුධ වලිනි.


Gray Hat Hacker


                                   

White hats වරු සහ Black hats වරුන්ගේ එකතුවක් ලෙස Gray hats වරුන් හදුන්වා දිය හැකිය. මොවුන් නිති විරොධි ක්රියා සිදු කළද එය ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත  සිදු ෙනාකරති.

සාමාන්‍යයෙන් යම් ආයතනයක පරිගණක පද්ධතියකට දැනුම් දිමක් නොකර රහසින් ඇතුලු වි, එහි ඇති ආරක්ෂක දොෂයක් නිවැරදි කර, පසුව බව එම ආයතනයට දැනුම් දීම Gray hats වරුන්ගේ සිරිත ය. මොවුන් white hats වරුන්ෙගන් වෙනස් න්නේ එසේ ආයතනයට දැනුම් දිමක් නොකර ආරක්ෂන පද්ධතියට ඇතුල් වීම නිසාෙවනි.

මෙසේ gray hats වරුන් යම් software එකක හෝ website එකක ආරක්ෂක ෙදා්ෂයක් සොයාගනිමින් එහි අයිතිකරුවන් හට සමහර  අවස්ථාවල දී බව දැනුම් දි, නිවරදි කරගැනිමට ඉඩ ලබා දිමක් සිදු කරයි. නමුත් black hats වරුන් එවැනි අවස්ථා වලින් උපරිම ප්‍රයොජනය ලබාගැනීමට දෙවරක් සිතන්නේ නැත.


               ආරම්භයේ දී වයිට්  හැට්  හැකර්ස්  ( white hat hackers). අනුගමනය කල අවිධිමත් නීති ආචාර ධර්ම නිසා  හැකර්  (hacker) උපසංකෘතිය සහ  පරිගණක  පිළිබද  අපරාධ කරුවන් සෙවීම ඉතා කලාතුරකින් සිදුවිය.  හැක්  කිරීම  (hacking) සිදුකරන  පුද්ගලයා  එයට පොළඹ වන්නේ කළාව  සහ දේශපාලනය හේතුවෙනි.  නමුත්  බොහෝ  විට  එම අපරාධය  සිදුකරන උපක්රමය  ගැන  සැලකිල්ලක් නොදක්වයි. වයිට්  හැට්  හැකර්ස්  පරිගණක ආරක්ෂණ  ඒකකයට  පැමිණියද  ඔවුන් කිසිදු  හානියක්  එයට  සිදු නොකරයි.  ඔවුන්  පද්ධතිය  තුලට පැමින  නිදහසේ  සැරිසරමින්  එය  අධ්යනය කරයි.  එමගින්  ඔවුන්  පද්ධතිය තුල පවතින  ඉලෙක්ට්රොනික  ආරක්ෂණය  පිළිබදව  ඉතා  තියුණු  දැනුමක්  ලබා ගනී.  පරිගණක  කර්මන්තය පරිණත වීමත්  සමඟ  මෙම  පුද්ගලයින්  තනි තනි  වශයෙන්  තම ලාභය  උදෙසා  ද්වේෂ සහගත සිතින් යුතුව (black hats) මෙම පද්ධති වලින් අයුතු  ප්රයොජන  ලබාගැනීමට  වෑයම්  කරයි.
ෙම් අාකාරෙය් පරිගණක අපරාධ කිරීම සහා ෙමන්ම ඒම අපරාධ පාලනය / පුතිස්ථාපනය කිරීම / වැළැක්වීම සහා ඉහත කී  White hats වරු සහ Black hats වරු භාවිතා කරනු ලබන හැකර්වරුන්ටම සුවිෙශ්ෂී වු භාෂාවක් ෙමම තාක්ෂණින සන්දර්භය තුල නිර්මාණය වී අැත. ඔවුන් භාවිතා කරන හෝඩිය, භාවිත කරන වචන, කෙටි යෙදුම් අාදිය පහතින් දක්වා අැත.

A = 4, /-\, @, ^, /\ , //-\\, ci

B = 8, ]3, ]8, |3, |8, ]]3, 13

C = (, { , [[, <, €

D = ), [}, |), |}, |>, [>, ]]), Ð

E = 3, ii, €

F = |=,(=, ]]=, ph

G = 6, 9, (_>, [[6, &

H = #, |-|, (-), )-(, }{, }-{, {-}, /-/, \-\, |~|, []-[], ]]-[[

I = 1, !, |, ][, []

J = _|, u|, ;_[], ;_[[

K = |<, |{, ][<, ]]<, []<

L = |,1, |_, []_, ][_, £

M = /\/\, |\/|, [\/], (\/), /V\, []V[], \\\, (T), ^^, .\\, //., ][\\//][,

N = /\/, |\|, (\), /|/, [\], {\}, ][\][, []\[], ~

O = 0, (), [], <>, *, [[]]

