Saturday, December 27, 2014

                          අන්තර්ජාල තාක්‍ෂණය හා සුබැඳි අපරාධ


     මනුෂ්‍ය සන්නිවේදනයේ ප‍්‍රාථමික අවස්ථාව වු ගින්දර සහ ශබ්දයයි.ක‍්‍රමික දියුණුවක් හරහා සන්නිවේදනය පදනම් වූ මාධ්‍යයේ  ඉදිරියට ගමන් කළ මිනිසා පසුකානව  නොයෙක් අභිචාර විධි ද සන්නිවේදනය සඳහා යොදා ගත්හ.සොකරි, කෝලම්, නාඩගම්, තොවිල් ආදිය එ අභිචාර ක‍්‍රම සඳහා නිදසුන් කිහිපයකි.කෙසේ වුව සන්නිවේදනයේ යෝධ පිම්මක් සිදු වන්නේ 2 වන ලෝක යුද්ධයෙන් පසුව බව විද්වත් සමාජය පොදුවේ පිළිගත් මතයයි. සයිලුන් කඩදාසි සොයා ගැනිම ජෝන්  ගුටෙන්බර්ග්, මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගැනිමගූග්ලි එල්මෝ මාර්කෝනි රේඩියෝව සොයා ගැනිම ජෝන් ලොගිබෙයාර්ඞ්  රූපවාහිනිය සොයා ගැනිම සහ ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම්බෙල්  දුරකථනය සොයා ගැනිම  හරහා සන්නිවේදනය අතූපතර විහිදා වැඩෙන මහා වෘක්‍ෂයක් සේ ලොව පුරා මහා පරිමාණයෙන් ව්‍යාප්ත වන්නට විය.මෙම ජනමාධ්‍ය හමුවේ කාලය සහ පරතරය ජයග‍්‍රහණය කිරිමට මට මිනිසාට හැකියාව ලැබීමේ අවසාන ප‍්‍රථිඵලය වූයේ ලෝකය එකම ගම්මානයක් හෙවත් ලොව පුරා විශ්ව ගම්මාන සංකල්පය බිහිවීමයි.අන්තර්ජාලය හෙවත් Internet සකල විශ්වයම ජය ගත් විශාලතම තොරතුරු ගබඩාව වන්නේ ද මේ පසුබිම තුළයි.ස්කයිප්, ෆේස්බුක් , ටුවිටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි නිර්මාණය වන්නේද මේ අන්තර්ජාලය ප‍්‍රමුඛ සම්පත් දායකයා බවට පත් කර ගැනිමෙනි.
         අන්තර්ජාලය සහ ඒ ආශ‍්‍රිතව ගොඩ නැඟූණු සමාජ ජාල වෙබ් අඩවි,
  • තොරතූරු සම්පාදනය කර ගැනිම.    
  • දුර්ලභ කරුණු සපයා ගැනිම.    
  • කාලය ඉතිරිකර ගැ.
 යන පහසුකම් රැසකින් යුක්ත වුව ද එම මාධ්‍ය හරහා සිදු වන සාපරාධී ක‍්‍රියා පිළිබඳ අවධානය යොමු කරන කල අපට පෙනන්නේ අන්තර්ජාලය සමඟ බැඳුණු තාක්‍ෂණය වෙස් වලා ගත් යක්ෂයෙකු වන බවයි.විශේෂයෙන් ම ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා සිදුවන නොයෙක් සාපරාධී ක‍්‍රියා ඒ අතර ප‍්‍රමුඛ වෙයි.
    වර්තමානය වන විට ළමා හා කාන්තා අපයෝජන බොහෝ ප‍්‍රමාණයක් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් මුහුණු පොත් සැරිසරන්නන් හරහා සිදු වෙයි.මොවුන් අතරින් ඇතැමුන් තමන් ගේ යාරූප භාවිතා නොකොට වෙනත් අය ගේ යාරූප භාවිත කරන අතර ඇතැම් අය සමාජයේ වෙසෙන කෝටිපතියන්,නළු නිළියන් සහ රජයේ උසස් නිලධරයින් වශයෙන් සිටින පුද්ගලයෝ වෙති.එමෙන් ම ඔවුහු මවා ගත් සමාජ තත්ත්වය තමා කෙරෙහි අන් අය ගේ ආකර්ෂණය දිනා ගැනිමට භාවිතා කරනවා පමණක් නොව අනුකම්පාව සහ විශ්වාසය දිනා ගැන්ට ද නොයෙක් උපක‍්‍රම අනුගමනය කරති.


