Wednesday, December 31, 2014



                            දැන ගියොත් නියම මඟ,නොදැන ගියොත් අතරමඟ....
                                    ගූගල් මැප්ස්(ගූගල් මැප්ස් සේවා)

                  ගූගල් මැප්ස් නිර්මාණය කරන ලද්දේ 2005 වසරේ පෙබරවාරි 08 වැනි දිනය. මෙහි අයිතිකරුවා ගූගල් සමාගමයි. ගූගල් සමාගම විසින් තාක්‍ෂණය මෙහෙයවා නිර්මාණය කරන ලද අන්තර්ජාල සිතියම් සේවා විශේෂාංගයක් ලෙස ගූගල් මැප්ස් හඳුන්වා දිය හැකිය. මෙය සිතියම් ගත කිරීම උදෙසා සැටලයිට් ක‍්‍රමය භාවිතයට ගැනෙයි. මෙහිදී ස්ටී‍්‍රට් මැප්ස් සහ ස්ටී‍්‍රට් වීව් ප(අ)ස්පෙක්ටිව් මගින් අවශ්‍ය ප‍්‍රදේශයක සිතියම් සහ මාර්ග පෙන්වා දීම සිදු කරයි. එසේම අවස්ථානුකූලව මාර්ගය පහදා දෙන සැලසුම්කරුවෙකු ලෙසද ගූගල් මැප්ස් කි‍්‍රයා කරයි. 




   


                                 විශේෂයෙන් පයින්, කාර්,බයිසිකල් ආදී විවිධ පොදු ප‍්‍රවාහන සේවයන්ට අදාළ අවස්ථාවට අනුකූලව මාර්ගය පැහැදිලි කිරීමක් ගූගල් මැප් හරහා ලබා ගත හැකිය. ලෝකයේ විවිධ රටවල්වල ව්‍යාපාරික ආයතන සහ අනෙකුත් සංවිධානද ගූගල් මැප්හි විශේෂ සේවාවන් ලබා ගන්නා අවස්ථාද ඇත.එසේම ගූගල් මැප්හි අන්තර්ගතවන විවිධ ස්ථානයන්හි ෆොටෝ අවුරුදු 03කට වඩා පැරණි නොවේ.  
                       ගූගල් මැප් හා සම්බන්ධවන සෙවුම් මාධයයන් කිහිපයකි. එනම්,
        ගූගල් අ(ර්)ත්
        ගූගල් මැප් මාක(ර්)
        ගූගල් මැප් ස්ටී‍්‍රට් වීව්
        ගූගල් මැප් ඩිරෙක්ෂන්
        ගූගල් මැප් ඩවුන්ලෝඞ්
        ගූගල් මැප් කේ එල්
යනාදියයි. ගූගල් මැප් මගින් සිතියම් පෙන්වා දීම සහ අවශ්‍ය විස්තර කථනයන් ලබා දීම නිසාවෙන් අපට අවශ්‍ය මොහොතක අවශ්‍ය ස්ථානයක,මාර්ගයක හෝ සිතියම් ලබා ගත හැකිය. එසේම අප සිටිනා ස්ථානය කොතනදැයි සොයා ගැනීමටද ගූගල් මැප් හරහා හැකියාව පවතී. උදාහරණ වශයෙන් වනාන්තරයක හෝ නොදන්නා මාර්ගයක ගමන් කිරීමේදී මඟ වැරදුනහොත් නිවැරදි මාවත සොයා ගැනීමේ අවස්ථාව උදා වෙයි.
      ගූගල් මැප් මාක(ර්): ගූගල් හරහා ගූගල් මැප් වෙත ගොස් ගූගල් මැප් මාක(ර්) ක්ලික් කළ විට මෙයට පිවිසිය හැකිය. ගූගල් මැප් හරහා දන්නා ස්ථානයන් එහිදී සංස්කරණය කර සිතියම් ගත කළ හැකිය. ගූගල් මැප් මාක(ර්)සේවාව පිහිටුවන ලද්දේ 2008 ඡුූනි මස,ගූගල් සමාගම විසිනි.
     ගූගල් මැප් ඩිරෙක්ෂන්: අන්තර්ජාලයෙහි ගූගල් වෙත පිවිස ගූගල් මැප් ඩිරෙක්ෂන් ක්ලික් කර ලැබෙන උපදෙස් කි‍්‍රයාත්මක කිරීමෙන් මෙහි සේවාවන් ලබා ගත හැකිය. මෙහිදී මාර්ග විස්තර කථනයන් සැපයීම,සිතියම පෙන්වා දීම සහ එම අවට ප‍්‍රදේශයද පෙන්වා දෙයි. ගූගල් මැප් ඩිරෙක්ෂන් යටතේ ඞ්රයිවින් ඩිරෙක්ෂන් ලබා දෙයි. එහිදී පයින් පමණක් නොව කාර්,බස් බයිසිකල් ආදී  ඕනෑම වාහනයකින් ගමන් කිරීමේදී තමන් ගමන් කරන මාර්ගය සහ තමන් සිටින ස්ථානය පෙන්වා දීම,ගමන් කරන මාර්ගය ඉදිරියේ ඇති බාධාවන් පෙන්වා දීම,ට‍්‍රැෆික් පෙන්වා දීම,තමා සිටින ස්ථානයේ සිට තමන් යා යුතු ස්ථානයට ඇති දුර සහ එම දිශාව පෙන්වා දීම,යා යුතු ස්ථානයට ඇති ප‍්‍රධාන මාර්ගයට අමතර විකල්ප මාර්ග පෙන්වා දීම යනාදියයි.



                                                                



          
ගූගල් මැප් ස්ටී‍්‍රට් වීව්: ගූගල් සමාගම විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ලෝකයේ  ඕනෑම භූමි ප‍්‍රදේශයක්,ස්වාභාවික පිහිටීම් සහිත ස්ථානයන්,ලෝක පුදුම ලෙස සැලකෙන ස්ථානයන්, ආපනශාලා ආදී නොයෙක් ස්ථානයන් ස්ටී‍්‍රට් වීව් මගින් පෙන්වා දෙයි. ගූගල් මැප් ස්ටී‍්‍රට් වීව් වෙත පිවිස තමන්ට අවශ්‍ය ස්ථානය ස(ර්)ච් කළ විට තමන්ට අවශ්‍ය ස්ථානය පෙන්වා දෙයි. මෙහිදී එම ස්ථානයේ සිට  හා අවට පරිසරය තමන් සිටින තැන සිට පෙනෙන ආකාරයට මෙය ති‍්‍රඞී ස්වරූපයෙන් නිර්මාණය කර ඇත. උදාහරණ වශයෙන් ටඡ් මහල් ලෙස දැක්වූ විට ටඡ් මහල් භූමි ප‍්‍රදේශය පෙන්වා තමන් සිටින තැනට එම පරිසරය පෙනෙන අයුරුද පෙන්වයි. ජිවිතයේ තමන් නොගිය නොදුටු ස්ථානයන් පවා එම ස්ථානයට ගියා සේ දැක බලා ගැනීමේ අවස්ථාව උදා වේ. ගූගල් සමාගම විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ස්ථාන පමණක් මෙසේ නැරඹිය හැකිය.රටවල්වලට ගොස් මේවා නැරඹිමට විශාල මුදලක් අවශ්‍ය වුවත් ගූගල් ස්ටී‍්‍රට් වීව් මගින් මේවා නොමිලේම නැරඹිය හැකිය.නමුත් ලංකාවේ ස්ථාන තවමත් මෙම ස්ටී‍්‍රට් වීව්වලට ඇතුළත් කර නොමැත.
       ගූගල් මැප් ශ්‍රී ලංකා: ශ්‍රී ලංකාවේ ගූගල් රෝඞ් මැප් පවතී. ශ්‍රී ලංකා රෝඞ් මැප් හරහා ඇති අන්තර්ජාල වෙබ් අඩවියට පිවිස මෙයට සම්බන්ධ වී සිතියම් සහ විස්තර ලබා ගත හැකිය. මේවා ශ්‍රී ලංකා සැටලයිට් මැප් ආධාරයෙන් ලබා දෙයි. එසේම ශ්‍රී ලංකා මැප්වලට පිවිසීමට ඩබ්.ඩබ්.ඩබ්.මැප්ලන්ඩි(ආ).කොම්/ශ්‍රී ලංකා වෙබ් අඩවියට පිවිසිය යුතුය. උදාහරණ වශයෙන් මධ්‍යම,බස්නාහිර පළාතෙහි මැප්ස් දැක්විය හැකිය.
       ගූගල් මැප් කේ එල්: මෙය ක්වාලා ලම්පූර් ගූගල් මැප්ය. මැලේසියාවේ ප‍්‍රධාන නගරයක්වන ක්වාලා ලම්පූර්හි සිතියම් ආදිය මෙහි ඇතුළත් කර ඇත. ඩබ්.ඩබ්.ඩබ්.මැප්සොෆ්.කොම්.මැලේසියා මැප් වෙත පිවිසීමෙන් විස්තර ලබා ගත හැකිය. මෙහිදී මැලේසියාවේ ප‍්‍රධාන භූමි ප‍්‍රදේශ මහා මාර්ග,දුම්රියමාර්ග,සංචාරක ස්ථාන,ගුවන් තොටුපළවල්,හොටෙල්,ආපනශාලා,කෞතුකාගාර,අධ්‍යාපන ආයතන ආදී ස්ථාන පිළිබඳ ජායාරූප සහ විස්තර පෙන්නුම් කරයි. මෙම ස්ථානයන්ට යාමට අවශ්‍ය මාර්ග ගූගල් මැප් කේ එල් හරහා ලබා ගත හැකිය.

