Friday, January 2, 2015

              වෛරස් / Virus

වෛරස් යනු

       මුළුලොවම විශ්වගම්මානයක් බවට පත් කළ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය අන්තර්ජාලයයි. අන්තර්ජාලය ඹස්සේ සන්නිවේදන කටයුතු සිදුකිරීමට භාවිත ප්‍රධාන මෙවලමකි පරිගණකය. “පරිගණකය යනු දත්ත සැකසීමට උපයෝගි කරගන්නා කිසියම් විද්්‍යුත් චුම්භක, ආලෝක විද්‍යාත්මක, විද්‍යුත් රසායන උපකරණයක් හෝ එකිනෙක හා සබැªණු එවැනි උපකරණ සමූහයක් මගින තර්කනය, ගණිත, ක්‍රිකාරිත්වය සම්බන්ධ මතක ගබඩා කිරීම යන කරුණු ඇතුළත් කිරීම් හා පිටතට ගැකීම් සිදුකළ හැකි එසේම සන්නිවේදන පහසුකම් සැපයිය හැකි උපකරණයකි.මෙම උපකරණයෙහි ඇති මෘදුකාංගයක් ලෙස වෛරස් හªනාගත හැකිය. වෛරස් යන්නට නිර්වචන රාශියක් ඉදිරිපත් වේ.

“වෛරස් යනු තමා විසින්ම පිටපත් කරගන්නා ස්වාධීන ක්‍රම ලේඛ විශේෂයකි.□

“මෙය දත්ත විනාශ කරන, පද්ධතිවලට වින කරන ක්‍රමලේඛ විශේෂයකි.□


“කෙනෙකුගේ අවශ්‍යතා මත එක් පරිගණක වැඩසටහනකට රබී බලමින් ඒවායේ ක්‍රියාකාරිත්වය මුලූමනින්ම අවුල් කරන පරිගණක වැඩසටහන් අනපේක්ෂිත ලෙස හසුරුවන පරිගණක වැඩසටහනක් පරිගණක වෛරසයක්.□

 
ලෙස තවදුරටත් හªනාගත හැකිය. මිනිස් සිරුරේ සෞඛ්‍යයට ගැටළු ඇති කරන වෛරස් මෙන්ම මේවාද පරිගණකයේ සාමන්‍යය ක්‍රියාකාරිත්වයට අහිතකර බැවින් පරිගණක වෛරස් යන නම දී ඇත. මේවායේ ප්‍රධාන ලක්ෂණ තුනක් දැකිය හැකිය.

     01. පරිගණක භාවිත කරන්නන්ගේ අනුදැනුමක් නොමැතිව ක්‍රියාත්මක වේ.

     02. අනෙක් පරගණක වැඩසටහන්වලට එබී බලමින් ඒවායේ ක්‍රියාකාරිත්වය          
            මුළුමනින්ම අවුල් කිරීම.

     03. තමා විසින්ම නැවත නැවත පිටපත් කරගනිමින් ව්‍යාප්ත වීම.

යන ලක්ෂණවලින් යුක්ත පරිගණක වෛරස්වල ඉතිහාසය විමසා බැලීමද වටී.

පරිගණක වෛරස්වල ඉතිහාසය

        ලොව ප්‍රථම පරිගණක වෛරසය 1982 දී 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ Richard Skrenta විසින් නිපදවන ලදී. එය Elk Cloner නම් විය. මෙය ප්‍රථම වෛරසය ලෙස හªනාගත්තද මීට පෙර ද වෛරස් පැවති බවට තොරතුරු හෙළි වේ. එනම් 
  • 1950 බෙල් විද්‍යාගාරය විසින් අනුන්ගේ පරිගණකවලට නපුරු සිතින් හානි    කරන                     ආකාරයේ පරිගණක ක්‍රීඩාවක් නිපදවීම.  
  • 1975 -sci-fi නමින් Jhon Brunner විසින් පරිගණක ජාලය මගින් පැතිරෙනWorm  එකක් නිපදවීම.