    විශේෂයෙන් ම කාන්තා පාර්ශවය මොවුන් ගේ ප‍්‍රධාන ඉලක්කය බවට පත් වී ඇත. කාන්තා පාර්ශවයේ අවධානය දිනා ගැන්ට ඔවුහු විවිධ උපක‍්‍ර‍්‍රම භාවිත කරති.තමා කුඩා කල සිට ම මව පියා නොමැතිව ඉතා අසරණ ලෙස ජවත් වූ බව පැවසම,තමා ගේ ප‍්‍රථම පේ‍්‍රමය බිඳ වැටීම නිසා බෙහෙවින් දුකට පත් වී සිටින බව ප‍්‍රකාශ කිම ඒ අතර සුලබ වේ.කාන්තාවන් ගේ විශ්වාසය දිනා ගැනිම සඳහා ද මෙබඳු පුද්ගලයෝ නොයෙක් උපක‍්‍රම භාවිතා කරති.අධ්‍යාපනය ලබන තරුණියන් ට නම් ඔවුන් ගේ ඉගෙනුම් කටයුතූ වලට උපකාර කිරි ,තරුණියන් ගේ දෙමව්පියන් සමඟ පවා කතා බහ කිරිඉන් කිහිපයකි.මීට අමතරව අන්තර්ජාල අපරාධකරුවෝ කාන්තා විශ්වාසය දිනා ගැනි සඳහා තවත් ජනප‍්‍රිය උපක‍්‍රමයක් යොදා ගනිති.එනම් ඔවුන් කුඩා කල සිටම ඉතාමත් වෙහෙස මහන්සි වී ගොඩනඟා ගත් ව්‍යාපාරයක් පවතින බව පවසා ඔවුන් සතු වත්කම් පිළිබඳ වර්ණනාත්මක මුඛයෙන්  කතා කිරි යි. 

    මෙලෙසින් බවලතුන් සිය වසඟයට ගන්නා මෙම වටිලිකාරයෝ සත් ගුණවත් ලෙස හැසිරෙමින් කතුන්ට පේ‍්‍රමාරාධනා ඉදිරිපත් කරති.ඒ වන විට තරුණියෝ ද ඔවුන් ගේ සැබෑ මුහුණට මුවා වූ වෙස් මුහුණට රැවටී ඇති බැවින් කිසිඳු පැකිලමකින් තොරව ම ඔවුන් ගේ පේ‍්‍රම දැලේ පැටලෙති.මුහුණු පොතේ සැරිසරමින් පෙම් බස් තෙපලන මේ සත්‍ය පේ‍්‍රම භෘංගරාජයින් මීළඟට යොමු වන්නේ ස්කයිප් Skype වෙතටයි.මුහුණු පොතින් දැන හඳුනාගත් තම පෙම්වතිය දැක ගැනිට අවැසි බව පවසන කාමාතුරයින් මේ සැරසෙන්නේ කාන්තාවන් ගේ නිරුවත දැක ගැනිටයි.තම ආදරවන්තයා ගේ සිත රිදවීමට නොහැකි බැවින් තරුණියෝ ද අකමැත්තෙන් වුව ඔවුන් ඉදිරියේ තමුන් ගේ හිරි ඔතප් බිඳ ගනිති.ඛේදවාචකය ඇරඹෙන්නේ ඉන් අනතූරුවයි.Skype තාක්‍ෂණය ඔස්සේ කතුන් ප‍්‍රදර්ශනය කළ නිරුවතෙහි යාරූප සහ වීඩියෝ පට යොදා ගනිමින් ඒවා අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් ලිංගික අල්ලස් ගැනි එහි ශෝචනිය ම තත්ත්වයයි.එතැන් පටන් පෙම්වතා තුළ සැඟවී සිටි කාමාතුරයා ගේ රූකඩයක් වන පෙම්වතිය නන්නාඳුනන පිරිමින් ගේ පවා කාම ආශා සංතර්පනය කරනා කාගෙත් සුන්දරියක් වන්නේ ඔහුට හොඳ ආදායම් මාර්ගයක් ද උරුම කරමිනි.මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් තරුණියෝ සමපාතික සමාජයේ බොහෝ වෙති.මේ ඔවුන් අතරින් එක් අයෙකූ ගේ කතාවයි,