      ගූගල් මැප් ස්ටී‍්‍රට් වීව් මොබයිල්: ගූගල් මැප් ස්ටී‍්‍රට් වීව් මොබයිල් ෆෝන්වල තාක්‍ෂණයටද එක් කර ඇත. උදා-ඇන්ඞ්රොයිඞ්,ඇපල්. මෙමගින් ලැප්ටොප් ආදියෙන් තොරව මොබයිල් ෆෝන් හරහාද මාර්ග විස්තර ලබා ගත හැකිය.
                      මීට අමතරව ගූගල් මැප් මගින් ගූගල් මාර්ස්,ගූගල් ස්කයි,ගූගල් රයිඞ් ෆින්ඩර්,ගූගල් ට‍්‍රැෆික්,ගූගල් අන්ඩ(ර්)වෝට(ර්) සටී‍්‍රට් වීව්,ගූගල් ඒරියල් වීව් ආදිය ලබා ගත හැකිය.උදා-


    ගූගල් ස්කයි  


    ගූගල් අන්ඩ(ර්)වෝට(ර්) ස්ටී‍්‍රට් වීව්     
යනාදි වශයෙනි.ගූගල් මැප් යථොක්ත අයුරින් සුවිශාල සේවාවන් සපයන සෙවුම් මාධ්‍යයකි. ඒ අනුව ගමනාගමනයේ ප‍්‍රවාහනයේ පහසුව සඳහාම අද වනවිට ගූගල් මැප්ස් අත්‍යවශ්‍යම සේවා සැපයුම්කරුවෙකු ලෙස ඉදිරියෙන් සිටියි.

reference:-
          w.w.w.google.com/maps/veiw/street veiw
          w.w.w.crowler.com
          w.w.w.free maps.com
          w.w.w.gosur.com.3d.satellite
          w.w.w.google.lk/map maker


ටී.ජේ.විතාන
ඒ ආර්/65213
ඒ එෆ්/09/6911
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය


ලංකාවේ අන්තර්ජාල පුවත්පත්




     ජනමාධ්‍ය මූලික වශයෙන් ප‍්‍රධාන අංශ දෙකකට බෙදා දැක්විය හැකියඑනම් මුද්‍රිත මාධ්‍ය ^Print media) සහ විද්‍යුත් මාධ්‍ය (Electronic media) මේ අතරින් පුවත්පත දැනුම විනෝදය අවබෝධය අඩංගු තොරතුරු රැසක මුද්‍රිත සංග‍්‍රහයක් ලෙස හැදින්විය හැකි වුවද පුවත්පත යනු කුමක්දැයි නිසි ආකාරව හදුනා ගැනිමට ඒ පිළිබ`ද නිර්වචන විමසිම වැදගත් වේ'
      ඉංගි‍්‍රසි භාෂාවට අනුව පුවත්පත හැදින්වෙන්නේ Newspaper ලෙසයි. ඔක්ස්ෆඞ් ශබ්දකෝෂය Newspaper යන්න නිර්වචනය කර ඇත්තේ පහත අයුරිනි'
 “A printed now usually daily or weekly,publication  containing the news advertisements literary matter and other items and other or public interest” මහජන උනන්දුවක් දක්වන ප‍්‍රවෘත්ති වෙළද දැන්විම් සාහිත්‍ය හා සම්බන්ධ කරුණු හා අනෙකුත් අංශ ඇතුලත්ව දිනපතා හෝ සතිපතා පළ කරන මුද්‍රිත පත‍්‍රය පුවත්පතකි'
හරිස්චන් විජේතුංගයන් පුවත්පත යන්න අර්ථ විවරනය කර ඇත්තේ පහත පරිදිය
අලුත් ආරංචි තොරතුරු ආදි ප‍්‍රවෘත්ති ජනතාවට දැනගැනීමට සැලැස්විම ස`දහා දිනපතා" iතිපතාආදි වශයෙන් නියමිත කාල වකවානුව තුළදී පළකෙරෙන පත‍්‍රය පුවත්පත වේ'

ලංකාවේ පුවත්පත් සම්බන්ධ කටයුතු භාර ප‍්‍රධානම ආයතනය ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයයි'

        1973 සිට අවුරුදු 23ක පමණ කාලයක් ලංකාවේ පුවත්පත් සම්බන්ධයෙන් බලපාන්නේ පුවත්පත් මණ්ඩල පණතය' 1973 පෙබරවාරි මස ජාතික රජ්‍ය සභවේදී සම්මත වී අද දක්වා ක‍්‍රියාත්මක වන 1973 අංක 05 දරණ ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල පණතේ 15 වන පිටුවේ පුවත්පත යන්න අර්ථ විවරණ කර ඇත්තේ 
පුවත් පත යන්න 
    “පොදු පුවත් ආරංචි හෝ සිදුවිම් ඇතුළත් කොට ශ‍්‍රී ලංකාවේ මුද්‍රණය කරනු ලබන හෝ පළකරනු ලබන  යම් පත‍්‍රයක් අදහස් වේ එහෙත් ආණ්ඩුවේ බලය යටතේ මුද්‍රණය කර පළ කරනු ලබන යම් ප‍්‍රකාශනයක දැන්විමක් හෝ වෙනත් රාජ්‍ය ලේඛනයක් හෝ පවත්නා මිල ගණන් ලැයිස්තු හෝ වෙළ`දපලවල තත්වය හෝ වෙළ`ද නැව්වල හෝ යාත‍්‍රා වල පැමිණිම"පිටත් විම හෝ යාත‍්‍රා වලට අදාළ වෙනත් කරුණු පිළිබ`ද විස්තර හෝ වානිජ්‍ය හෝ ඊට සමාන ස්වභාවයේ වෙළ`ද දැන්විම් හෝ ගැසට් පත‍්‍රයෙහි කලින් කල පල කරනු ලැබු දැන්විම් යන මේවා පමණක් අඩංගු යම් ලේඛනයක් එයට ඇතුළත් නොවේ( ^ලියනගේa"1996"12&'
    පුවත්පත යනු ස්වයං අධ්‍යයන මාධ්‍යය" th කියවීමෙන් තොරතුරු දැන ගනීS' එමෙන්ම අවබෝධාත්මක චර්යාවන් හැඩගස්වා ගනු ලබන අවස්:dද එමටය' මේ පිළිබ`ද පුවත්පත කෙරහි පාඨකයා තුළ විශ්වසනීයත්වය ඇති කිරිමට පුවත්පත විසින් කරනු ලබන කාර්යයන් ප‍්‍රධාන වශයෙන් බලපායි˜^රුණානායක2001"13&
    පුවත්පතක වැදගත්ම දේ ප‍්‍රවෘත්තීන්යඑක් අංශයක් කෙරෙහි පක්ෂග‍්‍රාහි නොවි අධ්‍යාපනය විනෝදය හා දැනුම යන සියලු කාරණා කෙරෙහි පාඨකයා තුළ යම් වෙනසක් ඇති කිරිමට පුවත්පත කටයුතු කරයිමේ අනුව ජනතාවගේ චර්යාත්මක වෙනස් කම් ඇති කිරිමට බලපෑම් කල හැකි සුවිශේෂි හැකියාවක් පුවත්පත් මාධ්‍ය සතුවේ'
           ඉහත නිරුක්තීන්ට අනුව පුවත්පත පිළිබ`ද අවබෝධයක් ලද හැකිය' උක්තයේ ස`දහන් කරන ලද පුවත්පත් වර්තමානය වන විට මුøsත මධ්‍ය ඉක්මවා ගොස් ඇත' අනාගතයේ පුවත්පත් මුøsත මධ්‍යයෙන් නිකුත් විමත් එසේ මුøsත පුවත්පත් මිළදි ගැනීමත් අර්බුධකාරි මුහුණුවරක් ගෙන ඇත'සාම්ප‍්‍රදායිකපුවත්පත් හැසිර වූයේ සංස්කරණය කළේ හා බෙදා හැරියේ මධ්‍ය සංස්ථාවන්ය' එහෙත් 20වන සියවසේ අගභාගයේ සහ 21වන සියවසේ මුලදී මෙම ක‍්‍රමය අන්තර්ජාලයේ අභියෝගයට ලක්විණි' මේ අනුව ප‍්‍රවෘත්ති හැසිරවීම ස`දහා අන්තර්ජාලය යොදා ගැනුණි' අන්තර්ජාලයෙන් ක්ෂණිකව පාඨකයන්ට තොරතුරු ලබා ගැනිමට හැකිවියඒ හරහා විමර්ශන පක්ෂග‍්‍රාහි පුවත්පත් මෙන්ම පුද්ගලික සිදුවිම්ද වාර්තා කෙරිණි'

