රටක සංවර්ධනය සඳහා අන්තර්ජාලය
අන්තර්ජාලය හෙවත් ඉන්ටනෙට් මේ වන විට ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම අනෙකුත් ලෝකයට ද ආගන්තුක නොවන දෙයකිx පුවත් පත් ගුවන් විදුලිය සහ රූපවාහිනිය යන මාධ්‍යය අතරට එක් වූ සන්නිවේදන මාධ්‍යය වන ඉන්ටනෙට් ශ්‍රී ලංකාවේද මාධ්‍යය ක්‍ෂේත‍්‍රයේ නව පෙළඹුමකට මඟ පාදා ඇතx ඉන්ටනෙට් යනු එකිනෙකට සම්බන්ධ වූ අති විශාල ලෝක ව්‍යාප්ත පරිගණක ජාලයකිx තොරතුරු තාක්‍ෂණයේ නව ප‍්‍රවණතාවක් ඇති කිරීමට මෙම ඉන්ටනෙට් ජාලය හේතු වී තිබේx
මෙ පරිගණක ජාලය මුළු ලොව පුරා ව්‍යාප්තව ඇති සන්නිවේදන ක‍්‍රමෝපායකිx ලොව පුරා වඩාත් කැපී පෙනෙන්නා වූද ජාලයක් බැවින් ඉන්ටනෙට් වඩාත් ප‍්‍රචලිතව තිබේx

ශ්‍රී ලංකාව ඉන්ටනෙට් ජාලයට එක් වූයේ 1994 වසරේ දීයx එමෙන්ම ඒ ප‍්‍රථම ඉන්ටනෙට් සේවා ආයතනය මෙරටෙහි ආරම්භ කිරීමත් සමඟම වුවත් එම වසර ඉන්ටනෙට් සන්නිවේදනය ලෝකයේ මුලින්ම ආරම්භ කර අවුරුදු 25ක් ගත වීමේ සංවත්සර වසරද වියx ප‍්‍රමාද වී අප රටට පැමිණියද ඉන්ටනෙට් සන්නිවේදනයේ ව්‍යාප්තිය බෙහෙවින් වේගවත් වියx රාජ්‍ය ආයතන, අධ්‍යාපන ආයතන බැංකු රක්‍ෂණ සමාගම් මාධ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් මෙන්ම විවිධ ක්‍ෂේත‍්‍රවලට අයත් බොහෝ පිරිස් ද ඉන්ටනෙට් සම්බන්ධතා ලබාගෙන තිබේx
ලොව අන් රටවල ඉන්ටනෙට් මාධ්‍ය ව්‍යාප්ත වීම සඳහා සැලකිය යුතු කාල සීමාවක් ගතවුවද මෙරටේ කෙටි කාල සීමාවක් තුළ ඉන්ටනෙට් සන්නිවේදනය ව්‍යාප්ත වියx ජපානය ජර්මනිය ප‍්‍රංශය බි‍්‍රතාන්‍යය ඇමරිකාව වැනි රට වල ඉන්ටනෙට් ව්‍යාප්තියට සැලකිය යුතු කාලයක් ගත වියx ශ්‍රී ලංකාව ඉන්ටනෙට් ජාලයට එකතු වීමත් සමඟ ප‍්‍රකට පුවත් පත් දෙකක් ඉන්ටනෙට් ජාලයට එක්වියx නමුදු ඇමරිකාව වැනි රටවල පුවත් පත් ඉන්ටනෙට් ජාලයට ඇතුළත් වූයේ එම රටවල් ඉන්ටනෙට් ජාලයට එක්වී දශකයටත් වැඩි කාලයක් ගතවීමෙන් පසුයx මුදාිත මාධ්‍ය දායකත්වයද ඒ සඳහා හේතු වියx

ඉන්ටනෙට් නව මාධ්‍යය භැඅ ඵැාස් ගනයට අයත් වේx මුළු ලොව පුරා ඇති පරිගණක මෙම ජාලය මඟින් එකට සම්බන්ධ වී තිබේx තොරතුරු එක් ක්‍ෂණයකින් ලොව පුරා යැවිය හැකි සන්නිවේදන මාධ්‍යයක් වන අතරම තොරතුරු ගෙන්වා ගැනීමේ සන්නිවේදන මාධ්‍යයක් ද වේx මෙය ඉන්ටනෙට් ජාලයෙන් ලබාගත හැකි එක් ප‍්‍රයෝජනයක් පමණිx විනෝදය පිණිස තොරතුරු ලබා ගැනීමේ එක් මාර්ගයක් ලෙසත් ඉන්ටනෙට් ජාලය හැඳින්විය හැකියx