P = |D, |*, |>, []D, ][D

Q = commas are necessary: (,) or 0, or O, or O\ or []\

R = |2, |?, |-, ]]2 []2 ][2

S = 5, $

T = 7, +, ']‘, 7`, ~|~, -|-, ‘][', "|", †

U = (_), |_|, \_\, /_/, \_/, []_[], ]_[, µ

V = \/ , \\//

W = \/\/, |/\|, [/\], (/\), VV, ///, \^/, \\/\//, 1/\/, \/1/, 1/1/

X = ><, }{, )(, }[

Y = ‘/, %, `/, \j , “//, ¥, j, \|/, -/

Z = 2, z, 7_,`/_

ඉංග්‍රිසි හෝඩිය ඔවුන් භාවිත කරන සන්කෙතත් සමග සසමින් තවදුරටත් ෙමෙස් දැක්විය හැකිය.
ඉංග්‍රිසි කැපිටල් හෝඩිය
A = @
B = |3
C = (
D = |)
E = 3
F = |=
G = 6
H = |-|
I = |
J = _|
K = |(
L = |_
M = /\/\
N = /\/
O = 0
P = |*
Q = 0,
R = |2
S = $
T = 7
U = |_|
V = \/
W = \/\/
X = )(
Y = ‘/
Z = 2


ඉංග්‍රිසි සිම්පල් හෝඩිය

a = 4
b = 8
c = ©
d = |>
e = 3
f = #
g = 9
h = h
i = |
j = j
k = |<
l = 1
m = m
n = n
p = |*
q = 0.
r = ®
s = 5
t = +
u = 00
v = \/
w = \/\/
x = ><
y = j
z = 2 at = @

හැකර්වරුන් භාවිත කරන වචන සහ කෙටි යෙදුම්
ck = x0r
the = teh
you = j00 or u
own = pwn
ck = x0r
programs = progz
god = r00t
fool = f00
heart/love = <3
what’s up = sup
that = dat
look at = peep
kill = frag
sweet = schweet
sleep = reboot
greater than = >
newbie = n00b
no = noes
woo hoo = w00t
why = y
be = b
are = r
dude = d00d
fear = ph34r
and = &
super = uber blah/me = meh
yo = j0
rock = r0xx0r
hacker = h4x0r
cool = k3wl
software = warez
computer = pu73r
chick = chix0r
good = teh win
bad = teh lose
loser = l4m3r
aol = uh, 14m3r
money = monies
bye = bai
kick = punt
porn = pr0n
skill = m4d 5killz
hello = ping
robot = b0t
naked = n3k3d
what = wut
whatever = wutev
cool = c00
to/two = 2
with = wit
sex = cyb3


වර්තමානය වන විට ෙලාව පුරා ඉතා ෙව්ගෙයන් Computer Hacking ජනප්රිය වී අැත. ෙම් සහා වැඩි වශෙයන් ෙපෙළෙඹී අැත්ෙත් වයස අවුරුදු 12ත් 25ත් අතර සිටින නව ෙයාවුන් සහ ෙයාවුන් විෙය් පිරිස බව නවතම සමීක්ෂණ වාර්ථා සාක්ෂී දරයි. ඒ සහා මූලික වශෙයන්  ජංගම මාධ්‍යයන්ෙග් අාගමනය බලපා තිෙබ්. ලංකාව තුළින් ද ෙම් නිසා විෙනා්දාංශයක් වශෙයන් හැක් කිරීම සහා තරුණ පිරිස අැදී යන බවත් ඒ සඳහා ලාංකික තරුණෙයකු විසින් පළ කර අැති ඒක් ලිපියක් ඔහුෙග් Blog අඩවිය තුළින් ෙමෙස් දක්වමි

දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි.    [ Telephone Call Hacking
                   දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.
     
ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා. මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක PHONE එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද PHONE එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා.
        (
මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි)
                                           ---
අපි වැඩේ පටන්ගමු.---
හැඳින්වීම :-
 
ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.
·                     SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන්  HACK කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)
·                     (PHISHING හා සමාන ක්‍රමවේදයකි.)
·                     අවශ්‍යය දේවල් :-
·                     අලුත්ම GMAIL ACCOUNT එකක්
·                     (උදා :- DIALOGLANKA@GMAIL.COM , SRILANKAMOBITEL@GMAIL.COM වගේ එකක්.ඒක ඔයාලා HACK කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)
·                     අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ HACK කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)
·                     ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.
·                      
·                     මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.
·                     ඉස්සෙල්ලම ඔයා හදපු GMAIL ACCOUNT එකට LOG වෙන්න.
·                     ඊට පස්සෙ ඔයා HACK කරන්න යන කෙනාගෙ PHONE NUMBER එක CONTACT LIST එකට දාගන්න.
·                     දැන් ඒ කෙනාට SMS යවන WINDOW එක OPEN කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි TYPE කරගන්න
උදා :-
 @DIALOG.ADATA NIYAMITHA
APAGE SANWATHSARIKA
SEMARUM HETHUWEN
"30MINS" KAALAYAK ONEMA JALAYAKATA
AMATHUM NOMILE LABADHEEMATA
API KATAYUTHU YODHA ATHI BAWA
SATHUTIN DANWAMU.ME SANDAHA
PAHATHA KEATHAYA AMATHAA LIYAAPADINCHI WANNA

"*******************"

දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන TYPE කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.

මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ NUMBER එක ලියන්න.

**62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා PHONE එක OFF කරපුවහමයි, SIGNAL නැති වෙලාවටයි එයාගෙ PHONE එකට එන සේරම CALLS එන්නෙ ඔයා අර දාපු NUMBER එකට.

  **61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා PHONE එක ANSWER කරන්නෙ නැති වෙලාවට ඒ CALLS සේරම එන්නෙ ඔයා අර දාපු NUMBER එකට.

  **67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා CALL එකක ඉන්න වෙලාවට ඒ CALLS සේරම එන්නෙ ඔයා අර දාපු NUMBER එකට.

  **21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම CALLS එන්නෙ ඔයා අර දාපු NUMBER එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.

NUMBER
එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.
උදා :-"0712345678"
දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ CODE NUMBER එක DIAL කරපු සැනින් ඔයා යවපු  CODE NUMBER එකේ හැටියට සේරම CALLS හැරෙනවා.මේක හැම PHONE එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම PHONE එකකට.

මේක සාමාන්‍යය PHONE එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය NUMBER එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි GMAIL USE කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5NUMBER එකකින්.ඒ වගෙම අපි අලුතින් GMAIL ACCOUNT එකක් හැදුවෙ අපේ GMAIL ADDRESS එකත් SMS එකේ යටින් වැටෙන නිසා.
එහෙනම් යාලුවෝ හැමෝම මේක TRY කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.

Copy by “TECH CLAZ” BLOG….
මීට අමතරව ලංකාව තුළ හැක් කිරීම පාලනය හා වැළැක්වීම සම්බන්ධව ද විශාල දියුණුවක් රාජ්‍ය මට්ටමින් ද දක්නට ලැෙබ්. ඒ සහා දිය හැකි කිම නිදසුන නම් පසුගිය ජනාධිපතිවරණෙය් දී චීන හැකර්වරුන් පිරිසක් මෛත‍්‍රීපාල සිරිෙස්න මහතාෙග් web  අඩවිය හැක් කිරීමට ගත් උත්සහයක් සාර්ථකව මැඩපැවැත්වීමට ඒහි සංස්කරණ කටයුතු කළ ලාංකික තරුණ පිරිසට හැකිවිමය. ෙමකී තත්වය මුලු ෙලාව පුරාවටම සාම්‍යය අගයක් ගනී. අවසාන වශෙයන් කිව හැක්කේ මෙමතාක්ෂණය දිෙනන් දිනම සීඝ දියුණුවක් ලබමින් ගමන් කරන බවත් ඒහි ෙකළවරක් සිතා ගැනීමට පවා අපහසු බවයි.

ආශි‍්‍රත ග‍්‍රන්ථ සගරා සහ අන්තර්ජාලීය ලිපි

·                     විජය පරිගණක සගරාව
·                     විකිපීඩියා ශබ්ද කෝෂය
·                     ගූගල් වෙබ් අඩවිය
·                     ටෙක් ක්ලාස් බ්ලොග් අඩවිය
·                     ගිනි ලිහිනියා බ්ලොග් අඩවිය
·                     පරිගණක දැනුම ෆේස්බුක් කණ්ඩායම
·                     Brian Blomquist (May 29, 1999). "FBI'S web site socked as hackers target feds"New York Post. සම්ප්රවේශය May 8, 2009
·                     "Hack to the future"The Age. May 25, 2003. සම්ප්රවේශය August 23, 2008
·                     Brian Blomquist (May 29, 1999). "FBI'S web site socked as hackers target feds"New York Post. සම්ප්රවේශය May 8, 2009
·                     Bruce Sterling (1993). The Hacker Crackdown—Law and Disorder on the Electronic Frontier (January 1994 සංස්.). Project Gutenberg. p. 336.ISBN 055356370X
·                     Paul Taylor. Hackers: Crime in the Digital Sublime (November 3, 1999 සංස්.).Routledge; 1 edition. p. 200. ISBN 0415180724.



A.A.G.U.D.Karunarathna,
SINH-4202,
AR/64877,
AF/09/6575,
Department of Sinhala &Mass Communication,
University of Sri Jayawardenepura,