Sunday, January 11, 2015






වෙබ් අඩවියේ ප‍්‍රභවය සහ විකාශනය 

වෙබ් අඩවියක් යනු,

                    වෙබ් අඩවියක් යනු අන්තර්ජාල මූලලේඛයන් පදනම් වූ ජාලයක් තුළදී පොදු වසම් ලිපිනයක් හෝ අන්තර්ජාල ලිපිනයක් අනුසාරයෙන් ඇමතෙන එකිනෙක සබැඳි වෙබ් පිටු, රූප, විදෘශ්‍ය (වීඩියෝ රූප) හෝ අනෙකුත් සංඛ්‍යාංක (ඩිජිටල්) සන්තකයන් සමුච්චයකි.අන්තර්ජාලය හෝ පෞද්ගලික ”පෙදෙසි ජාලය” ප‍්‍රවෙිශ විය හැකි වෙබ් සේවාදායකයන් අඩුම වශයෙන් එකක් තුල වෙබ් අඩවියක් සත්කාරක කෙරේ.

වෙබ් පිටුවක් යනු ,

                         

 අදිපෙළ සලකුණු බස (HTML) භාවිතයෙන් ලියූ හැඩතල ගැන්වීම් උපදෙස් අතරින් පතර යෙදු සාමාන්‍ය වශයෙන් සරල පෙළක් භාවිතයෙන් ලියැවෙන ලේඛයකි. අනෙකුත් වෙබ් අඩවියන්හි අංගයන් සුදුසු බරුවන් භාවිතයෙන් වෙබ් පිටුවක් තුල අන්තර්ගත කල හැකිය.
                   වෙබ් පිටු වෙත ප‍්‍රවේශ වීම සඳහා ඒවා ප‍්‍රවාහනය කිරිම සිදු කෙරෙනුයේ අදිපෙළ මාරු  මූලලේඛය  භාවිතයෙන් වන අතර වෙබ් පිටු අන්තර්ගතය පරිශීලනය කරන්නාහට ආරක්ෂාව හා පෞද්ගලිකත්වය සැපයීම සඳහා විකල්ප වශයෙන් සංකේතනය(HTTP)සුරැුකි (HTML) භාවිතයද සිදු කල හැකිය. බොහෝ විට වෙබ් බ‍්‍රවුසරයෙන් වන්නාවූ පරිශීලක යෙදුම විසින් සිදුකෙරෙනුයේ පිටු අන්තර්ගතය සලකා බලා එහි  සලකුණු උපදෙස් අනුව ආන්ත සංදර්ශයකට විදැහුම් කිරිමයි. පොදුවේ ප‍්‍රවේශ විය හැකි සියළු වෙබ් අඩවි සමස්තය සමුච්චයක් ලෙසින් විශ්ව විසිරී වියමන සදයි. මුල් පිටුව ලෙසින්ද හැඳින්වෙන සරල ඒකාකාර සම්පත් නිවේශනයක් විසින් සාමාන්‍ය වශයෙන් වෙබ් අඩවියක පිටු ප‍්‍රවේශනය කරනු ලැබේ. ඒවා අතර අඳිබැදිවීම් විසින් පරිශීලකයාට අඩවි ව්‍යුහයක් ප‍්‍රත්‍යක්ෂණය කරමින් කියවන්නාහට අඩවිය සංචාලනය කිරිමට ඉඩ සලසන නමුදු සත්‍යවශයෙන්ම  පිටුවල  ලිපිනයත් ධුරානුක‍්‍රමිකව සකස් වේ. ඇතැම් වෙබ් අඩවිවල අන්තර්ගතයේ මුළුමනින්ම හෝ එහි කොටසක් හෝ ප‍්‍රවේශනය සඳහා දායකත්වයක් අවශ්‍ය වේ. දායකත්වය අවශ්‍ය වන අඩවි සඳහා නිදසුන් අතර බොහෝ ව්‍යාපාරික අඩවි, බොහෝ ප‍්‍රවෘත්ති අඩවියන්හි කොටස්, ශාස්ත‍්‍රීය අඩවියන්, ක‍්‍රීඩා අඩවියන් පණිවිඩ පුවරු වෙබ් පදනමැති විද්්‍යුත් තැපැල් සේවාවන් සමාජ ජාලකරණ වෙබ් අඩවියන් සහ තත්‍ය කාල කොටස් වෙළඳපොළ දත්ත සපයන අඩවියන් වෙති.