ඉන්ටනෙට්
වානිජ ජාල Commercial Networks පර්යේෂණ
ජාලResearch Networks
ආරක්‍ෂක ජාල ෘැෙැDefence Networks
ප‍්‍රාදේශීය ජාල පිටුබඳ ජාලBackbone Networks
සේවා සැපයුම් Service Providers
Regional Networks
වෙනත් ජාලOther Networks
රාජ්‍ය ජාල Government Networks අධ්‍යාපන ජාල Education Networks
රටක සංවර්ධනය සඳහා ඉන්ටනෙට් මාධ්‍ය විවිධ අයුරින් යොදාගත හැක්කකිx සංවර්ධන කි‍්‍රයාවලිය වේගවත් කිරීමේ දී මාධ්‍යයට හිමි වගකීම කොතෙක් දුරට ඉන්ටනෙට් මාධ්‍යයයෙන් ඉටුකළ හැකි දැයි විමසා බලමුx රටක සංවර්ධනය සඳහා ඉන්ටනෙට් මාධ්‍යය යොදා ගන්නා ආකාරය පිළිබඳ තතු විමසීමට මත්තෙන් සංවර්ධනය යනු කුමක්ද යන්න හඳුනා ගත යුතුයx
සංවර්ධනය යන්න පිළිබඳව අර්ථ නිරූපණ රාශියක් ඉදිරිපත්ව ඇතx ආර්ථික විද්‍යාඥයින් තම විෂයට අදාළවත් සමාජ විද්‍යාඥයින් තම විෂයට අදාළවත් ”සංවර්ධනය” අර්ථ ගන්වතිx
”ඩඞ්ලි සියර්ස්” නම් ශාස්ත‍්‍රඥයා සංවර්ධනය යන යෙදුම මන : කල්පිත ජාලයක් බවත් එහෙයින් නිසි ලෙස අර්ථ ගැන්වීම අපහසු දෙයක් බවත් පෙන්වා දුන්නේයx ඒ අනුව ”සංවර්ධනය” යන්න මුලූමනින්ම වැඩි දියුණුව යන්නට පර්යාය වචනයක් ලෙස ප‍්‍රතීමානක සංකල්පයක් වශයෙන් සලකා බලන බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේයx
ගුනර් මිර්ඩාල් නම් ආර්ථික විද්‍යාඥයා සංවර්ධනය යනු සමස්ත සමාජ ක‍්‍රමයේම ඉදිරි ගමන හෝ විප්ලවීය වෙනස්වීමක් ලෙස නිර්වචනය කළේයx
භූගෝල විද්‍යාඥයින් සංවර්ධන භූගෝල විද්‍යාවේ දී මෙය පුළුල් සංකල්පයක් බවත් ප‍්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක අගයන්ද ඇති බවත් පෙන්වා දුනිx එබැවින් සංවර්ධනයක් ඇතිවීමට මිනිසාට ආර්ථික මට්ටමේ ප‍්‍රගතිය සාමාජික සංස්කෘතික අධ්‍යාපනික යන අංශවල ප‍්‍රගතිය ද තිබිය යුතු බවත් පෙන්වා දී තිබේx
සංවර්ධනය සඳහා ආර්ථික කි‍්‍රයාවලිය මූලික වන බව මයිකල් ජී ටොඩෑරෝ ගේ අදහසයිx නමුදු සංවර්ධනය යනු එයම නොවේx

2xආදායම හා නිෂ්පාදනය වැඩිකර ගැනීම හෙවත් ඉහල ඵලදායකත්වයx
3xසමාජ දේශපාලන ආයතනික ව්‍යුහයන්ගේ වෙනස්කම් සිදුවීමx
