Monday, December 29, 2014

අන්තර්ජාලයේ සම්භවය හා විකාශය

මානව සංහතියේ ආරම්භයේ සිටම තොරතුරු හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව මානවයා සතුව පැවතුනි. කෙසේ ද යත් තොරතුරුවලින් වියුක්තව මානවයාට පැවතිය නොහැකි නිසාය. මානවයා සාමූහිකව ශ‍්‍රම කටයුතුවල නියලීම ආරම්භ වීමත් සමග ඔවුන්ට තම අදහස අන්න්‍යන්ට ප‍්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය ඇති විය. මෙසේ ක‍්‍රමයෙන් මානව ශිෂ්ටාචර ගත වීමත් සමග තොරතුරු ලබා ගැනීමේ සන්නිවේදන ක‍්‍රමද වර්ධනය විය. මේ අනුව පැහැදිලිවන්නේ මෙම තොරතුරු ක‍්‍රියාවලිය මානව සමාජය ආරම්භයේ සිට වර්තමානය දක්වා වර්ධනය වී නූතන ජනසන්නිවේදන ප‍්‍රපංචයන් බිහි වී ඇති බවයි. (මධුභාෂණී ටී. ජී, අන්තර්ජාලය හා සංවර්ධනය, 2008 , පි.13)

ප‍්‍රාග් ජනමාධ්‍යවේදී ප‍්‍රපංචයන් ක‍්‍රමයෙන් පුවත්පත් , ගුවන්විදුලිය හා රූපවාහිනී මාධ්‍ය දක්වා පමණක් නොව අන්තර්ජාලය internet විද්‍යුත් අවකාශය syber Space වැනි නවීන තාක්ෂණික ප‍්‍රපංචයන් දක්වා වර්ධනය ව තිබේ. ඒ අනුව අන්තර්ජාල මාධ්‍ය ලොවට බිහිවන්නේ 1974 වර්ෂයේ දීය. මේ අනුව ලෝක තොරතුරු මාධ්‍යයට අන්තර්ජාල මාධ්‍ය බිහිවී වර්තමානය වන විට වසර 34 ක් පමණ ගතවී තිබේ. මානවසංහතිය ආරම්භයේ ඉතා ළදරු අවදියක පැවති සන්නිවේදන ක‍්‍රියාවලිය වර්තමානය වන විට ‘‘ තොරතුරු සමාජය ’’ Information Soc¡ety ගෝලීයකරණය වැනි නූතන සංකල්ප හමුවේ වඩා සංකීර්ණ සන්නිවේදන ක‍්‍රියාවලියකට බද්ධ වී තිබේ. මෙම න්නිවේදන කි‍්‍රයාවලියේ ප‍්‍රතිඵල වශයෙන් අන්තර්ජාලය වැනි මාධ්‍යයක් ලෝකයට දායාද විය.   ( මධුභාෂණී ටී.ජී , අන්තර්ජාලය හා සංවර්ධනය, 2008 , පි.14 

මේ අනුව අන්තර්ජාල මාධ්‍යය ලෝකයට බිහිවීමට පෙර එය න්නිවේදන ක‍්‍රියාවලියක දීර්ඝකාලීන ප‍්‍රතිඵලයක් වශයෙන් බිහිවී ඇත. සන්නිවේදන ක‍්‍රියාවලියේ සිදු වූ ක‍්‍රමානුකූල වර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස පුවත්පත් , ගුවන්විදුලිය හා රූපවාහිණී මාධ්‍ය බිහි වූ බවයි. තාක්ෂණය Technology  නමැති ප‍්‍රපංචය හේතුකොටගෙන ගෝලීයකරණය Globalization ක‍්‍රියාවලිය සමග මුසු වෙමින් වත්මන් සන්නිවේදන මාධ්‍යයන් තොරතුරු සමාජය  Information soc¡ety ප‍්‍රවේශයක් තුළ ක‍්‍රියාත්මක වේ. අන්තර්ජාලය බිහිවන්නේ තොරතුරු සමාජයේ ක‍්‍රියාකාරීත්වය හේතුකොටගෙනය. සන්නිවේදන දෘෂ්ටි විශේශඥයකු වන ඇල්වින් ටොෆ්ලර්  Alwin Tophler  අනාගත ලෝකයේ තොරතුරුවල ව්‍යාප්තිය පිළිබ`ද යුග 3ක් ආශ‍්‍රය කොටගෙන කරුණු ඉදිරිපත්කර තිබේ. එනම් ,

1. කෘෂිකාර්මික විප්ලවය
2. කාර්මික විප්ලවය
3. තොරතුරු විප්ලවයයි.