වෙබ් අඩවියේ උපත

                                   
    CERN  ආයතනයේදි ටිම් බර්නස් (Tim Bernes Lee) ලී විසින් භාවිතා කරන ලද මෙම Next cube cern  උපකරණය ප‍්‍රථම වෙබ් සර්වරය බවට පත් විය. වෙබය සඳහා මූලික වශයෙන් පදනම් වූ අදහස වන්නේ වර්ෂ 1980දි ස්විස්ටර්ලන්තයේ  දි ටිම් බර්නස් ලී විසින් ENQUIRE  ඔහු කුඩා කල පරිහරණය කළ  Enquire within upon Everything නමැති පොතට යොමුවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතක දිව යන්නකි. එකල මෙම අදහස වර්ථමානයේ භාවිතාවන වර්ථමානයේ භාවිතා වන ක‍්‍රමවේදයෙන් සැලකිය යුතු වෙනසක් පෙන්වුවද එහි හරය තුළ පැවැති අදහස් බොහෝ දුරට එක හා සමාන විය.(ඉනුදු සමහර අදහස් බර්නස් ලීගේ විශ්ව විසිරි වියමනට පසුව එළැඹි අර්ථ විචාරණ (Semantics)  වෙබ් ව්‍යාපෘතියේ ඒවා විය.
                                  මින් අනතුරුව 1989 දී බර්නස්-ලී විසින් ENQUIREසඳහාද යොමුවක් සහිතව තොරතුරු කළමණාකරන ක‍්‍රමවේදයක් පිළිබඳව වඩාත් විස්තරාත්මක යෝජනා පත‍්‍රයක් ලියුවේය. එතෙකින් නොනැවතුනු ඔහු රොබට් කාලියන්ගේ සහයෝගය ද ඇතිව 1990 නොවැම්බර් 12 වැනිදා වඩාත් ක‍්‍රමානුකූල යෝජනා පත‍්‍රයක් ප‍්‍රකාශයට පත් කළේය. මෙහි ආදර්ශ භූමිකාව සපයන ලද්දේ Electronic book technology බ‍්‍රවුන් විශ්වවිද්‍යාලයේInstitute for resarch information and scholarship   ආයතනයෙන් පමණි.CERN ආයතනයෙන් වරපත් කරනු ලැබූ Dynatext  කියවනය මගිනි. කෙසේ වුවත්  මෙම ක‍්‍රමවේදය සලකන ලද්දේ තාක්ෂණික වශයෙන් උසස් (Hytime)ඇතුළතSGML  8879-1986 අධිමාධිය  දක්වා විස්තීරණය කිරීමේ ප‍්‍රධාන කොටස්කරුවෙකි. ඉතා මිල අධික සහ අනුචිත වරපත් කිරීමේ පිළිවෙතක් සහිත  අධි ශක්ති භෞතික විද්‍යා ප‍්‍රජාව හා සබැඳි කටයුතු  සඳහාය. මෙහි එක් එක් ලේඛනය භාවිත කල වාරයක් පාසා කිසියම් මුදලක් අය කරන ලදි. ටිම් බර්නස් ලී විසින් තැනූ Next Cube උපකරණය ලොව ප‍්‍රථම වෙබ් සේවාදායකය ලෙස භාවිත කරනු ලැබූ අතරමඑ ය 1990 දී පළමු වෙබ් බ‍්‍රවුසරය වන world wide web  ලිවිම සඳහා ද භාවිත කෙරුණි.  1990 අග භාගය වන විට  බර්නස්-ලී ක‍්‍රියාකාරී වෙබයක් සඳහා අවැසි සියලුම උපකරණ නිමවා තිබිණි.පළමු වෙබ් බ‍්‍රවුසරය(මෙය වෙබ් සංස්කාරකයක්ද විය.) පළමු වෙබ් සේවාදායකයා හා පළමු වෙබ් පිටු එම ව්‍යාපෘතිය  පිළිබඳ  සියළු  විස්තර දරයි. 