Saturday, December 27, 2014


   Facebooසමාජ ජාලය

 

Facebook  යනු



      මෙලොව උපත ලබන කිසිª මනුෂ්‍ය ජීවියෙකුට හුදෙකලාව ජීවත් වීමට නොහැකිය. එයට හේතුව වන්නේ ඔහු ස්වභාවයෙන්ම සමාජශීලී සත්ත්වයෙකු වීමයි. එබැවින් ඔවුන් නිරන්තරයෙන් අන්‍යයන් හා සම්බන්ධතා දක්වයි. සන්නිවේදනයේ  දියුණුවත් සමඟම මිනිසාගේ සමාජ සම්බන්ධතාද විශ්වයේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් ඇත. එම සම්බන්ධතා ගොඩ නැගීමේ ක‍්‍රම වේදයන් අතර facebook සමාජ ජාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අන්තර්ජාලය තුළ Social Networking තාක්‍ෂණය වැඩි දියුණු කරමින් නිර්මාණය කරන ලද මෙය හතළිස් පස් වසරක අන්තර්ජාල ඉතිහාසය තුළ බිහිවූ ලෝකයාට බෙහෙවින්ම බලපෑම් කළ සමාජ ජාලයක් ලෙසද හැදින්වේ. එය අද වනවිට බිලියන ගණනක සමාජික සංඛ්‍යාවකගේ එකතුවෙන් ලෝකයේ ප‍්‍රබලතම සමාජ ජාලක් බවට පත්වී ඇත. වෙබ් අඩවිවල කාර්යබහුල බව සහ ජනපි‍්‍රයත්වය ගැන වර්ග කරන ඇලෙක්සියා වර්ගීකරණයට (Alexia rank) අනුව ෆේස්බුක් වනාහී අද ලොව තිබෙන දෙවැනියට කාර්යබහුල වෙබ් අඩවිය බවට දැක්වේ. (ජයසුන්දර,2014:04&


Facebook වල ආරම්භය  

     
      වර්ෂ 2004 පෙබරවාරි 04වන දින හාවර්ඞ් විශ්ව  විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි Mark Zuckerbeg ගේ මුලිකත්වයෙන් යුතුව Edurdo Saverin, Dustin Moskovitz සහ Chris hughe යන මිතුරන්ගේ එකතුවෙන් මෙම සමාජ ජාලය නිර්මාණය විය. ඔවුන් මෙය සකස් කළේ ඔවුනොවුන් සමඟ පුද්ගලික සබඳතා පවත්වාගෙන යාමේ මෙවලමක් වශයෙනි. එමෙන්ම හුදෙක් විනෝදය පිණිසය. එය ලෝක ව්‍යාප්ත සමාජ ජාලයක් වූයේ පසුකාලීනව අනුක‍්‍රමයෙනි. මේ වෙබ් අඩවිය සකස් කිරීම සඳහා ෂකර්බර්ග්ට ආදර්ශයක් වූයේ ඇමරිකාවේ ඇතැම් විශ්ව විද්‍යාල ආයතනයි. සරසවියේ පළමු වසර අධ්‍යයන කටයුතු සඳහා එක්වන සිසු සිසුවියන්ට එහි ඉගෙනුම ලබන අනෙක් පිරිස හඳුනා ගැනීමට එම විශ්ව විද්‍යාල පහසුකම් සලසා තිබිණි. සරසවි අධ්‍යාපනයට පැමිණි මාර්ක් ෂකර්බර්ග් ඇතුළු පිරිස සිදු කළේ එම ක‍්‍රමය ලෝක ප‍්‍රචලිත කිරීමකි. 

