Friday, February 13, 2015

ඊ මේල් -E- Mail  (ඉලෙක්ට්‍රොනික තැපෑල)




      ඉන්ටනෙට්වලට අයත් අතිශයින්ම වැදගත් කොටසක් වන්නේ වර්ල්ඞ් වයිඞ් වෙබ් ය. ප‍්‍රාග් ඓතිහාසික සිදුවීම්වල සිට මේ මොහොතේ සිදුවන දේ පිළිබ`ද තොරතුරු ද වර්ල්ඞ් වයිඞ් වෙබ් හරහා ලබාගත හැකිය.

ඉන්ටර්නෙට්වල අතිශයින්ම ජනප‍්‍රිය අංගය වර්ල්ඞ් වයිඞ් වෙබ් වුවත් එහි වැඩිපුරම භාවිතකරන කොටස වන්නේ විද්‍යුත් තැපෑලයි. එය ඉලෙක්ට්‍රොනික් මේල් හෙවත් ඊමේල් යන නමින් හැදින්වේ. Internet  මගින් ලබා ගත හැකි සරලතම සේවය මේ E- Mail ය. මෙය Internet තාක්ෂණය යටතේ ලැබුණු පැරණිතම සේවයක් ලෙස හැදින්විය හැක. අන්තර්ජාලය පිළිබ`ද සංකල්පය ජනප‍්‍රිය වීමට ප‍්‍රථම පවා E- Mail  භාවිතය පරිගණක ලෝකයේ දක්නට තිබුණි. අන්තර්ජාලය බිහි වීමත් සම`ගම  E- Mail  තාක්ෂණයඅන්තර්ජාලය මත ප‍්‍රධාන සේවාව බවට පත් විය. 

මේ සේවාව මගින් ක්ෂණිකව පනිවුඩ හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසේ. එබැවින් ඉන්ටර්නෙට් සම්බන්ධතා ලබාගන්නා හැම අයෙක්ම ඊ මේල් යනු කුමක් දඑයට කළ හැකි හා කළ නොහැකි දේවල් මොනවා දඑය ක‍්‍රියාත්මකවන්නේ කොහොම දඑයට සම්බන්ධවීමට තිබිය යුතු සුදුසුකම් මොනවා දවැනි දේවල් දැනගත යුතුය. 
පාරම්පරික තැපැල සේවා පරිගණක ගත කිරීමක්  වන ඊමේල්සාමාන්‍ය ලිපියක මෙන් නොව විවිධ අකුරුවර්ණ ඡුායාරූපනාදරටා ආදිය එක්කළ හැකිය ගතානුතික ලිපි හා ඊමේල් අතර ඇති ප‍්‍රධානම වෙනසක් වන්නේ දී ඒවායේ දී සාමාන්‍ය තැපැල් ලිපිනය වෙනුවට විශේෂ විද්‍යුත් තැපැල් ලිපිනයක් භාවිත කිරීම ය. ඊ මේල් ලිපිනයක් කොටස් තුනකින් සමන්විත ය. මුල් කොටස එය ලබන අයගේ නම ය. දෙවෙනි කොටස ඉංග‍්‍රීසි සලකුණ ය. තෙවැන්න ලිපිහිමියා එම ලිපිය ලබාගන්නා තෙක් එය ර`දවා තබාගන්නා පරිගණකයේ නම ය. උදාහරණයක් ලෙස ඊ මේල් ලිපිනයක් සකස්වන්නේ Person name @ domain.nm යන පිළිවෙලට ය. ඩොමේන් නාමයේ අගට. Com, met , edu  හෝ   ilk. uk, in , jp වැනි අවසානක් ඇත. 
සාමාන්‍ය ලිපියක් ලිවීමේදී මෙන් නොව විද්‍යුත් තැපෑල ස`දහා පරිගණකයක් මෙන්ම ඒ හා බැදුණු මොඩමයක් ද තිබිය යුතු ය. පරිගණකයේ ජනිත කෙරෙන සංඥා සාමාන්‍ය දුරකථන මාර්ග ඔස්සේ සම්පේ‍්‍රෂණය කළ හැකිවන ආකාරයේ සංඥා බවට පෙරලෙන්නේ මොඩමය ම`ගිනි. එහෙත් එම උපකරණ දෙක තිබූ පමණින් විද්‍යුත් තැපෑල භාවිතා කළ නොහැකිය. ඊ මේල් පනිවුඩ සකස් කිරීම ස`දහාත් පණිවුඩ කළමනාකරණය කිරීම ස`දහාත් උචිත ක‍්‍රම ලේඛයක් තිබිය යුතු ය. ඒ වගේ ම විද්‍යුත් තැපැල් ගිණුමක් තිබිය යුතු ය.