           අන්තර්ජාලකරණයට මුලින්ම බලපෑමක් එල්ල වූයේ 2002 වර්ෂයේදී ඇමරිකා එක්සත්ජනපද සෙනෙට් සභික ටෙරෙන්ට් ලෝට් ට ජාතිවාදී චෝදනා එල්ල විමත් සම`ගය.ලොට්ගේ කතාව පොදු උත්සවයකදී කෙරුනත් එහි විවාදාත්මක කොටස් පිළිබ`ද ප‍්‍රධාන මාධ්‍ය අවධානය යොමු නොකිරිමයි. අන්තර්ජාල වෙබ් අඩවි පමණක් අවධානය යොමු කිරිම හේතුවෙන් බහුතර නායක තනතුරෙන් ඉවත් විමට ඔහුට සිදුවිය'
            පුවත් මැවීමට හැඩ ගැස්වීමට සහ බිදීමට ඇති හැකියාව නිසා 2002 වර්ෂයේ සිට වෙබ් අඩවි ජනතා අවධානය දිනා ගෙන ඇත. ඉරාක යුධ සමයේදී සාම්ප‍්‍රදායික වම දකුණ දෘෂ්ටියෙන් මිදි ඔවුහූ පුවත්පත් ඉදිරිපත් කළහ' ඇතැම් දේශපාලඥයෝද Pන්ද අපේක්ෂකයෝද සිය අදහස් පළ කිරිම ස`දහා වෙබ් අඩවි යොදා ගැනිම හේතුවෙන් ගැඹුරු විශ්ලේෂණ ස`දහා මූලාශ‍්‍රයක් බවට වෙබ් අඩවි පත්ව ඇත' ඉරාක යුද්ධයේ සේවය කළ සොල්දාදුවෝ ද වෙබ් අඩවි නිර්මාණයට පෙළඹිණි' මෙවැනි වෙබ් අඩවි යුද්ධය පිළිබ`ද පරස්පර විරෝධි අදහස් ඉදිරිපත් කර ඇත' අප‍්‍රකට පුවත්වලට  ළංවීමටද ඒවා මූලාශ‍්‍රයක් වී ඇත'
            දියුණු තාක්ෂණය සම`ග අන්තර්ජාලය හරහා සිදුවන  ඕනැම පුවතක් එක් නිමේෂයකින් එක් ක්ෂණයකින් ජනතාව අතට පත්විමේ ඉඩකඩ විවර වෙමින් පවතින නිසා දිනපතා සතිපතා පුවත්පත් නිකුත්වන තුරු බලා සිටිමට අවශ්‍යය නැත'තමන්ට අවශ්‍ය  ඕනෑම පුවතක් තොරතුරක් අන්තර්ජාලයට පිවිසි වහාම දැනගත හැකියමෙකී සේවාව පුවත්පත් මාධ්‍යවේදීන්ට මෙන්ම පුවත්පත් සමා`ගම්වලට දැඩි බලපෑමක් එල්ල කිරිමට අවකාශය සළසාගෙන ඇතවෙළ`දපොලෙන් පත්තරයක් ගෙන කියවන්නා සේ අන්තර්ජාලය හරහා කියවන පත්තර ඉන්ටර්නෙට් පත්තර නම් වේමෙලෙස අන්තර්ජාල ගත කර ඇති ලාංකීක පත්තරද ඒ අතර වේලංකාවේ ඉන්ටනෙට් පත්තරයන්හී ලංකාවේ පුවත්වලට මුල්තැන දීම සිදුවේමේ ස`දහා ප‍්‍රවෘත්ති ලබාගන්නේ ප‍්‍රවෘත්ති ඒජන්සි ම`ගිනි' එකි පුවත් ලංකාවට ගැලපෙන සේ එක්/ස් කොට ඉදිරිපත් කරයි'
           මෙකී සේවාව වෙනම විෂයක් ලෙස දියුණු වී තිබේ' මෙය ඔන්ලයින්ජනලිස්ම් (Online Journalism) වශයෙන් හැදින්වේ' මෙහි කාර්යයේ නියුතුවන් ඔන්ලයින් ජර්නලිස්ට් හෙවත් සක‍්‍රීය පුවත්පත් කලාවේදින් වේ' මෙලෙස හැදින්වීමට හේතුව වූවේ සෑම මොහොතකම ඉන්ටර්නෙට් පත්තරය අලුත් කරමින් සක‍්‍රීයව පවත්වා ගෙන යන්නේය යන අරුතිනිවිවිධ ප‍්‍රවෘත්ති ඒජන්සි හා පුවත්පත් වලින් කෙලින්ම ලබාගත් ප‍්‍රවෘත්ති මෙන්ම තමන් ගේ වාර්තාකරුවන් ම`ගින් ලබාගන්නා පුවත් ඉදිරිපත් කරන ලංකාපේ්ජ් ^www.Lankapage.comහා කලම්බුපේජ් ^www.colombopage.comපුවත්පත් දෙක ලංකාවේ ඉන්ටනෙට් පුවත්පත් යනුවෙන් ඔවුන් හදුන්වා දේa'
         ලංකාව ලෝකයට හ`දුන්වා ලෝකයට සම්බන්ධ කරන ම`ගක් ලෙස ^Global Link to Srilanka යනුවෙන් ලක්බිම පුවත්පත හදුන්වයි' එමෙන්ම ලංකාව ගැන තුලනාත්මක චිත‍්‍රයක් මවාපාන්නට ප‍්‍රවෘත්ති /ස්කර ඉදිරිපත් කරන පුවත් වෙබ් අඩවියක් ලෙස ලංකා වෙබ්  ^www.lankaweb.com) පුවත්පත හදුන්වයි. එකී පුවත්පත දේශීය විදේශීය හැම ප‍්‍රවෘත්ති සේවයකම හා පුවත්පත්වල පළවෙන ලංකාව ගැන තොරතුරු ඉදිරිපත් කරන ඉන්ටනෙට් පුවත්පතකි. මෙකී සෑම පුවත්පතකම මුල්පිටුවෙහි ප‍්‍රවෘත්තිවල ශීර්ෂ පාඨ හා හැදින්වීම් අන්තර්ගත බැවින් දීර්ඝ ලෙස පිටු සැකසේ.

           කුමන ප‍්‍රවෘත්ති ආයතනයකින් හෝ උපුටා නොදක්වමින් තමන්ට ගැළපෙන දිශාවකට ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන ලංකා ටෲත් ^www.lankaworld.com) වෙබ් අඩවිය ප‍්‍රවෘත්ති ලබාගැනිම අතින් ස්වයංපෝෂිත පත්තරයකිමෙකී පුවත්පත අනෙක් අනෙක් ඉන්ටනෙට් පුවත්පත් වලන් වෙනස් වන්නේ එහි වෙළ`දදැනවිීම් හා වෙනත් ආයතන සම්බන්ධකමක් නොපෙන්වා තිබිමයි' අනෙකුත් පුවත්පත් එසේ නොවේ සාමාන්‍ය  පුවත්පත් මෙන් දැන්වීම් විකිනිම මත යාවත්කාලීන නොවේ' පුවත්පත් පාඨකයා හට මෙම සේවාව නොමිලේ ලබා දෙන බැවින් ඒවා පවත්වාගෙන යෑමට විශාල මුදලක් වැය කිරිමට සිදුවේ' එබැවින් ඔවුන් වෙළ`ද දැන්විම් හරහා එකී මුදල උපයා ගැනීමට පෙළඹේ'
           ඉන්ටනෙට් පුවත්පත්ද රේඩියෝ හා රූපවාහිනි චැනල මෙන් වෙළ`ද දැන්විම් වලින් යැපෙමින් පාඨකයින්ට නොමිලේ සේවා සැපයුවත් ප‍්‍රවෘත්ති සැපයීම අතින් වෙනසක් තිබේරූපවාහිනි හෝ රේඩියෝවෙන් ප‍්‍රවෘත්ති දකින්නට wikaaakg —පුවත් ප‍්‍රකාශයට පත් කරන වේලාව පැමිනෙන තුරු බලා සිටිය යුතු වුවත් ඉන්ටනෙට් පත්තර බැලිමට එසේ ම`ගබලා සිටිය යුතු නැත  ඕනෑම මොහොතක පුවත් නැරඹිමේ හැකියව පවත්නා සේම එකීපුවත් යාවත්කාලීන වීම නිසා නැවුම් හා උණුසුම් පුවත් දැන ගැනිමට හැකිවේ' පුවත් සේවාවක් හා ඉන්ටනෙට් පත්තරයක් වෙනස් වන්නේ පුවත්පතකට ගැළපෙන රිද්මයෙන් වෙනස්ව පුවත්පතකට  වෙනස්ව වඩා විස්තර ඇතිව පුවත් හා විශේෂාංග ඉදිරිපත් කිරිමයි' එබැවින් ලංකාවේද එලෙස සිංහල දෙමළ භාෂාවෙන් ඉන්ටනෙට් පුවත්පත් පළවීම ඉතා වැදගත්වේ'
              වර්තමානය වන විට ලංකාවේද බෝහෝ පිරිසක් අන්තර්ජාලය හරහා පුවත්පත් නැරඹිමට යොමු වී ඇතඅන්තර්ජාල පහසුකම් ඇති සිය,q දෙනා මෙන්ම ව්ශ්වවිද්‍යාලීය ප‍්‍රජාවගේ වැඩි දෙනෙකු අන්තර්ජාල පාඨකයින් වී හමාරයS' දිනපතා මුදාිත පුවත්පතක් මිළදී ගැනීමට වැයවන මුදල ඉතිරිකර ගැනීමේ හැකියාව,  ඕනෑම පුවත්පතක් නැරඹිමේ හැකියාව, පරිහරණය පහසුවීමS' .බඩාකර ගැනීමේ පහසුව" අවශ්‍ය වූ විට නැවත නැවත නැරඹිමේ හැකියාව, පුවත්පතක් මිළදී ගැනීමට වැයවන කාලය අවම වීම වැනි වාසී මෙම`ගින් අත්විදිය හැකිය' වර්තමානය වන විට මෙවැනි වාසි මත කාර්යය බහුල ශී‍්‍ර ලාංකිකයන්ද අන්තර්ජාල පුවත්පත් නැරඹීමේ වැඩි ප‍්‍රවණතාවක් දක්වයි' එබැවින් ලංකාවේද අන්තර්ජාල පුවත්පත් ස`දහා වැඩි ඉල්ලුමක් පවතී'
    