      ලෝකය තත්පර ගණනක් ඇතුළත  එක හූයකින් බැඳ තබන්නට හැකි බවට ආතර් ශී‍්‍ර ක්ලාක් වැන්නන් ප‍්‍රකාශ කර තිබේ. එතුමන් දැක්වූ මග ඔස්සේ ගමන් කළ විද්‍යාඥයෝ මෙම සංකල්පය යතාර්ථයක් කළෝය. එවැන්නෙකු ලෙසට ෂකර්බර්ග්ටද හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. 1984 දී උපන් මාක් ෂකර්බර්ග් අති දක්‍ෂ පරිගණක විද්‍යාඥයෙකි. ප‍්‍රධාන පෙළේ මෘදුකාංග සංවර්ධකයෙකි. වැනිටිෆෙයා සඟරාව අනුව මාක් ෂකර්බර්ග් යනු ලොව වැඩිම බලපෑමක් කළ හැකි අංක එකේ පුද්ගලයෙකි. 


  

Facebook වල ඇති විශේෂත්වය

      
     ලෝකයේ ජනපි‍්‍රයම වෙබ් අඩවිය facebook බව අන්තර්ජාලයට පිවිසෙන්නන්ගේ සංඛ්‍යාව බලන බි‍්‍රතාන්‍යයේ හිට්වයිස් ආයතනය විසින් පෙන්වා දී තිබේ. එහි වාර්තාවලට අනුව ෆේස්බුක් වෙත එන සාමාජික සංඛ්‍යාව සෑමවිටම google වෙත එන සංඛ්‍යාව පරයා සිටී. 2013 සැප්තෑම්බර් මාසයේ ප‍්‍රසිද්ධ කළ සංඛ්‍යා ලේඛනවලට අනුව එම සංඛ්‍යාව බිලියන 1.19 ක් හෙවත් කෝටී 119 කි. මේ සංඛ්‍යාව නිතිපතා වැඩිවෙයි. ඒ සෑම මසකදීම 1.67ක වේගයකිනි. එනම් මාසයකට කෝටි දෙකක සංඛ්‍යාවක් අලූතින් ෆේස්බුක් වෙත එයි. (ජයසුන්දර,2014:05&
    මේ හේතුව නිසාවෙන් facebook මධ්‍යස්ථානය පිහිටි ස්ථානයද වෙනස් කිරීමට සිදුවිය. ඒ අනුව ස්ටැන්ෆෝඞ් රිසච් පාර්ක්, පැලෝ ඇල්ටෝවල පිහිටි මෙය අදවන විට ඇමරිකාවේ කැලිෆෝනියවල මෙන්ලෝ පාර්ක් ප‍්‍රදේශයේ පිහිටා ඇත. මෙම රූපයෙන් දැක්වෙන්නේ එම මධ්‍යස්ථානයයි.