    ”මම නිලූෂි.මගේ අම්මයි තාත්තයි දෙන්නම පෞද්ගලික ආයතන දෙකක වැඩ කළේ.මට ඉන්නේ එක මල්ලි කෙනෙක් විතරයි.මම පුංචි කාලේ ඉඳලා දහම් පාසල් ගිහින් ලැජ්ජ බය ඇතූව හැදුණු ගෑනු ළමයෙක්.ඉස්කෝලෙ විනය කණ්ඩායමෙත් නායිකාව වුණේ මම.මං වානිජ අංශයෙන් උසස් පෙළ කළේ.විභාගය හොඳට පාස් වුණා.ඒ හින්දා අම්මලා ලැප්ටොප් එකක් අරගෙන දුන්නා. අම්මයි,තාත්තයි හැමදාම වැඩට ගියා.මල්ලි ඉස්කෝලෙ ගියා.මම තනියම ගෙදර හිටියේ. ඉස්කෝලෙන් අස් වුණාට පස්සේ ගෙදර තනියම න්න ලොකූ පාළුවක් දැනෙනවා.ඒ නිසා මම පරිගණකය මගේ යාලූවා කර ගත්තා.ගෙදර හැමෝම ගියාට පස්සේ මම ෆිල්ම් බැලුවා.මට ෆේස්බුක් ගිණුමක් තිබුණා.ඒකෙන් යාළුවොත් එක්ක චැට් කළා.කාලය ගෙවල දැම්මේ ඒ විදිහට.

     දවසක් මම යාළුවොත් එක්ක චැට් කර කර
 
න්න විට මගේ FB එකට පිරිමි ළමයෙක් රික්වෙස්ට් එකක් දැම්මා.මුලින්ම මම එයාව FB එකට එකතු කර ගත්තේ නෑ.මම එයාගේ FB එකට ගිහින් බැලුවා.ඇත්තටම එයාගේ FB එකේ නරක කිසිම දෙයක් තිබුණෙ නෑ.එයා ලස්සනට ඞීසන්ට් විදිහට ඇඳගෙන ගත්ත පින්තූර තිබුණා.ඒ නිසා මම එයාව මගෙ FB එකට ඇඞ්කර ගත්තා.

    මුලින්ම එයා මට කතා කළේ යාළුවෙක් වගේ.පස්සේ එයා එයා ගේ දුක හිතෙන කතාවක් කිව්වා. එයා ගේ අම්මා එයාව පුංචි කාලේ දාලා ගියාලු.එයාට ගෙදරින් ආදරයක් ලැබිලා නෑ.ඉස්කෝලෙ ය ගෑනු ළමයෙකූට ආදරය කළාලු.ඒ දැන දැනම හොඳම යාළුවා ඒ ගෑනු ළමයව යාළු කර ගත්තලු.එයාට කවදාවත් කාගෙවත් ආදරයක් අනුකම්පාවක් ලැබිල නෑලු.ඒ කතාව අහගෙන හිටපු මට එයා ගැන ගොඩක් දුක හිතූනා.ඒ නිසා මම එයා ගේ හිත රිදෙන විදිහේ කිසිම දෙයක් කිව්වේ නෑ.හැමදාම එයා මාත් එක්ක  FB එකෙන් චැට් කළා.එයා මොන දේ කළත් ඒ හැමදේම මට කියන්න පුරුදු වුුුණා.දවසක් එයා මගේ ෆෝන් නම්බර් එක ඉල්ලුවා.ඒක දෙන්න අකමැති වුණත් මට එයා ගැන දුක හිතුණු නිසා ඒක දුන්නා.පස්සේ එයා මාත් එක්ක නිතර නිතර කතා කළා.මං එයාව කවදාවත් සැක කළේ නෑ.කාලයක් ය විට අපි ආදරවන්තයෝ වුණා.කෙල්ලෙක් ගේ කුළුඳුල් ආදරේ හරි ලස්සනයි.ඒ ආදරේ ඇතුළෙ තියෙන ප‍්‍රාර්ථනා ගොඩක් සුන්දරයි.මමත් ඒ වගේ ලස්සන   ලෝකයක තනිවුණා.එයා මට මගේ ලෝකයම වුණා.එයාගේ කටහඬ අහන්නැතුව ඉන්න බැරිවුණා.ඒ නිසා අපි දෙන්නා ලැබෙන හැම අවස්ථාවකදිම කතා කළා.