යන වෛරස් පැවත තිබේ. 1982 ප්‍රථම වෛරසය හªනාගත්තද 1984   Fred Cohen   විසින් පරිගණක වෛරස යන්ත්‍ර හªන්වාදීම සිදුවිය. ඒ සමඟම මුළුලොවටම වෛරස් පිළිබඳ හªන්වා දෙන ලදි. මින් පසු එක් එක් වර්ෂවල විවිධ වෛරස් පිළිබඳ හªනගෙන තිබේ. ඒවා නම්,
  •  1986 Fred Cohen     නමින් පකිස්ථානූ ජාතික සොහොයුරන් දෙදෙනෙකු විසින් ඊදදඑ ිැජඑදර වර්ගයේ වෛරසයක් එළි දැක්වීය. එම වෛරස ආසාදන ක්‍රියාත්මක වූ විට මතකය 3kb අඩුවේ.
  •  1987 I M B පරිගණක ජාලය අඩපන කරමින් Christmas tree නම් Wom එක බිහිවීම.
  • 1994  Good times  නමින් ප්‍රධාන පෙළ වෛරසයක් බිහිවීම.
  • 1995 පළමු පණිවුඩය සහිත වෛරසයක් බිහිවීම.
  • 2001 අතිවිශාල පරිගණක ගණනාවකට ආසාදනය වූ ටෙනිස් ක්‍රීඩාවක් වන ඇනර් කෝනිකෝවාගේ පින්තූරය තුළ සැඟවගත් වෛරසයක් ව්‍යාප්ත වීම.
  •  2004 ඉහළම ආසාදනයක් පෙන්වමින් නෙට් ස්කයි හා බැගී වෝම්ස් ව්‍යාප්ත වීම.
යනාදී ලෙස ඉන් කිහිපයක් දැක්විය හැකිය.

පරිගණක වෛරස් වර්ග 

         පරිගණකවල දත්ත හා පද්ධතියේ ක්‍රියාකාරිත්වයට හානි කරන පරිගණක වෛරස් වර්ග රාශියක් මේ වන විට විවිධ පරීක්ෂණ තුළින් හªනාගෙන තිබේ. එම වෛරස් වර්ග නම්,

  •   Companion Virus
  •   Email Viruses
  •   Logic Bomb and Time Bombs
  •   Macro Viruses
  •  Cross-site Scripting Virus
  • Trojan Horses
  • Worms        වේ.
මෙම පරිගණක වෛරස් ඉබේ පහළ වන්නක් නොව විවිධ පුද්ගලයන් විසින් වෛරස් නිපදවීම, රචනා කිරීම සිදුකරනු ලබයි. වෛරස් රචනා කරන්නේ කවුරුන්ද යන්න සොයාබැලීමට විවිධ විද්වතුන් විසින් සමීක්ෂණ සිදුකරනු ලැබීය. වෛරස් නාශක වැඩසටහන් නිපදවන ආයතනයක් වන සිමෙන්ටෙක් ආයතනයේ තාක්ෂණික කළමනාකරුවෙකු වන කෙවින් සටි්‍රට් කල සමීක්ෂණයට අනුව 1988 දී ලියන ලද වෛරස් වලින් 99.9%  ම ලියා ඇත්තේ වයස අවුරුදු 16-19 ත් අතර පිරිමින් විසින් බව සොයාගෙන ඇත. මොවුන් අන් අයෙකුට පීඩා කිරීමෙන් ආශ්වාදයක් ලබන්නවුන්, සමාජ පිළිගැනීමෙන් ගිලිහුනු පුද්ගලයින්, විනාශකාරී හැඟීම්බර තරුණයින් බව ස්ටි්‍රට් පෙන්වාදේ. එමෙන්ම නෙට්වර් ඇසෝසියේට් ආයතනයේ පීටර් මෙරලි වෛරස් ලියන්නන් සම්බන්ධව දක්වන අදහස වනුයේ බොහෝවිට තනි පුද්ගලයන්ට වඩා සංවිධාන විසින් වෛරස් රචනා කිරීම සිදුකරන බවයි. ඊට නිදසුන් ලෙස  
  •   මැන්වෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යා තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ දැනට බාහිරව             ක්‍රියාත්මකවන ARKY කල්ලිය

  •  ස්වීඩනයේ ක්‍රියාත්මකවන ඉන්ටනැෂනල් රයිට් සංවිධානය
  •  ඹ්ලන්දයේ ක්‍රියාත්මකවන ට්‍රයිඩන්ට් සංවිධානය
යනාදී සංවිධාන ඹහු විසින් හªන්වාදෙනු ලබයි.