E- Mail - පණිවුඩයක් යැවීම 


ඊ මේල් පණිවුඩයක් යැවීමේ දී ෑE- Mail ලිපිනයක් තිබිය යුතුය. එය කෙසේ විය යුතු ද යන්න මුල දී සාකච්ඡුා කෙරිණි. මේ අන්තර්ජාල ලිපිනයක් Space  නොතබා ස`දහන් කළ යුතු ය. ලොකු අකුරු භාවිකා කිරීමට අවශ්‍ය නම් ඒබ ව මුලිනම ස`දහන් කර ලිපිනය ලබා ගත යුතු ය. නමෙහි කොටස් වෙන් කර දැක්වීමට අවශ්‍ය නම් එයUnder line, hay phonation හෝ Period  යොදා කළ යුතු ය. 

විද්‍යුත් ලිපියක් යැවීමේ දී අනුගමනය කරන්නා වූ සරල ක‍්‍රියා පිළිවෙල මෙසේ ය. 

1.       Outlook express ප‍්‍රවේශනය කර new mail එබිය යුතුය. එවිට New message `දහා වන කවුළුව          
        දැක්වේ. පළමුව එහි මාතෘකා තීරුවේ දැක්වෙන්නේ New message යන්න ය. එහෙත් එහි මාතෘකාව       
        නිවේශනය කර වහාම මාතෘකා තීරුවේ එම මාතෘකාව දිස්වෙයි.

2.       Outlook සැලසුම්වලට අනුව සාමාන්‍යයෙන් from ඉදිරියේ තමාගේ E-Mail පිලිනය හා නම                           ස`දහන්ව ඇත. 

3.       එහි To  ඉදිරියේ ලිපිය යවන අයගේ E-mail ලිපිනය ස`දහන් කළ යුතු ය.  

4     ඊ ළ`ගට Subject යයි ස`දහන් පේලියේ පණිවුඩය ලිවිය යුතුය.

5.       ටයිප් කර Send කළ යුතු ය. එවිට Out box  එක එක්වුණු වහාම ඊළ`ග අවස්ථාවේ send කර විට     
         පණිවුඩය අදාල නෙකා වෙත යොමු වේ. 

E-mail පණිවුඩයක් කියවීම 

express Outlook  දියත් කර Send කර විට ලැබුණු පණිවුඩය In Box ඉදං  එකේ පෙන්වයි. In Box ඉදං එකේ දැක්විය හැකි විශේෂාංග.

Priority – ප‍්‍රමුඛතාවය. 

කිසියම් පණිවුඩයකට වැඩි හෝ අඩු අවධානයක් යොමුකළ යුතු ද යන්න දැන ගැනීමට මේ තීරුව බැලිය යුතු ය. කිසියම් පණිවුඩයක් දැඩි අවධානයට යොමු කළ යුතු එකක් නම් රතු පැහැති ! සලකුණු දිස්වෙයි. වැඩි අවධානය යොමු කළ යුතු නොවේ නම් නිල් පැහැති ඊ හිසක් මතු වෙයි.

Attachment – ඇමුනුම්
         
පැමිණි පණිවුඩට වෙනත් ගොනුවක් අමුනා ඇත්නම් මේ තීරුවේ කඩදාසි ඇමුනුම් කටුවක සටහනක් දැක්වෙයි. 

