Tuesday, February 10, 2015

           
              Yahoo =Yet another hierarchical officious oracle"



                  ලෝක ව්‍යාප්ත ජාලය වැනි පරිගණක පද්ධතියක් හෝ ආයතනයක පරිගණක ජාලයක් හෝ පෞද්ගලික පරිගණයක තිබෙන  ස්ර්ච් එන්ජිම පර්සනල් සර්ච් එන්ජිමකි. සර්ච් එන්ජිමක් කි‍්‍රයාත්මක වන්නේ මිනිසුන්ගේ   මැදිහත්වීමකින් තොර ස්වයංකී‍්‍රයව වීජ ගණිතමය ක‍්‍රමයකට අනූව ය. එබැවින් එය වඩා නිවැරදි යැයි සැලකිය හැකි ය. මුල් ම අන්තර්ජාල සර්ච් එන්ජිම මොන්ටි‍්‍රයල් හි (Montriyal) මැක්ගිල් විශ්ව විද්‍යාලයේ සිසුවකුව සිටිය දී 1990 දී ඇලන්  එම්ටේජ් නිර්මාණය කළ  ආචි (Archeieස්ර්ච් එන්ජිමයි. මුල් ම වෙබ් ස්ර්ච් එන්ජිම වැන්ඩෙක්ස් (wandex) ය. ඉන්පසු 1993 ඇලිවෙබ් (Aliweb) හා වෙබ්  ක්‍රෝලර් (Aliweb) යන සෙවුම් යන්ත‍්‍ර බිහිවිය. මේවා අතර වඩාත් ජනප‍්‍රිය වන්නේ 1994  දී ලයිකොස් (Lycos1995 දී අල්ටාවිස්ටා (Altavista1996 දී ආස්ක්ජිව්ස් (Askjeevs) ද 1997 දී නදර්න් ලයිට් (Nothern Light) 1998 දී ගූගල් (Google) 1999 දී බයිදු (Baidu) 2004 දී යාහු (Yahoo2005 දී එම්එස්එන් (MSNස්ර්ච් යනාදිය  වඩා ප‍්‍රසිද්ධියට පත්විය. 

     මේ අතර යාහූ (Yahoo) වනාහි සෙවුම් පද්ධතියකි. Jerry Yang සහ David Filo විසින් 1994 දී ප‍්‍රතිස්ථාපිත කරන ලද අතර 1995 මාර්තු 1 දින සංස්ථාපනය කරන ලදි. ”යාහු වෙබ් අවකාශයේ කීර්තිමත් නාමයක් දරණ සෙවුම් අඩවියක් ලෙස හැ`දින්විය හැකිය. එක්තරා යුගයක වෙබ් අවකාශයේ ඉහළම නම ර`දවා සිටි සෙවුම් අඩවිය යාහූ වන අතර වර්තමානයේ ඇමරිකාව තුළ සෙවුම් අඩවියක් ලෙසට භවිතා වන තෙවන අඩවිය බවට මෙය පත්ව ඇත. එනම් ගූගල් සෙවුම් යන්ත‍්‍රයට හා මයික‍්‍රසොෆ්ට් හි බින් සෙවුම් යන්ත‍්‍රයට පසුව ය.”(1) ලෝකයේ ව්‍යාප්තව පවතින අන්තර්ජාල මෙහෙයුම් නාමාවලියේ තෙවන අඩවිය බවට පත්වීමට හේතු වන්නේ පුනරාක්‍ෂක සැලැස්මකින් යුක්ත ව කි‍්‍රයාත්මක වීමත් දස දහස් ගණන් වෙබ් අඩවි සහ මිලියන සංඛ්‍යාත වෙබ් පිටු පරිශීලකයන් ලෙස කලක සිට මෙන් ම අලුතින් ද  භාවිත කරන්නන්ගේ  ප‍්‍රමාණය ඉහළයාම හේතුවෙනි. යම්කිසි දත්තයක් හෝ තොරතුරක් සොයා ගැනීමේ දී පහසු සෙවුම් මාර්ගවලින් යුක්ත ය. කලක් පටන් යාහූ වෙබ් අවකාශයේ ජනප‍්‍රියත ම සෙවුම් යන්ත‍්‍රය බවට පැවතුණේ එවැනි පහසු සෙවුම් මාර්ගවලින් යුක්ත වූ සෙවුම් අඩවියක් බැවිනි. 
යාහූ ආරම්භ කරන ලද්දේ 1994 වර්ෂයේ වුව ද යාහූ යන නාමයෙන් ලෝක ව්‍යාප්ත වන්නේ 1995 මාර්තු මාසයේ දී ය. ”1994 දී ආරම්භ කළ යාහු සමාගමේ සේවකයින් 14000ක් පමණ සිටින අතර Jerry yang එහි සභාපතිවරයා වේ. David Filo එහි ප‍්‍රධානියාවේ. 2007 වසරේ යාහු සමාගමේ ශුද්ධ ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 66කි.”(2) යාහූහි ආරම්භය විමසා බැලීමේ දී ”1994 ජනවාරිවල දී Jerry’s Guide to the world wide web කියා නම් කළ, ලෝක ව්‍යාප්ත ජාලයේ පළමු වෙබ් ලිපින නාමාවලිය ඬේවිඞ් ෆිලෝ සම`ග එක් වූ ජෙරී යැන්ග් විසින් ඇමරිකාවේ කැලිෆෝනියා නුවර සැන්ට ක්ලේරා දී ආරම්භ කළේ ය.”(3) 2005 ඔක්තෝම්බර් වන විට දී ලොව පුරා මෙහි සේවා බිලියන 3.4කට ආසන්න සේවා ලාභීන් දක්නට ලැබිණි. 2013 දෙසැම්බර් වන විට 12,200 පමණ සේවාදායකයින් විය. මෙම නිළ වෙබ් අඩවියට පිවිසෙන්නේ  http://www. Yahoo.com ම`ගිනි. 
      ලෝක ව්‍යාප්ත ජාලය ඔස්සේ යාහූ වෙතින් සපයන සේවාවන් ද, මයික‍්‍රසොෆ්ට් වෙතින් සපයන සේවාවන් ද එක් ව ගත් විට බිහිවන්නේ ලෝක ව්‍යාප්ත ජාලයේ තිබෙන බලවත් ම සේවා සපයන්නා ය. එහි දී සිටින එකම තනි තර`ගකරුවා වන්නේ ගූගල් පමණකි.