වෛරස් ඇති ස්ථාන

         විවිධ පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් විසින් රචනා නරනු ලබන වෛරස් පරිගණකයෙහි විවිධ ස්ථානයන්හී තිබේ. එම ස්ථාන ලෙස
  • වෙනත් පරිගණක වැඩසටහන් තුළ
  • මෙහෙයුම් පද්ධති තුළ
  • මතකයේ යම් තැනකට ප්‍රවේශවී තිබීම
  • Boot sector තුළින් පරිගණකය ආරම්භවන සෑමවිටම වෛරසය ක්‍රියාකාරී වේ.

  • Exe, Zip, Scr, Vbs, Bat, Doc, Asp, Com, Pif  යන වර්ගයේ ලිපිගොනු තුළ 
යනාදී ස්ථාන හªනාගත හැකිය. මෙකී ස්ථාන තුළ ?ඳී ඇති වෛරස් ආසාදනයෙන් පසු පරිගණකය ඹස්සේ හªනාගත හැක්කේ කෙසේදැයි විමසා බලමු. පරිගණකයෙහි
  •  දෝෂ සහිතව හැසිරීමට පටන් ගැනීම.
  • E-Mail ක්‍රියාකාරිත්වය මන්දගාමී වීම.

  • Fileප්‍රමාණයෙන් විශාල වීම හා දූෂිත වීම.
  •   සාමාන්‍ය පරිදි Boot නොවීම.
  • නුහුරු පණිවුඩ ප්‍රදර්ශනය වීම.
  •  නොදන්නා File හෝ Folder දිස්වීම.
  • මතක ප්‍රමාණය අඩුබව පෙන්වීම.
  • Hard Disk හි Bad Sector වැඩිවීම.
යන ලක්ෂණයන් පිළිබිඹු වන්නේ නම් වෛරස් ආසාදනය වී ඇතැයි නිගමනය කළ හැකිවේ.