4xඅවශ්‍ය තන්හි අවශ්‍ය ආකාරයට මිනිස් සිතුම් පැතුම් චාරිත‍්‍ර වාරිත‍්‍ර වෙනස් කිරීමx
යන කරුණු හතරෙ වෙනසක් සිදුවීම රටක සංවර්ධනය සඳහා අවැසි බව ඔහු පෙන්වා දුන්නේයx
සංවර්ධනය යනු රටක පවත්්්්්නා ස්වාභාවික සම්පත් මෙන්ම මානුෂික සම්පත් ද රට වැසියන්ගෙ ජීවන තත්වය නඟා සිටුවීම පිණිස බුද්ධිමත්ව උපයෝගි කර ගැනීමක් ලෙස මහාචාර්ය විමල් දිසානායක පවසයිx
මහාචාර්ය විල්බර් ශ‍්‍රාම් පවසන්නේ සංවර්ධනය නමින් යම් දේශයක ඇති කළයුතු වෙනස කොටස් හතරකින් මෙලෙස සඳහන් කරයිx
2xනිරෝගීව සිටීම රෝගී බවින් සිටිනවාට වඩා යහපත්යx
3xයමක් ඇතිව ජීවත්වීම එසේ නොමැතිව සිටිනවාට වඩා යහපත්යx
4xසහභාගීත්වය හුදෙකලාව සිටිනවාට වඩා යහපත්යx
මෙකී අංශයන් හරහා සංවර්ධන කි‍්‍රයාවලිය සිදුවිය යුතු බව දක්වයිx
සෑම සංවර්ධනය වන රටකම සංවර්ධන කි‍්‍රයාවලියට අදාළ සැලසුම්ගත වැඩ කොටස් සපුරා ගැනීම සඳහා විවිධාකාර අංශයන් යටතේ විවිධ ආයතන රැුසක් පිහිටුවා තිබේx නමුදු සන්නිවේදනමය වූ ප‍්‍රබල කාර්යයන් උදෙසා භාර¥ර වැඩ කොටසක් ඉටුකරලීමට සමත් ආයතන පිහිටුවා ගැනීමට හෝ කි‍්‍රයාත්මක කරලීටම තරම් වැඩි අවදානයක් යොමු වූ බවක් දක්නට නොමැතx
රටක සංවර්ධනය කරා එළඹෙන්නට අවශ්‍යය සකල විධ කි‍්‍රයාදාමය අපේක්‍ෂිත ඉලක්කයන් කරා ගෙන යන්නට මූලික වන්නේ සන්නිවේදනයයිx සංවර්ධනය සඳහා අදාළ වන ජනතා කි‍්‍රයාකාරිත්වයට, කාර්යක්‍ෂමතාවයට හා සහභාගිත්වයට ඒ ජනතාව තුළ කිසියම් වෙනසක් සිදු කළ යුතුයx රටක සංවර්ධනය උදෙසා අන්තර්ජාලය යොදා ගන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුයx එකී සන්නිවේදනයේ තාක්‍ෂණික සාධක මෙන්ම එහි ප‍්‍රායෝගික ප‍්‍රයෝජන ආදිය විමර්ශනය වැදගත් වේx
තාක්‍ෂණික වශයෙන් අනෙකුත් මාධ්‍යයන්ට වඩා අන්තර්ජාලය ඉහළින් සිටින මාධ්‍යයකිx වෙනත් මාධ්‍යයකට නොමැති විශ්ව ව්‍යාප්ති භාවයක් හිමිකරගන සිටින ඉන්ටනෙට් ජාලය දෘශ්‍ය මාධ්‍යයක් මෙන්ම ශ‍්‍රව්‍ය මාධ්‍යයක් ද වෙයිx එක් සන්නිවේදන මාධ්‍යයකින් ලබාගත නොහැකි සේවා රාශියක් එකම සන්නිවේදන මාධ්‍යයකින් ලබාදීමේ හැකියාව අන්තර්ජාල සන්නිවේදනයට තිබේx විවිධ පුවත්පත් කියවීමට ගුවන් විදුලි වැඩ සටහන් වලට සවන් දීමට වීඩියෝ දර්ශන නැරඹීමට ද හැකියාව තිබේx තාක්‍ෂණික අංශයෙන් මෙ මාධ්‍ය වඩාත් නවීන පහසුකම් වලින් යුක්ත බැවින් වෙනත් සන්නිවේදන මාධ්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටීමට ඉන්ටනෙට් මාධ්‍යයට හැකිවී තිබේx