    දවසක් එයා මට කිව්වා ස්කයිප් එන්න එයාට මාව බලන්න ආසයි කියලා.මටත් එයාව බලන්න  ඕනෑ වුණා.ඒ නිසා ගෙදර කවුරුත් නැති වෙලාවට එයත් එක්ක ස්කයිප් කතා කරන්න මං පුරුදු වුණා.ඒ ආදරේට දවසින් දවස මම පිස්සියෙක් වගේ ආදරේ කළා.ඒ නිසා එයා කියන හැමදේම කළා.එයා ආදරේ ආදරේ කියලා මාව රැවට්ටුවා.එක දවසක් එයගේ කිමට මම ස්කයිප් එක ඉස්සරහ ........... එයාට පේන විදිහට හිටියා.ඒ තමයි මගේ මූසලම දවස.මම ගොඩක්  ලැජ්ජාවෙන් එයා කියන දේ කළේ.ටික දවසකින් එයා වෙනස් වුණා.මට ආදරය කරනවා කියපු,මාව ආරක්‍ෂා කරනවා කියපු එයා ෆොටෝ අන්තර්ජාලයට දානවා කියලා මාව බය කරලා හෝටල්වලට ගෙන්න ගත්තා.

    මම වැදගත් පවුලක කෙනෙක්.පව ගැන මම ඉගෙන ගෙන තියෙනවා.ඒත් මම වරද්දා ගත්තා.මගේ හිත නිතරම කිව්වා මම කරන්නේ වැරැද්දක් කියලා.ඒ මිනිහා වල් මිනිහෙක් කියලා මට තේරුණා.ඒ හැමදේම තේරුම් ගන්න විට මම පරක්කු වැඩියි.මම කරපු ලොකුම මෝඩකම ඉන්නේ කොහෙද, කාගේ කවුද, කරන්නේ මොනවද කියලා නොදන්න මනුස්සයෙක්ව විශ්වාස කරපු එක.ගෑනු ළමයෙක් රැක ගත යුතුම දේවල් නැති කර ගත්ත එක.ඒ ආදරයට මුලා වෙච්ච මම  අන්තර්ජාලයේ තියෙන භයානකකම ගැන හිතුවේ නෑ.අද මම ඒ ගැන දස දහස් වතාවක් පසුතැවිලි වෙනවා.” 

    අන්තර්ජාලයේ පළ වන නොයෙක් දැන්වීම් නිසාවෙන් විවිධ කරදරවලට මැදි වූ බොහෝ තරුණ තරුණියෝ ද වෙති.නළුවෙක්, නිළියක් හෝ නිරූපණ ශිල්පියෙක්, ශිල්පිනියක් වීමට තරුණ පිරිස් සිහින දකිති.එබැවින් එ
ක් ආශාව ඉටු කර ගැනිමෙහිලා  ඕනෑම ආකාරයකින් කටයුතු කිරිමෙහිලා ද ඔවුහු පෙළඹෙති.පසුගිය කාල වකවානුවේ ද අන්තර්ජාලය සහ ෆේස්බුක් ආදියෙහි ව්‍යාජ සේවා කොතෙකුත් තිබුණ ද ඒ සියල්ල දැන දැනත් අදටත් රැවටෙන පිරිස් සමාජ යේ වෙති.ඔවුහු ”අප ගේ දැන්වීම්කරණ ආයතනයට ආධුනික නිරූපණ ශිල්පින් අවශ්‍ය කර තිබෙයි.”යන දැන්වීම දුටු වහාම එම ආයතනවල ව්‍යාජ අව්‍යාජ බව කිසිඳු තැකිමකට ලක් නොකොට ආයතන මඟින් ප‍්‍රකාශ කර ඇති ආකාරයට තම පෞද්ගලික තොරතුරු සහ ඡයාරූප අන්තර්ජාලයට නිකුත් කිරිම සිදු කරයි.එහෙත් තමා ගේ ඡයාරූප යවන්නේ කාට ද? කුමක් සඳහා ද? යන්න පිළිබඳ ව ඔවුහු සොයා නොබලන්නේ නළුවෙක්, නිළියක් වීමේ අත්‍යවශ්‍යතාව ඒ සියල්ල අභිබවා නැඟ සිටීම නිසාවෙනි.මෙම තත්ත්වය නිසාවෙන් ම මෑත කාලයේ  එක්තරා පුවත්පතක් විශ්වවිද්‍යල ආචාර්යවරයෙකු ගේ මඟ පෙන්වීම මත මෙබඳු ව්‍යාජ දැන්වීම්වලට රැවටී කටයුතු කරනා පිරිස් පිළිබඳව පර්යේෂණයක් කර තිබෙයි.
  
        එහි
ඔවුන් සිදු කර ඇත්තේ නොමිලයේ අන්තර්ජාල ලුහුඬු දැන්වීම් පළකිරිම ට ඉඩ ඇති ලුහුඬු දැන්වීම් පළකරන වෙබ් අඩවියක ව්‍යාජ ආයතනයක නමකින් ‘නිරූපණ ශිල්පිනියන් අවශ්‍යව තිබෙයි.ඉහළ වැටුප් සහ අමතර රැකියාවක්’ ලෙස නොමිලයේ දැන්වීමක් පළකිරිමයි.ඒ සඳහා කැමති අයට තම තොරතුරු සහ ඡයාරූප එවන ලෙස නොමිලයේ සාදාගත් ප‍්‍රමුඛ සෙවුම් අඩවියක විද්යුත් ලිපිනයක් ද පළකර ඇත. දැන්වීම පළකර පැය 24 ක් ගත වන විට තරුණියන් දෙදෙනෙකු එයට තම  දත්ත සහ ඡයාරූප එවා තිබුණි.ඊළඟ දිනයේ ද එක් තරුණියක් පමණක් ආයතනය පිළිබඳ විස්තර විමසා පණිවුඩයක් එවා තිබූ අතර මෙම ආයතනය අගනුවර ප‍්‍රමුඛ ආයතනයක් බව පැවසිමෙන් ම සෑමට පත් වූ ඇය තමා ගේ ඡයාරූප ද එවා ඇත.එලෙස ම ඔවුන් ගේ මුහුණු පොතේ ලිපින ඉල්ලූ විගස කිසිඳු විමසිමකින් තොරව ඒවා ද එවා ඇත. නොමිලයේ පළ කළ මෙම දැන්වීම දින 7 කින් අවසන් වන හෙයින් අවසන් දිනවල ද වත් පොහොසත්කම් ඇති තරුණියන් ද ඡයාරූප එවා ඇත.එසේම වෙනස් වෙනස් ශෛලිවලට අනුව ගන්නා ලද ඡයාරූප එවන ලෙස පැවසූ විට ඒවාට ද ක්‍ෂණික පිළිතුරු ලැබී ඇත.අදාළ දින 7 ඇතුළත තරුණියන් 11 දෙනෙකු සහ තරුණයන් තිදෙනෙකු ද ඡයාරූප එවා තිබුණි.එහෙත් තමා තමා ගේ ඡයාරූප යැව්වේ කාට ද? ඔවුන් සිටින්නේ කොහි ද? මෙය සත්‍යක් දැයි ඔවුන් කිසිවෙකු විමසූවේ නැත.

    මෙය එක්තරා සමීක්‍ෂණයක් පමණි.එහෙත් මීටත් එහා රැවටෙන තරුණියෝ ද නැතුවා නොවෙයි.ඉන් නොනැවතුණු මෙම පුවත් පත් ආයතනය ද එලෙස අන්තර්ජාලයේ නොමිලයේ පළකර ඇති දැන්වීම්වලට පිළිතුරු යවා ඔවුන් ගේ තොරතුරු, වෙබ් අඩවි, සම්න්ධවීමට ක‍්‍රම ඉල්ලූ නමුත් ඒවාට පිළිතුරු මට අපොහොසත් වී ඇත.ඇතැම් ආයතන ඉතා පහත් අන්දමේ යෝජනා ඉදිරිපත් කර තිබුණි.ඔවුන් මෙලෙස දැන්වීම් පළකර කිබුණේ ඡයාරූප එවන තරුණියන්ට ඊළගට ඡයාරූප ගැනිම Photo Shoot අවශ්‍ය බව පවසා අසවල් ස්ථානවලට හැකි නම් තනිව එන ලෙස දැන්වා ඇත.ඒ එන විට නිදසුන් වශයෙන් එවා තිබුණු අඩ නිරුවත් ඇඳුම් රැගෙන එන ලෙස දැන්වීය.ඡයාරූප ගන්නා ඡයාරූප ශිල්පින්  ප‍්‍රධාන කාන්තා සඟරාවල ඡයාරූප ශිල්පින්  වන බැවින් සුදුසු පරිදි කටයුතු කරන ලෙස ව්‍යංගයෙන් දන්වා ඇත්තේ ලිංගික අල්ලස් වැනි අසභ්‍ය ක‍්‍රියාවලට තරුණියන් යොමු කරවා ගැනිටයි.මෙවැන් වංචනික ක‍්‍රියාවලින් වැළැක සිටීම සඳහා සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි,
  •  කිසිම අවස්ථාවක යම් තත්ත්වයක් තිබෙන ආයතනයක් ඔවුන් ගේ දැන්වීම් මෙලෙස බාල කර පළ    නොකරයි.
  •  මෙබඳු දැන්වීමක් දුටු වහාම එයට අයදුම් කරන්න ට ප‍්‍රථම එම ආයතනය පිළිබඳ විස්තර සොයා ගත        යුතුයි.
  •  එවැන් සෑම ප‍්‍රසිද්ධ සහ සත්‍ය ආයතනයකට තමන්ට ම කියා වෙබ් අඩවියක් තිබෙන බැවින් එය        ලබා ගත යුතුයි.
  •  ආයතනයේ සහතික මොනවාදැයි සොයා බැලිය යුතුයි.
  •  මීට පෙර දායකත්වය සැපයූ  දැන්වීම් මොනවාදැයි විමසිය යුතුයි.
  •  අවම වශයෙන් ස්ථාවර දුරකථන අංකයක් ඉල්ලාගෙන එයට කතා කර බැලිය යුතුයි.