1991 අගෝස්තු 6 දා ඔහු  කණ්ඩායම වෙනුවෙන් වෙබ් අඩවිය පිළිබඳ සම්පින්ඩණයක් ඉදිරිපත් කළේය. යුරෝපයේ පරිබාහිර තීරණාත්මක සංකල්පය ජනිත වූයේ 60 දශකයේදි බ‍්‍රවුන් විශ්වවිද්‍යාලයේ  hypertext editingආදි පරණ ව්‍යාපෘති සමඟය. මේ අතර ටෙඞ් නෙල්සන් හා ඇන්ඞ් තීචිසන් වෑන්ඩෑම්, ටෙඞ් නෙල්සන්ගේ Xanadu    ව්‍යෘපෘතීය හා ඩග්ලස් එන්ගල්බර්ඞ්ගේ පිළිමොලින්වෑන්තෙවර් බුෂ්ගේ ක්ෂුද්‍ර සේයාවට මූලිකව තැනුmemmex  හි අදහස් මගින් පෙළඹවීමට ලක්විණි. මෙය 1945 දි රචිත As we may think    නමැති නිබන්ධනය මගින් විස්තර කෙරී ඇත.
                                 බර්නස් ලීගේ සුවිශේෂිත වූ සොයාගැනීම වන්නේ අධිපෙළ අන්තර්ජාලය සමඟ සම්බන්ධ කරවීමයි. Weaving the webනම් වූ ඔහුගේ ග‍්‍රන්ථයෙහි ඔහු පැහැදිලි කරන්නේ ඔහු විසින් පුන පුනා යෝජනා කරන ලද අදහසක් වන ඉහත සඳහන් කරන නාක්ෂණ ක‍්‍රමෙචිද දෙක අතර සමීප සම්බන්ධතාවයන් ගොඩනැගීමේ ඉතා පහසුවෙන් පවත්නේ ඒවායේ තාක්ෂණික ප‍්‍රජාවට බවය.නමුත් කිසිවෙකු ඔහුගේ ආරාධනය පිළිගැනීමට නොවූ කල එම දුෂ්කර කටයුත්තට මුල පිරීමට ඔහුටම සිදුවිය.මේ අතරවාරයේ වෙබයේ පවත්නා  ඕනෑම සම්පතක් අනන්‍ය ලෙස හඳුනා ගැනීම සඳහා ක‍්‍රමවේදයක් ඔහු විසින් සකස් කෙරිණි. එය Uniform resourse identifierනම් විය.එකල බහුලව පැවති Hypertext ක‍්‍රමෙවිදයන්ට හාත්පසින්ම වෙනස් ලක්ෂණ ගණනාවක් විශ්ව විසිරී වියමන සතුවිය. මෙම වෙබයේ මූලික අවශ්‍යතාවයන් වූයේ ඉදිරියටත් ආපස්සටත් ගමන් කල හැකි සබැඳි වෙනුවට ඒකදිශ සබැඳි පැවතීමයි.මේ ආකාරයට කිසියම් අයෙකුට කිසියම් සම්පතක් එහි හිමිකරුගේ මැදිහත් වීමකින් තොරව සබැඳීමේ හැකියාව හිමිවිණි. තව ද මේ වෙබ් සේවාදායකයා හා බ‍්‍රවුසරය ක‍්‍රියාත්මක කිරීමේ තදබල අපහසුතාවය මගහැරවීමට ද සැලකිය යුතු තරමේ දායකත්වයක් සැපයීය.(ඉන්පෙර පැවති ක‍්‍රමෙචිදයන් හා සසඳන කල්හි) එසේ වුවද මෙම ක‍්‍රමය කල් පවත්නා ගැටලුවක් වූ සබැඳි කල් ඉකුත් වීම  සඳහා මඟ පෑදිය. මින්පෙර පැවති ඒවා  මෙන් නොව වෙබ් අඩවිය  ඕනෑම පරිශීලකයෙකුට වෙළඳ හිමිකමකින් තොරව නොමිලයේ භාවිතා කල හැකිවිය.මෙය මින් පෙර නොවූ විරූ පෙරළියක් ඇති කළේ අනුග‍්‍රාහකයා හා සේවාදායකයා එකිනෙකට ස්වාධීන අයුරින් නිමවා ගත හැකි වීමෙන් වරපත් අවහිරයකින් තොරව දිගුවක් එක් කළ හැකි වීමෙන්ය.
               1993 අපේ‍්‍රල් 30 වෙනිදාCern ආයතනය නිෙචිදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන් මතුවට වෙබ් අඩවිය  ඕනෑම අයෙකුට කවර ආකාරයට හෝ ගාස්තුවක් ගෙවීමකින් තොරව පරිශීලනය කළ හැකි බවයි.දෙමසකට පසු එළිදැක්වූ තවත් ප‍්‍රකාශනයකින් කියැවුනේ එම  ප්‍රෝ ට්‍රෝකෝලය තවදුරටත් නොමිලයේ පරිශීලනය කළ නොහැකි බවය. මෙම පියවර පරිශීලනයන් තුළ hypertextහි සිට hypercard වෙබය කරා සීඝ‍්‍ර සංක‍්‍රමණයන් ඇති කරවීමට සමත් විය. Violawww නමැති පැරණි එමෙන්ම ජනපි‍්‍රය වෙබ් බ‍්‍රවුසරය ද Hypercardක‍්‍රමවේදය මූලික කරගනිමින් සකසා තිබුණි. කෙසේ වුවත් 1993 මොසැයික්  වෙබ් බ‍්‍රවුසරයේ හඳුන්වා දීම යනු වෙබ් අඩවි විකාශනයේ වැදගත් පියවර ලෙස ක්ෂේත‍්‍රයේ විද්වතුන් සාමාන්‍යයෙන් එකඟත්වයට පැමිණි කරුණකි. මොසැයික්  වෙබ් බ‍්‍රවුසරය වනාහි ඉල්ලිනොයිස් විශ්වවිද්‍යාලයේ NESAආයතනය විසින්  ඇන්ඞ්රීස්සන්ගේ මූලිකත්වයෙන් නිපදවනලද රූප මාධ්‍යය වෙබ් බ‍්‍රවුසරයකි. මොසැයික් හි මූල්‍ය සම්පාදනය සිදු වූයේ ඉහළ කි‍්‍රයාකාරී පරිගණක (hyperformance)සහ සන්නිෙචිදන මුල් පිරිම communications initiative නමැති වැඩසටහන මතිනි.  මෙම  වැඩසටහනට මුල පිරුණේ ඇමරිකානු සෙනෙට් සභික ඇල්ග්‍රෝර් විසිනි.  1991 දී ඉදිරිපත් කෙරුණු පනතකි.  තව ද මෙය ග්රොර්බිල් (Gore Bill) නමින් ද ප‍්‍රචලිතය.  මොසැයික් නිකුතුවට ප‍්‍රථම පොදුවේ වෙබ් පිටුවල පෙළ සමඟ චිත‍්‍රක මිශ‍්‍ර කර ඉදිරිපත් කර නොලැබිණි.  තව ද එහි ජනප‍්‍රියතාව අන්තර්ජාලයේ භාවිතා කරන ලද පැරණි ප්‍රොටෝකෝලයක් වන Groper හා  Wide Area Information serversට වඩා අඩු මට්ටමක තිබිණි. Mosaic  චිත‍්‍රක අතුරු මුහුණත වෙබයට  අන්තර්ජාලයේ ජනප‍්‍රියතම ප්‍රොටෝකෝලය බවට පත් වීම සඳහා ඉවහල් විය.
1994 දී ටිම් බර්නස්ලි CERNආයතනයෙන් සමුගැනීමෙන් පසු ඔහුගේ කාලය W3C ආයතනය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට යෙදවිණි.එය ප‍්‍රතිෂ්ඨාපනය කෙරුණේ අන්තර්ජාලය හා යුරෝපියකොමිසම (European commission)ට පුරෝගාමි වූ( Defence advanced research project Agency)ආයතනයේ පූර්ණ සහයෝගය සහිත ව Massachusetts in Stitute of Technology Laboratory for computer Science) MIT/ LCS ආයතනයේදීය.