ප‍්‍රායෝගික වශයෙන් ගත් කළ අනෙකුත් මාධ්‍යයන්ට වඩා ඉක්මනින් ලොවපුරා තොරතුරු බෙදා හැරීමේ හැකියාව ඉන්ටනෙට් ජාලයට පවතීx සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් ඉන්ටනෙට් ජාලය වඩාත් ජනපි‍්‍රය වී ඇතx වේගවත් බව, ලාබදායි ලෙස පණිවිඩ යැවීමේ මෙන්ම ලබා ගැනීමේ හැකියාව එයට හේතුවී ඇතx මෙවැනි හේතු නිසා සංවර්ධන කි‍්‍රයාවලියට යොදාගත හැකි කදිම සන්නිවේදන මාධ්‍යයක් ලෙස ඉන්ටනෙට් ජාලය හැඳින්විය හැකියx සංවර්ධනය කෙරෙහි වැඩි බලපෑමක් යොමු කරවීමට මෙ මාධ්‍ය හරහා හැකියාව ලැබී තිබේx
කාර්මික සංවර්ධනය සඳහා විවිධ විස්තර සපයන ජාලස්ථාන රාශියක් ලොවපුරා පවතිx ජපන් ආනයන සංවර්ධන ආයතනයේ වාර්තාවක සඳහන් වන ආකාරයට ජපානයේ සුලූ කර්මාන්තකරුවන්ට නව වෙළඳ පොළවල් සොයා ගැනීමට ඉන්ටනෙට් ජාලය ප‍්‍රයෝජනයට ගැනේx ඉන්ටනෙට් ජාලය හරහා කර්මාන්තකරුවන්ට බොහෝ ප‍්‍රයෝජන ලද හැකියx නිදසුනක් ලෙස ලංකාවේ ඇඟලූම් කර්මාන්තකරුවන්ට ලෝක ව්‍යාප්ත ජාලය තුළ වෙබ් පිටුවක් පවත්වාගන යමින් තම නිෂ්පාදන වලට ප‍්‍රසිද්ධියක් ලබා දිය හැකියx ඒ අනුව ලොව පුරා විවිධ ව්‍යාපාරිකයන් හා සම්බන්ධ වීමට හැකියාව ලැබේx
තුන්වැනි ලෝකයේ රටවල බොහෝමයක් ජනයාගේ ජීවනාලිය වන ගොවිතැන නැංවීමට ඉන්ටනෙට් ජාලයෙන් ලද හැකි ප‍්‍රයෝජන බොහෝමයකිx කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට, මිල නියම කිරීම, මුදල් ලබා ගැනීම, ගොවි තොරතුරු බෙදා හැරීම, ගොවි උපදෙස් ලබාදීම, නව පර්යේෂණ පිළිබඳ විස්තර ගොවීන්ට ලබා දීමට යන විවිධ කාර්ය උදෙසා ඉන්ටනෙට් ජාලය භාවිත කළ හැකියx ඇමරිකාව, ජපානය වැනි රටවල ගොවිපළවල් ඉන්ටනෙට් ජාලයට සම්බන්ධ කර ඇතx ප‍්‍රධාන පෙළේ ගොවි පර්යේෂණ ආයතන ගොවි පුහුණු කිරීම් ආයතන තමන්ගේ ජාලස්ථාන පිහිටුවා ගැනීම හරහා තම ආයතනවල කටයුතු ගැන විවිධ තොරතුරු ජාලගත කරනු ලැබේx මෙමඟින් විස්තර ලබාගැනීමට වෙනත් රටවල තිබෙන ගොවි ආයතනවලට අවස්ථාව තිබේx ඈත රටක සිටින ගොවි විශේෂඥයකුගෙන් යම් ගැටලූවක් පිළිබඳව විස්තර ලබා ගැනීමට ඉන්ටනෙට් ජාලය ප‍්‍රයෝජනයට ගත හැකියx