       මෙපමණක් ද නොව නොයෙක් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයෝ තරුණියන් ලෙස තරුණයන්ව රවටා පෙම් බස් දොඩා අවසන මුදල් Mobile Cash  ක‍්‍රමය ඔස්සේ ලබා ගත් අවස්ථා ද දුර්ලභ නොවෙයි.අනතර්ජාලය අනිසි ලෙස පරිහරිහරණය කිමෙන් ජාති, ආගම් කුල මල භේදකින් තොරව පුද්ලයින් අපහසුතාවයට පත් වන ආකාරය මෙසේ දැක්වීමට හැකි අතර ඒ සියල්ල සලකා බලන කල්හි  යන්නේ අන්තර්ජාලය පදනම් කර ගත් සමාජ ජාල වෙබ් අඩවි Face Book  හරහා සාපරාධී ක‍්‍රියා බොහොමයක් සිදු වන බවයි.



     Face Book  යනු මිතුරු හවුල් පවත්වාගෙන යාම සඳහා සකස් කෙරුණු විදේශීය වෙබ් අඩවියකි.මෙම වෙබ් අඩවියට නම, වයස, උපන් දිනය, දුරකථන අංකය, රුචි අරුචිකම්, ඡයාරූප අතිශ්‍ය පෞද්ගලික තොරතුරු ඇතුළත් කර එහි සාමාජිකත්වය ලබාගත හැකිය.අනතුරුව ලබාදෙන මුරපදය තමා ගේ දුරකථන අංකය හෝ විද්යුත් ලිපිනය සමඟ යෙමෙන්  ඕනෑම වෙලාවක එම වෙබ් අඩවියට පිවිසිය හැකිය.මෙය Face Book   හි සාමාන්‍ය ස්වරූපය යි.
  •     වෙනත් අයෙකු ලෙස පෙනි සිටීම.
  •     වෙනත් පුද්ගලයන් ගේ තොරතුරු ප‍්‍රචාරය.
  •     තොරතුරු විකෘති කිරම 
  •     තොරතුරු සොරකම් කිරම.

      සමපාතිකාව වන විට
Face Book  හි පවතින විසඳුම් රහිත ගැටලූ තත්ත්වය යි.මෙය කෙතරම් ද යත්Face Book  නිර්මාතෘ Mark Zuckerberg ගේ Face Book  ගිණුම ද  hack කර තිබුණි.තවමත් විසඳුම් නොමැති මෙම තත්ත්වය අවම කර ගැනිම සඳහාත්,තම පෞද්ගලික තොරතුරු අනවශ්‍ය පුද්ගලයන් අතට පත් වීමෙන් ආරක්‍ෂාවීම සඳහාත් අනුගමනය කළ හැකි පියවර කිහිවර කිහිපයකි,
  •     තමා ගේ අතිශ්‍ය පෞද්ගලික තොරතුරු සහ ඡයාරූප ඇතුළත් නො කිරම.
  •     තමා තනිවම සිටින ඡුායාරූප පළ නො කිරම.
  •     අනවශ්‍ය පුද්ගලයන් ම්තුරු, මිතුරියන් ලෙස එක් කර නො ගැනි.
  •      තමා ගේ ගිණුම අනවශ්‍ය පුද්ගලයන් ට නැරඹීම ට නොහැකි වන ලෙසට සැලසුම් කිරම. 
  •     අනවශ්‍ය, නන්නාඳුනන පුද්ගලයන් ගේ ඡයාරූප සහ පණිවුඩ නැරඹීමෙන් වැළකිම.
එමෙන් ම අන්තර්ජාල භාවිතයේ  පොදුවේ අනුගමනය කළ යුතු වැදගත් කරුණු කිහිපයකි.එනම්,