       CNN වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ වර්තමානයේ ලොව සිටින පුද්ගලයන් 6 දෙනෙකුගෙකුන් එක් අයෙකු ෆේස්බුක් භාවිත කරන බවයි. වර්තමානය වනවිට ලොව ප‍්‍රධානතම සමාජ ජාලකරණ වෙබ් අඩවිය බවට ෆේස්බුක් අඩවිය පත්වී ඇත්තේ විවිධ සේවා හා පහසුකම් හªන්වා දීමෙන්ය. ඝානාවේ පළ කරන The National 0psychologist ශාස්ත‍්‍රීය සඟරාව දක්වන ආකාරයට අන්තර්ජාලය භාවිත කරන වැඩිහිිිිටියන්ගෙන් 61ක්, තරුණ තරුණියන්ගෙන්  86ක්, නව යෞවන වයසේ පසුවන්නන්ගෙන් 71% ක් ෆේස්බුක් භාවිත කරන බවයි. (දෙසතිය,2014:21&
  • මිහිපිට ජීවත්වන පුද්ගලයන් 13 දෙනෙකුගෙන් එක් අයෙක් මුහුණු පොතේ සාමාජිකයෙකි.
  • United States of America  හි අන්තර්ජාල භාවිත කරන පුද්ගලයන්ගෙන් 72%ක් මුහුණු පොතේ         සාමාජිකයන් වේ.
  • මුහුණු පොත තුළ මිනිත්තු 20 තුළදී Link 1,000,000 ක් Share කරනු ඇත.
  • මුහුණු පොත තුළ මිනිත්තු 20 ක් තුළදී 1,484,000 ක් Invited Post ඉදිරරිපත් වේ.
  • මුහුුණු පොත තුළ මිනිත්තු 20 ක් තුළදී 1,323,000 ක්  Photos Tag කරනු ලබයි.
  • මුහුණු පොත තුළ මිනිත්තු 20 ක් තුළදී 1,851,000 ක් Status Update ඇතුළත් වේ.
  • මුහුණු පොත තුළ මිනිත්තු 20 ක් තුළදී මිලියන 1.972 ක් Request Accept කරනු ඇත.
  • මුහුණු පොත තුළ මිනිත්තු 20 ක් තුළදී 2.716,000 ක්  Photos Update කරනු ඇත.
  • මුහුණු පොත තුළ මිනිත්තු 20 ක් තුළදී 2.716,000 ක් Message හුවමාරු වේ.
  • මුහුණු පොත තුළ මිනිත්තු 20 ක් තුළදී මිලියන 10.2 ක් Commentපළ කරනු ලබයි.
  • මුහුණු පොත තුළ මිනිත්තු 20 ක් තුළදී 1,587,000 ක් Wal Post ඇතුළත් වේ.
  • සතියකට New Yorks ප‍්‍රදේශයෙන් Photos මිලියන 750 ක් පමණ මුහුුණු පොතට අලූතින් එකතු වේ.
  • සෑම දිනකම 50% ක් ක‍්‍රියාකාරී සාමාජිකයන් මුහුණු පොතට පිවිසේ.
  • ගිණුමක සිටින මිතුරන් ගණනෙහි සාමාන්‍ය අගය මිතුරන් 130 කි.
  • මුහුණු පොතෙහි සාමාජිකයන් සම්බන්ධ වී තිබෙන Page,Group සහ Event ගණනෙහි සාමාන්‍ය අගය 80 කි.
  • පරිශීලකයෙක් මසකට ඇතුළත් කරන අඩංගු කරන පෝස්ට් සංඛ්‍යාවේ සාමාන්‍ය 90 කි.
  • මසකට මුහුණුු පොතෙහි (Web Link, News Stories, Bloging, Photos Album) ආදී පෝස්ට් මිලියන 30 ක් පමණ ඉදිරිපත් වේ.
  • මුහුණු පොතෙහි භාෂා 70 ක් සදහා පරිවර්තනය කර ගැනීමේ පහසුකම් ලබාදී තිබේ.
  • මුහුණු පොතෙහි 70% සාමාජිකයන් ඇමරිකාවෙන් පරිබාහිර පුද්ගලයන්ය.
  • සෑම දිනකම මිලියන 70 ක් ඇප්ලිකේෂන් මුහුණු පොතෙහි සාමාජිකයන් Install කරගනු ලැබේ.
  • 2010 අපේ‍්‍රල් සිට Social Plugin, අලූත් වෙබ් අඩවි සදහා එකතු කිරීමේ සාමාන්‍ය 10000කි.
  • මුහුණු පොතෙහි ක‍්‍රියාකාරී සාමාජිකයන් මිලියන 250 වැඩි සංඛ්‍යාවක් මුහුණු පොත පරිශීලනය කරනු ලබන්නේ ජංගම උපාංගය හරහාය.
  • මුහුණු පොතෙහි ක‍්‍රියාකාරී සාමාජිකයන්ගේ රට රටවල් සසදන විට,  ඕස්ටේ‍්‍රලියානු සාමාජිකයන් අනෙකුත් රටවල්වල සාමාජිකයන්ට වඩා මුහුණු පොත තුළ ගත කරන කාලයෙහි සාමාන්‍ය පැය 7 කි.
  • මුහුණු පොත Google සමාගමට පසුව විශාල ට‍්‍රැපික් එකක් තිබෙන වෙබ් අඩවියයි.
  • මුහුණු පොතෙහි මුදල් සම්භාරය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 80 කි. 

      පහත රූප සටහනින් දක්වා ඇත්තේ 2004 සිට 2013 දක්වා Facebook එකේ මු¿ සාමාජික සංඛ්‍යාව වැඩිවී තිබෙන්නේ කෙසේද යන්නයි.


