Monday, December 29, 2014


                 අන්තර්ජාලය සහ උසස් අධ්‍යාපනය

     
       අන්තර්ජාලය සහ උසස් අධ්‍යාපනය යනු එකිනෙක බද්ධ වු අංශ දෙකක් ලෙස හැදින්විය හැකිය. 21 වන සියවසට අවතීර්ණ වී ඇති වත්මන් සමාජය තුළ අන්තර්ජාලයෙන් වියුක්ත වූ උසස් අධ්‍යාපනයක් නොමැත. එනිසා ම උක්ත මාතෘකාව පිළබඳව විමර්ශනය කිරීම තත්කාලීන වශයෙන් පලදායි වේ. යම්   පුද්ගලයකු ලබන උසස් අධ්‍යාපනයේ උපරිම ප‍්‍රයෝජන ලැබීමට අන්තර්ජාලය හේතු වන්නේය. ගෝලීයකරණයට අත්වැලක් සැපයෙන අන්තර්ජාලය උසස් අධ්‍යාපනය වෙනුවෙන්ද  ඒ හා සමාන මෙහෙයක් ඉටු කරන්නේය. නූතන අධ්‍යාපන ක‍්‍රමය තුළ අන්තර්ජාලය නිරන්තරයෙන් සක‍්‍රීයව කටයුතු කරන මාධ්‍යයක් බවටද පත් වී ඇත.  
මෙහිදී අන්තර්ජාලය යනුවෙන් හඳුන්වනු ලබන්නේ  එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝක ව්‍යාප්ත පරිගණක ජාලයකි. අන්තර්ජාලය පිටුපසින් තාක්ෂණය විශාල ප‍්‍රමාණයක් ඇත. මේ සඳහා නිවහනක් හෝ පාලක පරිගණකයක් නැත. ඇත්තේ ලොව පුරා තොරතුරු විශාල ප‍්‍රමාණයක් පමණි. අන්තර්ජාල ප‍්‍රවේශය මඟින්  ඕනෑම පරිගණකයක් ඔස්සේ එම තොරතුරු අසන්නට හෝ කියවන්නට හැකිය. මෙය ලොව විශාලතම පුස්තකාලය ලෙසද හඳුන්වනු ලැබේ. නමුත් සාමාන්‍ය පුස්තකාලයක පොත් මෙන් නොව වෙබ් අඩවි තුළ පෙළ , ශබ්ද, රූප වීඩියෝ  සහ වෙළඳසැල් තිබියහැකිය. 1980 දී පෞද්ගලිකව  ක‍්‍රියාත්මක වන අන්තර්ජාල සේවා සපයන්නන් වාණිජකරණයට ලක්වීම හා හඳුන්වාදීම 1990දී ජනපි‍්‍රය භාවිතය තෙක් පුළුල් වීම නිසා අන්තර්ජාල සංස්කෘතිය වානිජය මත දැඩි බලපෑමක් කළේය. මේ අනුව අන්තර්ජාලය යනු තොරතුරු ලබා ගත හැක්ි දැනුම පුළුල්කර ගත හැකි කේන්දාස්ථානයකි. ලෝකය පුරා ජනප‍්‍රියම මාධ්‍යය ලෙසද මෙය බොහෝ දෙනෙක් පිළිගනිති. 
මුළුමහත්  විශ්වයම දැනුම නැමැති පිපාසයෙන්   පෙළෙන්නේය. මෙය හේතු සාධකය ලෙස ගෙන බොහෝ රටවල් තුළ මූලික අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක්  ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇත. පාසල්  අධ්‍යාපනයෙන් පසුව විශ්වවිද්‍යාලයකින් හෝ උසස් අධ්‍යාපන ආයතනයකින් ලබන අධ්‍යාපනය සාමාන්‍ය වශයෙන් උසස් අධ්‍යාපනය ලෙස හැඳින්වේ. උසස් අධ්‍යාපනය යනු රටක පරිපාලන මය හා තීරන ගැනීමේ හැකියාවෙන් යුතු මානව සම්පත නිර්මාණය කිරීමේ තිඹිරිගෙය වැනිය. එ් අනුව එවැනි පදනමක හා අරමුණක් සහිත උසස් අධ්‍යාපනික ක‍්‍රියාවලියක මූලික ලක්ෂණ කීපයක් ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇත.
දැනගැනීම පිණිස ඉගැන්වීම 
ක‍්‍රියාත්මක කිරිම පිණිස ඉගැන්වීම
දිවි පැවැත්ම සරිකර ගනීම පිණිස ඉගැන්වීම
මුල පිරීම හෝ ප‍්‍රාග්ධන ක‍්‍රියාකාරකමක් වෙනුවෙන් ඉගනගැනීම
ජීවත්වීම ජීවත් කරවීම පිණිස ඉගන ගැනීම
යන කාරණා උසස් අධ්‍යාපනයකින් බලාපොරොත්තු වේ. 
ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක‍්‍රමයේ ආරම්භය පිළිබඳ විමසා බලන විට දේශීය රාජධානි ක‍්‍රමය තුළ ශ‍්‍රි ලංකාවේ උසස් අධ්‍යාපනය පදනම්වී තිබුනේ ප‍්‍රමුඛ පිරිවෙන් කිහිපයක් මතයි. වත්මන් විශ්වවිද්‍යාල පද්ධතියේ ආරම්භය වර්ෂ 1921 දී ලන්ඩන් විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව සිලෝන් යුනිවර්සිටි කොලීජිය නමින්  යුනිවර්සිටි කොලීජියක් ස්ථාපනය කිරීම තෙක් දිව යයි. කෙසේ වෙතත් නව උසස් අධ්‍යාපන ක‍්‍රමයේ ආරම්භය සනිටුහන් වන්නේ 1870 දී වන අතර ඒ ශ‍්‍රි ලංකා වෛද්‍ය පාසල (Ceylon Medial School ) ස්ථාපිත කිරීමත් සමඟය. පළමුවැනි ශ‍්‍රි ලංකා විශ්වවිද්‍යාලය 1942 ජූලි 1 වැනි දින සිථාපිත කරන ලදි. මීට අමතරව උසස් අධ්‍යාපන ආයතනය ලෙස, 

විවෘත විශ්වවිද්‍යාල

තොරතුරු තාක්ෂණ බාහිර  උපාධි ආයතනය

උසස් අධ්‍යාපන අමා්‍යංශය යටතේ නොවන වෙනත් රජයේ විශ්වවිද්‍යාල

රාජ්‍ය අනුබද්ධිත හෝ අර්ධ රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනය 

රජයේ අනුග‍්‍රහය ලබන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය
                                                                                    හඳුනාගත හැකිය.
         මේ සෑම උසස් අධ්‍යාපන ආයතනයක් මඟින්ම පුද්ගලයෙකුට එම ආයතන ක‍්‍රමවේදය  අනුව අධ්‍යාපනය ලැබිය හැක. රැුකියා වෙළඳ පොළේ ඉහළ ඉල්ලූමක් ඇති වන අයුරින් ශාස්ත‍්‍රවේදී උපාධි සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විශේෂ උපාධි ලබා ගැනීමේ අවස්ථාව සැලසීමේ  මේ සඳහා ප‍්‍රධාන පියවරකි. උසස් අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය කෙතරම් සමීපද යත්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය ආයතනය තුළ බොහෝ කටයුතු සිදුකෙරෙන්නේ අන්තර්ජාලය භාවිතා කරමින්ය. එමෙන්ම මෙම ආයතන මඟින් ක‍්‍රයාත්මක වන වැඩසටහන් විශාල ප‍්‍රමාණයක් හඳුනාගත හැකිය. දැනට නොඞ්ස් ආයතනත මඟින් රට පුරා පිහිටුවා  ඇති ශාඛා 26 ක් ඔස්සේ උසස් අධ්‍යාපන ආයතන තුළින් කෙරෙන දේශනයන් නැරඹීමේ හැකියාව ඇත. ශ‍්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කොළඹින් පිට ශාඛාවල නෝඞ්ස් ශාඛා පිහිටා තිබේ. මේ සෑම මධ්‍යස්ථානයක්ම වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවකින් සම්බන්ධ කර ඇත. කොළඹින් පිට පැවැත්වෙන දේශනයක් පවත්වනවිට අන්තර්ජාලය ඔස්සේ වීඞීයෝ කන්ෆරන්ස් හරහා එම දේශනය දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන සිටින සිසුන්ට නැරඹිය හැකිය. දැනට උසස් අධ්‍යාපන ආයතන දාහතරක්   නෝඞ්ස් ආයතනය හරහා සිය පාඨමාලාව හැදෑරීම සඳහා සිසුන්ට අවස්ථාව ලබා දී ඇත. 
ශ‍්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය ,මොරටුව විශ්වවිද්‍යාලය , පේරාදෙණිය විශ්වවිද්‍යාලය ,පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් කේන්දාවරලත් ගණකාධිකරණ ආයතනය,  කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග‍්‍රීසි භාෂා අධ්‍යයන ආයතනය වැනි ආයතනයන් දැනටමත් තම පාඨමාලා ආරම්භ කර තිබේ. ඒ අනුව ඩිප්ලෝමා පාඨමාලාවේ සිට පශ්චාත් උපාධි අතර වන පාඨමාලා වෙයි.  ආපදා කළමණාකරනය පිළිබඳ  පශ්චාත් උපාධි පාඨමාලාව,පරිසර විද්‍යාව පිළිබඳ  පශ්චාත් උපාධි පාඨමාලාව,  ආදී වූ පාඨමාලාවන් විශාල සංඛ්‍යාවක් වෙයි.  
අන්තර්ජාලයට සම්බන්ද වී මෙම පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව හිමිවීමෙන් කාලය වැය නොකර අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව  ලැබේ. එමෙන්ම අඩු වියදමකින් තමන්ට අවශ්‍යය පාඨමාලාව හැදෑරීමට හැකිවීමත් නිසා මෙය සිසුන් අතර  ඉතා ජනප‍්‍රියවී ඇත. ගුරු කේන්දාීය අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍යයා කේන්දා කර ගත් අධ්‍යාපනය ක‍්‍රමවේදයන් ලෝකයේ ජනප‍්‍රියවීමත් සමින් අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන පාඨමාලාවලට වැඩි ඉල්ලූමක් ලැබෙමින් තිබෙන්නේය. දිනෙන් දින ඉහළ යන  අධ්‍යාපන අවස්ථාවන් මෙන්ම අධ්‍යාපන අවශ්‍යතාවන්සම්පර්ණ නිරීමට මෙය අද හොඳ තෝතැන්නක් බවට පත්ව ඇත. අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන මාර්ගගත අධ්‍යාපන පහසුකම් නිසා තමන්ගේ පාඨමාලාවලට අන්තර්ජාලය ඔස්සේ  ලියාපදිංචි වීමට සිසුන්ට හැකියාව ලැබේ. ඒ පමණක් නොව  අධ්‍යාපනය මෙන්ම විභාග සඳහා මුහුණ දීමට සිදු වන්නේද  අන්තර්ජාලය ඔස්සේය. එහිදී විභාගයට මුහුණ දීමට මෙන්ම අවසන් වූ වහාම ප‍්‍රතිඵල දැන ගැනීමටද හැකියාව ලැබේ.
ශ‍්‍රී ලංකාවේ ද බොහෝ රටවල මෙන් උසස් අධ්‍යාපන පිරිවැය අඩු කර ගැනීම සඳහා  බොහෝ අවස්ථාවන් සඳහා  අන්තර්ජාලය  භාවිතා කෙරේ. ඒ වෙනුවෙන් කැපවූ ආයතනද විශාල සංඛ්‍යාවක්ද බිහි වෙමින් ඇත.(e lerningඊ ඉගෙනුම්  එවැනි වැඩසටහනකි.  
      කෙසේ වෙතත් ලෝකය පුරා උසස් අධ්‍යපනය අන්තර්ාලය සමඟ බැදී ඇත්තේය. අධ්‍යපනයේ නව ඉසව් සොයා යන තාක්ෂණයෙන් සපිරුණු වර්තමානයේ මෙවැනි තත්වයක් තුළ අපට සිතිය හැක්කේ  අනාගත උසස්  අධ්‍යපනය යනු  දේශකයාගෙන් වියුක්ත වූ  අන්තර්ජාලය ගුරුවරයා කර ගත් අධ්‍යපන ක‍්‍රමයක් බවයි.   

   
ආශ‍්‍රිත ග‍්‍රන්ථ
            රාවය, උසස් අධ්‍යාපනයේ ගෝලීය විප්ලවය, 25 ජූලී 2014.
http://si.wikipedia.org/wiki/ අන්තර්ජාලය



පී.ජී ටෂිකා ගයත‍්‍රි
AR/64793

No comments:

Post a Comment