Tuesday, February 24, 2015




      ට්විටර් (Twitter)
ට්විටර් (Twitter)යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි. මෙම සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ (ට්වීට්ස් ලෙසහැදින්වෙන ) කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කටසීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ.


අන්තර්ජාලය හරහා පවත්වාගෙන යන කෙටි පණිවිඩ සේවය ට්විටර්. මෙය කුඩා ප්‍රමාණයේ බ්ලොග් ලිවිය හැකි සේවයකි. එහෙත් මෙය හුදෙක් කෙටි පණිවුඩ සේවයක්  පමණක් ම නෙවේ එය මිතුරු හවුල් වෙබ් අඩවියක් ද වේ. පසුගිය ද ට්විටර් සේවය විශේෂ කඩඉමක් පසු කළා. ඒ තමයි ට්විටර් නිතර යන එන අය මිලියන 100 ඉක්මවීමයි.ඉන් මිලියන 50 ක් අය අඩුම තරමේ දවසකට වතාවක් හෝ ටිවිටර් වෙත ලොග්වෙති.
ටිවිටර් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ප්‍රමුඛතම සේවාවකි. ෆේස්බුක්මයිස්පේස් හැරුණු විට ලොව හොදම මිතුරු ජාලයයි. ලොව වැඩිම දෙනෙක් පිවිසෙනවෙබ් අඩවි 10 න් එකකි.


ටිවිටර් යනු නොමිලයේ ලබා දෙන සිත් ඇද ගන්නා සුලු වෙබ් සේවයකි. එය නෑදෑ හිතමිතුරන් සමග තමාගේ අදහස් හුවමාරු කර ගැනිමට කදිම අවස්ථාවකි.මෙහිදී බ්ලොගිංකටයුතු කළ හැක්කේ වචන 100 කින් පමණි.මේවා හදුන්වන්නේ ට්වීට්ස් යනුවෙනි.දැනට තිබෙන අන්තර්ජාලයට පිවිසිය හැකි ඕනෑම වර්ගයේ ජංගම දුරකථනයකින් වුවදට්විටර් හා සම්බන්ධ වීමට පුලුවන්. මෙහිදී මයික්‍රොලොබින් ලිවීමටත් ට්වීට්ස්කියවන්නටත් පුලුවන්.

ටිවිටර් ඉතිහාසය
ට්විටර් සේවයේ උප්පත්තිය 2006 දී සිදු වුවකි. ජැක් ඩෝසි නමැත්තා ඕඩීයෝනමැති පොඩ්කාස්ටින් සමාගමේ සේවය කරන කාලයේ ඔහු මිතුරු මිතුරියන් සමග අන්තර්ජාගයෙන් පණිවිඩ හුවමාරු කරගත හැකි සේවයක් ගැන සැළසුම් කරමින් සිටියා.2006 මාර්තු 21 ඔහු තම ආයතනයේ මිතුරන් කිහිප දෙනෙකුට ලොව පළමු ට්විටර් එකයැව්වා. ඒ just setting up my twitter යනුවෙනුයි. ඉන්පසු දිනයේ ට්විටර් 40 යැව්වා ඒවා පරීක්ෂණ මට්ටමෙන්. 2006 ජුලි 15දා ලෝකයා ට ට්විවර් සේවය දිගහැරියා.......

ඕඩියෝ සමාගමේ බොහෝ දෙනා එක්වී ට්විටර් සමාගම පිහිටුවා ගත්තා. එහි නමයෝජනා කලේ ඊවන් විලියම්ස් ය. එතැන් පටන් ගෙවී ගිය දිනෙන් දින ට්විටර්ප්‍රසිද්ධ විය. නිතර නිතර ට්විටර් වෙත ජයග්‍රහණ ගලාගෙන ආවා.


2006ඉවරවෙනකොට දිනකට යවන ට්විටර් සංඛ්‍යාව 20,000ක් විය. 2007 මුළ 60,000ක් විය. 2007 අවසානයේ ට්විටර් ගණන 400,000 විය. ඉන් වසරකට පසු එනම් 2008 දී දිනපතා හුවමාරු උන ට්විටර් ගණන මිලියන් 100 ක් විය. වසර 2009 ජූනි 25 වැනදා පැයකට  හුවමාරු වු ට්වීට්ස් සංඛ්‍යාව 100,000ඉක්මවීය. මේ අපු ට්වීට්ස් කන්දරා  වදාරා ගන්න සර්වර් සියල්ල අසමත් උනා. එනිසා ට්විටර් සම්බන්ධතා බිද වැටින. එය යථා තත්වයට පත් වූයේ මේ වෙබ් තදබදය නැවතුන පසුවයි.
නමුත් දැන් නම් ටිවිට් කන්දරාවක් හැසිරවිය හැකි සර්වර් ඇත. දැන් දිනකටහුවමාරැ වෙන ට්විට්ස් සංඛ්‍යාව මිලියන 177 ක් හසුරුවා ගන්න එය සමත් වෙයි.
ට්විටර් සමාගමේ මේ සියලු වැඩවලට අවශ්‍ය මුදල් සහ ලාභ උපයා ගන්නේ ට්විටර් හරහා වෙළද දැන්විම් ප්‍රචාරය කිරීම මගින්. දැන් ප්‍රසිද්ධ වී තිබෙන  පිලිවෙලට අනුව ට්විටර් හි වාර්ෂික ආදායම ‍ඩොලර් මිලියන 400 කි.
මූලාශ්‍ර
  1. "Press Info", Twitter. Retrieved December 15, 2010.
  2. "twitter.com – Traffic Details from Alexa"Alexa Internetසම්ප්‍රවේශයFebruary 7, 2011.
  3. Schonfeld, Erick (July 8, 2010). "Costolo: Twitter Now Has 190 Million Users Tweeting 65 Million Times a Day"TechCrunch. Retrieved February 4, 2011.
  4. "Big Goals, Big Game, Big Records"blog.twitter.com. 18 June 2010.සම්ප්‍රවේශය4 August 2010.

 AR/65125
AF/6823
S.M.T.M.SAMARAKOON

No comments:

Post a Comment