ඉලෙක්ට්‍රොනික් උපාංගයක් තවත් ඉලෙක්ට්‍රොනික් උපාංගයක් යක් සමග සම්බන්ධ කරන්නට යොදාගත හැකි තාක්ෂණ ගණනාවක් තිබේ.ඒ අතරින් වඩාත් ඇත්තේ /yeka රහිත ක්‍රමයට ඉලෙක්ට්‍රොනික් උපාංග එකිනෙක සම`ග සම්බන්ධ කරන තාක්ෂණයන්ය.මේ අතරින් අද ලෝකයේ ජනප්‍රියම /yeka රහිත තාක්ෂණය බවට පත්ව ඇත්තේ අන් කිසිදු තාක්ෂණක නැති ගතිගණනාවක් බ්ලූටූත් සතුව පවතින බැවිනි.
‘බ්ලූටූත්’ නම එන්නේ කොහෙන්ද?
zබ්ලූටූත්Z නම එන්නේ කොහෙන්ද@
කි‍්‍රස්තු වර්ෂ 958 දී ඩෙන්මාක් රටේ හෙරල්ඞ් බ්ලූටූත් නම් රජෙක් සිටියේය. ඩෙන්මාර්ක්යත්, නෝර්වේ රටේ කොටසකුත් එක් කොට පාලනය කළ ඔහු ඊට කලින් සතුරුව සිටි ඩෙන්මාර්ක් ගෝත්‍රික කණ්ඩායම් ගණනාවක් එක්සත් කළේය. එදා ඒ ගෝත්‍රිකයින් එක්සත් වූ ප්‍රදේශයේ පිහිටි විද්‍යාගාරයකදී 1994 දී අලූත් /yeka රහිත තාක්ෂණයක් සොයා ගත්තේය. එය අලූත්ය කියන්නේ මෙතෙක් කාලයකට කිසිම /yeka රහිත හෙවත් වයර්ලස් තාක්ෂණයකට එක් සේ ‘සමගිව’ වැඩ කරන්නට බැරි උපාංග ගණනාවක් මේ තාක්ෂණය නිසා එක්සත් වු බැවිනි. හරියට හෙරල්ඞ් බ්ලූටූත් රජු ගෝත්‍රිකයින් එක්සත් කළාක් මෙන් මේ තාක්ෂණය විසින් ද ඉලෙක්ට්‍රොනික් උපාංග ගණනාවක් ‘එක්සත්’ කළ නිසා මේ තාක්ෂණය බ්ලූටූත් ^Bluetooth& කියා පසුව නම් කළේය.
බ්ලූටූත් තාක්ෂණය යනු කුමක්ද?
ජංගම දුරකතන, සාමාන්‍ය දුරකතන, පරිගණක, ලැප්ටොප්, පි‍්‍රන්ටර්, ඩිජිටල් කැමරා, ජී.පී.එස් (GPS) රිසීවර්ස්, ගේම් කොන්සෝල් යනාදි ඕනෑම වර්ගයක උපකරණ දෙකක් අතර තොරතුරු හුවමාරුවට බ්ලූටූත් තාක්ෂණය යොදා ගන්නට පුලූවන. මේ තාක්ෂණයේ ඇති විශේෂත්වය වන්නේ එකම වේලාවකදී වුවත් ඉලෙක්ට්‍රොනික් උපාංග අටක් අතරම එකිනෙකාට කිසිම පැටලිල්ලක් නැතිව, කටහඬ ^voice& සහ දත්ත (data)හුවමාරු කරන්නට පුළුවන්වීමය.
බ්ලූටූත් තාක්ෂණය දෘඩාංග හෝ මෘදුකාංග ද?
බ්ලූටූත් අඩු බල ශක්තියකින් වැඩ ගත හැකි සන්නිවේදන තාක්ෂණයකි. අඩු දුරකට, අඩු වියදම් විද්‍යුත් පරිපථ යොදා ගෙන f;dr;=re හුවමාරු කරගන්නට බ්ලූටූත් තාක්ෂණයෙන් එකිනෙක හා සම්බන්ධ කෙරෙන උපාංග අධෝරක්ත කිරණ( IRrays) යොදා ගන්න උපකරණ වලදී මෙන් එකිනෙකට හරි කෙලින් පිහිටන්නට වුවමනා නැත.
මේ උපාංග තිබෙන්නේ බ්ලූටූත් සන්නිවේදනය බලපවත්වන සීමාවේ නම, බිත්තියක් තිබුණත්, වෙන මොන බාධකයක් පෙනෙන්නට තිබුණත් සන්නිවේදනයට එය බාධාවක් නොවේ. ඒවා හරහා බ්ලූටූත් තාක්ෂණය කි‍්‍රයාත්මක වේ. මේ සන්නිවේදන කලාපය මීටර් එකක සිට මීටර් සියයක් දක්වා වටපිටාවක පැතිර තිබෙන්නකි.
බ්ලූටූත් ජාලයකදී දත්ත සමපේ්රෂණය කෙරෙන්නේ අඩු බල රේඩියෝ තරංග වශයෙනි. එනම් පොදු වශයෙන් ගත් විට ගිගා හර්ට්ස් 2.45 :2.45 (2.45gHz) සංඛ්‍යාතයක් ඇති රේඩියෝ තරංග වශයෙනි. (සැබවින්ම ගත් විට මෙය 2.402 gHz සිට 2.480.2.480gHz දක්වා පරාසයක පැතිර තිබෙන්නකි. මේ ක්‍රමයෙන් දත්ත සම්පේ‍්‍රෂණය වන වේගය එකිනෙකට වෙනස් වන්නේ බ්ලූටූත් මාදිලිය අනුවය. මුලින්ම හඳුන්වා දුන් .'Bluetooth 1.0' තාක්ෂණයේ දී එය තත්පරයට මෙගා බිට් එකකි ^1 Mbps&' . 2004 නොවැම්බර් 10 වැනිදා ලෝකයට හඳුන්වා දුන් .. 'Bluetooth 2.0' තාක්ෂණයේදි මේ වේගය තත්පරයට මෙගාබිට් තුනකි .^3Mbps&' දැනට ^Seattle& යන කේත නාමය තබා ඇති, ඉදිරියේ දී හඳුන්වා දෙන්නට නියමිත'Bluetooth 3.0' තාක්ෂණයේදී දත්ත හුවමාරු වේගය තත්පරයට මෙගාබිට් 480 (480 Mbps) දක්වා වැඩිවනු ඇතැයි ප්‍රකාශ වී තිබේ.
මේ වේගයෙන් දත්ත සම්පේ්රණය කළාට බ්ලූටූත් උපාංගවලින් අනෙක් උපාංගවල දත්ත සම්පේ‍්‍රෂණයට හෝ ඒවායේ කි‍්‍රයාකාරීත්වයට බාධා ගෙන නොදෙන්නේ මේ දත්ත සම්පේ‍්‍රෂණයේදී හුවමාරු කරන සංඥා මිලිවොට් එකක්^1mW& තරම් කුඩා නිසාය. බ්ලූටූත් සංඥාවක් සාමාන්‍ය ජංගම දුරකතනයක සංඥාවකට^3W& වඩා තුන් දහස් ගුණයකින් දුර්වලය.
බ්ලූටූත් සන්නිවේදනය අනෙක් සන්නිවේදන උපාංගවලට බාධා නොකරන මීළඟ ගුණය එම තාක්ෂණය තුළම අඩංගුව තිබෙන්නකි. මෙහිදී භාවිත වන තාක්ෂණික උපක්‍රමය ^technique& සිංහලයෙන් හැඳින්විය හැකි වෙන්නේ ‘පැතුරුම් වර්ණාවලි සංඛ්‍යාත පැන්නුම් උපක්‍රමය ^spread spectrum frequency hoping&Z ලෙසය.
මේ තාක්ෂණයේ දී බ්ලූටූත් උපාංගය එහි බලය තිබෙන ප්‍රදේශය තුළ අහඹු ලෙස තෝරාගත් එකිනෙකට වෙනස් තරංග සඛ්‍යාත 79 ක් එකින් එකට පනිමින් ප්‍රයෝජනයට ගනී. මෙය වේගයෙන් ක්‍රමානුකූලව සිදුවන්නකි. කෙතරම් වේගවත්දැයි කිවහොත් හැම බ්ලූටූත් ට්රාන්ස්මීටරයක්ම තත්පරයක් තුළ සංඛ්‍යාත 1600 කට මාරු වෙයි. වෙනත් උපකරණයකට බාධා විය හැකි යම් සංඛ්‍යාතයක රේඩියෝ තරංගයක් වැඩි කලක් පවතින්නේ නැත. එනිසා බ්ලූටූත් උපාංගයකින් බාධාවක් වුවත් එය අපට දැනෙන්නේ ද නැත.
බ්ලූටූත් තාක්ෂණය ‘කි‍්‍රයාත්මක කරවන්නට පරිශීලකයාට විශේෂ ස්විචයක් දැමීමට ඕනෑ වෙන්නේ නැතිකම ද මේ තාක්ෂණයේ තිබෙන විශේෂත්වයකි. බ්ලූටූත් තාක්ෂණය ඇති උපකරණ කීපයක් අතර තොරතුරු ඉබේම වාගේ ‘ගලා’ යයි. බ්ලූටූත් සබඳතාව ඇති එක් උපකරණයක් කි‍්‍රයාත්මක වූ සැනින් ඊට සම්බන්ධ අනෙක් සියලූ උපකරණ සන්නිවේදන ජාලයක් ගොඩ නංවා ගනී. මෙය රහිත පෞද්ගලික ක්ෂේත්‍ර ජාලයක් හෙවත් පෑන්^PAN Personal area network& එකකි. පිකොනෙට් ^piconet& කියන්නේ ද මෙවැනි ජාලයකටය. බ්ලූටූත් තාක්ෂණය ඇති උපාංග තැන තැන තබා තිබෙන කාමරය පුරා දැන් මේ ජාලය පැතිර යන අතර එය පරිගණකය, බඳ පටියේ ඇති කවරය තුළ තිබෙන ජංගම දුරකතනය, පළඳා සිටින ඉයර්ෆෝනය හෝ හෙඞ් සෙට් එක යනාදී හැමදේ එකිනෙකට සම්බන්ධ කරමින් බ්ලූටූත් ජාලයක් උපදී. එවිට ඒවා අතර /yeka රහිතව තොරතුරු හුවමාරු කරන්නට පුළුවන.
බ්ලූටූත් තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නා කෙනෙකු වටා මෙසේ ගොඩනැගෙන රේඩියෝ තරංග ජාලය ඒ තැනැත්තාගේ සෞඛ්‍යයට හානිකර ප්‍රතිඵල ගෙන දෙනවාද? දැනට කියන්නේ එවැන්නක් සිදු නොවෙන බවය. තර්කය වන්නේ බ්ලූටූත් රේඩියෝ තරංග දුරවල ඒවා බව කීමය. මිලිවොට් එකක සිට සියයක් ^1mW-100mW& දක්වා පරාසයක විහිදෙන ශක්ති වැයවීමක් ඇති බ්ලූටූත් රේඩියෝ තරංගවලට වඩා ජංගම දුරකතනයකින් උපදින තරංග වර්ග බොහෝ සෙයින් බල සම්පන්නය.
දුර්වල රේඩියෝ තරංග යොදා ගන්තාය කියා බ්ලූටූත් තාක්ෂණයටත් ජාත්‍යන්තර ප්‍රමිති වලින් පිට පනින්නට පුළුවන් කමක් නැත. බ්ලූටූත් තාක්ෂණයේදී දත්ත හුවමාරු කරන්නේ ප්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ටි්රකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනයේ(IEEE-Institute of Electrical and Electronics Engineering) නිගමනයන්ට අනුවය. ඔවුන් විසින් සැකසූ 802-15.1-2005 ප්‍රමිතිය මෙහි දී යොදා ගැනේ.
එහෙත් බ්ලූටූත් හි තාක්ෂණ සංස්කරණ^Bluetooth 1.0, Bluetooth 2.0 hkd§& හඳුන්වා දෙන්නේ බ්ලූටූත් එස්අයිජී^SIG Special Interest Group& නම් ආයතනය විසිනි. පෞද්ගලික සමාගම් විසින් දෙන අරමුදල් වලින් පවත්වා ගෙන යන ලාභ නොලබන ආයතනයක් වන බ්ලූටූත් එස්.අයි.ජී ආයතනය බ්ලූටූත් වෙළෙඳ සලකුණේ සිට තාක්ෂණික කටයුතු දක්වා සෑම අංගයකම අවසන් තීරණ ගන්නා ලෙස කටයුතු කරයි. එහෙත් බ්ලූටූත් උපාංග නිස්පාදනය කරන්නේ, විකුණන්නේ හෝ ප්‍රවර්ධනය කරන්නේ නැත. ඒ වෙනුවට එවැනි සමාගම් 10000 කට පමණ සාමාජිකත්වය ලබා දී ඒ සමාගම් දියුණු කරන අංග නියමිත ප්‍රමිතියකට අනුව පවත්වා ගෙන යාම මෙහෙයවනු ලබයි.