       Facebook වෙත එන පිරිසට ලැබෙන්නේ එක තැන පල්වෙන වෙබ් අඩවියක් නොවේ. ෆේස්බුක් යනු නොයෙක් විශේෂාංග නිතිපතා එක් කෙරෙන වෙබ් අඩවියකි. ඒ සියල්ලෙන් මහජන සිත්සතන් සනසාලීමට සමාගම වෙහෙසයි. මෙහි නිර්මාතෘ වන මාර්ක් සකර්බර්ග් පවා අදටත් ෆේස්බුක් අඩවිය දියුණු කිරීම වෙනුවෙන් පරිගණක වැඩසටහන් ලියයි. එදා පටන් අද දක්වා ෆේස්බුක්හි සියලූ වැඩ සටහන් ලියා තිබෙන්නේ  c++ iy PHP යන ක‍්‍රමලේඛ භාෂා 70 ක් උපයෝගි කරගැනීමෙනි. ඒවා භාවිත කරමින් මෙම වෙබ් අඩවිය ඉදිරිපත් කෙරේ. (ජයසුන්දර,2014:06)
      ලෝකයේ බිලියන ගණනක මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට ෆේස්බුක් සමාජ සම්බන්ධතා වෙබ් අඩවියට හැකිවී තිබේ. සයිබර් අවකාශය තුළ මිත‍්‍රත්වය, ආදරය විනෝදය දැනුම අලෙවිකරණය එකිනෙකා හා ගණුදෙනු කිරීමට යොදා ගන්නා ප‍්‍රබලම සන්නිවේදන මාධ්‍ය ෆේස් බුක් බවට වර්තමානයේ පත්ව ඇත. එබැවින් හොඳ නරක අතර දෝලනය වන සාධක අතර වර්තමානයේ කතාබහට ලක්වෙන ප‍්‍රබල අන්තර්ජාල මෙවලමක් බවට මෙම සමාජ ජාලය පත්ව තිබේ. කාලානුරූපව හොඳයි යෙහෙකැයි කියා වැළඳ ගන්නා බොහෝ දේ අතර හොඳ නරක යන දෙකම පවතී.

  

Facebook වල ඇති වැදගත්කම හා එහි ඇති වාසි    


    
      සන්නිවේදන මාධ්‍යයක් වන නිසාම පෑනේ මිතුරු මිතුරියන්ට ලිපි ලිවීමට අවශ්‍ය වන්නේ නැත. සයිබර් අවකාශයේ  ඕනෑම රටක දන්නා නොදන්නා  ඕනෑම අයෙකු සමඟ මේ ඔස්සේ සම්බන්ධතා පැවැත්විය හැකිය.  එපමණක් නොව නොදන්නා ඉසව් ගවේෂණයට මෙන්ම වෙනත් සංස්කෘතිවලට අයත් පුද්ගලයන් සිය මිතුරු ලැයිස්තුවට එක්කර ගැනීමෙන් සංස්කෘතික වශයෙන් සමෝධානයක් ගොඩනගා ගැනීමටත් මෙමගින් හැකිවේ. ඒ හරහා සමාජ ප‍්‍රාග්ධනය වර්ධනය කර ගැනීමට හැකිවී ඇත. එමෙන්ම අධ්‍යාපනික වශයෙන් ඉවහල්වන තොරතුරු සොයා ගැනීමටද මෙය ප‍්‍රබල මාධ්‍යයක් වේ.



     

