Monday, December 29, 2014

                                        
                  Blog

 
                                         වර්තමානයේ  දී බහුල වශයෙන් භාවිතා කරනු ලබන වෙබ් අඩවි විශේෂයක් ලෙස බ්ලොග් ye`oskaúh හැකි ය. මෙය සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබන වෙබ් අඩවියකට සමාන වන අතර බ්ලොග් එකකටද සාමාන්‍ය වෙබ් අඩවියකට මෙන් ඊටම අයත් වෙබ් ලිපිනයක් (url)  ඇත. කිසියම් හෝ පුද්ගලයකු විසින් බ්ලොග් එකක් සාදා ගෙන අන්තර්ජාලයට එක් කළවිට එය වෙතද සාමාන්‍ය වෙබ් අඩවියක් වෙත පිවිසෙන අයුරින්ම පිවිසිය හැකි ය. මෙය බොහෝ විට තනි පුද්ගලයකු විසින් පවත්වාගෙන යන අතර ඇතැම් අවස්ථාවල දී කණ්ඩායම් වශයෙන් පවත්වාගෙන යනු ලබන බ්ලොග් ද ඇත.
                                       බ්ලොග් හෙවත් වියුණු සටහන යනු යම් පුද්ගලයකු විසින් තමන්ගෙ අදහස්,නොයෙක් මතවාද ප‍්‍රසිද්ධ කිරීම  i`oyd පවත්වාගෙන යනු ලබන සරල වෙබ් අඩවියකී. (විජය පරිගනක i`.rdj"3 ms & 'මෙය කල් ඇතිව සැකසු වෙබ් අඩවි රාමුවක් වන අතර තමන්ගෙ නමට බ්ලොග් අඩවියක් නොමිලයේ ලියාපදිංචි කල හැකිය.පසුව කල යුත්තේ පූර්වයෙන් සැකසු රාමුවට තමන්ට එක් කිරීමට අවශ්‍ය තොරතුරු,වීඩියෝ,පිංතූර, we;=<;a  කිරීමය. (http://www.maathalan.blogspot.com)    
                                          මෙම  Blog යන වචනය නිර්මාණය වී ඇත්තේ Weblog   යන වචනය මුල් කර ගනිමින් ය. මෙම වෙබ්ලොග්   (Web log) ආරම්භ කරන ලද්දේ ජෝන් බර්ගර් විසින් වන අතර පීටර් මර්හෝල්ස් විසින් එය ”වී බ්ලොග් ” (Web log)   කලේය. ඉවාන්  විලියම්ස් එය බ්ලොග් (Blog) ලෙස වෙනස් කළේය     '(http://www.maathalan.blogspot.com)
                                       බ්ලොග් හෙවත් වියුණු සටහනක් තුළ අදහස් ,තොරතුරු,ඉදිරිපත් කළ යුතු විෂය සීමාවක් හෝ මාතෘකාවක් නොමැත. තමන් කැමති මාතෘකාවක් පිළිබද සිය අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවති . බ්ලොග් තුළ පවතින මෙම නිදහස බ්ලොග් වඩාත් ජනපි‍්‍රය වීමට ද ඉවහල් විය. මෙකී නිදහස හේතුවෙන් වර්තමානය වන විට අන්තර්ජාලය තුළ පවතින බ්ලොග්  (Blog) ප‍්‍රමාණය ඉහළ ගොස් තිබේ. පුවත්පත් ,රූපවාහිනි ,ගුවන් විදුලිය යනාදි මාධ්‍යයන්හි මෙලෙස තමන්ට රිසිසේ අදහස් ඉදිරිපත් කිරීමේ නිදහසක් නොමැත.
                                      බ්ලොග් නිරන්තරයෙන් අලූත් වන මාධ්‍යකි. බ්ලොග් තුළට ඇතුළත් කරනු ලබන තොරතුරු නිතිපතා අලූත් කිරීම සිදු කළ යුතුය. බ්ලොග් තුළ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයක් ලෙස, තමන් ඉදිරිපත් කරනු ලබන අදහස් වෙනුවෙන් වෙනත් අයට ඒ ඒ අයගේ මතිමතාන්තර :(comment) ඉදිරිපත් කිරීමට ඇති හැකියාව දැක්විය හැකි ය. එම අදහස් ද (comment)එම වෙබ් අඩවියේම ප‍්‍රසිද්ධ කෙරේ. මෙම ලක්ෂණය වෙනත් වෙබ් අඩවියක දැකිය නොහැකි ය.