මයික්‍රොසොෆ්ට්
යාහු
ප‍්‍රධානම තර`ගකරුවා
ඊ-මේල් සේවා
Hotmail                 255

   Yahoo mail              257                 
 Google Gmail              90
ඉන්ස්මන්ට් මැසෙංජින් සේවා

      MSN Live          223

    Yahoo Messen ger  93

AOQ  ICQ                      30

ඡුායාරූප සේවා


       Facebook          64

    Flicker                        40

Picasa                           38
සංගීත සේවා
       MSN Music       16

    Yahoo Music             57

ALO Music                    91
මූල්‍ය ව්‍යාපාර
 පුවත්
       MSN Money
     17

    Yahoo finace           35

Reed Business             16
සම්පූර්ණ පරිශීලකයන් ගණන
      Microsoft Sites 
                 මිලියන 540
     Yahoo sites
                   මිලියන485
Google sites 
                 මිලියන 588
සර්ච් කරනන්ගේ ප‍්‍රතිශතය 
Microsft sites 3%
Yahoo sites 13%
Google Sites 62%
   ”   (4)
       
 අන්තර්ජාල භාවිත කරන  බොහෝ දෙනෙකුගේ ජීවිත හා බැ`දුණු සමාගමක් ලෙස Yahoo
සමාගම වෙතින් ලබා දෙන ප‍්‍රධාන සන්නිවේදන මාර්ග දෙකක් ලෙස Yahoo messenger හා Yahoo mail සේවා හැ`දින්විය හැකි ය.” යාහූ මැසෙන්ජර් විශ්වාසනීය ය. එම`ගින්  ඕනෑම මොහොතක පාඨ පණිවුඩවලින් මෙන් ම කථනයෙන් ද අන්තර්ජාලය ඔස්සේ සන්නිවේදනය පැවැත්වීමට අවස්ථාව සලසයි. මෙය  Yahoo වෙතින් නොමිලේ ලබාගත හැකිය. විද්‍යුත් තැපෑලට වඩා වේගවත් ය. ඉන්ටර්නෙට් ඔස්සේ  ඕනෑම තැනක සිට  ඕනෑම කෙනෙකුට දුරකථන ඇමතුම් දිය හැකිය. එකවර බහු සංවාද පැවැත්වීමේ හැකියාව ද ඇත.”(5)  
”එසේ ම මයික‍්‍රසොෆ්ට්, ෆේස් බුක්, පෝල් ටෝක්, යු ටියුබ්, ස්කයිප්, AQL, ඇපල් යනාදි ආයතන හරහා ක‍්‍රියාත්මක වන දත්ත ද මිලියන ගණනක විද්‍යුත් ලිපි ද රාශියකි. මේ අතර බොහෝ දෙනෙකුගේ විද්‍යුත් තැපැල් ගනුදෙනු කරන්නේ Yahoo.com විද්‍යුත් ලිපිනය ඔස්සේ ය. හියුමන් රයිට්ස් ෆ(ර්)ස්ට් සංවිධානය ප‍්‍රකාශ කරන අන්දමට ඇමරිකාවේ වැඩි දෙනා පිවිසෙන වෙබ් අඩවිය Yahoo බවයි. එය අන්තර්ජාලයේ ඇති වැදගත් ම තොරතුරු ගබඩාවකි. උදා: 2012 දෙසැම්බර් වන විට මිලියන 281 පිරිසක්  විද්‍යුත් තැපැල් භාවිත කර ඇති අතර මෙම සේවාව 1997 ඔක්. 8 සිට වර්තමානය දක්වා ම භාවිත කරන්නන්ගේ ප‍්‍රමාණය අනෙකුත් සමාගම්වලට සාපේක්‍ෂව වැඩි වේ.”(6)