      එපමණක් නොව බොහෝවිට ව්‍යාපාරිකයන් තම ප‍්‍රචාරණ කටයුතු කරගන්නටත් ජනප‍්‍රිය පුද්ගලයන් තම පේ‍්‍රක්‍ෂකයින් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් මෙය මාධ්‍යයක් කරගෙන තිබේ.  එමෙන්ම දේශපාලඥයන්ට සිය පණිවිඩ ඉතාම අඩු පිරිවැයකින් අලංකාරවත්ව පහසුවෙන් ග‍්‍රාහකයා වෙත රැගෙන යාමටද මෙමගින් හැකි වී තිබේ. 
     ෆේස්බුක් ලොව පුරා සිටින සාමාජිකයන්ට තොරතුරු හුවමාරු කළ හැකි මෙවලමක් බැවින් කාව්‍ය සංකල්පනා මුදා හැරීමට මාධ්‍යයෙන් ඉඩක් නොලත් කවීන් ලේඛකයන් තම නිර්මාණ මුදා හැරීමට මෙම මාධ්‍ය ඉවහල් කොටගෙන ඇත. එමගින්  බොහෝ විචාරකයන්ද බිහි වී තිබේ. එමෙන්ම තනිකම පාළුව මකා ගනුවස් වින්දනයක් ලැබිය හැකි විනෝදාංශයක් ලෙසද මෙය භාවිත කෙරේ. එපමණක් නොව මෙහි ප‍්‍රධාන වාසියක් වන්නේ වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන්නන් හට තම වෙළඳ දැන්වීම් ප‍්‍රචාරය කරගනුවස් මෙය ප‍්‍රබල මාධ්‍යයක් වීමයි. ෆේස්බුක් සමාජ ජාලය වැඩි දෙනෙක් භාවිත කිරීම හේතුවෙන් එකවර බොහෝ පිරිසකට ආමන්ත‍්‍රණය කිරීමට හැකිවීම නිසා තම වෙළඳ භාණ්ඩ පිළිබඳව දැනුවත් කිරීමට පහසුවේ. ඒ හරහා තම භාණ්ඩ අලෙවිය ඉහළ නංවා ගත හැකිය. මේ ආකාරයට ෆේස්බුක් සමාජ ජාලය තුළ සුබවාදී ආකල්පයෙන් බැලිය හැකි නමුත් එහි අහිතකර පැත්තක්ද දක්නට ලැබේ.


Facebook වල අහිතකර බලපෑම්




        ෆේස්බුක් යනු හුදෙක් තරුණ පරම්පරාවට පමණක් ලඝුවන සමාජ භාවිතයක් නොවන බව පෙනී යන්නේය. මේ හේතුව නිසාම ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මගින් සමාජයට කරන බලපෑම උග‍්‍ර කර ඇත. විශේෂයෙන් නව යෞවන වයසේ පසුවන හා කුඩා දරුවන් කෙරෙහි සමාජ ජාල වෙබ් අඩවි මගින් සිදුවන බලපෑම වැඩිය. ඇතැම් දෙමව්පියන් දරුවන් පිළිබඳව වැඩි අවධානයක් නොදැක්වීම හේතුවෙන් දරුවන්ට දැනෙන තනිකම පාළුව මකා ගනුවස් ඔවුහු නව මාධ්‍ය භාවිත කිරීමට පුරුදු වී සිටිති. ඒ අතර ෆේස්බුක් ප‍්‍රමුඛය. මේ හරහා ඇති කරගනු ලබන නව මිතුරු සබඳතා හේතුවෙන්  විවිධ ලිංගික අපචාරවලට ලක්වන පිරිස් පිළිබදවද නිතර මාධ්‍ය හරහා අසන්නට ලැබේ. 
      එපමණක් නොව තමන් නොදන්නා අය සිය යහළුවන් ලෙස සිය සමාජ ජාලයට එකතු කර ගැනීම හරහා සිය වයසට හා අත්දැකීම්වලට නොගැලපෙන අය ඇසරට කුඩා ළමයින් හා යෞවන යෞවනියන් යොමු වේ. විවිධ මානසික හා කායික රෝගවලින් පෙළෙන වැඩිහිටි පුද්ගලයන් සිය පහත් ආශා ඉටුකර ගැනීමට ෆේස් බුක් වැනි සමාජ ජාලයන් ඔස්සේ ඇසුරට වැටෙන අත්දැකීම් නොමැති එහෙත් කුතුහලයෙන් පෙළෙන නව යෞවන යෞවනියන් පහසුවෙන් පොළඹවාගැනීම පිළිබදවද මාධ්‍ය නිතර වාර්තා කරයි. 
       