                                    බ්ලොග් නිර්මාණය කරන්නා (Blogger) නමින් හදුන්වනු ලබන අතර ඔහු විසින් තමන් ගේ පුද්ගලික අදහස් මෙන්ම එදිනෙදා පුවත්පත්, PdhdrEm, වීඩියෝ දර්ශන සහ ශ‍්‍රවණ ගොනු ද බ්ලොග් තුළ පළකරනු ලැබේ. මෙහිදි ඔහුට තමන් කැමති භාෂාවකින් තොරතුරු ඇතුළත් කිරිමට ද හැකියාව ඇත.
                                      බ්ලොග් අඩවි රුචිකත්වය අනුව ඒ වටා රොක් වූ පාඨක පිරිස සමග  තම පෞද්ගලික අත්දැකීම් හා මතිමතාන්දර බෙදා ගැනීම i`oyd භාවිතා කරන අතර තවත් පිරිසක් විසින් තම බ්ලොග් අඩවි කිසියම් විෂයක් හෝ ක්ෂේත‍්‍රයක් ms<sn`o තමන සතු දැනුම අන් අය සමග හුවමාරු කර ගැනීමට යොදාගනු ලබති. මෙහිදි කුමන ආකාරයකින් භාවිතා කළ ද බ්ලොග්  අඩවියක් යනු  ඕනෑම පුද්ගලයකුට පවත්වාගෙන යා හැකි එම පුද්ගලයාට අනන්‍ය වූ වෙබ් අවකාශයකි.
                                     බ්ලොග් තුළට ඇතුළත් කරනු ලබන තොරතුරු නිතිපතා අලුත් කිරීම සිදුකරන අතර බොහෝ අවස්ථාවල දී බ්ලොග් අඩවියක ව්‍යුහය සකස් වී ඇත්තේ දින වකවානු අනුපිළිවෙලටය. බ්ලොග් අඩවිය පවත්වා ගෙන යන පුද්ගලයා විසින් බ්ලොග් සටහන් : (Blog Post) එක් කරනු  ලබන්නේ ද එවැනි අනුපිළිවෙලටය. එ බැවින් එම ව්‍යුහය බ්ලොග්  අඩවියකට යෝග්‍ය වේ. (http://www.media.blogspot.com)
                                    බ්ලොග් එකක්  සෑදීම i`oyd වෙබ් අවකාශ පහසුකම් අවශ්‍ය වන අතර එවැනි වෙබ් පහසුකම් සලසන වෙබ් අඩවි ගණනාවක් අන්තර්ජාලය තුළ පවති. බ්ලොග්කරණයේ ජනපි‍්‍රයම සේවය සපයනු ලබන්නේ ”බ්ලොගර් (Blogger) වෙබ්  අඩවියයි. මීට අමතරව  —gïn,¾˜ (Tumbler)yd —j¾âfma%aia ˜(wordpress)  යන වෙබ් අඩවි දෙක ද එම සේවය සපයනු ලබන ප‍්‍රධාන වෙබ් අඩවි දෙකක් වන අතර මීට අමතරව බ්ලොග් සාදා ගැනීම සදහා ඉඩ ලබා දෙන තවත් වෙබ් අඩවි සිය ගණනාවක්  අන්තර්ජාලය තුළ පවති. බ්ලොගර් (Blogger)  සතුව බ්ලොග් අඩවි මිලියන 150 ක් පමණ ද  —gïn,¾˜ (Tumbler) i;=j ñ,shk 75 la muK o" —j¾âfma%ia˜ (wordpress)  සතුව මිලියන 50ක් පමණ බ්ලොග්  අඩවි පවති. (http://www.maathalan.blogspot.com)
                                   බ්ලොගර්  සේවාව හරහා බ්ලොග් සකසා ගැනීම වඩාත් ජනපි‍්‍රය ක‍්‍රමය වන අතර බ්ලොග්ර් සේවය සපයනු ලබන්නේ ගූගල් ^Googal& සමාගම විසිනි. එබැවින් මෙම බ්ලොග් ඉඩ ලබා ගැනීම සදහා ජීමෙල් ගිණුමක් තිබීම අවශ්‍ය කරුණකි. එම ජීමෙල් ගිණුම ලබා දෙන user name yd Pass word fhdod .ksñka íf,d.¾ (Blogger)  සේවය හරහා බ්ලොග් එකක් සාදා ගැනීීමට ප‍්‍රවේශ විය හැකි  ය.                  බ්ලොගර් (Blogger)  සේවාව වඩාත් ජනපි‍්‍රය වීම සදහා පහත කරුණු ඉවහල් විය.