Flag – කොඩිය 

කොඩි සලකුණක් ඇත්නම් ඒ පණිවුඩය ස`දහා කිසියම් ක‍්‍රියාමාර්ගයක් ගත යුතු බව මතක් කරයි. 

From – මාතෘකාව 

Received  - ලැබීම

කිසියම් පණිවුඩයක් මේල් Server ය වෙත ලැබුණ දිනය මෙහි දැක්වේ. 
පණිවුඩ කියවීම

In Box  එකේ කියවා නැති පණිවුඩ තද පැහැ අකුරින් හා අලවා ඇති ලිපි කවරයක් ආකාරයෙන් දිස් වේ. කියවා අවසන් ලිපිවල මුලින් දිස්වන්නේ විවෘත කළ ලිපි කවරයක මූර්තියකි.

පණිවුඩයක් මාකා දැමීම ස`දහා නම Select කර Delete  කළ යුතුය. එහෙත්               shoft       Delete කළ හොත් එය ට‍්‍රෑප් බ`දුන වෙත නොගොස් හාඞ් ඩිස්කයෙන් මැකී යයි. එමෙන් ම පසු අවස්ථාවක Edit         Emty Delete  Items Folder තේරීමෙන් එහි රැු`දී ඇති ගොනු ඉවත් කළ හැකි ය. 

පණිවුඩ වැළැක්වීම. 

අනවශ්‍ය පණිවුඩ පැළැක්වීම පෙරණ හෙවත් ෆිල්ටර්ස් භාවිතයෙන් සිදු කළ යුතු  ය. මෙය තාක්ෂණික වශයෙන් Massage rules යනුවෙන් හැ`දින්වේ. 

E-mail සේවය ක‍්‍රියාත්මක වන්නේ ද සාමාන්‍ය තැපැල් සේවය ක‍්‍රියාත්මක වන ආකාරයටම ය. මෙහි දී යවන E-Mail පණිවුඩ mail server එකක් හරහා යවනු ලැබේ. එය ද පරිගණකයකි පැරණි E-Mail ක‍්‍රමයට අනුව දෙන ලද E-Mail පණිවුඩයක් සමහර විට E mail Servers කිහිපයක් හරහා යමින් අදාළ ස්ථානයට ළ`ගා වේ. අදාළ ඒ ඒ වේලාවන්වල දී පමණක් පණිවුඩ එකතු කර ගන්නා මෙවැනි Severs  ඔස්සේ E-Mailයවන විටසමහර අවස්ථාවලදී පණිවුඩය ගමන් කිරීම ස`දහා පැය ගණනක් හෝ දින ගණනක් ගත විය  හැක. එය E-Mailක‍්‍රමයේ ඇති ප‍්‍රමාදයක් නොවේ.  

E-Mailතාක්ෂණය ම`ගින් පණිවුඩ හුවමාරුවෙහි යම් යම් සිමාවන් තිබේ ප‍්‍රධාන වශයෙන්ම E-Mail තනා ඇත්තේ සාමාන්‍ය අක්ෂර නැතහොත් Text  ආකාරයෙහි පනිවුඩ හුවමාරුව ස`දහා ය. එනම්රූප ආදිය අතුරින් කළ බහු මාධ්‍ය පණිවුඩ මෙන්ම විශේෂ ආකාරයට සකස් කළ Text  පණිවුඩ පවා E-Mail`ගින් සාමාන්‍ය අකාරයට යැවිය නොහැක. එවැනි විශේෂ වණිවුඩ අමතර පරිගණක වැඩසටහන් ආධාරයෙන් E-Mailපණිවුඩ හා අනුබද්ධ කර යැවිය හැක එසේ අනුබද්ධ කර යැවීම Attachment  එකක් ලෙස හැ`දින්වේ. Attachment එකක් සහිතව ලැබෙන E-Mailකියවා බැලීමට අදාළ විශේෂ පරිගණක වැඩසටහන් අවශ්‍ය වේ
.
E-Mail පහසුකම් ලබා ගත හැකි පරිගණක වැඩසටහන් අද බොහෝ ගණනක් දැකිය හැක. මේ අතර, EDUORA වැනි  ඉතා ජනප‍්‍රිය E-Mail වැඩසටහන් දැකිය හැකිය. මෙම වැඩ  සටහන Windows – 95 වැනි Operating systems මත ක‍්‍රියා කරන බැවින් ඉතා සිත් ඇද ගන්නා ආකාරයෙහි වූ උසබාදඅි පසුබිමක සිට E-Mailයැවීමලබා ගැනීමකොපි කිරීම වැනි කටයුතු කල හැකි. සෑම E-Mailවැඩසටහනක්ම තමන් වෙත ලැබෙන E-Mailපණිවුඩ ප්සක ඉදං නැමැති පරිගණක වැඩසටහනක් මතට එකතු කර ගනු ලබයි. 