        යාහූ  online ලෝකයේ  ප‍්‍රතිචාර දැක්වීමේ බලවතෙකි.  Online chat හෙවත් මාර්ගගත සල්ලාප ක‍්‍රමය වේ. මෙහි සාමාන්‍ය සල්ලාප ක‍්‍රමයට වඩා වෙනස් වන්නේ කතා කිරීම වෙනුවට කියන්නට ඇති දෙය ටයිප් කිරීමත්, ඇසීම වෙනුවට පරිගණක තිරය මත දිස්වෙන තොරතුරු කියවීමත් ය. එමෙන් ම යාහූ වෙතින් පවත්වා ගෙන යනු ලබන ප‍්‍රජා ම`ග පෙන්වීම් (චැට්, ගෲප්ස්, හෝම් පේජස්, මෙසේජ් බෝඞ්ස්, ප්‍රොෆයිල් ආදිය...) යාහූ සාමාජිකයින්ට එකිනෙකා හමුවීමට, අන්තර් කි‍්‍රයාකාරකම්වල නියැලීමට හා අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව සලසා දෙයි. සත්‍ය ජන හමුවක දී මෙන් ම යාහූ ප‍්‍රජා හවුලක දී ද එකිනෙකා අතර ඇත්තේ එකිනෙකට වෙනස් අදහස් ය. මෙහි සාමාජිකයන් සාමාන්‍ය නීතීරීතී කිහිපයක් පිළිපදින්නේ නම් යාහු ප‍්‍රජාවට එක්විමෙන් ලැබෙන අත්දැකීම් ද කදිමය. මේ ස`දහා පිළිපැදිය යුතු නීතීරීතී උපදෙස් කිහිපයක් මෙසේ ය.
        ”අනෙකුත් සාමාජිකයන්ට හිරිහැර කිරීමෙන් හෝ අපහාස කිරීමෙන් වැළකීම, අසභ්‍ය හෝ  මත භේදයට තුඩු දිය හැකි ඡුායාරූප හෝ පණිවුඩ එක් කිරීමෙන් වැළකීම, මාතෘකාවට අදාළ ව පමණක් දක්වන්න. ඔබ සම්බන්ධ වී ඇති ප‍්‍රජාවට අනුකූල විෂයක් සාකච්ඡුා කිරීම නොවන්නේ නම් එයින් ඉවත් වී වෙනත් හවුලකට එක්වන්න, නැතිනම් අවශ්‍යතා යොදා ගැනීමෙන් වළකින්න, හිමිකම් ඇවිරුණු යමක් එක් කිරිීමෙන් වළකින්න, වැඩිහිටියන්ට පමණක් අදාළ වන අන්තර්ගතය ස`දහා අවසර ලැබෙන්නේ ”Adult content” යයි විශේෂයෙන් ස`දහන් කරන ලද පෙදෙස්වල දී පමණි.  Adult chat හා Adult Group වැනි එවැනි පෙදෙසකට ඇතුල්වීම ස`දහා වයස අවු.18ට වඩා වැඩි අයෙකු විය යුතුය. යාහූ ප‍්‍රජා සේවාවකට එක් කරන අන්තර්ගතය සංස්කරණය කිරීමක් යාහූ දී නොකරයි. එවැනි සේවා කොන්දේසිවලට පටහැනිව එක් කරන දේවල් මූලික දැනුම් දීමකින් තොරව ඉවත් කර දැමෙයි. එසේ ඉවත් කරන්නේ් යාහූ හැ`දිනුම හා ඒ හා සම්බන්ධ විද්‍යුත් තැපැල් ගිණුම්, හෝම් පේජස් වැනි සියල්ලම එයින් අවලංගු කරනු ලැබේ.”(7)