  •  නොමිලේ වෙබ් අඩවිය ආරම්භ කිරීමට ඇති හැකියාව. (Free Hosting and Doman)
  •  සරල අතූරු මුහුණත
  •  වේගවත් භාවය       
                               අන්තර්ජාලයේ වෙබ් අඩවියක් සැකසීම සියලූ දෙනාටම පහසු කටයුත්තක් නොවන අතර ඒ සදහා මිලට ගත් ඩොමේන් නාමයක් සහ වෙබ් අඩවිය රැදවීමට මිලට ගත් හොස්ටින් අවකාශයක් මූලිකවකව අවශ්‍යවන අතර මීට අමතරව වෙබ් අඩවි නිර්මාණය කරන පරිගනක භාෂා ඥානය හා ග‍්‍රැෆික් කටයුතුවල නිපුණත්වය ද තිබිය යුතුය. (http://www.yathura.blogspot.com)  මේ නිසා අන්තර්ජාලයේ සැරිසරන බහුතරයක් අන්‍යයන්ගේ අදහස් හා මතවාද රැුගත් වෙබ් අඩවිවලට පිවිසීම කළ අතර තමන්ගේ අදහස් පළ කිරීමේ ඉඩ ප‍්‍රස්ථා අවම විය.
                                බ්ලොග් තුළින් එම ගැටළුවලට විසදුම් ලැබුන බැවින් වර්ථමානය වන විට බ්ලොග් නිර්මාණය වඩාත් ජනපි‍්‍රයත්වයට පත්ව ඇති අයුරු දැක ගත හැකිය.
                            බ්ලොග්හි සුවිශේෂි ලක්ෂණ හා ජනපි‍්‍රය වීමට හේතු
  •  බ්ලොග් එකක් සකස් කිරීම හා පවත්වා ගෙන යාම සදහා කිසිදු වියදමක් දැරීමට සිදු නොවීම.
                                                        පුද්ගලයන්හට  සිය අදහස්,මතවාද ,ප‍්‍රචාරය කිරීමටමට බ්ලොග් එකක්
ආරම්භ කර පවත්වාගෙන යාම සදහා කිසිදු වියදමක් දැරිමට සිදු නොවන අතර නොමිලේ එම සේවය සැපයීම බ්ලොගර් (Blogger)— gïn,¾˜ (Tumbler)—j¾âfma%ia ˜(wordpress)  යනාදි වූ වෙබ් අඩවි මගින් සිදු කරනු ලබයි.
  •   ඕඩියෝ,වීඩියෝ මෙන්ම පිංතූර කැමති ප‍්‍රමාණයක් ඇතුළත් කිරීමට හැකි වීම.
               බ්ලොග් එකක් තුළට ඇතුළත් කළ හැකි  ඕඩියෝ,වීඩියෝ සහ පිංතූරවල සීමාවක් නොපවතින  අතර  Bloger ගේ කැමැත්ත  පරිදි එම අංග බ්ලොග් එක තුළට ඇතුළත් කිරීමට ඉඩ ප‍්‍රස්ථාව ඇත.
  •  ලොව ප‍්‍රසිද්ධ භාෂා ගණනාවක් අතරින් තමන් කැමති භාෂාවක් තෝරා ගෙන බ්ලොග් එක පවත්වාගෙන යාමට හැකිවීම.
         ඉංගී‍්‍රසි ලතින් සිංහල දෙමළ යනාදි වූ ලෝකයේ පවතින ප‍්‍රසිද්ධ භාෂා අතරින් සිය කැමැත්ත පරිදි භාෂාවක් තෝරා ගැනීමට නිදහස ඇත. මේ නිසාවෙන් ඉංගී‍්‍රසි පිළිබද අවබෝධයක් නොමැත පුද්ගලයෙකුට වුව සිය කැමැත්ත පරිදි බ්ලොග් එකක් පවත්වා ගෙන යාමට හැකිය.
  •  වෙබ් අඩවි නිර්මාණය කිරීම ms<sn`o දැනුමක් නොමැතිව වුවද බ්ලොග් එකක් සකස් කර ගැනීමට හැකි වීම.
  •  තමන්ගේ අදහස් මතවාද ලෝකයට ඉදිරිපත් කිරීමට හැකි වීම.
          කිසිවෙකු ගේ හෝ අණසකට යටත් නොවී තමන් කැමති තේමාවක් යටටත් බ්ලොග් එකක් තුළ සිය අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. කිසිදු වාරණයකින් තොරව සංගීතය, සාහිත්‍ය ,අධ්‍යාපනය, ඉතිහාසය, ආර්ථිකය ,දේශපාලනය යනාදි විවිධ තේමාවන් බ්ලොග් නිර්මාණය කළ හැකිය.
 