මේ අනුව සන්නිවේදන මාධ්‍යයන්ගේ ඓතිහාසික විකාසනය ප‍්‍රධාන වශයෙන් පහත දැක්වෙන ලෙස හ`දුනාගත හැකිය.

පුවත්පත   >   ගුවන්විදුලිය >   රූපවාහිණිය    >  අන්තර්ජාලය

පුවත්පත , ගුවන්විදුලිය  හා රූපවාහිණී මාධ්‍ය මෙන්ම අන්තර්ජාලය ද ක‍්‍රමානුකූලව සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් විකාසනය වී තිබේ.වත්මන් තොරතුරු සමාජය තුළ නවීන මාධ්‍යයක් වශයෙන් අන්තර්ජාල මාධ්‍යය ක‍්‍රියාත්මක වන බව මේ අනුව හ`දුනාගත හැකිය.            (මධුභාෂණී ටී. ජී , අන්තර්ජාලය හා සංවර්ධනය , 2008 , පි. 19

අවශේෂ මාධ්‍යයන් මෙන්ම අන්තර්ජාලය බිහිවමට ද සමාජමය සාධකයන් බලපා තිබේ. එනම් ඇමරිකා එක්සත් ජනපදයේ ධනවාදී අවශ්‍යතාවන් ඉටුකර ගැනීමේ මෙවලමක් ලෙස අන්තර්ජාලය නිර්මාණ විය. ජාලයන්ගේ ජාලය පිළිබ`ද සංකල්පය ද වර්ධනය වූයේ ඊට බොහෝසෙයින් වෙනස් වූ අභිප‍්‍රායකිනි. පරිගණක තාක්ෂනය වර්ධනය වෙමින් පැවති 1950 , 1960 දශකයේ දී ඇමරිකා එක්සත් united state of Amaria  තම යුධ කටයුතු ස`දහා පරිගණක තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබ`ද පර්යේෂණවල යෙදිනි. ඇමරිකා එක්සත් ජනපදයේ යලිත් ශීතල යුද්ධයක් cold war ඇති වුව හොත්  ඕනෑම න්‍යෂ්ටික ප‍්‍රහාරයකට මුහුණදිය හැකි ප‍්‍රබල සන්නිවේදන පද්ධතියක් රට තුළ ස්ථාපනය කිරීමේ අරමුණ මත මෙම පර්යේෂණ කටයුතු මෙහෙය වන ලදී. මේ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව DoD අනුබද්ධ උසස් පර්යේෂණ ව්‍යාපෘති එ්ජන්සිය Adance Reserch Project Agency පිහිටුවන ලද්දේ හමුදාමය කටයුතුවලදී විද්‍යා හා තාක්ෂණ නායකත්වය ඇමරිකා එක්සත් ජනපදය තුළ සුරක්ෂිත කිරීමේ අභිප‍්‍රායෙනි. මේ අනුව 1957 වර්ෂයේ දී මෙම ආයතනය විසින් ‘‘ ස්පුට්නික් ’’ Sputnik  නමින් පළමු පෘථිවි චනද්‍රිකාව ගුවන්ගත කරන ලදී.

මේ අනුව ඇමරිකාවේ යුදමය අවශ්‍යතා ඉටුකර ගැනීමට ප‍්‍රථමයෙන් අන්තර්ජාලය භාවිත කළ ද වර්තමානය වන විට තම දේශපාලනික සංස්කෘතිකමය , වාණිජමය හා යුධමය මතවාදය ජාත්‍යන්තර ප‍්‍රජාවට ඉදිරිපත් කිරිමේ ප‍්‍රධාන මෙවලම වශයෙන් අන්තර්ජාලය භාවිත වෙයි.    (මධුභාෂණී ටී .ජී, අන්තර්ජාලය හා සංවර්ධනය , 2008 , පි. 20