Mailing lists
E-Mail තාක්ෂණයෙහි වැදගත් පියවරක් ලෙස Mailing listsදැක්විය හැක. කිසියම් කේෂ්ත‍්‍රයක පුද්ගලයින්ගේ E-Mail ලිපිනයන් ලැයිස්තුවක් සේ පවත්වා ගැනීමේ අදහස මේ නමින් හැ`දින්වේ. මෙම ක‍්‍රමය මගින් අදාළ පුද්ගල කණ්ඩායම් අතර පණිවුඩ හුවමාරුව කාාර්යක්ෂම කර ගත හැකිව තිබේ. එනම්ඒ ඒ පුද්ගලයාට E-Mailපණිවුඩ වෙන වෙනම යැවීම වෙනුවටMailing listsඑකට පණිවුඩය යැවිය හැක. මෙයට උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාරවේ Artificial Intelligence නැමති කේෂ්ත‍්‍රයෙහි පර්යේෂණ සිදු කරන කණ්ඩායම විසින් Airlk නැමැති Mailing lists එකක් පවත්වාගෙන යනු ලැබේ. මෙම list එක මොරටුව විශ්ව විද්‍යාලයෙහි පිහිටුවා ඇති අතර එය විවෘත විශ්ව විදයාලයය ම`ගින් පවත්වාගෙන යනු ලැබේ.

E-Mail දස පනත

නූතන කාර්යාලයීය කාර්යයන්හි දී සීමාව ඉක්මවා ලැබෙන විද්‍යුත් තැපැල් පණිවුඩ නිසා මතු වී ඇති විශාල ගැටළුවට යම් විස`දුමක් ලෙස හාවඞ් විශ්ව විද්‍යාලයේ අංශයක් වූ හාවර්ඞ් ව්‍යාපාරික පීඨය ‘‘විද්‍යුත් තැපෑල ස`දහා වන දස පනත’’ යනුවෙන් ප‍්‍රමිති පිරිවිතරක් ප‍්‍රකාශයට පත් කරන ලදී. ඒ දස පනත මෙසේ ය. 

1.       ලැබෙන පණිවුඩ ලොප්කර දමන්න.
2.       `දුම (ඇටෑච්මන්ට්ස්* වලින් නිදහස් වෙන්න. 
3.       යවන්නට පෙර දහයට ගනින්න.
4.       ස්වාභාවිකත්වයට සමාන කිසිවක්ම නැත. 
5.       කාලානුරූපනව කටයුතු කරන්න.
6.       දාමය බි`ද දමන්න.
7.       කටකතා,  ඕපා¥පා පැතිරවීම නොකරන්න. 
8.       ඔබට දැරිය හැකි දේ පමණක් යවන්න.
9.       වටිනාකම ගණනය කිරීම.
10.     අතිසාර්ථක මාධ්‍යයක් නොවේ.

මේවා E-Mail භාවිතයේ නීති රීති ලෙස දක්වා තිබේ. 