ධීවර කර්මාන්තය වැඩි දියුණු කිරීමට ඉන්ටනෙට් ජාලය යොදාගන්නා අයුරු ජපානය ඇසුරින් හඳුනා ගත හැකියx එරටේ ධීවර යාත‍්‍රා බොහෝමයක් ඉන්ටනෙට් ජාලයට සම්බන්ධ කර ඇති බැවින් කිනම් ස්ථානයක තිබුණද සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව පවතීx මත්ස්‍ය නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළවල් සොයා ගැනීමද ඉන්ටනෙට් ජාලය හරහා වඩා කාර්යක්‍ෂම ලෙස සිදු කළ හැකියx
දුරබැහැර ප‍්‍රදේශවල සංවර්ධන ප‍්‍රගතිය පරීක්‍ෂා කිරීමට ඉන්ටනෙට් ජාලය යොදාගත හැකියx ඒ සඳහා විවිධ ප‍්‍රදේශවල ජාලස්ථාන පිහිටුවා ගත යුතුයx ඒ අනුව ග‍්‍රාම සංවර්ධන කාර්ය වඩාත් පහසුවෙන් සිදු කිරීමට අවකාශය සැලසේx සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට සෞඛ්‍ය සේවා නැංවීම සඳහා ඉන්ටනෙට් මාධ්‍යයෙන් ලබා ගත හැකි මෙහෙය අතිවිශාලයx විශේෂයෙන් අප රටට ඉන්ටනෙට් ජාලයෙන් විවිධ ප‍්‍රයෝජන ගත හැකියx ඈත පළාත්වල රෝහල් සමඟ කොළඹ මහ රෝහල ඇතුළු ප‍්‍රධාන රෝහල් ඉන්ටනෙට් මාර්ගයෙන් සම්බන්ධ කිරීමෙන් ගම්බද ප‍්‍රදේශවල බරපතල රෝගීන්ට විශේෂඥ වෛද්‍ය සේවාව ලබා ගැනීමටත් ඉක්මන් ප‍්‍රතිකාර කිරීමටත් අවකාශය ලැබේx වෙනත් රටවල වෛද්‍ය විද්‍යාල පර්යේෂණ ආයතන ලෝක ව්‍යාප්ත ජාලය තුළ ජාලස්ථාන පවත්වාගන යන බැවින් ඉන්ටනෙට් මාර්ගයෙන් වෛද්‍ය විස්තර ලබා ගැනීමටත් හැකිවේx
අධ්‍යාපන ෙක්‍ෂත‍්‍රයේ සංවර්ධනය සඳහා ද ඉන්ටනෙට් මාධ්‍ය ඉතාමත් පුළුල් ලෙස යොදාගත හැකියx ඉන්ටනෙට් හරහා ගෙදර සිටම ඉගෙන ගැනීමටත් විභාග වලට පෙනී සිටීමටත් උපාධි ලබා ගැනීමටත් අවස්ථාව සැලසී තිබේx ඉන්ටනෙට් විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපන ආයතන භාෂා අධ්‍යාපන ආයතන රාශියක්ම විවිධ රටවල පවත්වාගෙන යනු ලැබේx ලංකාව වැනි රටක දුෂ්කර පළාත්වල අධ්‍යාපන සේවා සාර්ථකව පවත්වාගන පවත්වාගන යාම සඳහා ඉන්ටනෙට් ප‍්‍රයෝජනයට ගත හැකියx ඉංගී‍්‍රසි ගණිතය විද්‍යාව වැනි විෂයන් ඉගැන්වීමට ඉන්ටනෙට් යොදා ගත හැකියx මොනරාගල පොළොන්නරුව වැනි ප‍්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොළඹ උගන්වන පළපුරුදු ගුරුවරුන්ගේන් පාඩම් ඉගෙන ගැනීමට වුවද ඉන්ටනෙට් මාර්ගයෙන් පහසුකම් සකසා ගත හැකියx