මෙසේ යුධමය සුරක්ෂිතබාවය ස`දහා සන්නිවේදන පද්ධතියක් ගොඩනැගීමේ අවශ්‍යතාවක් මතුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රථමයෙන් ඇසුරුම් සුවිචිගත ජාලය  Packet Switched Network  බිහි වේ. රැන්ඞ් කෝපරේෂන්  Rand CorParat¡on නම් පුද්ගලයාට 1962 වර්ෂයේ දී ඇමරිකානු ගුවන් හමුදාව united State Air Force නියම කරන්නේ න්‍යෂ්ටික යුධ ප‍්‍රහාරයකදී මිසයිල හා බොම්බ අඛණ්ඩව පාලයනය කි‍්‍රයාත්මක කළ හැකි ක‍්‍රමයක් පිළිබ`ද අත්හදා බලන ලෙසය. බ්රේන් විවිධ ක‍්‍රමවේද අත්හදා බැලූ අතර ඔහුගේ වාර්තාවේ ස`දහන් කළ විවිධාකාර ක‍්‍රම අතරින් අවසන් යෝජනාව වූයේ ඇසුරුමේ සුවිචිගත ජාලයPacket Swiched Netwok  එක් පරගණකයක සිට තවත් පරිගණකයකට මෙම ඇසුරුම් සුවිචිකරණ දත්ත කුඩා ඒකකවලට වෙන් කොට සම්පේ‍්‍රෂණය කිරීමේ හැකියාව මෙම ඇසුරුම් සුවිචිගත ජාලය මගින් සැලසිනි.      (මධුභාෂණී ටී. ජී , අන්තර්ජාලය හා සංවර්ධනය , 2008 , පි. 24

මෙම ඇසුරුම්ගත සුවිචිගත ජාලය මෙන්ම අපානෙට් ARPANET පරිගණක ජාලය ද යුධ සුරක්ෂිතතාව අරමුණු කර ගනිමින් මෙකල නිර්මාණය විය. අපානෙට් ජාලය 1969 වර්ෂයේ හ`දුන්වා දෙනු ලැබිණි. තත්පරයට කිලෝ බයිට් 50 SokbPS ක වේගයෙන් ක‍්‍රියාත්මක මෙම පරිගණක ජාලය යුධ මධ්‍යස්ථාන 4 ක් , විශ්ව විද්‍යාල හා ආයතන කිහිපයක් සම්බන්ධ කර ගනිමින් අදියර දෙකක් ඔස්සේ අත්හදා බලන ලදී.     (මධුභාෂණීි ටී. ජී, අන්තර්ජාලය හා සංවර්ධනය, 2008 , පි. 20

මෙසේ විවිධ අත්හදා බැලීම් මගින් ඇමරිකාවේ යුධ සුරක්ෂිතතාවය රැුක ගැනීමට උසස් පර්යේෂණ ව්‍යාපෘති එ්ජන්සිය ක‍්‍රියා කළ අතර ඇසුරුම් සුවිචිගත ජාලයට විකල්පයක් ලෙස වෙනත් ක‍්‍රමවේදයක් භාවිත කිරීමට නව ව්‍යාපෘතියක් ඇරඹීම ඔවුන්ගේ ඉලක්කය විය. උසස් පර්යේෂණ ව්‍යාපෘති එ්ජන්සිය ARPA විසින් 1973 වර්ෂයේ දී ඉන්ටර්නෙටින්ග් Internetting ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ග‍්‍රාහකයාට එකම ජාලයක් තුළ ක‍්‍රියාත්මක කළ හැකි ජාල පාලන ප‍්‍රමිතිය Network Control Protocol නමින් පරිගණක වැඩසටහනක් ඇසුරුම්ගත සුවිචිගත ජාලයට විකල්පයක් වශයෙන් හ`දුන්වා දේ.  (  http : // www davesite . com / web station net) 
      මෙසේ ජාල පාලන ප‍්‍රමිතිය Network Control Protocol  හ`දුන්වා දීමෙන් අන්තර්ජාල මාධ්‍ය බිහි වීමට පදනම වැටේ. එය සිදුවන්නේ උසස් පර්යේෂණ ව්‍යාපෘති එ්ජන්සියෙනි. බොබ් කොන් Bob Kahn සහ ස්ටැන්ෆෝඞ් විශ්වවිද්‍යාලයේ වින්ටොන් චෙෆ් Vinton Cerf විසින් 1974 වර්ෂයේ දී  ‘‘Tcp’’   Transmission Control Protocol  Internet protocol හ`දුන්වා දීමෙන් පසු මෙම ජාලය අන්තර්ජාලය නමින් ප‍්‍රථම වරට නම් කරන ලදී. වින්ටොන් චෙෆ් ප‍්‍රථම වරට අන්තර්ජාලයට අදාල ජාල පාලන ප‍්‍රමිතිය හ`දුන්වා දීම මුල් වී කටයුතු කළ නිසා ඔහු අන්තර්ජාලයේ පියා ලෙස සැලකේ. ඔහු දැනට ඇමරිකානු අභ්‍යවකාශ එ්ජන්සියේ NASA අන්තර් ග‍්‍රහලෝක ව්‍යාපෘතියට සම්බන්ධ වී ක‍්‍රියා කරයි. 

