Tuesday, February 24, 2015


Skype වූ කලි මෘදුකාංග වැඩසටහනකි. මෙය අන්තර්ජාලය තුළ පුද්ගලයන් අතර සංනිවේදන කටයුතු කිරීම සඳහා භාවිතා කරයි. මෙමගින් පරිශිලකයන්ට ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය යන දෙයාකාරයෙන්ම අදහස් හුවමාරු කර ගත හැක. Tango,Viber යනාදී මෘදුකාංග වැඩසටහන් මෙන් සමානත්වයක් දරණ  Skype සමාජ ජාලයකි. එසේම මෙම මෘදුකාංග වැඩසටහන අධ්‍යාපනික හා ආර්ථිකමය කටයුතු කිරීමේදී සුවිශේෂී මෙහෙයක් ඉටු කරයි. වර්තමානයෙ ඉතා දියුණු සංනිවේදන ක‍්‍රමවේදයක් වන Skype වලට දශකයකට එහා ගිය ඉතිහාසයකට නෑකම් කියයි. අද පවතින මෙම සංවර්ධිත Skype වැඩසටහන ඉතා සරලව මුලින් ආරම්භ කර ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධණීයත්වයට පත් වූ වැඩසටහනකි. මෙහි ඉතිහාසය ගෙන කතාකිරීමේ දී මෙ Skype ඩෙන්මාර්ක් ජාතික Janus Fris සහ ස්වීඩන් ජාතික Nikalas Zernstrom  විසින් නිර්මාණය කරන ලදී. මෙය ප‍්‍රථමයෙන් 2003 අපේ‍්‍රල් මාසයේ අන්තර්ජාල බල මණ්ඩලයේ Skype.com සහ Skype net නම්න් ලියා පදිංචි විය. 2003 අගෝස්තු මාසයේ ක‍්‍රමයෙන් මහජනතාවගේ භාවිතය සඳහා හදුන්වා දෙන ලදී. 2005 E bay නම් Website ඒකක් මිලදී ගත් අතර Skype ආයතනය විසින් 2005 දෙසැම්බර් දෘශ්‍ය දුරකථන ක‍්‍රමය (videotelepnony) Skype තුළ නැවතත් පහසුකමක් වශයෙන් හදුන්වා දුනි. මෙම මෘදුකාංගය භාවිතයෙදී වැයවන ගාස්තුව පිළිබඳව ආකෘතියක් ප‍්‍රකාශයට පත් කලද 2007 ජනවාරි සිට නැවත නොමිලේ සන්නිවේදන පහසුකම ලබාදුනි. 2007 මාර්තු 3'1-3'2 Version නිකුත් කළ අතර මෙමගින් Skype භාවිතා කරන්නන්ට තවත් නව පහසුම් කිහිපයක්ම ලබා දුනි.Skype 3.5 Version  එය විශේෂයෙන් Windows සඳහා නිර්මාණය කරන ලද අතර මෙයට අමතරව එන ලද ඇමතුම් වෙනත් පුද්ගලයෙකුට හෝ පිරිසකට මාරු කිරීමේ පහසුකම ද ලබාදුනි.  2007 අගෝසතු 16 වන දින Skype මෘදුකාංගය බොහෝ පිරිසකට භාවිතා කිරීමට නොහැකි වූ අතර එය නැවත දින දෙකකින් යථාතත්වයට පත්කරන ලදී. එසේම නැවත 2010 දෙසැම්බර් 10 ද භාවිතා කිරීමේ අවහිරයක් පැන නගින අතර එම ගැටඵව හා එය යථාතත්වයට නැවත හැකි ඉක්මනින් පත් කරන බව සමාජ ජාලාවක් වන twitter page එකකින් ප‍්‍රකාශයට පත් කර තිබුණි. 2011 මැයි 10 Microsoft  සමාගම විසින් මෙම Skype මෘදුකාංගය මිලදී ගත් අතර ඔවුන් මෙයට තව තවත් පහසුකම් එකතු කරන ලදී.විසින්
එකකින් ප‍්‍රකාශයට පත් කර තිබුණි. 2011 මැයි 10 Microsoft සමාගම විසින් මෙම Skype මෘදුකාංගය මිලදී ගත් අතර ඔවුන් මෙයට තව තවත් පහසුකම් එකතු කරන ලදී. 2011 ජූලි 14 වන දින නව පහසුකමක් වශයෙන් Skype මෘදුකාංගයට HD රූපවාහිනියද සම්බන්ධ කරගෙන දෘශ්‍යමාන වශයෙන් සංවාද කිරීමේ හැකියාව ලබාදෙන ලදී. නැවත 2013 පුනි 13 වන දින Skype  විසින් නිදහස් දෘශ්‍ය පණිවිඩ හුවමාරු ක‍්‍රමයය (A Free Video messaging service)  හදුන්වා දුන් අතර මෙම පහසුකම Windows,mac,OS,ios android  යන පද්ධති මෘදුකාංග ඇති නව මාධ්‍ය වල පමණක් මෙය භාවිතා කළ හැක. එසේම 2013 අගෝස්තු 12 Skype විසින් apple  iPhone සහ I pad සදහා HD සහිත දෘශ්‍යමය රූප පහසුකම් ඇති application එකක් එලි දක්වන ලදී. මේ ආකාරයෙන් දශකයකට වැඩි කාලයක් තිස්සේ සංවර්ධනය වෙමින් අද පවතින දියුණු සන්නිවේදන ක‍්‍රමයක් බවට පත්ව ඇත. වර්තමානය වන විට එය භාවිතා කරන ආකාරය හා පහසුකම ගැන ද සඳහන් කළයුතුය. වර්තමානය වන විට Skype සමානව Viber සහ Tango සන්නිවේදන ජාල පැවතුන ද තාම Skype වලට සුවිශේෂි තැනක් හිමිය. ජනප‍්‍රියත්වය, බොහෝ පිරිසක් භාවිතා කිරීම, වේගවත් බව මෙන්ම සුපැහැදිලිතාවය, නිසා තාමත් Skype පෙරමුණේ සිටී.