                        බ්ලොග් එකක් පවත්වාගෙන යාමේ දී ඒ වටා රැස්ව සිටින පේ‍්‍රක්ෂකයින්  ඉතා වැදගත් සාධකයකි. නිරන්තරයෙන් mdGlhd r`ojd .ekSug Bloger ර කටයුතු කළ යුතුය. මෙම නිර්මාණයන් තුළින් බ්ලොග් රචකයා මූල්‍යමය ලාභයක් නොලබන අතර ඔහු ඒ තුළින් ආත්ම තෘප්තියක් ලබයි .පාඨකයින් ප‍්‍රමාණය වැඩි වීම  ඔහුගේ සතුටට කරුණකි.
                       බ්ලොග් රචකයින්ගෙන් ඇතමෙක් බ්ලොග් ලියන්නේ විනෝදාංශය i`oydh' . ඒකාකාරි බවින් මිදීම,ස්වයං ආත්ම තෘප්තියක් ලබා ගැනීම උදෙසාද ඇතැම් පුද්ගලයෝ බ්ලොග් නිර්මාණය කිරීම සිදු කරනු ලබති. තවත් පිරිසක් බ්ලොග් ලියන්නේ දැනුම බෙදාහැරීමටය. තවත් පිරිසක් බ්ලොග් තුළින් කතිකාවත් ගොඩනගති. තවත් ඇතමුන් තමන්ගේ දර්ශනයක් ව්‍යාප්ත කිරීමට ද අන්‍යයන් හෙළා දැකීමට ද බ්ලොග්කරණය භාවිතා කරති.
           
             විවිධ පුද්ගලයින් විවිධ අරමුණු මුල් කරගනිමින් බ්ලොග් නිර්මාණය සිදු කරනු ලබන අතර ජනතාවට සිය අදහස් නිදහස්ව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසන වර්ථමානයේ දී වඩාත් ජනප‍්‍රිය වූ අංගයක් වශයෙන් බ්ලොග් හැදින් විය හැකිය.  
       
 
Reference;
4.        (http://www.yathura.blogspot.com)
5.      úch mrs.kl i`.rdj"01 fj`Mu"09 l,dmh

 
                                                                   එස්.එම්.ශෂි දිල්රුක්ෂි සේනානායක
           
                                                                 AR/65157

          
           
 
 
 

No comments:

Post a Comment