අන්තර්ජාල මාධ්‍යයේ බිහි වීමත් සමග එදර්නෙට් ATHERNET යුස් නෙට් USSNET බිට් නෙට් BITNET ජාලයන් ද අන්තර්ජාල සහායක ජාලයන් ලෙස නිර්මාණය වේ. 1976 මහාචාර්ය රොබට් එම්.මෙටිකාෆ් එදර්නෙට් ජාලය හ`දුන්වා දෙන ලදී. ඉන්පසුව බිට්නෙට් BITNET  ජාලය ද 1982 ඉයුනෙට් නමින් නව ජාලයක් ද හ`දුන්වා දෙන ලදී. අන්තර්ජාල ක‍්‍රියාකාරී මණ්ඩලය IAB Internet Activities Board 1983 වර්ෂයේ දී ආරම්භ වීමෙන් පසුව අපානෙට් ජාලය හමුදාමය කටයුතු ස`දහා බහුල වශයෙන් බාවිත කිරීමට කටයුතු සම්පාදනය කර අතර එන්.සී.එෆ් නෙට් NCF NET නමින් නව ජාලයක් ද නිර්මාණය කරන ලදී. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපද ජාතික විද්‍යා පදනම් ජාලය NSFN-National Science Foundation Network  ස`දහා සුපිිරි පරිගණක මාධ්‍ය ස්ථාන 6 ක් එක් කරමින් විද්‍යාත්මක ප‍්‍රජාවක් ගොඩ නැගීම ස`දහා IAB CPI/IP ක‍්‍රමය භාවිත කරමින් එන්.එස්.එෆ් නෙට්වර්ක් නම් නව ජාලය නිර්මාණය විය. මෙම අන්තර්ජාල ක‍්‍රියාකාරී මණ්ඩලයේ ක‍්‍රියාකාරීත්වය අන්තර්ජාල වර්ධනයේ නව යුගයක් සටහන් කළ නිසා 1983 වර්ෂයේ දී අන්තර්ජාල සම්භවය සිදු වූ බව සමහරු තර්ක කරති.

අන්තර්ජාල භාවිත පහසු කරමින් ක්ෂේත‍්‍ර නාම ක‍්‍රමය ලොවට හ`දුන්වා දුන් නෙල් ට්‍රොකටෙටි‍්‍රස් මෙන්ම 1988 වර්ෂයේ දී අන්තර්ජාල භාවිතය තව දුරටත් ව්‍යාප්ත කරමින් අන්තර්ජාල සංවාද IRC-Internet ReIay Chat ක‍්‍රමය ජාක්කෝ ඔයියාරනෙන් Jakko Oikarinen විසින් හ`දුන්වා දෙන ලදී. 

     1990 වර්ෂයේ දී ජාතික විද්‍යා පදනම විසින් මෙරිච් , අයි. බී.එම් සහ එම්.සී . අයි ආයතන ත‍්‍රිත්වයේ සුසංයෝගයෙන් උසස් ජාල හා සේවා ආයතනය පිහිටුවනු ලැබූ අතර T1 , T3  රැහැන් පද්ධති හදුන්වා  දෙන ලදී. T3 පද්ධතිය හ`දුන්වා දීමත් සමග ටයිම් බර්න්ස් ලී T¡me Berners Lee  විසින් ලෝක ව්‍යාප්ත ජාලය World Wide Web නිර්මාණය කරන ලදී. මේ නිසා ඔහු Father Of Web වෙබ් පියා ලෙස හ`දුන්වන ලදී.