                             Skype හරහා සංනිවේදනය කිරීමට පෙර මුලින්ම තමාගේ විද්‍යුත් ලිපිනය හරහා ලියා පදිංචි විය යුතුය. Skype භාවිතා කරන්නන් ඔවුන් හදුන්වන්නෙ Skype නාමය තුළිණි. එය නාමාවලියක් ආකාරයට දැක ගත හැකි අතර එකිනෙකාගේ සම්බන්ධතාවය මත සන්නිවේදනය කළ හැක. මෙසේ සන්නිවේදනය කිරීමේදී දෙදෙනාම online ව සිටිය යුතු අතර  ක්ෂණික පණිවිඩ යවන විට ප‍්‍රතිග‍්‍රාහකයා Skype සමග සම්බන්ධ වී නොසිටිය ද නැවත සම්බන්ධ වු විගසම එම පණිවිඩය ලැබෙයි. එසේම Skype හරහා දේශීය මෙන්ම විදේශිය ඇමතුම් සමග Land Phone ( ස්ථානගත දුරකථන ) Mobile Phone ජංගම දුරකථන වලට ද ඇමතුම් ලබාගත හැකි අතර ඔවුන් සියල්ලට ද Skype සබඳතාවය පැවතිය යුතුය. මෙම සියලූ ඇමතුම් නොමිලේ ලබා ගත හැක. මෙම ඇමතුම්  වලට අමතරව ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය ලිපි හුවමාරුව හා ශ‍්‍රව්‍ය දෘශ්‍ය  සන්නිවේදනය  දෙදෙනෙකු හෝ පිරිසක් අතර එකවිට කළ හැක. එම පිරිසකට උපරිම 25 ක් බව සඳහන් කරයි. එසේම Skype තුළ 119 ආදී ක්ෂණික ඇමතුම් (Emergency Call) ලබා ගැනීමේ පහසු කම නොමැති  අතර එහෙත් 2012 දෙසැම්බර් 12 වැනි දින සිට විශේෂයෙන් ඔස්ෙටි‍්‍රලියාව, ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය ආදී රටවල් කිහිපයකට පමණක්  මෙම ක්ෂණික ඇමතුම් ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත.

                        එසේම මෙම  Skype මෘදුකාංගය භාවිතය පිළිබඳව වාර්ෂික අනුපාතය  මෙසේ පෙළ ගැස්විය හැක.