විශ්ව විසිරි වියමනේ උපත

                  

     විශ්ව ව්‍යාප්ත වියමන  සඳහා රොබට් කයිලිවු  ( Robert cailliau )  විසින් නිර්මාණය කරන ලද පැරණි ලාංඡනය.  
                    
 වර්ල්ඞ් වයිඞ් වෙබ් හෙවත් විශ්ව ව්‍යාප්ත වියමන ( කෙටියෙන් වෙබ් ) යනුවෙන් හඳුන්වන්නේ එකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙම ලේඛනවල අක්‍ෂර රූප, වීඩියෝ ආදී  ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛන  Hypertext Documents යනුවෙන් හැඳින්වෙන අතර ඒවා එකිනෙක සම්බන්ධ කිරීමට Hyperlink යනුවෙන් හැඳන්වෙන අක්‍ෂර විශේෂයක් භාවිත කරනු ලැබේ. මෙම සෑම ලේඛනයකටම එයටම අනන්‍ය වූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් යනුවෙන් හැඳින්වෙන්නේ මෙවැනි ලේඛන එකතූවකටය.  වෙබ්  අඩවි නැරඹීම සඳහා වෙබ් බ‍්‍ර‍්‍රවුසරය යනුවෙන් හැඳින්වෙන මෘදුකාංග වර්ගය භාවිත කරනු ලැබේ. මොසිල්ලා ෆයර්ෆොක්ස් සහ මයික්‍රොසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් වෙබ් බ‍්‍ර‍්‍රවුසර් සඳහා උදාහරණයි. වෙබ් බ‍්‍ර‍්‍රවුසරයක් විවෘත කරගෙන එහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය  ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතූළත් කිරීමෙන් එම වෙබ් අඩවිය බ‍්‍රවුසරය තූළ දර්ශනය වේ.

  වෙබ් අඩවියේ අන්තර්ජාල සම්මතයන් 

බොහෝමයක් විධිමත් සම්මත සහ අනෙක් තාක්‍ෂණික පිරිවිතර කිරිම අන්තර්ජාලය හා පරිගණක තොරතූරු හුවමාරුවෙහි වෙනස් ලක්‍ෂණවල ක‍්‍රියාකාරිත්වය විග‍්‍රහ කරයි.  බොහෝමයක් ලේඛන බර්නස් ලී විසින් මෙහෙයවන  world wide webමූල්‍යායතනය (W3C)මගින් සිදුකරන නමුත් සමහර ඒවා සකසනුයේ අන්තර්ජාල ඉංජිනේරු කටයුතූ බලකාය (IETF)හා වෙනත් සංවිධාන මගිනි.  සාමාන්‍යයෙන් වෙබ් සම්මතයන් සාකච්ඡුා කිරීමේදී පහත සඳහන් ප‍්‍රකාශ පාදම ලෙස යොදා ගති.  W3C හි සලකුණු කිරීමේ (markup)සඳහා නිර්දේශයන් විශේෂයෙන් HTML හා XHTMLXමෙය අදිපෙළ (Hypertext) ලේඛනවල ව්‍යුහය හා අර්ථ නිර්වචනය කරයි.

  • W3C හි විලාස පත්  සඳහා නිර්දේශ වන්නේ ප‍්‍රධාන වශයෙන් CSS  ය.
  • ECMA Script    සඳහාEcma ඉන්ටර්නැෂනල් සම්මතයන් සාමාන්‍යයෙන්  javascipt   ආකාරය වේ. 
  • W3C ලේඛන විෂය ආදර්ශ නිර්දේශ 

wwwසඳහා වෙනත් අවශ්‍යකරන තාක්ෂණයන් සඳහා වූ පහත අතිරේක ප‍්‍රකාශ මගින් සපයන අතර එම නිර්වචන මේවාට මෙතෙක් සීමා කෙරෙයි.

  • විධිමත් සම්පත් හඳුන්වනය URI යනු   Hypertext ලේඛනය හා අනුරූප (images ) වැනි අන්තර්ජාලයේ නිර්දේශිත සම්පත් සඳහා සමස්ත පද්ධතියකි.  URI වලට URL යැයි කියන අතර IETEහි  RFC 3986/S7Q66  මඟින් නිර්මාණය කරයි. විධිමත් සම්පත් හඳුන්වනය URI පොදුකාරක නීති මෙන්ම එහි පුරෝගාමියා වන බහුලURL යෝජනා ක‍්‍රම RFC වලින් නිර්වචනය කරයි. අධිපෙළ හුවමාරු ප්‍රොටෝකෝලය Hypertext transfer protocol)  ( HTTL ) විශේෂයෙන් RFC 2616 නිර්වචනය කරයි. HTTP/1/    හා   RFC 2617  වලංගුතාවය එනම් බ‍්‍රවුසරය හා සර්වරය එකිනෙකා වලංගු වන ආකාරය පෙන්වයි. 



වෙබ් බ‍්‍රවුසර් යනු

වෙබ් බ‍්‍රවුසරය යනු ලෝක ව්‍යාප්ත ජාලයේ ඇති වෙබ් පිටු පින්තූර සහ වීඩියෝ මෙන්ම අනෙකූත් විවිධ මාදිලියේ  දේ (Files)පරිහරණය කරන්නාට අවශ්‍ය ආකාරයට පරිශීලනය සඳහා යොදා ගත හැකි කුඩා සොෆ්ට්වෙයාර් ඇප්ලිකේෂන් එකකි.මෙහිදි අපට අවශ්‍ය වන වෙබ් පිටුවක ලිපිනයත් මෙයට ලබා දුන් විට මෙමගින් ලෝක ව්‍යාප්ත ජාලය හරහා එම වෙබ් පිටුවට අදාල සර්වරයෙන් අවැසි දත්ත සඳහා ඉල්ලීමක් කරයි. එම ඉල්ලීම සාර්ථක වුවහොත් එම සර්වර් මත නැවත අපගේ , වෙබ් බ‍්‍රවුසරය වෙත අවශ්‍ය තොරතුරු එවනු ලැබේ. මෙම දත්ත එවනුයේ  මූලික  කේත ලෙස වන අතර අපගේ වෙබ් බ‍්‍රවුසරය මගින් එම කේත මිනිසාට හඳුනාගත හැකිවන පරිදි පරිවර්ථනය කරයි. (අකුරු, පින්තූර, වීඩියෝ බවට )

World Wide Web බ‍්‍රවුසරය නිකුත් කිරීම.


පළමු වන වෙබ් බ‍්‍රවුසරය 1990 වර්ෂයේදි ටිම් බර්නස් ලී විසින්Objectives
  යන පරිගණක ක‍්‍රමලේඛන භාෂාව  යොදාගෙන නිපදවිය. ඔහු ටnexus නමින්  එය වෙනස් කිරීමට සිදුවූයේ ලෝක ව්‍යාප්ත ජාලයටත් එම නමම (world wide web යන්න)  භාවිතා කරන නිසාවෙනි.  එය ලොව මුල්ම ග‍්‍රැෆිකල් වෙබ් බ‍්‍රවුසරය විය.Nexusඔහුගේ පළමු වන වෙබ් බ‍්‍රවුසරය වන මෙහි කේත ලිවීමට යොදාගන්නේ එවකට ඉතා ජනප‍්‍රිය පරිගණක වර්ගයක් වූ  NEXTපරිගණකයක් ආධාරයෙනි. ඔහු එවකට CERN  ආයතනයට අනුබද්ධව සිටියේය.1990 දෙසැම්බර් 25 වන දින ඔහු තම වෙබ් බ‍්‍රවුසරයේ පළමුවන සාර්ථක කේත ලිවීමේ කටයුතු අවසන් කළේය. තම හිතමිතුරන් සමඟ ඒවා අත්හදා බැලීය.