මේ අනුව 21 වන සියවසේ අන්තර්ජාල තාක්ෂණයේ ලෙරළිකාර යුගයක් ලෙස හ`දුන්වනු ලබයි. විද්‍යුත් බැංකු Cyber Bank අන්තර්ජාල දුරකථන තාක්ෂණය Internet Phone Technoloy වැනි ක‍්‍රමවේදයන් අන්තරජාලයට එක්වේ. 21 වන සියවසේ දී නව අං`ග එක වෙමින් අන්තර්ජාලය පුලුල් ව්‍යාප්ති ජාලයක් බවට පත්වේ. 2001 වර්ෂයේ දී ප‍්‍රථම වරට විද්‍යුත් අපරාධ Cyber Crimes  මර්ධනය කිරීමේ ගිවිසුමක් ක‍්‍රියාත්මක වේ. එමෙන්ම 2002 වසරේ දී ප‍්‍රථම වරට ඩොට් ක‍්‍රිඞ්ස් ක්ෂේත‍්‍ර නාමය Dod – Kids Domain හ`දුන්වා දෙන ලදී. 
1960 දශකයේදී ඇ.එ.ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්හදා බැලීම්වල ප‍්‍රථිඵලයක් ලෙස ඇරඹි අන්තර්ජාලය , තාක්ෂණය නමැති ප‍්‍රපංචය හේතු කොටගෙන ක‍්‍රමානුකූලව වර්ධනය වී වර්තමානය වන විට පුලුල් ව්‍යාප්ත ජාලයක් බවට පත්ව තිබෙන බව මේ අනුව පෙනී යයි.මෙසේ අන්තර්ජාලය ව්‍යාප්ත වීමත් සමග ලෝක ප‍්‍රජාවගෙන් බහුතරයක් අන්තර්ජාල මාධ්‍යයේ ග‍්‍රාහකයන් බවට පත්ව තිබේ. 2000 වර්ෂයේ දී සිදු කරන ලද ‘‘නුවා’’ අන්තර්ජාල සමීක්ෂණට Nua Internet Survey අනුව එම වසරේ දී මිලියන 407 ක් අන්තර්ජාලය පරිහරණය කර තිබේ. 2002 වසර වන විට එය මිලියන 700ක් ද 2005 වසර වන විට බිලියනය ඉක්මවා යන බව ද මෙම සමීක්ෂණය මගින් තවදුරටත් පෙන්වා දී තිබේ. ‘‘නුවා’’ අන්තර්ජාල සමීක්ෂණ වාර්තාවේ දත්ත උපයෝගී කර ගනිමින් ලෝක අන්තර්ජාල භාවිත කරන්නන්ගේ වර්ධනය පහත දැක් වේ. 




වර්ෂය
ප‍්‍රමාණය
1998
200
1999
250
200
400
2002
700
2005
1100
            (මූලාශ‍්‍රය : Nua Internet Survey 2000


මෙම සංඛ්‍යා ලේඛන අනුව හ`දුනා ගත හැක්කේ අන්තර්ජාලය යනු මානව ඉතිහාසය තුළ වඩාත් වේගයෙන් වර්ධනය වන සන්නිවේදන මාද්‍යයක් බවයි. වාර්ෂිකව ලෝකයේ අන්තර්ජාල භාවිත  කරන්නන් සීඝ‍්‍රයෙන් වර්ධනය වන බව මේ අනුව හ`දුනා ගත හැකිය. (මධුභාෂණී ටී. ජී, අන්තර්ජාලය හා සංවර්ධනය , 2008 , පි. 27



Reference
2. මධුභාෂණීි ටී. ජී, අන්තර්ජාලය හා සංවර්ධනය , එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2008

   

                                            ජයනි සනිකලා රුවන්පතිරණ
                                             AR/65117
                                                             සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය


3 comments: