Tuesday, January 6, 2015

අන්තර්ඡාල භාවිතය තුලින් සිදුවන ළමා අපයෝඡන

අන්තර්ඡාල භාවිතය සමඟ නිතර බැඳි පවතින සමාඡ කොට්ඨාසයක් වන්නේ තරුණ පරපුර වේ.එක්සත් ඡාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව ළමුන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ අවුරුදු 18ට වඩා අඩු වයස් වල පසුවන්නන් වේ.අයහපත් ප්‍රතිඵලය වන්නේ මෙම වයස් සීමාවල පසුවන්නන් අයථා ලෙස අන්තර්ඡාලය භාවිතා කිරීමයි.

“අන්තර්ඡාලය ඔස්සේ ලිංගික දර්ශන නැරඹීමට පමණක්  නොව නොයෙකුත් ආකාරයේ ලිංගික සම්බන්ධතා පැවැත්වීමටද තරුණ පරපුර පෙළඹි සිටිති. අන්තර්ඡාලය මත සිදුවන ලිංගික සම්බන්ධතා ලෝකයේ විශාල ව්‍යාපාරයන් වශයෙන් වර්ධනය වී තිබේ. මිලියන 30ට අධින සංඛ්‍යාවක් දිනකට වෙබ් අඩවි තුළට ප්‍රෙව්ශ වී අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායා රූප ලබා ගැනීමට පෙළඹි සිටිති.
                                                            (මධුභාෂිණි.ටී.ඡි.,2008,පි.89 )

අන්තර්ඡාලය මිනිස් ඡිවිතයට සම්බන්ධ වී එතරම් කාලයක් ගතවි නැතත් මිනිසාගේ සෑම ක්‍රියාකාරමකටම නැතුවම බැරි මෙවලමක් බවට අන්තර්ඡාලය පත්වී තිබේ. දිනෙන් දින අලුත්වන ළමා පරපුරේ සිතිවිලි , ආකල්ප , අදහස් , සමඟ අන්තර්ඡාලයේ අන්තර්ගතයන්ද වෙනස්වීමට බඳුන් වේ. වර්තමානය වනවිට ‍වෙබ් අඩවි වෙත යොමුවිමේ ප්‍රතිඵලයක් ලෙස ළමා පිරිස් විවිධ මානසික අර්බුදයන්ට ලක්වී තිබේ.අන්තර්ඡාලය පමණක් නොව විද්‍යුත් ලිපි හුවමාරුව නිසාද පුද්ගලයින් විවිධ රෝගාබාධවලට ලක්වන බව සමීක්ෂණ හරහා හෙළිවී තිබේ.අන්තර්ඡාලය පරිහරණයට ඇබ්බැහි වීම නිසා ආකල්පමය හා මනෝමය වශයෙන් පරිහානියට පත්වීම පමණක් නොව සෞඛ්‍ය අතින් පරිහානියටද පත්වේ.

අන්තර්ඡාලය යනු උගතුන්ගේ පාරාදීසයක් නොව නූගත් බූරුවන් , පිස්සන් , නරුමයන්ගේ පාරාදීසයකි.
                                                (පෙරේරා. එස් .එච්. ,2012, පි. 12 )

 ලංකාවේ සමාඡ ප්‍රශ්න අතර ළමා අපචාර ප්‍රධාන තැනක් ගනී.ළමා අපයෝඡන කොටස් කීපයකට  බේදේ.
·         ලිංගික අපයෝඡන
·         කායික අපයෝඡන
·         මානසික අපයෝඡන
ළමා අපචාර සම්බන්ධයෙන්  විවිධ නිර්වචන දක්නට ලැබේ. ළමා අපයෝඡන හා ළමා හිංසනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ විග්‍රහ කරන්නේ මෙලෙසය.

“ සියලූම ආකාරයේ කායික හා මානසිකව ළමයාට කරන්නාවූ ක්‍රියා , ලිංගික අපයෝඡන, නොසලකා හැරීම හෝ කෘර ලෙස සැලකීම හෝ වාණිඡමය හෝ වෙනත් ආකාරයේ සූරාකෑම් හේතුකරගෙන ළමයාගේ සෞඛ්‍ය පැවැත්ම , සංවර්ධනය , වගකීම , විශ්වාසය , හෝ බලය යන සම්බන්ධතා විෂයෙහි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි කියා කිරීම ළමා අපයෝඡන නම්වේ.
ළමා අපචාර යනු ළමයින් සඳහා සිතාමතා කරනු ලබන නීති විරෝධි ක්‍රියාවන්ය. එසේම ළමයින්ට බලහත්කාරයෙන් හෝ විවිධ පෙළඹවීම් මඟින් නීති විරෝධී ක්‍රියාකාරකම් කරවනු ලබයි. මෙම ක්‍රියාවන් නිසා ළමයින්ගේ ආරක්ෂාව පිණිස යම් යම් නෛතික තත්වයන් රඡය මඟින් ගෙන තිබේ. අන්ත දුගීභාවය , දරුවන්ට මව්පිය රැකවරණය හා ආරක්ෂාව අහිමි වීම , දරුවන් තනිවීම , දරුවා කෙරෙහි අවධානය යොමුනොකිරීම , මව්පිය සෙනෙහස නොලැබෙන දරුවන් එම ආදරය සමාඡයේ වෙනත් පාර්ශ්ව වෙත සොයායාම , ෆෙස්බුක් , ස්කයිප් වැනි අන්තර්ඡාල වැනි තාක්ෂණික ක්‍රම අයථා ලෙස භාවිතා කිරීම , වැනි හේතූන් නිසා ළමයින් අපයෝඡනයට පාත්‍ර වේ. මෙ අයුරින් අන්තර්ඡාලය ඔස්සේ විවිධ අයහපත් ක්‍රියා සිදුවේ.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
මධුභාෂිණි. ඡි . ටී. (2008 ) , අන්තර්ඡාලය හා සංවර්ධනය , තරංග ප්‍රකාශකයෝ , ශ්‍රි ඡයවර්ධනපුර මාවත , රතුපස්වල , මුදුන්ගොඩ.
පෙරේරා , එස්. එච්. 2012 , අන්තර්ඡාලයට මුහුණු 2 යි , දිවයින , ඡනවාරි 03.


ඒ . වී .එස් . යූ . වි‍ඡෙරත්න.
AR/ 65243


No comments:

Post a Comment