Wednesday, December 31, 2014


ලංකාවේ අන්තර්ජාල පුවත්පත්




     ජනමාධ්‍ය මූලික වශයෙන් ප‍්‍රධාන අංශ දෙකකට බෙදා දැක්විය හැකියඑනම් මුද්‍රිත මාධ්‍ය ^Print media) සහ විද්‍යුත් මාධ්‍ය (Electronic media) මේ අතරින් පුවත්පත දැනුම විනෝදය අවබෝධය අඩංගු තොරතුරු රැසක මුද්‍රිත සංග‍්‍රහයක් ලෙස හැදින්විය හැකි වුවද පුවත්පත යනු කුමක්දැයි නිසි ආකාරව හදුනා ගැනිමට ඒ පිළිබ`ද නිර්වචන විමසිම වැදගත් වේ'
      ඉංගි‍්‍රසි භාෂාවට අනුව පුවත්පත හැදින්වෙන්නේ Newspaper ලෙසයි. ඔක්ස්ෆඞ් ශබ්දකෝෂය Newspaper යන්න නිර්වචනය කර ඇත්තේ පහත අයුරිනි'
 “A printed now usually daily or weekly,publication  containing the news advertisements literary matter and other items and other or public interest” මහජන උනන්දුවක් දක්වන ප‍්‍රවෘත්ති වෙළද දැන්විම් සාහිත්‍ය හා සම්බන්ධ කරුණු හා අනෙකුත් අංශ ඇතුලත්ව දිනපතා හෝ සතිපතා පළ කරන මුද්‍රිත පත‍්‍රය පුවත්පතකි'
හරිස්චන් විජේතුංගයන් පුවත්පත යන්න අර්ථ විවරනය කර ඇත්තේ පහත පරිදිය
අලුත් ආරංචි තොරතුරු ආදි ප‍්‍රවෘත්ති ජනතාවට දැනගැනීමට සැලැස්විම ස`දහා දිනපතා" iතිපතාආදි වශයෙන් නියමිත කාල වකවානුව තුළදී පළකෙරෙන පත‍්‍රය පුවත්පත වේ'

ලංකාවේ පුවත්පත් සම්බන්ධ කටයුතු භාර ප‍්‍රධානම ආයතනය ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයයි'

        1973 සිට අවුරුදු 23ක පමණ කාලයක් ලංකාවේ පුවත්පත් සම්බන්ධයෙන් බලපාන්නේ පුවත්පත් මණ්ඩල පණතය' 1973 පෙබරවාරි මස ජාතික රජ්‍ය සභවේදී සම්මත වී අද දක්වා ක‍්‍රියාත්මක වන 1973 අංක 05 දරණ ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල පණතේ 15 වන පිටුවේ පුවත්පත යන්න අර්ථ විවරණ කර ඇත්තේ 
පුවත් පත යන්න 
    “පොදු පුවත් ආරංචි හෝ සිදුවිම් ඇතුළත් කොට ශ‍්‍රී ලංකාවේ මුද්‍රණය කරනු ලබන හෝ පළකරනු ලබන  යම් පත‍්‍රයක් අදහස් වේ එහෙත් ආණ්ඩුවේ බලය යටතේ මුද්‍රණය කර පළ කරනු ලබන යම් ප‍්‍රකාශනයක දැන්විමක් හෝ වෙනත් රාජ්‍ය ලේඛනයක් හෝ පවත්නා මිල ගණන් ලැයිස්තු හෝ වෙළ`දපලවල තත්වය හෝ වෙළ`ද නැව්වල හෝ යාත‍්‍රා වල පැමිණිම"පිටත් විම හෝ යාත‍්‍රා වලට අදාළ වෙනත් කරුණු පිළිබ`ද විස්තර හෝ වානිජ්‍ය හෝ ඊට සමාන ස්වභාවයේ වෙළ`ද දැන්විම් හෝ ගැසට් පත‍්‍රයෙහි කලින් කල පල කරනු ලැබු දැන්විම් යන මේවා පමණක් අඩංගු යම් ලේඛනයක් එයට ඇතුළත් නොවේ( ^ලියනගේa"1996"12&'
    පුවත්පත යනු ස්වයං අධ්‍යයන මාධ්‍යය" th කියවීමෙන් තොරතුරු දැන ගනීS' එමෙන්ම අවබෝධාත්මක චර්යාවන් හැඩගස්වා ගනු ලබන අවස්:dද එමටය' මේ පිළිබ`ද පුවත්පත කෙරහි පාඨකයා තුළ විශ්වසනීයත්වය ඇති කිරිමට පුවත්පත විසින් කරනු ලබන කාර්යයන් ප‍්‍රධාන වශයෙන් බලපායි˜^රුණානායක2001"13&
    පුවත්පතක වැදගත්ම දේ ප‍්‍රවෘත්තීන්යඑක් අංශයක් කෙරෙහි පක්ෂග‍්‍රාහි නොවි අධ්‍යාපනය විනෝදය හා දැනුම යන සියලු කාරණා කෙරෙහි පාඨකයා තුළ යම් වෙනසක් ඇති කිරිමට පුවත්පත කටයුතු කරයිමේ අනුව ජනතාවගේ චර්යාත්මක වෙනස් කම් ඇති කිරිමට බලපෑම් කල හැකි සුවිශේෂි හැකියාවක් පුවත්පත් මාධ්‍ය සතුවේ'
           ඉහත නිරුක්තීන්ට අනුව පුවත්පත පිළිබ`ද අවබෝධයක් ලද හැකිය' උක්තයේ ස`දහන් කරන ලද පුවත්පත් වර්තමානය වන විට මුøsත මධ්‍ය ඉක්මවා ගොස් ඇත' අනාගතයේ පුවත්පත් මුøsත මධ්‍යයෙන් නිකුත් විමත් එසේ මුøsත පුවත්පත් මිළදි ගැනීමත් අර්බුධකාරි මුහුණුවරක් ගෙන ඇත'සාම්ප‍්‍රදායිකපුවත්පත් හැසිර වූයේ සංස්කරණය කළේ හා බෙදා හැරියේ මධ්‍ය සංස්ථාවන්ය' එහෙත් 20වන සියවසේ අගභාගයේ සහ 21වන සියවසේ මුලදී මෙම ක‍්‍රමය අන්තර්ජාලයේ අභියෝගයට ලක්විණි' මේ අනුව ප‍්‍රවෘත්ති හැසිරවීම ස`දහා අන්තර්ජාලය යොදා ගැනුණි' අන්තර්ජාලයෙන් ක්ෂණිකව පාඨකයන්ට තොරතුරු ලබා ගැනිමට හැකිවියඒ හරහා විමර්ශන පක්ෂග‍්‍රාහි පුවත්පත් මෙන්ම පුද්ගලික සිදුවිම්ද වාර්තා කෙරිණි'

           අන්තර්ජාලකරණයට මුලින්ම බලපෑමක් එල්ල වූයේ 2002 වර්ෂයේදී ඇමරිකා එක්සත්ජනපද සෙනෙට් සභික ටෙරෙන්ට් ලෝට් ට ජාතිවාදී චෝදනා එල්ල විමත් සම`ගය.ලොට්ගේ කතාව පොදු උත්සවයකදී කෙරුනත් එහි විවාදාත්මක කොටස් පිළිබ`ද ප‍්‍රධාන මාධ්‍ය අවධානය යොමු නොකිරිමයි. අන්තර්ජාල වෙබ් අඩවි පමණක් අවධානය යොමු කිරිම හේතුවෙන් බහුතර නායක තනතුරෙන් ඉවත් විමට ඔහුට සිදුවිය'
            පුවත් මැවීමට හැඩ ගැස්වීමට සහ බිදීමට ඇති හැකියාව නිසා 2002 වර්ෂයේ සිට වෙබ් අඩවි ජනතා අවධානය දිනා ගෙන ඇත. ඉරාක යුධ සමයේදී සාම්ප‍්‍රදායික වම දකුණ දෘෂ්ටියෙන් මිදි ඔවුහූ පුවත්පත් ඉදිරිපත් කළහ' ඇතැම් දේශපාලඥයෝද Pන්ද අපේක්ෂකයෝද සිය අදහස් පළ කිරිම ස`දහා වෙබ් අඩවි යොදා ගැනිම හේතුවෙන් ගැඹුරු විශ්ලේෂණ ස`දහා මූලාශ‍්‍රයක් බවට වෙබ් අඩවි පත්ව ඇත' ඉරාක යුද්ධයේ සේවය කළ සොල්දාදුවෝ ද වෙබ් අඩවි නිර්මාණයට පෙළඹිණි' මෙවැනි වෙබ් අඩවි යුද්ධය පිළිබ`ද පරස්පර විරෝධි අදහස් ඉදිරිපත් කර ඇත' අප‍්‍රකට පුවත්වලට  ළංවීමටද ඒවා මූලාශ‍්‍රයක් වී ඇත'
            දියුණු තාක්ෂණය සම`ග අන්තර්ජාලය හරහා සිදුවන  ඕනැම පුවතක් එක් නිමේෂයකින් එක් ක්ෂණයකින් ජනතාව අතට පත්විමේ ඉඩකඩ විවර වෙමින් පවතින නිසා දිනපතා සතිපතා පුවත්පත් නිකුත්වන තුරු බලා සිටිමට අවශ්‍යය නැත'තමන්ට අවශ්‍ය  ඕනෑම පුවතක් තොරතුරක් අන්තර්ජාලයට පිවිසි වහාම දැනගත හැකියමෙකී සේවාව පුවත්පත් මාධ්‍යවේදීන්ට මෙන්ම පුවත්පත් සමා`ගම්වලට දැඩි බලපෑමක් එල්ල කිරිමට අවකාශය සළසාගෙන ඇතවෙළ`දපොලෙන් පත්තරයක් ගෙන කියවන්නා සේ අන්තර්ජාලය හරහා කියවන පත්තර ඉන්ටර්නෙට් පත්තර නම් වේමෙලෙස අන්තර්ජාල ගත කර ඇති ලාංකීක පත්තරද ඒ අතර වේලංකාවේ ඉන්ටනෙට් පත්තරයන්හී ලංකාවේ පුවත්වලට මුල්තැන දීම සිදුවේමේ ස`දහා ප‍්‍රවෘත්ති ලබාගන්නේ ප‍්‍රවෘත්ති ඒජන්සි ම`ගිනි' එකි පුවත් ලංකාවට ගැලපෙන සේ එක්/ස් කොට ඉදිරිපත් කරයි'
           මෙකී සේවාව වෙනම විෂයක් ලෙස දියුණු වී තිබේ' මෙය ඔන්ලයින්ජනලිස්ම් (Online Journalism) වශයෙන් හැදින්වේ' මෙහි කාර්යයේ නියුතුවන් ඔන්ලයින් ජර්නලිස්ට් හෙවත් සක‍්‍රීය පුවත්පත් කලාවේදින් වේ' මෙලෙස හැදින්වීමට හේතුව වූවේ සෑම මොහොතකම ඉන්ටර්නෙට් පත්තරය අලුත් කරමින් සක‍්‍රීයව පවත්වා ගෙන යන්නේය යන අරුතිනිවිවිධ ප‍්‍රවෘත්ති ඒජන්සි හා පුවත්පත් වලින් කෙලින්ම ලබාගත් ප‍්‍රවෘත්ති මෙන්ම තමන් ගේ වාර්තාකරුවන් ම`ගින් ලබාගන්නා පුවත් ඉදිරිපත් කරන ලංකාපේ්ජ් ^www.Lankapage.comහා කලම්බුපේජ් ^www.colombopage.comපුවත්පත් දෙක ලංකාවේ ඉන්ටනෙට් පුවත්පත් යනුවෙන් ඔවුන් හදුන්වා දේa'
         ලංකාව ලෝකයට හ`දුන්වා ලෝකයට සම්බන්ධ කරන ම`ගක් ලෙස ^Global Link to Srilanka යනුවෙන් ලක්බිම පුවත්පත හදුන්වයි' එමෙන්ම ලංකාව ගැන තුලනාත්මක චිත‍්‍රයක් මවාපාන්නට ප‍්‍රවෘත්ති /ස්කර ඉදිරිපත් කරන පුවත් වෙබ් අඩවියක් ලෙස ලංකා වෙබ්  ^www.lankaweb.com) පුවත්පත හදුන්වයි. එකී පුවත්පත දේශීය විදේශීය හැම ප‍්‍රවෘත්ති සේවයකම හා පුවත්පත්වල පළවෙන ලංකාව ගැන තොරතුරු ඉදිරිපත් කරන ඉන්ටනෙට් පුවත්පතකි. මෙකී සෑම පුවත්පතකම මුල්පිටුවෙහි ප‍්‍රවෘත්තිවල ශීර්ෂ පාඨ හා හැදින්වීම් අන්තර්ගත බැවින් දීර්ඝ ලෙස පිටු සැකසේ.

           කුමන ප‍්‍රවෘත්ති ආයතනයකින් හෝ උපුටා නොදක්වමින් තමන්ට ගැළපෙන දිශාවකට ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන ලංකා ටෲත් ^www.lankaworld.com) වෙබ් අඩවිය ප‍්‍රවෘත්ති ලබාගැනිම අතින් ස්වයංපෝෂිත පත්තරයකිමෙකී පුවත්පත අනෙක් අනෙක් ඉන්ටනෙට් පුවත්පත් වලන් වෙනස් වන්නේ එහි වෙළ`දදැනවිීම් හා වෙනත් ආයතන සම්බන්ධකමක් නොපෙන්වා තිබිමයි' අනෙකුත් පුවත්පත් එසේ නොවේ සාමාන්‍ය  පුවත්පත් මෙන් දැන්වීම් විකිනිම මත යාවත්කාලීන නොවේ' පුවත්පත් පාඨකයා හට මෙම සේවාව නොමිලේ ලබා දෙන බැවින් ඒවා පවත්වාගෙන යෑමට විශාල මුදලක් වැය කිරිමට සිදුවේ' එබැවින් ඔවුන් වෙළ`ද දැන්විම් හරහා එකී මුදල උපයා ගැනීමට පෙළඹේ'
           ඉන්ටනෙට් පුවත්පත්ද රේඩියෝ හා රූපවාහිනි චැනල මෙන් වෙළ`ද දැන්විම් වලින් යැපෙමින් පාඨකයින්ට නොමිලේ සේවා සැපයුවත් ප‍්‍රවෘත්ති සැපයීම අතින් වෙනසක් තිබේරූපවාහිනි හෝ රේඩියෝවෙන් ප‍්‍රවෘත්ති දකින්නට wikaaakg —පුවත් ප‍්‍රකාශයට පත් කරන වේලාව පැමිනෙන තුරු බලා සිටිය යුතු වුවත් ඉන්ටනෙට් පත්තර බැලිමට එසේ ම`ගබලා සිටිය යුතු නැත  ඕනෑම මොහොතක පුවත් නැරඹිමේ හැකියව පවත්නා සේම එකීපුවත් යාවත්කාලීන වීම නිසා නැවුම් හා උණුසුම් පුවත් දැන ගැනිමට හැකිවේ' පුවත් සේවාවක් හා ඉන්ටනෙට් පත්තරයක් වෙනස් වන්නේ පුවත්පතකට ගැළපෙන රිද්මයෙන් වෙනස්ව පුවත්පතකට  වෙනස්ව වඩා විස්තර ඇතිව පුවත් හා විශේෂාංග ඉදිරිපත් කිරිමයි' එබැවින් ලංකාවේද එලෙස සිංහල දෙමළ භාෂාවෙන් ඉන්ටනෙට් පුවත්පත් පළවීම ඉතා වැදගත්වේ'
              වර්තමානය වන විට ලංකාවේද බෝහෝ පිරිසක් අන්තර්ජාලය හරහා පුවත්පත් නැරඹිමට යොමු වී ඇතඅන්තර්ජාල පහසුකම් ඇති සිය,q දෙනා මෙන්ම ව්ශ්වවිද්‍යාලීය ප‍්‍රජාවගේ වැඩි දෙනෙකු අන්තර්ජාල පාඨකයින් වී හමාරයS' දිනපතා මුදාිත පුවත්පතක් මිළදී ගැනීමට වැයවන මුදල ඉතිරිකර ගැනීමේ හැකියාව,  ඕනෑම පුවත්පතක් නැරඹිමේ හැකියාව, පරිහරණය පහසුවීමS' .බඩාකර ගැනීමේ පහසුව" අවශ්‍ය වූ විට නැවත නැවත නැරඹිමේ හැකියාව, පුවත්පතක් මිළදී ගැනීමට වැයවන කාලය අවම වීම වැනි වාසී මෙම`ගින් අත්විදිය හැකිය' වර්තමානය වන විට මෙවැනි වාසි මත කාර්යය බහුල ශී‍්‍ර ලාංකිකයන්ද අන්තර්ජාල පුවත්පත් නැරඹීමේ වැඩි ප‍්‍රවණතාවක් දක්වයි' එබැවින් ලංකාවේද අන්තර්ජාල පුවත්පත් ස`දහා වැඩි ඉල්ලුමක් පවතී'
    
ආශ්‍රේය ග‍්‍රන්ථ නාමාවලිය 

අමරසූරිය"පාලිත"පරිගණක කලාපය" ^2005&
කරුණානායක" නන්දන" ^2000& ජන සන්නිවේදන ලිපි සමුච්චය සරස්වති ප‍්‍රකාශන
http://si.wikipedia.org/w/index.php?title=m;a;rl,dj&oldid=195075˜
http://si.wikipedia.org/wiki                                                         
                                                                           

                                                                           AR/64980
                                                                           AF/09/6678
                                                                           M.M C.P.MANATHUNGA




No comments:

Post a Comment