බ්ලූටූත් එස්.අයි.ජී ආයතනය පිහිටුවනු ලැබූයේ එරික්සන්, අයි.බී.එම්, ඉන්ටෙල්, ටොෂීබා සහ නොකියා යන ජාත්‍යන්තර සමාගම් එක්ව 1998 දීය.
/yeka රහිත ක්‍රමයට අඩු බල ශක්ති වැයවීමක් යටතේ එකවර උපාංග ගණනාවක් සමඟ සබඳතා ඇති කර ගන්නට බ්ලූටූත් තාක්ෂණයේ තිබෙන පුළුවන්කාරකම නිසා අද ලෝකයේ ඉලෙක්ට්‍රොනික් ගැජට්වල වැඩියෙන්ම භාවිත වන තාක්ෂණය බවට බ්ලූටූත් පත්ව තිබේ. බ්ලූටූත් තාක්ෂණය යොදා ගන්නා අමුතු අමුතු උපාංග දැන් වෙළෙඳපොළට රොද බැඳ එමින් තිබෙන්නේ එනිසාය.
ඇමරිකාවේ ටාගස්^Targus& සමාගම අපූරු බ්ලූටූත් යතුරු පුවරුවක් තනා විකුණයි. ඒ බ්ලූටූත් පහසුකම ඇති ජංගම දුරකතන සඳහාය. බ්ලූටූත් මොබයිල් තම්බ් පෑඞ්^Bluetooth-Mobile Thumb Pad& කියා නම් කොට තිබෙන මේ යතුරු පුවරුව සම්පූර්ණQWERT යතුරු පුවරුවකි. ස්මාට්ෆෝන් දුරකතන අසල මෙය තබා එස්.එම්.එස් කරන්නට හෝ සේව් කොට තබන්නට ඕනෑ කරන ලියවිල්ලක් සාමාන්‍ය පරිගණක යතුරු පුවරුවෙන් මෙන් ටයිප් කරන්නට පුළුවන.
ඇඳෙන් නැඟිටින්නේ නැතිවම දුරකතන ඇමතුම්වලට කතා කළ හැකි සේ බ්ලූටූත් තාක්ෂණය යොදා ගන්නා අලූත් පන්නයේ කොට්ටයක් ^Bluetooth enable pillow& පර්කුෂන්^per Cushion& නම් සමාගම විසින් නිපදවා තිබේ. මේ කොට්ටයේ තිබෙන මයික්‍රොෆෝනය, ස්පීකරය, බ්ලූටූත් රිසීවරය හා වොකියුම් කන්ට්‍රෝලය මගින් ඈත තිබෙන ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම කොට්ටයට ගෙන්වා ගැනීමට පුළුවන.
මේ ආකාරයෙන් නොයෙක් අලූත් බ්ලූටූත් ගැජට්, වෙළෙඳපොළට ඒමෙන් පෙනෙන්නේ බ්ලූටූත් තාක්ෂණය පරයන්නට සමත් වන තාක්ෂණයක් නැති බව ලෝකයා සිතන බවකි.
එහෙත් බ්ලූටූත් තාක්ෂණය සමඟ කරට කර තරඟ කරන්නට සමත් තාක්ෂණයක් ඉන්ටෙල් සමාගම විසින් දියුණු කොට ඇතැයි 2008 ජුනි 03 වැනිදා නිවේදනය කළේය. ඒ ආසියාවේ දැවැන්තම තාක්ෂණය ප්‍රදර්ශනය වන තායිලන්තයේ තායිපේ නුවරදී පැවැත් වූ කොම්පියුටෙක්ස් ^Computex& වෙළෙඳ ප්‍රදර්ශනයේදී ය.
ඉන්ටෙල් සමාගම සමඟ එක්ව සිටින ඔස්මෝ ඩිවයිසස් ^Ozmo Devices& සමාගම මේ හඳුන්වා දී තිබෙන්නේ වයි-ෆයි^Wi-Fi& තාක්ෂනයේ අලූත් අංගයකි. ඔවුහු වයි-ෆයි තාක්ෂණය දියුණු කොට බ්ලූටූත්වලදී නිර්මාණය වෙන්නාක් වැනි පෑන්^PAN& ජාලයක් නිර්මාණය කිරීමට සමත්ව සිටිති. මේ තාක්ෂණයට අනුව හරියට බ්ලූටූත් තාක්ෂණයේ දී මෙන් එකවර උපාංග අටක් සමඟ සම්බන්ධ විය හැක.