  • Mosaic  බ‍්‍රවුසරය නිකුත් කිරීම.
  • Nestcapeබ‍්‍රවුසරය නිකුත් කිරීම.
  • Internet Explora 1.0 බ‍්‍රවුසරය නිකුත් කිරීම.
  • Operaබ‍්‍රවුසරය නිකුත් කිරීම.
  • Mosula open sourse සටන දියත් කිරීම ව්‍යාප්තය ආරම්භය.

මෙම ව්‍යාප්තියේ වැදගත් සන්ධිස්ථාන කිහිපයකි.

  • 1998 පෙබරවාරි 23Mozillaorg.  ව්‍යාප්තිය දියත් කිරිම.
  • 1998 මාර්තු 31 Mozillaorg හි Nextscape Communication    මූලාශ‍්‍ර කේතය soursecode ප‍්‍රදර්ශනය කිරිම.
  • 1998 ඔක්තෝබර් 26  Mozillaorg හි ඉදිරි වැඩසටහන් පෙළ ඉදිරිපත් කිරිම.
  • 1990 මාර්තු 18nestcape communication corporation සමාගම AOL සමාගම අත්පත් කර       ගැනිම.


Internet explorerභාවිත ප‍්‍රතිශතය විශාල ලෙස ඉහල  යෑම.

  • IE4  නිකුත් කිරිම. (1997 සැප්තැම්බර් )
  • IE 5  නිකුත් කිරිම. (1999 මාර්තු )
  • IE6  නිකුත් කිරිම. (2001 අගෝස්තු )


       Firefox පැමිණීම.

  • Firefox 1.0  ( 2004 නොවැම්බර් 09 )
  • Firefox  2.0  (2006 ඔක්තෝබර් 24 )



  • Internet Explorer7.0 බ‍්‍රවුසරය කේන්ද්‍ර කිරිම.
  • Google සමාගමේ Chrome බ‍්‍රවුසරය නිකුත් කිරිම.                                               


                  වෙබ්  ඉතිහාසයේ අමතක නොවන අවස්ථා සටහන් කරයි.  අද වනවිට ලෝකයේ අන්තර්ජාලය හා සබැඳුනු සෑම ක‍්‍රියාදාමයකට ම පාහේ වෙබ් අඩවියක් නිර්මාණය වී ඇත. දස දහස් ගණන් වෙබ් අඩවි අතරේ සමාජ සංස්කෘතින් බිඳ හෙළමින් රට රටවල ජාතික සමගියට පවා බලපෑම් එල්ල කරන වෙබ් අඩවි ද නැතුවාම නොවේ. ලිංගිකත්වය පිළිබඳව, ආගම්වාද පිළිබඳව, ජාතින් පිළිබඳව කතා කෙරෙන වෙබ් අඩවි ඇත. වෙබ් අඩවිවල අනිසිඵල ගැන නොයෙකුත් තොරතුරු ලොව නන් දෙසින් වාර්තා වේ.  මෙවැනි දෑ නිසා වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ඵල ප‍්‍රයෝජන ගිලිහි යනු ඇත. නමුත් තොරතුරු සොයන්නෙකුට වෙබ් අඩවි සලසනුයේ ඉමහත් ප‍්‍රයෝජනයකි. කරුණු කෙසේ වුවත් යහපත අයහපත තෝරා බේරා ගෙන ක‍්‍රියා කිරීමට පුද්ගලයා උත්සුක විය යුතුය. මෙනයින් වෙබ් අඩවියේ උපත සහ නව සොයා ගැනීම් හේතූ කොටගෙන ක‍්‍රමිකව එය වර්ධනය  වූ ආකාරය පෙන්වා දිය හැකිය.


                                     



           ආශ්‍රේය ග‍්‍රන්ථ

  • www.tutorjoes.com
  • pasindukaru.blogspot.com
  •  www.si.wikipedia.org.




ලක්ෂිකා සුබෝධනී අබේනන්ද
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය
AR/64663

No comments:

Post a Comment