මේ අයුරින් Internet `ගින් ලබාගත හැකි සරලතම සේවයක් වන E-Mail අද ඉතා ජනප‍්‍රිය අංගයක් බවට පත්ව ඇත. මේ නිසාම සාමාන්‍ය තැපැල් සේවය බි`ද වැටී ඇත. සන්නිවේදන
කේෂ්ත‍්‍රයේ ප‍්‍රමුඛයන් වන International data Cooperation පවසන අන්දම ට  1999 වසර තුළ ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් හුවමාරු කරගත් විද්‍යුත් තැපැල් පණිවුඩ සංඛ්‍යාව දිනකට බිලියන 2.1 බැගින් විය. වසර 2002 වන විට එය දිනකට බිලියන 8 ක් දක්වා ඉහළ න`ගිනු ඇතැයි අපේක්ෂා කර ඇත. ඔවුන්ගේ ඒ නිගමනය අද සත්‍යයක් බවට පත් වී තිබේ. මෙය Internet හි ජනප‍්‍රිය අංගයක් බවට ද පත් වී තිබේ.

ආශ්‍රේය කර ගත් මූලාශ‍්‍ර 

x        නන්දසාරඑස්.ටී. සහ සේනාරත්නපී. ඇම්ඉන්ටර්නෙට්, 1997, ඇස්. ගොඩගේ සහ    
           සහෝදරයෝකොළඹ 

x        විජේරත්නඑන්.පී. ඉන්ටර්නෙට් සහ ඊ - මේල් රහස්  රැුසක්, 2002, ඩෙලමා කොම්
           ටෙක්නොලජිස්කොටදෙනියාව 

x        කරුණාරත්න අසෝක. එස්හෙට ලොවට පරිගණක 1998, අසෝක එස්.
           කරුණාරත්න,

x        තිලකරත්නහේ. මු. පරිගණක විද්‍යාව හා එහි තාක්ෂණය, 1997, එස් ගොඩගේ සහ
            සහෝදරයෝකොළම 10.

x          Kishore ; Naval , Internet for Doctors, 2011, Vikas pubilising  house Pvt LID.
                                                                                                
                                                                                       
                                                                                                               AR/64977

                                                                                                             
                                                                                                            





Tuesday, February 10, 2015

           
              Yahoo =Yet another hierarchical officious oracle"



                  ලෝක ව්‍යාප්ත ජාලය වැනි පරිගණක පද්ධතියක් හෝ ආයතනයක පරිගණක ජාලයක් හෝ පෞද්ගලික පරිගණයක තිබෙන  ස්ර්ච් එන්ජිම පර්සනල් සර්ච් එන්ජිමකි. සර්ච් එන්ජිමක් කි‍්‍රයාත්මක වන්නේ මිනිසුන්ගේ   මැදිහත්වීමකින් තොර ස්වයංකී‍්‍රයව වීජ ගණිතමය ක‍්‍රමයකට අනූව ය. එබැවින් එය වඩා නිවැරදි යැයි සැලකිය හැකි ය. මුල් ම අන්තර්ජාල සර්ච් එන්ජිම මොන්ටි‍්‍රයල් හි (Montriyal) මැක්ගිල් විශ්ව විද්‍යාලයේ සිසුවකුව සිටිය දී 1990 දී ඇලන්  එම්ටේජ් නිර්මාණය කළ  ආචි (Archeieස්ර්ච් එන්ජිමයි. මුල් ම වෙබ් ස්ර්ච් එන්ජිම වැන්ඩෙක්ස් (wandex) ය. ඉන්පසු 1993 ඇලිවෙබ් (Aliweb) හා වෙබ්  ක්‍රෝලර් (Aliweb) යන සෙවුම් යන්ත‍්‍ර බිහිවිය. මේවා අතර වඩාත් ජනප‍්‍රිය වන්නේ 1994  දී ලයිකොස් (Lycos1995 දී අල්ටාවිස්ටා (Altavista1996 දී ආස්ක්ජිව්ස් (Askjeevs) ද 1997 දී නදර්න් ලයිට් (Nothern Light) 1998 දී ගූගල් (Google) 1999 දී බයිදු (Baidu) 2004 දී යාහු (Yahoo2005 දී එම්එස්එන් (MSNස්ර්ච් යනාදිය  වඩා ප‍්‍රසිද්ධියට පත්විය. 