  •  අනුමාන කළ නොහැකි සංකිර්ණ මුරපද යෙදම. 
  •  මුරපද සති දෙකකට වරක් මාරු කිරම. 
  •  වෙනත් අයගේ පරිඝණක මඟින් අන්තර්ජාල ගිණුම් වෙත පිවිසමෙන් වැළකිම. 

           මෙ වැනි ක‍්‍රියා මාර්ග අනුගමනයෙන් සහ මේ සඳහා සුදුසුම උපදේශනය වශයෙන් Face Book සමාජ ජාල වෙබ් අඩවියෙහි සහ ගිවිසුම් මාලාව අනුගමනය  කළ හැකිය.එයwww.facebook.com/policies  වශයෙන් දැක්විය හැකිය.
        
      මීට අමතරව ගත් කල ඔබ අන්තර්ජාලය ට පිවිසීම සඳහා භාවිත කරන ඔබ ගේ පරිඝණකය සහ ජංගම දුරකතනය ආදී උපකරණ මඟින් බාහිර පුද්ගලයක් ට අන්තර්ජාල අපරාධ සිදු කිරීම ට ඉඩ කඩ නොලැබෙන ආකාරය ට කටයුතු කිරීමට සැලකිපිමත් විය යුතුය.ඒ සඳහා,

පරිඝණකයක් භාවිතයේ දී පිළිපැදිය යුතු උපදෙස්

  • සෑම අවස්ථාවකම ඔබ ගේ පරිඝණකයේ නීත්‍යනුකූල මෙහෙයුම් පද්ධතියක් (Operating system) ස්ථාපනය කරන්න. 
  • මෙහෙයුම් පද්ධතිය නිරන්තරයෙන් යාවත්කාලීන (Updarte) කරන්න.
  • නීතයනුකූල ප‍්‍රතිවයිරස(Antivirus) මෘදුකාංගයක් භාවිත කරන්න.
  • එම ප‍්‍රතිවයිරස මෘදුකාංගයක් ද නිරන්තරයෙන් යාවත්කාලීන කරන්න.
  • ඔබ අන්තර්ජාලය නිරතුරුවම භාවිත කරන්නෙක් නම් අන්තර්ජාල සුරැුකුම් (internet security) මෘදුකාංගයක් ස්ථාපනය කරන්න.නැතහොත් අන්තර්ජාල ආරක්‍ෂාව සහිත ප‍්‍රතිවයිරස මෘදුකාංගය පැකේජයක් (Antivirus Software Pakage) භාවිතා කරන්න.
  • තමන් ගේ එදිනෙදා කටයුතුවලට අත්‍යවශ්‍ය මෘදුකාංග පමණක් භාවිතා කරන්න.
  • සැමවිටක ම නීත්‍යනුකූල (Non pirated) යෙදවුම් මෘදුකාංග(Application Software) භාවිත කරන්න.
  • සැකකටයුතු හෝ අන්තර්ජාලයේ නොමිලේ ලබා දෙන මෘදුකාංග (Software) නිිසි පරීක්‍ෂාවකින් තොරව ස්ථාපනය කිරීමෙන් වළකින්න.
  • අන් අයෙකු සතු (CD, DVD, Pen drive) ඔබ ගේ පර්ඝණකය ට ඇතතුළත් කරන්නේ නම් ඒවා විවෘත (Open) කිරීම ට පෙර ප‍්‍රතිවයිරස මෘදුකාංගයෙන් පරීක්‍ෂා කිරීමෙන් (Scan from antivirus)  පසුව පමණක් විවෘත (Open) කරන්න.
  • ඔබ අන්තර්ජාල යේ සැරිසරන විට ඔබ ගේ අනුදැනුමකික් තොරව පැමිණෙන දැන්වීම් වෙබ් පිටු සහ වෙනත් කරදරකාරී පණිවුඩ (Pop ups)  කිසිවකට ප‍්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. ඒවා ඔබ ගේ  එකෙන් හැකි නම් අවහිර Internet security tool කරන්න
  • සැමවිට ම පරිඝණකය භාවිත කිරීම ට සාමාන්‍ය ගිණුමක් (General Uer account) භාවිතා කරන්න. මෘදුකාංග ස්ථාපනය ට පමණක් පාලක ගිණුම (Administrtore) භාවිතා කරන්න.
  • ඔබ ගේ පරිඝණකය වෙනත් පුද්ගලයන් සමඟ හවුලේ පාවිච්චි කරන්නේ නම් එම පුද්ගලයන් ටද සාමාන්‍ය ගිණුම් සකස් කර දෙන්න.
  • ඔබ පරිඝණකය කිසියම් නඩත්තු සහ අලූත්වැඩියා කටයුත්තක් සඳහා පරිඝණක අලෙවිසැලක ට භාර දෙන විට විශ්වාසනාවන්ත ස්ථානයක ට භාර දෙන්න.
  • ඔබ ගේ පරිඝණකය තාවකාලීකව වෙනත් අයෙකුට භාවිතය ට ලබා දෙන්නේ නම් එහි ඇත් ශබ ගේ සියලූ රහසිගත තොරතුරු නැවත ලබා ගත කොහැක් අයුරින් මකා දමා හෝ ආරක්‍ෂිත උපක‍්‍රම භාවිතා කර ඒවා සඟවා ලබා දෙන්න. 