         යාහූ හා සම්බන්ධ අනෙකුත් සේවාවන් රැුසකි. විශේෂයෙන් වෙබ් පිටු නිරන්තරයෙන් නිර්මාණය වන එකිනෙක අතර වඩාත් වැදගත් වූ තොරතුරු රාශියක් හුවමාරු කෙරෙන විවිධ සේවාවන් අන්තර්ගත වේ. ”එනම් Yahoo sports, Yahoo finance, Yahoo music, Yahoo movies, Yahoo weather, Yahoo news, yahoo answers  හා Yahoo games යනාදි තොරතුරු හා පුවත් ම`ගින් පහසුවෙන් ලබා දෙයි. එසේ ම 2013 සැප්. 19  පුද්ගලයාන සේවයක් ලෙස ”My Yahoo” නමින් විශේෂිත අංගයක් ලෙස තොරතුරු ඇතුළත් කළහැකි පිටුවක්  යාහු භාවිත කරන්නන්ට රිසි සේ නිර්මාණය කරගත හැකි ය. යාහූ වෙතින් හ`දුන්වා දුන් නවතම අංගයක් ලෙස මෙය හැ`දින්විය හැකිය. ”(8) 
         
         ආර්ථිකමය වශයෙන් ඇමරිකාව කඩා වැටීමත් සම`ග මයික‍්‍රසොෆ්ට් සමාගම විසින් 2008 වර්ෂයේ දී යාහූ සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 44.6කට හෙවත් කෝටි 4460කට (ආසන්න වශයෙන් රුපියල් කෝටි ලක්‍ෂ පහකට) විකුණන ලෙසට යාහූ සමාගමට යෝජනා කොට ඇත.” යාහූ සමාගම විසින් යාහූ මිල දී ගතහොත් එම සමාගම් දෙකේ සේවාවන් එකම වෙබ් අඩවියකින් ලබා ගැනීමට පුළුවන්කම ලැබේ. එසේ වුවහොත් අලුත් සමාගම බොහෝ ජනමාධ්‍ය හ`දුන්වා දී තිබුණේ ”microHoo”ලෝක ව්‍යාප්ත සෙවුම් පද්ධති අතර Yahoo තව දුරටත් තර`ගකාරී ලෙස විවිධ සේවාවන් හ`දුන්වා දෙමින් සිය නිළ නාමය පවත්වා ගෙනයාමට සමත් කි‍්‍රයාකාරී සෙවුම් පද්ධතියක් ලෙස හැ`දින් විය හැකි ය. 




පරිශීලන ග‍්‍රන්ථ :
1. https:// www.googel.com; (2014 Nov.30), Wikipidia ,the free encyclopedia
2. විජය පරිගණක; ,, කලාපය, (2008 මාර්තු), ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඞීස්, මීරිගම, 15 පිටුව
3. එම, 14 පිටුව
4. එම, 15 පිටුව
5. විජය; (2003 සැප්තැම්බර්,23), ප‍්‍රායෝගික පරිගණක, ,, වන කලාපය, ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඞීස්, මීරිගම, 21 පිටුව
6. https:// www.googel.com; (2014 Nov.30), Wikipidia ,the free encyclopedia
7. විජය; (2003 සැප්තැම්බර්,23), ප‍්‍රායෝගික පරිගණක, 2 වන කලාපය, ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඞීස්, මීරිගම, 23 පිටුව
8. https:// www.googel.com; (2014 Nov.30), Wikipidia ,the free encyclopedia
9. විජය පරිගණක; ,, කලාපය, (2008 මාර්තු), ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඞීස්, මීරිගම, 14 පිටුව
10. සේනාරත්න;පී.එම්.;(2002),21 වන සියවසට ඉන්ටර්නෙට්, ඇම්. ඞී. ගුණසේන, කොළඹ 11 

                                                      ලංකා ශිවන්තිකා ලියනගමගේ 
                                                   AR/65172
           සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය





No comments:

Post a Comment