මහජන විශ්වාසය පටහැනිවල බ්ලූටූත් මැජික් නොවේග එය වයර් භාවිතා නොකර තවත් එක් උපාංගයක් සංඥා සම්පේ‍්‍රෂණය වන තවත් එක් ක්රමයකිග අපගේ හොඳ මිත්රයෙකි. විකිපීඩියා අනුව බ්ලූටූත් යනු විවෘත රැහැන් රහිත නිර්මාණයල ස්ථාවර හා ජංගම උපාංග වලින් :කෙටි ගුවන් විදුලි තරංග භාවිතා කරමින් කෙටි දුර ප්‍රමාණයක් දත්ත හුවමාරු සඳහා යොදාගන්නකි.එය මුලින් රැහැන් රහිත විකල්පයක් ලෙස පිළිසිඳ RS232 දත්ත කේබල් පනිවිඩග එය සමමුහුර්ත පිළිබඳ ගැටලු නිරාකරණය උපකරණ කිහිපයක් සම්බන්ධ කළ හැකිය.
නමුත් සරල ඉංග්රීසිල බ්ලූටූත් ඔබ වයර් භාවිතය තොරවල පරිගණක හෝ දුරකථනයෙන් ප්‍රවේශය සහ භාවිතය උපාංගයන් දුරස්ථව කිරීමට සලස්වයි. ප්‍රොටොකෝලය වේග මුලින් එය ජංගම දුරකතනයට fඩස්ක්fටොප් සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නා ලදීග එවිටල බ්ලූටූත් නිතිපතා පරිගණකයට ස fඩස්ක්fටොප් සම්බන්ධ කිරීම සඳහා යොදා ගනී කරමින් ආරම්භ කළ මුÞK යන්ත්‍ර රැහැන් රහිත කරමින් මෙන්ම බ්ලූටූත් ජාලය සමඟ සම්බන්ධ වීම සඳහා හැකි වීම සඳහා මත ප්රගතියකි.
ඉන්ටෙල් සෙන්ටි්රනෝ ප්‍රොසෙසර් යොදා ගන්නා ලැප්ටොප්වලට මෙම වයි ෆයි පෑන්^Wi-Fi-PAN& තාක්ෂණය එක් කරන්නට දැන් පරිගණක සමාගම් කීපයක්ම එකඟ වී සිටී. ලබන වසරේ ලෝකයේ නොයක් රටවලට නැව්ගත කරන ලැප්ටොප් කෝටි දහයක් අතරින් හරි අඩකට වඩා වැඩි ලැප්ටොප් ගණනක මේ අලූත් තාක්ෂණය තිබෙනු ඇතැයි ඔස්මෝ ඩිවයිසස් සමාගමේ ප්‍රධාන විධායක ඬේව් ටීම්, කොම්පියුටර් වර්ල්ඞ් ^Computer World& සඟරාවට කියා තිබුණේය.
මේ අලූත් වයි-ෆයි පෑන් තාක්ෂණය සහ බ්ලූටූත් තාක්ෂණය අතර ඉදිරියේදී ඇතිවෙන්නට පුළුවන් සබඳතා ගැන, වෙළෙඳපොල විශ්ලේෂණ සමාගමක් වන ඉන්-ස්ටැට් ^In-Stat& ආයතනයේ ජොනතන් ග්රූබර් අදහස් දක්වා තිබුණි. ‘‘මෙය සැබවින්ම බ්ලූටූත් තාක්ෂණයට අභියෝග කරාවි’’ ඔහු සිය සම්පූර්ණ අදහස තනි වාක්‍යයකින් කීවේ එසේය.
References
Wikipidia.org/wiki Bluetooth en.wikipidia.org/wiki/Bluetooth
8prev=serch
http//:www.bluetooth.com
pages Howit works .aspx
http//:www.makeuseof.com /tag tecnology
http//:www.support.apple.com/en-us
chiqkaor"wNh"^2008
cq,s&"zí¨gQ;a ;dCIKhZ"8-11'
foaYm%sh
lrekdr;ak"iqkkao"^2008 Tlaf;dan¾&z zí¨gQ;a Tfí mß.Klhg;a
tlalr.kakZ"9-10'
isßj¾Ok"m%Yd;a"^2009
cqks&zcx.u ÿrl;khg í¨gQ;a Z16-18'
fiakdj;a;"iïm;a"^2009
ud¾;=& zí¨gQ;a ikaksfõokhZ44-45'
R.P.Dinusha Lakmali
AR/64927
No comments:
Post a Comment