ජංගම දුරකථනයක් භාවිතයේ දී පිළිපැදිය යුතු උපදෙස්

  • සමාජජාල වෙබ් අඩවිවලට හෝ විද්‍යුත් තැපැල් ගිණුම්වල (facebook, email) මුරපද මතක තබා ගැනීම සඳහා ජංගම දුරකථන යේ සටහන් කිරීම නොකළ යුතුයි.
  • භාවිතා කළ ජංගම දුරකථනයක් අළෙව් කිරීමේ දී එය Reset කිරිම හෝ Factory Defalt තත්ත්වය ට ලත් කළ යුතුය.පින්තූර වීඩියෝ දර්ශන කෙටිපණිවිඩ මකා දැමීම කිසිසේත් ප‍්‍රමාණවත් නොවේ.  තත්ත්වය ට Factory Defalt දුරකථනය පත් කිරීම මඟින් එය නිෂ්mදන කළ විගසම පැවති තත්ත්වයට පත් කළ හැකිය.
  • මතක ගබඩවක් (Memory Chip) ;sfì නම් එය අලෙවි කිරීම නුසුදුසුය.
  • ජංගම දුරකථන යේ Bluetooth, Wifi නිතරම අනවශ්‍ය ලෙස සක‍්‍රීය කර තැබිම සුදුසු නැත.
  •  ඔබ ගේ ස්මාර්ට් ජංගම දුරකථනය (Smart Phone) ට APPS ස්ථාපනය කරන විට විශ්වාස ඒවා පමණක් ස්ථාපනය කළ යුතුය.යම් විටෙක ඔබ ස්ථාපනය කරනලද මෘදුකාංගයකින් එයට අදාළ නොවන ඔබ ගේ email හෝ සමාජජාලවල මුරපද (Password) විමසයි නම් එය ව්‍යාජ මෘදුකාංගයක් වීමේ හැකියාව ඇත.
මෙබඳු ආකාරයේ උපදෙස් පිළිපදින්නේ නම් අන්තර්ජාලය සහ අන්තර්ජාලය සමඟින් බැඳුණු Face Book, Skype, Twitter  හරහා සිදු වන අකටයුතුකම් බොහොමයක් වළක්වා ගැන’මට හැකියාව ලැබෙණු ඇත.

ආශ්‍රේය ග‍්‍රන්ථ නාමාවලිය

01. හේරත්, කුමාරි, පරිඝණකයෙන් වරද්දා ගත් යුවතියෝ, රසවිත, ලංකාදප ඉරිදා සංග‍්‍රහය, විජය නිවුස් පේපර්ස් ලිමිටඞ්, කොළඹ, 2014.10.19/ 2014.11.30/ 2014.12.07

02. රන්ශාන්, ප‍්‍රනාන්දු, සමීර, අන්තර්ජාලයේ දැන්වීම්වලින් අමාරුවේ වැටුණු තරුණියෝ, රසවිත, ලංකාදප ඉරිදා සංග‍්‍රහය, විජය නිවුස් පේපර්ස් ලිමිටඞ්, කොළඹ, 2014.9.21

                                                                                                                  ප‍්‍රමිලා ධනංජනී ජයසිංහ
                                                                                                                           AR/ 64729



No comments:

Post a Comment