ඉන්ටනෙට් සන්නිවේදනය තුන්වැනි ලෝකයේ රටවල සංවර්ධන කි‍්‍රයාවලිය වේගවත් කිරීම සඳහා යොදා ගත හැකි වුවද ඒ සඳහා යම් යම් බාධාවක්ද පවතින බව පෙනේx ඌන සංවර්ධනය නිසා ඇතිව තිබෙන තත්වය එයට හේතු වන අතර ඉන්ටනෙට් ජාලයේ ප‍්‍රයෝජන ගැනීම සීමාකරනු ලබයිx තාක්‍ෂණික දැනුමේ ඌනතාවයද ඉන්ටනෙට් වැනි නවීන තාක්‍ෂණික මාධ්‍යයන්ගේ ප‍්‍රයෝජන ගැනීමට බාධා ඇති කරයිx
ඉන්ටනෙට් යනු පරිගනකය මඟින් කරන සන්නිවේදනයකිx පරිගනක භාවිතය සුළු පිරිසකට සීමාවී තිබෙන විටෙක ඉන්ටනෙට් පහසුකම් පුළුල් කිරීම ගැටලූවකිx දුරකථන භාවිතය ද සීමා වී තිබෙන විටෙකදීත් ඉන්ටනෙට් පහසුකම් වැඩි කිරීමටත් බාධා එල්ල වේx පරිගනක දුරකථන නොමැතිව ඉන්ටනෙට් හෙවත් අන්තර්ජාල පහසුකම් ව්‍යාප්ත කිරීමට අවකාශ නොමැතx රටක සංවර්ධනය වේගවත් කිරීම පිණිස අන්තර්ජාල සන්නිවේදන මාධ්‍ය යොදා ගත යුතු වුවත් ආර්ථිකයේ ඌන සංවර්ධිත සාධක හේතුවෙන් ඉන්ටනෙට් තාක්‍ෂණයේ ව්‍යාප්තියට බාධා පමුණුවයිx
ආශි‍්‍රත ග‍්‍රන්ථ
අත්තනායක, බන්දුලx, සංවර්ධන සන්නිවේදනය හා සන්නිවේදන ව්‍යාපෘති සැලසුම්කරණය (ආරිය ප‍්‍රකාශකයෝ, වරකපොළ, 1999*
ඇතුගල,ආරියරත්නx, සන්නිවේදන සිද්ධාන්ත (එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 1998*
කරුණානායක, නන්දනx, ජන සන්නිවේදන ලිපි සමුච්චය (සරස්වතී ප‍්‍රකාශන, දිවුලපිටිය, 2000*
කරුණානායක, නන්දනx, සන්නිවේදන විමසුම (සදීපා පොත්හල, කොළඹ,2000*
කරුණානායක, නන්දනx, සන්නිවේදනය සහ සංවර්ධනය ( සරස්වතී ප‍්‍රකාශන, දිවුලපිටිය, 2001*
කුමාර, අශෝක, දර්ශනx, වත්මන් මාධ්‍ය අධ්‍යයන ප‍්‍රවනතා ( එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2009*
පෙරේරා, සරත්, සුනිල්x, පරිසරය සහ සන්නිවේදනය (මාධ්‍ය හා ප‍්‍රවර්ධන ඒකකය, බත්තරමුල්ල, 1999*
්‍යුත් මාධේයා්පදේශ විග‍්‍රහය (සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ, 2007*
වික‍්‍රමසිංහ, ලක්‍ෂ්මන්x, ”සංවර්ධනය හා ප‍්‍රජා සහභාගිත්වය”, සංස්කෘතිය සඟරාව,17 කලාපය, 1983
විතානගේ, චන්දාසෝමx, සන්නිවේදනය සංස්කෘතිය සමාජය (සර්වෝදය විශ්වලේඛා, රත්මලාන, 2000*
ජේ ඒ නිලූකා දමයන්ති
AR/64727
No comments:
Post a Comment