Year

International Call
 Market Share
2005
2.9 %
2006
4.4 %
2008
8 %
2009
12 %
2010
13 %
2012
33 %
2013
36 %
2014
40 %



                               එසේම මෙම Skype මෘදුකාංගය භාවිතයට ගත හැක්කේ පහත සඳහන් operating system
 ඇති නව මාධ්‍ය තුළ පමණි
1.      Microsoft windows (XP: Vista 7,8)  

2.      O s X (10,6 or newer)
3.      Linux (Vbuntu and others)         
4.      Android
5.      Black berry -10
6.      I o S
7.      Windows phone - 8 

                                     එසේම 2007 octomber 29 දින Skype විසින්ම 3Skype phone නම් දුරකථනයක් නිර්මාණය කරන ලද අතර එය Brew os System හරහා ක‍්‍රියාත්මක වේ.
                                      
                                    මෙය විනෝද වීම අධ්‍යාපනික හා ආර්ථිකමය වශයෙන් විශේෂ වැදගත් කමක් හිමි වේ. ලෝකයේ කොහේ  ඕනෑම ස්ථානයක  ඕනෑම වෙලාවක නිදහසේ සන්නිවේදනය කිරීමේ හැකියාව මෙන්ම අධ්‍යාපනික සම්බන්ධ තොරතුරු ද එනම් යම් යම් විෂය සම්බන්ධ විශේෂඥයින් සජීවී ව සම්බන්ධ කර එම විෂය සම්බන්ධව පුඵල් අවබෝධ ලබා දීමට මෙමගින් කළ හැක. මෙවැනි බොහෝ අධ්‍යාපනික ආර්ථික කටයුතු ඉතා පහසුවෙන් මෙන්ම ඉක්මනින් කළ හැකි අතර මෙය වඩාත් ආරක්ෂිත බවක් ද ඇත.

                                     පුද්ගලික අවශ්‍යතාවය මෙන්ම ආරක්ෂිතභාවය ද සපයයි. මෙම Skype මෘදුකාංග වැඩසටහන encryption නැමති විශේෂයෙන් ඒ සම්බන්ධව දැනුමක් නොමැත අයට කියවා  තේරුම්ගත නොහැකි  සැගවුණු  ආරක්ෂිත  පද්ධතියක් ඇත.  මෙම Skype සංනිවේදනය පාලනය තුළ ප‍්‍රධාන ආරක්ෂිත පද්ධතියක් ඇත. මෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් මෙසේ පවසා ඇත. "අපි ආරක්ෂක සන්නිවේදන ක‍්‍රම මාර්ගයක් ලබා දෙන්ෙනමු."  මේ ආකාරයෙන් මෙහි ආරක්ෂාව පිළිබඳ ප‍්‍රකාශ කර ඇති අතර මෙහි ආරක්ෂිත පද්ධතිය  කිසිවෙකුට On හෝ off  කළ නොහැක. කෙසේ වූවද Skype විසින් නිදහසේ පාරිභෝගිකයන්ට භාවිතා කළ හැකි ක‍්‍රමවේදයක් සපයා ඇති අතර මිනිසුන්ට තමන්ගේ ජීවිතයේ සැබෑ අවශ්‍යතාවය  හෙළිදරව්  නොකරමින්  සුරක්ෂිත භාවිතා කිරීමේ පහසුකම ලබා දෙයි.

                                      මේ ආකාරයෙන් මෙම Skype ජාලය වඩාත් ක්ෂණික පහසුකම මැද්දේ, නිදහස්, නොමිලේ වඩාත් ආරක්ෂිතව ලෝකයේ  ඕනෑම භාෂාවකින් Skype සම්බන්ධව සෑම කටයුත්තක්ම කිරීමට ඇවැසි සේවය සපයනුයේ මෙය මෙහෙයවනු ලබන ලක්සම්බර්ග් මූලස්ථානය කොටගත් සීමාසහිත Skype සමාගම විසිනි.



Referrences

1      .      EBay to buy Skype in $2 - 6bn deal NNc.12 September 2005 Retrieved 2 October 2014
2      .      Microsoft Confirms takeover of Skype BBc.com.10 May 2011, Retrieved 6 November 2012
3      .      "About Skype: What is Skype" ? Retrieved 28 July 2010
4      .      '' Skype.com" Skype com  Retrieved 10 October 2010
5      .      "Skype is now 40%. of the entire international telepone Market" Anorak 17 January 2014
6      .      " Skype knew of Security flaw Since November 2010 Researchrs say" The wall street Journal               May 2012
7      .      " Skype outage; millions affected worldwide" Fox news 22 december, 2010 Retriecd 22                         december 2010

 



No comments:

Post a Comment