ආශ්‍රේය ග‍්‍රන්ථ නාමාවලිය 

අමරසූරිය"පාලිත"පරිගණක කලාපය" ^2005&
කරුණානායක" නන්දන" ^2000& ජන සන්නිවේදන ලිපි සමුච්චය සරස්වති ප‍්‍රකාශන
http://si.wikipedia.org/w/index.php?title=m;a;rl,dj&oldid=195075˜
http://si.wikipedia.org/wiki                                                         
                                                                           

                                                                           AR/64980
                                                                           AF/09/6678
                                                                           M.M C.P.MANATHUNGA




Tuesday, December 30, 2014




     රටක සංවර්ධනය සඳහා        අන්තර්ජාලය
අන්තර්ජාලය හෙවත් ඉන්ටනෙට් මේ වන විට ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම අනෙකුත් ලෝකයට ද ආගන්තුක නොවන දෙයකිx පුවත් පත් ගුවන් විදුලිය සහ රූපවාහිනිය යන මාධ්‍යය අතරට එක් වූ  සන්නිවේදන මාධ්‍යය වන ඉන්ටනෙට් ශ්‍රී ලංකාවේද මාධ්‍යය ක්‍ෂේත‍්‍රයේ නව පෙළඹුමකට  මඟ පාදා ඇතx ඉන්ටනෙට් යනු එකිනෙකට සම්බන්ධ වූ අති විශාල ලෝක ව්‍යාප්ත පරිගණක ජාලයකිx තොරතුරු තාක්‍ෂණයේ නව ප‍්‍රවණතාවක් ඇති කිරීමට මෙම  ඉන්ටනෙට් ජාලය හේතු වී තිබේx 
     මෙ  පරිගණක ජාලය මුළු ලොව පුරා ව්‍යාප්තව ඇති සන්නිවේදන ක‍්‍රමෝපායකිx ලොව පුරා වඩාත් කැපී පෙනෙන්නා වූද ජාලයක් බැවින් ඉන්ටනෙට් වඩාත් ප‍්‍රචලිතව තිබේx 


   ශ්‍රී ලංකාව ඉන්ටනෙට් ජාලයට එක් වූයේ 1994 වසරේ දීයx එමෙන්ම ඒ ප‍්‍රථම ඉන්ටනෙට් සේවා ආයතනය මෙරටෙහි ආරම්භ කිරීමත් සමඟම වුවත් එම වසර  ඉන්ටනෙට් සන්නිවේදනය ලෝකයේ මුලින්ම ආරම්භ කර අවුරුදු 25ක් ගත වීමේ සංවත්සර වසරද වියx ප‍්‍රමාද වී අප රටට පැමිණියද ඉන්ටනෙට් සන්නිවේදනයේ ව්‍යාප්තිය බෙහෙවින් වේගවත් වියx රාජ්‍ය ආයතන, අධ්‍යාපන ආයතන බැංකු රක්‍ෂණ සමාගම් මාධ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් මෙන්ම විවිධ ක්‍ෂේත‍්‍රවලට අයත් බොහෝ පිරිස් ද ඉන්ටනෙට් සම්බන්ධතා ලබාගෙන තිබේx


ලොව අන් රටවල ඉන්ටනෙට් මාධ්‍ය ව්‍යාප්ත වීම සඳහා සැලකිය යුතු කාල සීමාවක් ගතවුවද මෙරටේ කෙටි කාල සීමාවක් තුළ ඉන්ටනෙට් සන්නිවේදනය ව්‍යාප්ත වියx ජපානය ජර්මනිය ප‍්‍රංශය බි‍්‍රතාන්‍යය ඇමරිකාව වැනි රට වල ඉන්ටනෙට් ව්‍යාප්තියට සැලකිය යුතු කාලයක් ගත වියx ශ්‍රී ලංකාව  ඉන්ටනෙට් ජාලයට එකතු වීමත් සමඟ ප‍්‍රකට පුවත් පත් දෙකක්   ඉන්ටනෙට් ජාලයට එක්වියx නමුදු ඇමරිකාව වැනි  රටවල  පුවත් පත්  ඉන්ටනෙට් ජාලයට ඇතුළත් වූයේ එම රටවල්  ඉන්ටනෙට් ජාලයට එක්වී දශකයටත්  වැඩි කාලයක් ගතවීමෙන් පසුයx මුදාිත මාධ්‍ය දායකත්වයද ඒ සඳහා හේතු වියx


  ඉන්ටනෙට් නව මාධ්‍යය භැඅ ඵැාස් ගනයට අයත් වේx මුළු ලොව පුරා ඇති පරිගණක  මෙම ජාලය මඟින් එකට සම්බන්ධ වී තිබේx තොරතුරු එක් ක්‍ෂණයකින් ලොව පුරා යැවිය හැකි සන්නිවේදන මාධ්‍යයක් වන අතරම  තොරතුරු ගෙන්වා ගැනීමේ සන්නිවේදන මාධ්‍යයක් ද වේx මෙය ඉන්ටනෙට් ජාලයෙන් ලබාගත හැකි එක් ප‍්‍රයෝජනයක් පමණිx විනෝදය පිණිස  තොරතුරු ලබා ගැනීමේ එක් මාර්ගයක් ලෙසත්  ඉන්ටනෙට් ජාලය හැඳින්විය හැකියx


ඉන්ටනෙට්
වානිජ ජාල Commercial Networks      පර්යේෂණ 
  ජාලResearch Networks

ආරක්‍ෂක ජාල ෘැෙැDefence Networks
ප‍්‍රාදේශීය ජාල                                                           පිටුබඳ ජාලBackbone Networks
                           සේවා සැපයුම් Service Providers
 Regional Networks
 
                          වෙනත් ජාලOther Networks
 
රාජ්‍ය ජාල Government Networks අධ්‍යාපන ජාල Education     Networks
 

රටක සංවර්ධනය සඳහා ඉන්ටනෙට් මාධ්‍ය විවිධ අයුරින් යොදාගත හැක්කකිx සංවර්ධන කි‍්‍රයාවලිය වේගවත් කිරීමේ දී මාධ්‍යයට හිමි වගකීම කොතෙක් දුරට  ඉන්ටනෙට් මාධ්‍යයයෙන් ඉටුකළ හැකි දැයි විමසා බලමුx රටක සංවර්ධනය සඳහා ඉන්ටනෙට් මාධ්‍යය යොදා ගන්නා ආකාරය පිළිබඳ තතු විමසීමට මත්තෙන් සංවර්ධනය යනු කුමක්ද යන්න හඳුනා ගත යුතුයx

සංවර්ධනය යන්න පිළිබඳව අර්ථ නිරූපණ රාශියක් ඉදිරිපත්ව ඇතx ආර්ථික විද්‍යාඥයින් තම විෂයට අදාළවත් සමාජ විද්‍යාඥයින් තම විෂයට අදාළවත් ”සංවර්ධනය” අර්ථ ගන්වතිx
ඩඞ්ලි සියර්ස්” නම් ශාස්ත‍්‍රඥයා  සංවර්ධනය යන යෙදුම මන : කල්පිත ජාලයක් බවත් එහෙයින් නිසි ලෙස අර්ථ ගැන්වීම අපහසු දෙයක් බවත් පෙන්වා දුන්නේයx ඒ අනුව ”සංවර්ධනය” යන්න මුලූමනින්ම වැඩි දියුණුව යන්නට පර්යාය වචනයක් ලෙස ප‍්‍රතීමානක සංකල්පයක් වශයෙන් සලකා බලන බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේයx

ගුනර් මිර්ඩාල් නම්  ආර්ථික විද්‍යාඥයා  සංවර්ධනය යනු සමස්ත සමාජ ක‍්‍රමයේම ඉදිරි ගමන හෝ විප්ලවීය වෙනස්වීමක් ලෙස නිර්වචනය කළේයx

