Tuesday, December 30, 2014

ගූගල් ප්ලස් සමාජ වෙබ් අඩවිය




ගූගල් ප්ලස් යනු සමාජ වෙබ් අඩවියක් මෙන්ම හැඳුනුම් සේවාවකි. එහි හිමිකාරිත්වය ගූගල් සමාගම සතුය.සමාගම විස්තර කරන ආකාරයට ගූගල් ප්ලස් යනු අන්තර්ජාලයේ ඇති තම බොහොමයක් අංග වැඩි දියුණු කරන “සමාජ ස්ථරයකි”. එමෙන්ම ගූගල් ප්ලස් සමාජ වෙබ් අඩවියක් පමණක් නොව අන්තර්ජාලයේ ඇති අන්තර්ගතයන්නි රචකයා / අයිතිකරු සමඟ ඍජුව ගනුදෙනු කරන රචක මෙවලමකි. විශාලත්වය අනුව ෆේස්බුක් (Facebook) සමාජ වෙබ් අඩවියට පමණක් දෙවන වන ගූගල් ප්ලස්, ජීමේල්(Gmail) හා යූට්යුබ් (YouTube) වැනි සුප්ර සිද්ධ අන්තර්ජාල සේවාවන් සමඟ ඍජුව සන්නිවේදනයේ යෙදෙයි. 2011 ජූනි 08 වන දින ගූගල් ප්ලස් එලි දැක්වීම සිදු වන්නේ ආරාධනා මත පමණක් සම්බන්ධ විය හැකි “ක්ෂේත්ර් පරීක්ෂාවක්” ලෙසය. පසුව ලැබුණු ඉහල ප්ර්තිචාර සමඟ 2011 සැප්තැම්බර් මස ගූගල් සමාගම මෙම සේවාව වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම විවෘත කරන ලදී. ජංගම දුරකථන තුළ ද දැකිය හැකි ගූගල් ප්ලස් 2011 ජූලි මස ඇපල් මෘදුකාංග ගබඩාවෙහි ප්රැචලිතම මුදල් අය නොකරන මෘදුකාංගය බවට පත් විය.



ගූගල් ස්ර්කල්ස් (GoogleCircles)



යනු මෙම වෙබ් අඩවියේ විශේෂාංගයකි. මෙම සුවිශේෂී සේවාව හරහා ගූගල් ප්ලස් භාවිත කරන්නන්ට ගූගල් ප්ලස් හරහා තමා සමඟ සම්බන්ධ වන මිතුරන් කණ්ඩායම් වලට වෙන් කළ හැක. මෙය ගූගල් ප්ලස් මගින් හඳුන්වා දුන් පෞද්ගලිකත්වයට ඉතා වැදගත් වන අංගයකි. මෙය ගූගල් ප්ලස් පළමුවරට කරලියට පැමිණීමේ දී බොහෝ කතා බහට ලක් වූ අංගයකි. පසුව අනෙක් වෙබ් අඩවි ද තම සේවාවන්ට මෙම අංගය ආදේශ කර ගත්හ. අනෙක් සමාජ වෙබ් අඩවි වල මෙන් ගූගල් ප්ලස් තුළ ද තම සිතැඟි හෝ අදහස් ප්රතසිද්ධියේ ප්රනකාශ කළ හැකි අතර එලෙස ප්ර කාශ කරන අතරතුර ඡායාරූප, වීඩියෝ යනාදිය ද අන්තර්ජාලයට මුදා හැරිය හැක. ගූගල් ප්ල්ස්හි තවත් ප්රවචලිත අංගයක් වන්නේ හැන්ගවුට්ස් (Hangouts) නම්වූ වීඩියෝ තාක්ෂණය භාවිත වන සජීවී කණ්ඩායම් හමුවීම් පැවැත්වීමේ හැකියාවයි. මෙමගින් පුද්ගලයින් දස දෙනෙක් දක්වා හමුවීමට සම්බන්ධ කර ගත හැක. මෙම හැන්ගවුට්ස් සේවාව තුළ තවත් බොහෝ අනෙකුත් සේවාවන් ද භාවිතා කළ හැක. ගූගල් ප්ලස් පිටු (Google+ Pages) සේවාව 2011 නොවැම්බර් 07 වන දින ආරම්භ කරන ලදී. මෙමගින් ව්යාපපාර ක්ෂේත්රaයට තම පාරිභෝගික ප්ර ජාව සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලබා දේ. මෙය ෆේස්බුක් පිටු හා සැම වේ.


ගූගල් ප්ලස් සමාජ


(Google+Communities) යන සේවාව 2012 දෙසැම්බර් 06 වන දින ආරම්භ කෙරුණු අතර මෙමගින් මෙම සේවාව භාවිතා කරන්නන්ට විවිධ මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙයි. මෙවන් සමාජ පොදුවේ විවෘතව තැබීමටත්, සංවෘතව තැබීමටත් හැකිය. මෙම වෙබ් අඩවිය හරහා තමා සිටින ස්ථානය තම මිතුරෙකුට දන්වා යැවිය හැකිය. මෙහි නිරවද්ය්තාව රඳා පවතින්නේ ජීපීස් තාක්ෂණය මත වන අතර තමා සිටින නිශ්චිත ස්ථානය පෙන්වීමටත් නොඑසේ නම් තමා සිටින නගරය පමණක් පෙන්වීමේ හැකියාවත් භාවිතාකරන්නා සතුය. අනෙක් සමාජ වෙබ් අඩවි මෙන්ම ගූගල් ප්ලස් ද ඡායාරූප කෙරෙහි තම විශේෂ අවධානය යොමු කොට ඇත. ඒ අනුව ඔවුන් ඡායාරූප අන්තර්ජාලය තුළම සැකසීම සඳහා වන ක්රි යේටිව් කිට් (Creative Kit) නම් මෙවලම හඳුන්වා දී ඇත. ඔටෝ ඕසම් (Auto Awesome) නම් වූ අංගය තුලින් ද ඡායාරූප සඳහා විශේෂ අංග තම කැමැත්ත මත හෝ ස්වයංක්රීීයව යෙදිය හැකි ලෙස යෙදිය හැක. ඔටෝ එන්හැන්ස් (Auto Enhance) මගින් ගූගල් ප්ලස් ඡායාරූප වැඩි දියුණු කරයි.


Refarance


1.GoogleInc Official Blog. October 29, 2013. Retrieved October 29, 2013.
 2.Jump up^ "Excerpt from interview with Google CEO Eric Schmidt".
 3.Jump up^ "Google Plus and Identity Services"
4.^ Jump up to:a b Two years later, Google+ Hits 300 Million Active Monthly "In-Stream" Users, 540 Million Across Google, MarketingLand, October 29, 2013
5. "Google+ Hangouts and Photos: save some time, share your story"anything."

AR/64854
AF/6552

No comments:

Post a Comment