වෛරස් ආසාදනව වීම නිසා සිදුවිය හැකි හානි

  පරිගණකයන්හී වෛරස් ආසාදනය වීම නිසා සිදුවිය හැකි හානිදායක තත්ත්වයන් ලෙස 
  •  නිමක් නැතිව පිටපත් ජනනය තුළින් අනවශ්‍යය තදබදයක් ඇති කිරීම.
  •  පරිගණකයේ පාලනය විකෘති කිරීම.
  •  වටිනා දත්ත මකා දැමීම.
  • අපගේ රහස් තොරතුරු සොරාගැනීම.
  • E-Mail  පද්ධති විනාශ කිරීම.
  • මෘදුකාංග ක්‍රියාකාරිත්වයට හානි පැමිණ වීම.    
  •  බාහිර ක්‍රමයක් මගින් පරිගණකය Boot කර ගැනීමට නොහැකි වීම.
  • CHECKDISK මගින් වැරදි නිවැරදි කිරීමට යාමේදී ගොනු විනාශ වීම.        
යනාදිය හªනාගත හැකිය. මෙකී ආසාදනකාරී තත්ත්වයන්ගෙන් වැළකීමට නම්
  • දෘඩ තැටිය වෛරස නාශකයකින් පරික්ෂාව.
  •  මෘදුකාංගවල ඇති දුර්වල තැන් එනම් වෛරස ?ඳිය හැකි තැන් ඉවත් කිරීම.
  • Firewall භාවිත කිරීම.
  •  සියළුම දත්තවල අමතර පිටපත් තබා ගැනීම.
  • Floppt disk  මගින් පරිගණකය පණගැන්වීම වළකා තැබීම.
  •  එය නිතර යාවත්කාලීන කිරීම.
  • වෛරස් ඇතුළත් වන විටම දැකගත හැකි Memory resident programme තැන්පත්කර                      තබන්න. 
  • Floppy disk Right Protect  කර තබන්න.
  • අනවශ්‍ය අය හා මෘදුකාංග හෝ වෙනත් තොරතුරු හුවමාරුවෙන් වළකින්න.
  • වෛරස්වලින් ආරක්ෂිත මෙහෙයුම් පද්ධති හා මෘදුකාංග භාවිතය.
  •  අන්තර්ජාලයෙන් යම් යම් මෘදුකාංග ලබාගැනීමෙන් වළකින්න.
යන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම කළ යුතු බව දැක්වේ.
        පරිගණක වෛරස් නිසා සිදු වූ මුල්ම විපාකය නම් 1988 ඇමරිකන් ජාතික ශිෂ්‍ය රොබට් ටොපැන් මොරිස් ඇමරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පරිගණක 6000 ක් අක්‍රීය කිරීමයි. ශ්‍රී ලංකාවේ පරිගණක වෛරස්වලින් සිදු වූ බලපෑම නම්,
  • ශ්‍රී ලංකාවේ ටෙලිකොම් ආයතනයට පරිගණක වෛරස් ප්‍රහාර එල්ල කිරීම.
  •  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ Home Page එක විකෘති කිරීම.
  • රජයේ අන්තර්ජාල 50කට ද අනවසරෙන් ඇතුල් වීමයි.
ශ්‍රී ලංකාවේ නිපදවූ වෛරසය නම් 2001 මැයි 17 දින මාවනැල්ල නම් පරිගණක වෛරසයයි. එය දේශපාලන වෛරසයක් වන අතර එතරම් හානිදායක නොවුවකි.
        මෙතෙක් අපගේ අවධානය යොමුකළ වෛරස් පිළිබඳ අධ්‍යයනය කිරීීමේදී ප්‍රතිවෛරස් යනු කුමකදැයි යන්නවත් අවබෝධයක් ලද යුතුවේ. පරිගණක මෘදුකාංගයක් වෙස ක්‍රියාත්මක වන වෛරස්වලින් ඇතිවන බලපෑමෙන් පරිගණක ආරක්ෂා කිරීමට ආරක්ෂාකාරී මෘදුකාංග පද්ධතියක් ද ක්‍රියාත්මකවේ. ඒවා ප්‍රතිවෛරස් නම් වේ.AntiVirus හෙවත් ප්‍රතිවෛරස් යනු පරිගණකයේ තිබෙන වෛරස් ලෙස හªන්වන වැඩසටහන් ඇතුලූ සියලූ නරක වැඩසටහන් හෙවත් මැල්වෙයාස් පිළිබඳ සොයාබලා හªනාගෙන ඒවා අක්‍රිය කරන පරිගණක වැඩසටහනකි. පරිගණක වෛරස් ලක්ෂ ගණනක් සමඟ සටනට විත් සිටින්නේ මෙම Anti වෛරස් මෘදුකාංගයයි. මෙම පරිගණක වෛරස් හාAnti වෛරස් මෘදුකාංග එකිනෙක සමඟ සටන් කරමින් මියුණුවෙන් දියුණුවට පත්වෙමින් තිබෙන මෘදුකාංග දෙපළකි.
        සමස්තයක් ලෙස ගත්කළ වර්තමාන ලෝකයේ පරිගණක තාක්ෂණය මෙන්ම අන්තර්ජාලය තුළ දිනෙන් දින ජනප්‍රිය වෙමින් පවතින වැඩසටහන් එසේත් නැතිනම් මෘදුකාංගයන් දෙකක් වන වෛරස් හා ප්‍රතිවෛරස් පිළිබඳ පරිගණකය මෙවලමක් කොට අන්තර්ජාල සන්නිවේදන කටයුතුවල නිරත වන්නන් සියල්ලෝම අවබෝධයන් ලද යුතු අවධානය යොමුකළ යුතු තත්ත්වයන් ලෙස වැදගත් වේ.  

අශ්‍රිත ග්‍රන්ථ

http://en.wikipedia.org/wiki/Computer_virus

ඩබ්ලිව්. ඒ. අනූෂා නිල්මිණී       

AR/65007         

No comments:

Post a Comment