       ඇතැම් ෆේස් බුක් පිටු ජාති ආගම් අතර මතභේද ඇති කිරීමට තුඩු දී ඇති අතර මෙය රටක් ලෝකයක් වශයෙන් ගත් කල තරමක් මතභේදකාරී තත්ත්වයකි. මිනිසුන්ගේ හැගීම්වලට පහර ගැසීමටද මෙම පිටු හසුරුවන්නන්ට හැකියාව ලැබී තිබේ. ඉගෙන ගන්නා සිසුහු මෙය භාවිත කිරීමේදී ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු අතපසුකොට මෙහි සැරිසැරීමට පුරුදු වී සිටිති. ඇතැම් පිරිස් තම ජීවිතයේ අතිශය පෞද්ගලික කාරණාද මුහුණු පොත හරහා හුවමාරු කරගැනීමට  පෙළඹී ඇත. මේ හේතුවෙන් බොහෝ දෙනාහට විවිධ ගැටලූවට මුහුණ දීමට සිදුවූ අවස්ථා කොතෙකුත් අසන්නට ලැබේ. එපමණක් නොව ෆේස් බුක් හරහා හªනාගනු ලබන නන්නාදුනන පිරිස් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට යාමෙන් බොහෝ  පිරිස් තම ජීවිත විනාශ කර ගන්නා අවස්ථාද දක්නට ලැබේ. 
      ෆේස් බුක් ඇතුුළු සමාජ ජාල වෙබ් අඩවි මගින් සිදුවන තවත් අහිතකර සමාජ බලපෑමක් ලෙස සයිබර් අවකාශගත තර්ජන හෝ හිරිහැර Cyberbullying පෙන්වා දිය හැකිය. මෙහි භයානක තත්ත්වය වන්නේ සයිබර් අවකාශය හෙවත් අන්තර්ජාලය යොදාගෙන වෙනත් තැනැත්තෙකුට තර්ජනය කිරීම හෝ හිරිහැර කිරීම ඉතිහාසයේ කිසිම යුගයක නොතිබූ තරමට පහසු දෙයක් බවට පත්වීම බව  The Univesity of Pittsburgh School of Medicine හි වෛද්‍ය විද්‍යාව සහ ළමා රෝග චිකිත්සාව පිළිබඳ මහාචාර්ය බ‍්‍රයන් ප‍්‍රීමැක්   ( Dr.Brian Primackවිසින් පෙන්වා දී තිබේ.සමාජ අවකාශය තුළ ජීවත් වන සමාජ ආචාර ධර්ම, සිරිත් විරිත් නොතකන ජන පරම්පරාවක් වෙතින්  Cyberbulling” නිරන්තරව සිදුවිය හැකි අන්තර්ජාල වරදක් වනු ඇත. 
    සමාජ ජාල වෙබ් අඩවිවල නිරන්තරව සැරිසරන්නන් ෆේස් බුක් විෂාදිය” (Face book Depression) නමැති මානසික රෝගයට ගොදුරුවීමේ අවධානමක් පවතින බවද ආචාර්ය ග්වෙන් ඔ කීප්ෆේ (Dr. Gwenn O’ Keeffe) පෙන්වා දී ඇත. මෙය ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අධි භාවිතයෙහි භයානක සමාජ බලපෑමක් ලෙස හදුනාගත යුතුව ඇත.  
      කෙසේ වෙතත් ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය පිළිබදව අද වන විට සමාජයෙහි දක්නට ලැබෙන්නේ ආන්දෝලානාත්මක තත්ත්වයකි. විවිධ සාධක හේතු කර ගනිමින් ෆේස් බුක් තහනම් කිරීම හෝ සීමා කිරීම යන්න චීනය, ඉරානය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය වැනි රටවලද දක්නට ලැබේ. සමාජවාදී රාමුවට සිදුවිය හැකි දේශපාලනික, ආර්ථික බලපෑම් මත චීනයද, ආගමික මතවාදයට හානියක් වේ යැයි උපකල්පනය කරමින් ඉරානය, සිරියාව, පාකිස්ථානය වැනි රටවල්ද ෆේස්බුක් සීමා කිරීමට පියවර ගෙන ඇත. 