භූගෝල  විද්‍යාඥයින්  සංවර්ධන  භූගෝල  විද්‍යාවේ දී මෙය පුළුල් සංකල්පයක් බවත් ප‍්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක අගයන්ද ඇති බවත් පෙන්වා දුනිx එබැවින් සංවර්ධනයක් ඇතිවීමට මිනිසාට ආර්ථික මට්ටමේ ප‍්‍රගතිය සාමාජික  සංස්කෘතික අධ්‍යාපනික යන අංශවල ප‍්‍රගතිය ද තිබිය යුතු බවත්  පෙන්වා දී තිබේx 
සංවර්ධනය සඳහා   ආර්ථික කි‍්‍රයාවලිය මූලික වන බව මයිකල් ජී ටොඩෑරෝ ගේ අදහසයිx නමුදු සංවර්ධනය යනු එයම නොවේx

1xපවත්නා අර්ථ ක‍්‍රමය සමාජ ක‍්‍රමය වෙනස් කොට නැවත සැකසීමx
2xආදායම හා නිෂ්පාදනය වැඩිකර ගැනීම හෙවත් ඉහල ඵලදායකත්වයx
3xසමාජ දේශපාලන ආයතනික ව්‍යුහයන්ගේ වෙනස්කම් සිදුවීමx
4xඅවශ්‍ය තන්හි අවශ්‍ය ආකාරයට මිනිස් සිතුම් පැතුම් චාරිත‍්‍ර වාරිත‍්‍ර වෙනස් කිරීමx

යන කරුණු හතරෙ වෙනසක් සිදුවීම රටක සංවර්ධනය සඳහා අවැසි බව ඔහු පෙන්වා දුන්නේයx

 සංවර්ධනය යනු රටක පවත්්්්්නා ස්වාභාවික සම්පත් මෙන්ම මානුෂික සම්පත් ද රට වැසියන්ගෙ ජීවන තත්වය නඟා සිටුවීම පිණිස බුද්ධිමත්ව උපයෝගි කර ගැනීමක් ලෙස මහාචාර්ය විමල් දිසානායක පවසයිx 
මහාචාර්ය විල්බර් ශ‍්‍රාම් පවසන්නේ සංවර්ධනය නමින් යම් දේශයක ඇති කළයුතු වෙනස කොටස් හතරකින් මෙලෙස සඳහන් කරයිx

1x යම්කිසි දැනුමක් තිබීම මුග්ධ බවට වඩා යහපත්යx
2xනිරෝගීව සිටීම රෝගී බවින් සිටිනවාට වඩා යහපත්යx
3xයමක් ඇතිව ජීවත්වීම එසේ  නොමැතිව සිටිනවාට වඩා යහපත්යx
4xසහභාගීත්වය හුදෙකලාව සිටිනවාට වඩා යහපත්යx

  මෙකී අංශයන් හරහා සංවර්ධන කි‍්‍රයාවලිය සිදුවිය යුතු බව දක්වයිx
සෑම සංවර්ධනය වන රටකම සංවර්ධන කි‍්‍රයාවලියට අදාළ සැලසුම්ගත වැඩ කොටස් සපුරා ගැනීම සඳහා විවිධාකාර අංශයන් යටතේ  විවිධ ආයතන රැුසක් පිහිටුවා තිබේx නමුදු සන්නිවේදනමය වූ ප‍්‍රබල කාර්යයන් උදෙසා භාර¥ර වැඩ කොටසක් ඉටුකරලීමට සමත් ආයතන පිහිටුවා ගැනීමට හෝ කි‍්‍රයාත්මක කරලීටම තරම් වැඩි අවදානයක් යොමු වූ බවක් දක්නට නොමැතx

 රටක සංවර්ධනය කරා එළඹෙන්නට අවශ්‍යය සකල විධ කි‍්‍රයාදාමය අපේක්‍ෂිත ඉලක්කයන් කරා ගෙන යන්නට මූලික වන්නේ  සන්නිවේදනයයිx සංවර්ධනය සඳහා අදාළ වන ජනතා කි‍්‍රයාකාරිත්වයට, කාර්යක්‍ෂමතාවයට හා සහභාගිත්වයට  ඒ ජනතාව තුළ කිසියම් වෙනසක් සිදු කළ යුතුයx රටක සංවර්ධනය උදෙසා අන්තර්ජාලය යොදා ගන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුයx එකී සන්නිවේදනයේ තාක්‍ෂණික සාධක මෙන්ම එහි ප‍්‍රායෝගික ප‍්‍රයෝජන ආදිය විමර්ශනය වැදගත් වේx

    තාක්‍ෂණික වශයෙන් අනෙකුත් මාධ්‍යයන්ට වඩා අන්තර්ජාලය ඉහළින් සිටින මාධ්‍යයකිx වෙනත් මාධ්‍යයකට නොමැති විශ්ව ව්‍යාප්ති භාවයක් හිමිකරගන සිටින ඉන්ටනෙට් ජාලය දෘශ්‍ය මාධ්‍යයක් මෙන්ම ශ‍්‍රව්‍ය මාධ්‍යයක් ද වෙයිx එක් සන්නිවේදන මාධ්‍යයකින් ලබාගත නොහැකි සේවා රාශියක් එකම සන්නිවේදන මාධ්‍යයකින් ලබාදීමේ හැකියාව අන්තර්ජාල සන්නිවේදනයට තිබේx විවිධ පුවත්පත් කියවීමට ගුවන් විදුලි වැඩ සටහන් වලට සවන් දීමට වීඩියෝ දර්ශන නැරඹීමට ද හැකියාව තිබේx  තාක්‍ෂණික අංශයෙන් මෙ මාධ්‍ය වඩාත් නවීන පහසුකම් වලින් යුක්ත බැවින් වෙනත් සන්නිවේදන මාධ්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටීමට ඉන්ටනෙට් මාධ්‍යයට හැකිවී තිබේx 

ප‍්‍රායෝගික වශයෙන් ගත් කළ අනෙකුත් මාධ්‍යයන්ට වඩා ඉක්මනින් ලොවපුරා තොරතුරු බෙදා හැරීමේ හැකියාව ඉන්ටනෙට් ජාලයට පවතීx සන්නිවේදන මාධ්‍යයක් වශයෙන්  ඉන්ටනෙට් ජාලය වඩාත් ජනපි‍්‍රය වී ඇතx වේගවත් බව, ලාබදායි ලෙස පණිවිඩ යැවීමේ මෙන්ම ලබා ගැනීමේ හැකියාව එයට හේතුවී ඇතx මෙවැනි හේතු නිසා සංවර්ධන කි‍්‍රයාවලියට යොදාගත හැකි කදිම සන්නිවේදන මාධ්‍යයක් ලෙස ඉන්ටනෙට් ජාලය හැඳින්විය හැකියx සංවර්ධනය කෙරෙහි වැඩි බලපෑමක් යොමු කරවීමට මෙ මාධ්‍ය හරහා හැකියාව ලැබී තිබේx

කාර්මික  සංවර්ධනය සඳහා විවිධ විස්තර සපයන ජාලස්ථාන රාශියක් ලොවපුරා පවතිx ජපන් ආනයන  සංවර්ධන ආයතනයේ වාර්තාවක සඳහන් වන ආකාරයට ජපානයේ සුලූ කර්මාන්තකරුවන්ට නව වෙළඳ පොළවල් සොයා ගැනීමට  ඉන්ටනෙට් ජාලය ප‍්‍රයෝජනයට ගැනේx ඉන්ටනෙට් ජාලය හරහා කර්මාන්තකරුවන්ට බොහෝ ප‍්‍රයෝජන ලද හැකියx නිදසුනක් ලෙස ලංකාවේ ඇඟලූම් කර්මාන්තකරුවන්ට ලෝක ව්‍යාප්ත ජාලය තුළ වෙබ් පිටුවක් පවත්වාගන යමින් තම නිෂ්පාදන වලට ප‍්‍රසිද්ධියක් ලබා දිය හැකියx ඒ අනුව ලොව පුරා විවිධ ව්‍යාපාරිකයන් හා සම්බන්ධ වීමට හැකියාව ලැබේx

තුන්වැනි ලෝකයේ රටවල බොහෝමයක් ජනයාගේ ජීවනාලිය වන ගොවිතැන නැංවීමට   ඉන්ටනෙට් ජාලයෙන් ලද හැකි ප‍්‍රයෝජන  බොහෝමයකිx කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට, මිල නියම කිරීම, මුදල් ලබා ගැනීම, ගොවි තොරතුරු බෙදා හැරීම,  ගොවි උපදෙස් ලබාදීම, නව පර්යේෂණ පිළිබඳ විස්තර ගොවීන්ට ලබා දීමට යන විවිධ කාර්ය උදෙසා ඉන්ටනෙට් ජාලය භාවිත කළ හැකියx ඇමරිකාව, ජපානය වැනි රටවල ගොවිපළවල් ඉන්ටනෙට් ජාලයට සම්බන්ධ කර ඇතx ප‍්‍රධාන පෙළේ ගොවි පර්යේෂණ ආයතන  ගොවි පුහුණු කිරීම් ආයතන තමන්ගේ ජාලස්ථාන පිහිටුවා ගැනීම හරහා තම  ආයතනවල කටයුතු ගැන විවිධ තොරතුරු ජාලගත කරනු ලැබේx මෙමඟින් විස්තර ලබාගැනීමට වෙනත් රටවල තිබෙන ගොවි ආයතනවලට අවස්ථාව තිබේx ඈත රටක සිටින ගොවි විශේෂඥයකුගෙන් යම් ගැටලූවක් පිළිබඳව විස්තර ලබා ගැනීමට  ඉන්ටනෙට් ජාලය ප‍්‍රයෝජනයට ගත හැකියx

ධීවර කර්මාන්තය වැඩි දියුණු කිරීමට ඉන්ටනෙට් ජාලය යොදාගන්නා අයුරු ජපානය ඇසුරින් හඳුනා ගත හැකියx එරටේ ධීවර යාත‍්‍රා බොහෝමයක් ඉන්ටනෙට් ජාලයට සම්බන්ධ කර ඇති බැවින් කිනම් ස්ථානයක තිබුණද සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව පවතීx මත්ස්‍ය නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළවල් සොයා ගැනීමද ඉන්ටනෙට් ජාලය හරහා වඩා කාර්යක්‍ෂම ලෙස සිදු කළ හැකියx

දුරබැහැර ප‍්‍රදේශවල සංවර්ධන ප‍්‍රගතිය පරීක්‍ෂා කිරීමට ඉන්ටනෙට් ජාලය යොදාගත හැකියx ඒ සඳහා විවිධ ප‍්‍රදේශවල ජාලස්ථාන පිහිටුවා ගත යුතුයx ඒ අනුව ග‍්‍රාම සංවර්ධන කාර්ය වඩාත් පහසුවෙන් සිදු කිරීමට අවකාශය සැලසේx සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට සෞඛ්‍ය සේවා නැංවීම සඳහා  ඉන්ටනෙට් මාධ්‍යයෙන් ලබා ගත හැකි මෙහෙය අතිවිශාලයx විශේෂයෙන් අප රටට  ඉන්ටනෙට්  ජාලයෙන් විවිධ ප‍්‍රයෝජන ගත හැකියx ඈත පළාත්වල රෝහල් සමඟ  කොළඹ මහ රෝහල ඇතුළු ප‍්‍රධාන රෝහල්  ඉන්ටනෙට් මාර්ගයෙන් සම්බන්ධ කිරීමෙන් ගම්බද ප‍්‍රදේශවල බරපතල රෝගීන්ට විශේෂඥ වෛද්‍ය සේවාව ලබා ගැනීමටත් ඉක්මන් ප‍්‍රතිකාර  කිරීමටත් අවකාශය ලැබේx වෙනත් රටවල වෛද්‍ය විද්‍යාල පර්යේෂණ ආයතන ලෝක ව්‍යාප්ත ජාලය තුළ ජාලස්ථාන පවත්වාගන යන බැවින් ඉන්ටනෙට් මාර්ගයෙන් වෛද්‍ය විස්තර ලබා ගැනීමටත් හැකිවේx

අධ්‍යාපන ෙක්‍ෂත‍්‍රයේ සංවර්ධනය සඳහා ද ඉන්ටනෙට් මාධ්‍ය ඉතාමත් පුළුල් ලෙස යොදාගත හැකියx ඉන්ටනෙට් හරහා ගෙදර සිටම ඉගෙන ගැනීමටත් විභාග වලට පෙනී සිටීමටත් උපාධි ලබා ගැනීමටත් අවස්ථාව සැලසී තිබේx ඉන්ටනෙට් විශ්ව විද්‍යාල  උසස් අධ්‍යාපන ආයතන  භාෂා අධ්‍යාපන ආයතන රාශියක්ම විවිධ රටවල පවත්වාගෙන යනු ලැබේx ලංකාව වැනි රටක දුෂ්කර පළාත්වල අධ්‍යාපන සේවා සාර්ථකව පවත්වාගන පවත්වාගන යාම සඳහා ඉන්ටනෙට් ප‍්‍රයෝජනයට ගත හැකියx ඉංගී‍්‍රසි ගණිතය විද්‍යාව වැනි විෂයන් ඉගැන්වීමට ඉන්ටනෙට් යොදා ගත හැකියx මොනරාගල පොළොන්නරුව වැනි ප‍්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොළඹ උගන්වන පළපුරුදු ගුරුවරුන්ගේන් පාඩම් ඉගෙන ගැනීමට වුවද ඉන්ටනෙට් මාර්ගයෙන් පහසුකම් සකසා ගත හැකියx

         ඉන්ටනෙට් සන්නිවේදනය තුන්වැනි ලෝකයේ රටවල සංවර්ධන කි‍්‍රයාවලිය වේගවත් කිරීම සඳහා යොදා ගත හැකි වුවද ඒ සඳහා යම් යම් බාධාවක්ද පවතින බව පෙනේx ඌන සංවර්ධනය නිසා ඇතිව තිබෙන තත්වය එයට හේතු වන අතර ඉන්ටනෙට් ජාලයේ ප‍්‍රයෝජන ගැනීම සීමාකරනු ලබයිx තාක්‍ෂණික දැනුමේ ඌනතාවයද ඉන්ටනෙට් වැනි නවීන තාක්‍ෂණික මාධ්‍යයන්ගේ ප‍්‍රයෝජන ගැනීමට බාධා ඇති කරයිx
ඉන්ටනෙට් යනු පරිගනකය මඟින් කරන සන්නිවේදනයකිx පරිගනක භාවිතය සුළු පිරිසකට සීමාවී තිබෙන විටෙක ඉන්ටනෙට් පහසුකම් පුළුල් කිරීම ගැටලූවකිx දුරකථන භාවිතය ද සීමා වී තිබෙන විටෙකදීත් ඉන්ටනෙට් පහසුකම් වැඩි කිරීමටත් බාධා එල්ල වේx පරිගනක දුරකථන නොමැතිව ඉන්ටනෙට් හෙවත් අන්තර්ජාල පහසුකම් ව්‍යාප්ත කිරීමට අවකාශ නොමැතx රටක සංවර්ධනය වේගවත් කිරීම පිණිස අන්තර්ජාල සන්නිවේදන මාධ්‍ය යොදා ගත යුතු වුවත් ආර්ථිකයේ ඌන සංවර්ධිත සාධක හේතුවෙන් ඉන්ටනෙට් තාක්‍ෂණයේ ව්‍යාප්තියට බාධා පමුණුවයිx

ආශි‍්‍රත ග‍්‍රන්ථ

අත්තනායක, බන්දුලx, සංවර්ධන සන්නිවේදනය හා සන්නිවේදන ව්‍යාපෘති සැලසුම්කරණය (ආරිය ප‍්‍රකාශකයෝ, වරකපොළ, 1999*

ඇතුගල,ආරියරත්නx, සන්නිවේදන සිද්ධාන්ත (එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 1998*

කරුණානායක, නන්දනx, ජන සන්නිවේදන ලිපි සමුච්චය (සරස්වතී ප‍්‍රකාශන, දිවුලපිටිය, 2000*

කරුණානායක, නන්දනx,  සන්නිවේදන විමසුම (සදීපා පොත්හල, කොළඹ,2000*

කරුණානායක, නන්දනx,  සන්නිවේදනය සහ සංවර්ධනය ( සරස්වතී ප‍්‍රකාශන, දිවුලපිටිය, 2001*

කුමාර, අශෝක, දර්ශනx, වත්මන් මාධ්‍ය අධ්‍යයන ප‍්‍රවනතා ( එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2009*

පෙරේරා, සරත්, සුනිල්x, පරිසරය සහ සන්නිවේදනය (මාධ්‍ය හා ප‍්‍රවර්ධන ඒකකය, බත්තරමුල්ල, 1999*
්‍යුත් මාධේ‍යා්පදේශ විග‍්‍රහය (සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ, 2007*

වික‍්‍රමසිංහ, ලක්‍ෂ්මන්x, ”සංවර්ධනය හා ප‍්‍රජා සහභාගිත්වය”, සංස්කෘතිය සඟරාව,17 කලාපය, 1983

විතානගේ, චන්දාසෝමx,  සන්නිවේදනය සංස්කෘතිය සමාජය (සර්වෝදය විශ්වලේඛා, රත්මලාන, 2000*


ජේ ඒ නිලූකා දමයන්ති
AR/64727                                                                                                                                      
ගූගල් ප්ලස් සමාජ වෙබ් අඩවිය

Monday, December 29, 2014

                   ට්විටර් (Twitter)


ට්විටර් (Twitter)යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි. මෙම සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ (ට්වීට්ස් ලෙසහැදින්වෙන ) කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කටසීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ.


අන්තර්ජාලය හරහා පවත්වාගෙන යන කෙටි පණිවිඩ සේවය ට්විටර්. මෙය කුඩා ප්‍රමාණයේ බ්ලොග් ලිවිය හැකි සේවයකි. එහෙත් මෙය හුදෙක් කෙටි පණිවුඩ සේවයක්  පමණක් ම නෙවේ එය මිතුරු හවුල් වෙබ් අඩවියක් ද වේ. පසුගිය ද ට්විටර් සේවය විශේෂ කඩඉමක් පසු කළා. ඒ තමයි ට්විටර් නිතර යන එන අය මිලියන 100 ඉක්මවීමයි.ඉන් මිලියන 50 ක් අය අඩුම තරමේ දවසකට වතාවක් හෝ ටිවිටර් වෙත ලොග්වෙති.
ටිවිටර් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ප්‍රමුඛතම සේවාවකි. ෆේස්බුක්, මයිස්පේස් හැරුණු විට ලොව හොදම මිතුරු ජාලයයි. ලොව වැඩිම දෙනෙක් පිවිසෙනවෙබ් අඩවි 10 න් එකකි.


ටිවිටර් යනු නොමිලයේ ලබා දෙන සිත් ඇද ගන්නා සුලු වෙබ් සේවයකි. එය නෑදෑ හිතමිතුරන් සමග තමාගේ අදහස් හුවමාරු කර ගැනිමට කදිම අවස්ථාවකි.මෙහිදී බ්ලොගිංකටයුතු කළ හැක්කේ වචන 100 කින් පමණි.මේවා හදුන්වන්නේ ට්වීට්ස් යනුවෙනි.දැනට තිබෙන අන්තර්ජාලයට පිවිසිය හැකි ඕනෑම වර්ගයේ ජංගම දුරකථනයකින් වුවදට්විටර් හා සම්බන්ධ වීමට පුලුවන්. මෙහිදී මයික්‍රොලොබින් ලිවීමටත් ට්වීට්ස්කියවන්නටත් පුලුවන්.

ටිවිටර් ඉතිහාසය
ට්විටර් සේවයේ උප්පත්තිය 2006 දී සිදු වුවකි. ජැක් ඩෝසි නමැත්තා ඕඩීයෝනමැති පොඩ්කාස්ටින් සමාගමේ සේවය කරන කාලයේ ඔහු මිතුරු මිතුරියන් සමග අන්තර්ජාගයෙන් පණිවිඩ හුවමාරු කරගත හැකි සේවයක් ගැන සැළසුම් කරමින් සිටියා.2006 මාර්තු 21 ඔහු තම ආයතනයේ මිතුරන් කිහිප දෙනෙකුට ලොව පළමු ට්විටර් එකයැව්වා. ඒ just setting up my twitter යනුවෙනුයි. ඉන්පසු දිනයේ ට්විටර් 40 යැව්වා ඒවා පරීක්ෂණ මට්ටමෙන්. 2006 ජුලි 15 දා ලෝකයා ට ට්විවර් සේවය දිගහැරියා.......

ඕඩියෝ සමාගමේ බොහෝ දෙනා එක්වී ට්විටර් සමාගම පිහිටුවා ගත්තා. එහි නමයෝජනා කලේ ඊවන් විලියම්ස් ය. එතැන් පටන් ගෙවී ගිය දිනෙන් දින ට්විටර්ප්‍රසිද්ධ විය. නිතර නිතර ට්විටර් වෙත ජයග්‍රහණ ගලාගෙන ආවා.


2006ඉවරවෙනකොට දිනකට යවන ට්විටර් සංඛ්‍යාව 20,000ක් විය. 2007 මුළ 60,000ක් විය. 2007 අවසානයේ ට්විටර් ගණන 400,000 විය. ඉන් වසරකට පසු එනම් 2008 දී දිනපතා හුවමාරු උන ට්විටර් ගණන මිලියන් 100 ක් විය. වසර 2009 ජූනි 25 වැනදා පැයකට  හුවමාරු වු ට්වීට්ස් සංඛ්‍යාව 100,000ඉක්මවීය. මේ අපු ට්වීට්ස් කන්දරා  වදාරා ගන්න සර්වර් සියල්ල අසමත් උනා. එනිසා ට්විටර් සම්බන්ධතා බිද වැටින. එය යථා තත්වයට පත් වූයේ මේ වෙබ් තදබදය නැවතුන පසුවයි.
නමුත් දැන් නම් ටිවිට් කන්දරාවක් හැසිරවිය හැකි සර්වර් ඇත. දැන් දිනකටහුවමාරැ වෙන ට්විට්ස් සංඛ්‍යාව මිලියන 177 ක් හසුරුවා ගන්න එය සමත් වෙයි.
ට්විටර් සමාගමේ මේ සියලු වැඩවලට අවශ්‍ය මුදල් සහ ලාභ උපයා ගන්නේ ට්විටර් හරහා වෙළද දැන්විම් ප්‍රචාරය කිරීම මගින්. දැන් ප්‍රසිද්ධ වී තිබෙන  පිලිවෙලට අනුව ට්විටර් හි වාර්ෂික ආදායම ‍ඩොලර් මිලියන 400 කි.
මූලාශ්‍ර
  1. "Press Info", Twitter. Retrieved December 15, 2010.
  2. "twitter.com – Traffic Details from Alexa". Alexa Internet. සම්ප්‍රවේශයFebruary 7, 2011.
  3. Schonfeld, Erick (July 8, 2010). "Costolo: Twitter Now Has 190 Million Users Tweeting 65 Million Times a Day". TechCrunch. Retrieved February 4, 2011.
  4. "Big Goals, Big Game, Big Records". blog.twitter.com. 18 June 2010. සම්ප්‍රවේශය4 August 2010.

 AR/65125
AF/6823
S.M.T.M.SAMARAKOON

                 අන්තර්ජාලය සහ උසස් අධ්‍යාපනය

     
       අන්තර්ජාලය සහ උසස් අධ්‍යාපනය යනු එකිනෙක බද්ධ වු අංශ දෙකක් ලෙස හැදින්විය හැකිය. 21 වන සියවසට අවතීර්ණ වී ඇති වත්මන් සමාජය තුළ අන්තර්ජාලයෙන් වියුක්ත වූ උසස් අධ්‍යාපනයක් නොමැත. එනිසා ම උක්ත මාතෘකාව පිළබඳව විමර්ශනය කිරීම තත්කාලීන වශයෙන් පලදායි වේ. යම්   පුද්ගලයකු ලබන උසස් අධ්‍යාපනයේ උපරිම ප‍්‍රයෝජන ලැබීමට අන්තර්ජාලය හේතු වන්නේය. ගෝලීයකරණයට අත්වැලක් සැපයෙන අන්තර්ජාලය උසස් අධ්‍යාපනය වෙනුවෙන්ද  ඒ හා සමාන මෙහෙයක් ඉටු කරන්නේය. නූතන අධ්‍යාපන ක‍්‍රමය තුළ අන්තර්ජාලය නිරන්තරයෙන් සක‍්‍රීයව කටයුතු කරන මාධ්‍යයක් බවටද පත් වී ඇත.  
මෙහිදී අන්තර්ජාලය යනුවෙන් හඳුන්වනු ලබන්නේ  එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝක ව්‍යාප්ත පරිගණක ජාලයකි. අන්තර්ජාලය පිටුපසින් තාක්ෂණය විශාල ප‍්‍රමාණයක් ඇත. මේ සඳහා නිවහනක් හෝ පාලක පරිගණකයක් නැත. ඇත්තේ ලොව පුරා තොරතුරු විශාල ප‍්‍රමාණයක් පමණි. අන්තර්ජාල ප‍්‍රවේශය මඟින්  ඕනෑම පරිගණකයක් ඔස්සේ එම තොරතුරු අසන්නට හෝ කියවන්නට හැකිය. මෙය ලොව විශාලතම පුස්තකාලය ලෙසද හඳුන්වනු ලැබේ. නමුත් සාමාන්‍ය පුස්තකාලයක පොත් මෙන් නොව වෙබ් අඩවි තුළ පෙළ , ශබ්ද, රූප වීඩියෝ  සහ වෙළඳසැල් තිබියහැකිය. 1980 දී පෞද්ගලිකව  ක‍්‍රියාත්මක වන අන්තර්ජාල සේවා සපයන්නන් වාණිජකරණයට ලක්වීම හා හඳුන්වාදීම 1990දී ජනපි‍්‍රය භාවිතය තෙක් පුළුල් වීම නිසා අන්තර්ජාල සංස්කෘතිය වානිජය මත දැඩි බලපෑමක් කළේය. මේ අනුව අන්තර්ජාලය යනු තොරතුරු ලබා ගත හැක්ි දැනුම පුළුල්කර ගත හැකි කේන්දාස්ථානයකි. ලෝකය පුරා ජනප‍්‍රියම මාධ්‍යය ලෙසද මෙය බොහෝ දෙනෙක් පිළිගනිති. 
මුළුමහත්  විශ්වයම දැනුම නැමැති පිපාසයෙන්   පෙළෙන්නේය. මෙය හේතු සාධකය ලෙස ගෙන බොහෝ රටවල් තුළ මූලික අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක්  ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇත. පාසල්  අධ්‍යාපනයෙන් පසුව විශ්වවිද්‍යාලයකින් හෝ උසස් අධ්‍යාපන ආයතනයකින් ලබන අධ්‍යාපනය සාමාන්‍ය වශයෙන් උසස් අධ්‍යාපනය ලෙස හැඳින්වේ. උසස් අධ්‍යාපනය යනු රටක පරිපාලන මය හා තීරන ගැනීමේ හැකියාවෙන් යුතු මානව සම්පත නිර්මාණය කිරීමේ තිඹිරිගෙය වැනිය. එ් අනුව එවැනි පදනමක හා අරමුණක් සහිත උසස් අධ්‍යාපනික ක‍්‍රියාවලියක මූලික ලක්ෂණ කීපයක් ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇත.
දැනගැනීම පිණිස ඉගැන්වීම 
ක‍්‍රියාත්මක කිරිම පිණිස ඉගැන්වීම
දිවි පැවැත්ම සරිකර ගනීම පිණිස ඉගැන්වීම
මුල පිරීම හෝ ප‍්‍රාග්ධන ක‍්‍රියාකාරකමක් වෙනුවෙන් ඉගනගැනීම
ජීවත්වීම ජීවත් කරවීම පිණිස ඉගන ගැනීම
යන කාරණා උසස් අධ්‍යාපනයකින් බලාපොරොත්තු වේ. 
ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක‍්‍රමයේ ආරම්භය පිළිබඳ විමසා බලන විට දේශීය රාජධානි ක‍්‍රමය තුළ ශ‍්‍රි ලංකාවේ උසස් අධ්‍යාපනය පදනම්වී තිබුනේ ප‍්‍රමුඛ පිරිවෙන් කිහිපයක් මතයි. වත්මන් විශ්වවිද්‍යාල පද්ධතියේ ආරම්භය වර්ෂ 1921 දී ලන්ඩන් විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව සිලෝන් යුනිවර්සිටි කොලීජිය නමින්  යුනිවර්සිටි කොලීජියක් ස්ථාපනය කිරීම තෙක් දිව යයි. කෙසේ වෙතත් නව උසස් අධ්‍යාපන ක‍්‍රමයේ ආරම්භය සනිටුහන් වන්නේ 1870 දී වන අතර ඒ ශ‍්‍රි ලංකා වෛද්‍ය පාසල (Ceylon Medial School ) ස්ථාපිත කිරීමත් සමඟය. පළමුවැනි ශ‍්‍රි ලංකා විශ්වවිද්‍යාලය 1942 ජූලි 1 වැනි දින සිථාපිත කරන ලදි. මීට අමතරව උසස් අධ්‍යාපන ආයතනය ලෙස, 

විවෘත විශ්වවිද්‍යාල

තොරතුරු තාක්ෂණ බාහිර  උපාධි ආයතනය

උසස් අධ්‍යාපන අමා්‍යංශය යටතේ නොවන වෙනත් රජයේ විශ්වවිද්‍යාල

රාජ්‍ය අනුබද්ධිත හෝ අර්ධ රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනය 

රජයේ අනුග‍්‍රහය ලබන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය
                                                                                    හඳුනාගත හැකිය.
         මේ සෑම උසස් අධ්‍යාපන ආයතනයක් මඟින්ම පුද්ගලයෙකුට එම ආයතන ක‍්‍රමවේදය  අනුව අධ්‍යාපනය ලැබිය හැක. රැුකියා වෙළඳ පොළේ ඉහළ ඉල්ලූමක් ඇති වන අයුරින් ශාස්ත‍්‍රවේදී උපාධි සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විශේෂ උපාධි ලබා ගැනීමේ අවස්ථාව සැලසීමේ  මේ සඳහා ප‍්‍රධාන පියවරකි. උසස් අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය කෙතරම් සමීපද යත්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය ආයතනය තුළ බොහෝ කටයුතු සිදුකෙරෙන්නේ අන්තර්ජාලය භාවිතා කරමින්ය. එමෙන්ම මෙම ආයතන මඟින් ක‍්‍රයාත්මක වන වැඩසටහන් විශාල ප‍්‍රමාණයක් හඳුනාගත හැකිය. දැනට නොඞ්ස් ආයතනත මඟින් රට පුරා පිහිටුවා  ඇති ශාඛා 26 ක් ඔස්සේ උසස් අධ්‍යාපන ආයතන තුළින් කෙරෙන දේශනයන් නැරඹීමේ හැකියාව ඇත. ශ‍්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කොළඹින් පිට ශාඛාවල නෝඞ්ස් ශාඛා පිහිටා තිබේ. මේ සෑම මධ්‍යස්ථානයක්ම වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවකින් සම්බන්ධ කර ඇත. කොළඹින් පිට පැවැත්වෙන දේශනයක් පවත්වනවිට අන්තර්ජාලය ඔස්සේ වීඞීයෝ කන්ෆරන්ස් හරහා එම දේශනය දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන සිටින සිසුන්ට නැරඹිය හැකිය. දැනට උසස් අධ්‍යාපන ආයතන දාහතරක්   නෝඞ්ස් ආයතනය හරහා සිය පාඨමාලාව හැදෑරීම සඳහා සිසුන්ට අවස්ථාව ලබා දී ඇත. 
ශ‍්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය ,මොරටුව විශ්වවිද්‍යාලය , පේරාදෙණිය විශ්වවිද්‍යාලය ,පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් කේන්දාවරලත් ගණකාධිකරණ ආයතනය,  කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග‍්‍රීසි භාෂා අධ්‍යයන ආයතනය වැනි ආයතනයන් දැනටමත් තම පාඨමාලා ආරම්භ කර තිබේ. ඒ අනුව ඩිප්ලෝමා පාඨමාලාවේ සිට පශ්චාත් උපාධි අතර වන පාඨමාලා වෙයි.  ආපදා කළමණාකරනය පිළිබඳ  පශ්චාත් උපාධි පාඨමාලාව,පරිසර විද්‍යාව පිළිබඳ  පශ්චාත් උපාධි පාඨමාලාව,  ආදී වූ පාඨමාලාවන් විශාල සංඛ්‍යාවක් වෙයි.  
අන්තර්ජාලයට සම්බන්ද වී මෙම පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව හිමිවීමෙන් කාලය වැය නොකර අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව  ලැබේ. එමෙන්ම අඩු වියදමකින් තමන්ට අවශ්‍යය පාඨමාලාව හැදෑරීමට හැකිවීමත් නිසා මෙය සිසුන් අතර  ඉතා ජනප‍්‍රියවී ඇත. ගුරු කේන්දාීය අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍යයා කේන්දා කර ගත් අධ්‍යාපනය ක‍්‍රමවේදයන් ලෝකයේ ජනප‍්‍රියවීමත් සමින් අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන පාඨමාලාවලට වැඩි ඉල්ලූමක් ලැබෙමින් තිබෙන්නේය. දිනෙන් දින ඉහළ යන  අධ්‍යාපන අවස්ථාවන් මෙන්ම අධ්‍යාපන අවශ්‍යතාවන්සම්පර්ණ නිරීමට මෙය අද හොඳ තෝතැන්නක් බවට පත්ව ඇත. අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන මාර්ගගත අධ්‍යාපන පහසුකම් නිසා තමන්ගේ පාඨමාලාවලට අන්තර්ජාලය ඔස්සේ  ලියාපදිංචි වීමට සිසුන්ට හැකියාව ලැබේ. ඒ පමණක් නොව  අධ්‍යාපනය මෙන්ම විභාග සඳහා මුහුණ දීමට සිදු වන්නේද  අන්තර්ජාලය ඔස්සේය. එහිදී විභාගයට මුහුණ දීමට මෙන්ම අවසන් වූ වහාම ප‍්‍රතිඵල දැන ගැනීමටද හැකියාව ලැබේ.
ශ‍්‍රී ලංකාවේ ද බොහෝ රටවල මෙන් උසස් අධ්‍යාපන පිරිවැය අඩු කර ගැනීම සඳහා  බොහෝ අවස්ථාවන් සඳහා  අන්තර්ජාලය  භාවිතා කෙරේ. ඒ වෙනුවෙන් කැපවූ ආයතනද විශාල සංඛ්‍යාවක්ද බිහි වෙමින් ඇත.(e lerningඊ ඉගෙනුම්  එවැනි වැඩසටහනකි.  
      කෙසේ වෙතත් ලෝකය පුරා උසස් අධ්‍යපනය අන්තර්ාලය සමඟ බැදී ඇත්තේය. අධ්‍යපනයේ නව ඉසව් සොයා යන තාක්ෂණයෙන් සපිරුණු වර්තමානයේ මෙවැනි තත්වයක් තුළ අපට සිතිය හැක්කේ  අනාගත උසස්  අධ්‍යපනය යනු  දේශකයාගෙන් වියුක්ත වූ  අන්තර්ජාලය ගුරුවරයා කර ගත් අධ්‍යපන ක‍්‍රමයක් බවයි.   

   
ආශ‍්‍රිත ග‍්‍රන්ථ
            රාවය, උසස් අධ්‍යාපනයේ ගෝලීය විප්ලවය, 25 ජූලී 2014.
http://si.wikipedia.org/wiki/ අන්තර්ජාලය



පී.ජී ටෂිකා ගයත‍්‍රි
AR/64793