      බොහෝ විට යම් දෙයක හොඳ නරක තීරණය වන්නේ එය භාවිත කරන්නා අනුවය. එබැවින් මෙහිදීද හොඳ නරක හරිහැටි වටහා ගෙන කටයුතු කළ යුතුය. එවිට වාරණය කිරීමක් අවශ්‍ය නොවේ. එපමණක් නොව ෆේස්බුක් වැනි සමාජ ජාල භාවිතයෙදී තමන්ට ආවේනික වූ ආචාර ධර්ම පද්දතියක් මත පිහිටා කටයුතු කළයුතු වේ. එමෙන්ම තමා ඉදිරිපත් කරන කරුණු වලින් මතුවිය හැකි ගැටලූ පිළිබද අවබෝධයක් තිබිය යුතුය. විශේෂයෙන්ම අන්තර්ජාලය නිදහස් මාධ්‍යයක් නිසා ස්වයං අවබෝධය, ස්වයං විනය, අවංක බව අත්‍යවශ්‍ය වේ. 
     මෙහිදී නීති සහ තහංචි පැනවීමකට වඩා ස්වයං හික්මීමකින් මෙන්ම වගකීමකින් යුතුව අන්තර්ජාලය හා සමාජ ජාල වෙබ් අඩවි භාවිත කරන්නේ නම් ඒ ආශ‍්‍රීතව සිදුවන ඇතැම් අවාසනාවන්ත සිදුවිම් වළක්වා ගත හැකිය. මෙවැනි වෙබ් අඩවියකට තම තොරතුරු හා ඡුායාරූප එක් කිරීමේදී තමන් කැමති අයට පමණක් ඒ වෙත ප‍්‍රවේශ වීමට හැකි ආකාරයෙන් කටයුතු කිරීමෙන් බොහෝ විට අනවශ්‍ය ගැටලූ ඇතිවීම වළක්වා ගත හැකිය. තම ෆේස්බුක් ගිණුම සඳහා සරල මුර පදයක් වෙනුවට පහසුවෙන් පිවිසිය නොහැකි මුර පදයක් යොදා ගැනීමත් වඩාත් යෝග්‍ය වේ. 
      ගෝලීයකරණ ප‍්‍රවාහය තුළ සිදුවන තාක්‍ෂණික දියුණුවත් සමඟ මිනිසා අලූත් අලූත් දේ නිපදවයි. නමුත් ඒවා භාවිත කිරීමේදි සිය නුවණ නිසි ලෙස මෙහෙයවා කටයුතු කිරීමට හැකි ශක්තිමත් නැණවත්,ගුණවත් තරුණ පරම්පරාවක් අපි බිහිකර ගත යුත්තෙමු. ඒ සඳහා වැඩිහිටියන් පමණක් නොව අධ්‍යාපන අයතනද කැපවී ක‍්‍රියා කළ යුතුය.


References
https://www.facebook.com
https://freepronets.wordpress.com/2010/07/14
http://fos.cmb.ac.lk/blog/are-you-using-fb-corectly
http://www.zoom.lk/formus/achive/index.php/t-15551.html
http://pissupu.blogspot.com/2011/06/18.html
http://www.divaina.com/2014/03/06/feature.html
http://www.lankadeepa.lk/2014/02/27
http://webgadgemeticlanka.blogspot.com/2014/03/facebook.html
http://sandundambulla.blogspot.com/p/computer.html
http://dinithige.blogspot.com/2013/10/blog-post-22.html
http://dinamina.lk/2014/03/06
http://www.silumina.lk/rupanthi bulathsinhala/2014/02/23
සන්ධ්‍යානායකගේ,ශ්‍යාමා.,  ෆේස්බුක් ” දෙසතිය, අපේ‍්‍රල් 2014, 21 
ජයසුන්දර, භූපති.,  ෆේස්බුක් දශකය” විජය පරිගණක, පෙබරවාරි 2014, 04-06

                                                                                  
                                                                                   AR/65158
                                                                                   ටී.එම්.ආර්.අනුෂ්කා සේනානි
                                                                                   සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය
                                                                                   ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය





No comments:

Post a Comment