     මේ අතර යාහූ (Yahoo) වනාහි සෙවුම් පද්ධතියකි. Jerry Yang සහ David Filo විසින් 1994 දී ප‍්‍රතිස්ථාපිත කරන ලද අතර 1995 මාර්තු 1 දින සංස්ථාපනය කරන ලදි. ”යාහු වෙබ් අවකාශයේ කීර්තිමත් නාමයක් දරණ සෙවුම් අඩවියක් ලෙස හැ`දින්විය හැකිය. එක්තරා යුගයක වෙබ් අවකාශයේ ඉහළම නම ර`දවා සිටි සෙවුම් අඩවිය යාහූ වන අතර වර්තමානයේ ඇමරිකාව තුළ සෙවුම් අඩවියක් ලෙසට භවිතා වන තෙවන අඩවිය බවට මෙය පත්ව ඇත. එනම් ගූගල් සෙවුම් යන්ත‍්‍රයට හා මයික‍්‍රසොෆ්ට් හි බින් සෙවුම් යන්ත‍්‍රයට පසුව ය.”(1) ලෝකයේ ව්‍යාප්තව පවතින අන්තර්ජාල මෙහෙයුම් නාමාවලියේ තෙවන අඩවිය බවට පත්වීමට හේතු වන්නේ පුනරාක්‍ෂක සැලැස්මකින් යුක්ත ව කි‍්‍රයාත්මක වීමත් දස දහස් ගණන් වෙබ් අඩවි සහ මිලියන සංඛ්‍යාත වෙබ් පිටු පරිශීලකයන් ලෙස කලක සිට මෙන් ම අලුතින් ද  භාවිත කරන්නන්ගේ  ප‍්‍රමාණය ඉහළයාම හේතුවෙනි. යම්කිසි දත්තයක් හෝ තොරතුරක් සොයා ගැනීමේ දී පහසු සෙවුම් මාර්ගවලින් යුක්ත ය. කලක් පටන් යාහූ වෙබ් අවකාශයේ ජනප‍්‍රියත ම සෙවුම් යන්ත‍්‍රය බවට පැවතුණේ එවැනි පහසු සෙවුම් මාර්ගවලින් යුක්ත වූ සෙවුම් අඩවියක් බැවිනි. 
යාහූ ආරම්භ කරන ලද්දේ 1994 වර්ෂයේ වුව ද යාහූ යන නාමයෙන් ලෝක ව්‍යාප්ත වන්නේ 1995 මාර්තු මාසයේ දී ය. ”1994 දී ආරම්භ කළ යාහු සමාගමේ සේවකයින් 14000ක් පමණ සිටින අතර Jerry yang එහි සභාපතිවරයා වේ. David Filo එහි ප‍්‍රධානියාවේ. 2007 වසරේ යාහු සමාගමේ ශුද්ධ ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 66කි.”(2) යාහූහි ආරම්භය විමසා බැලීමේ දී ”1994 ජනවාරිවල දී Jerry’s Guide to the world wide web කියා නම් කළ, ලෝක ව්‍යාප්ත ජාලයේ පළමු වෙබ් ලිපින නාමාවලිය ඬේවිඞ් ෆිලෝ සම`ග එක් වූ ජෙරී යැන්ග් විසින් ඇමරිකාවේ කැලිෆෝනියා නුවර සැන්ට ක්ලේරා දී ආරම්භ කළේ ය.”(3) 2005 ඔක්තෝම්බර් වන විට දී ලොව පුරා මෙහි සේවා බිලියන 3.4කට ආසන්න සේවා ලාභීන් දක්නට ලැබිණි. 2013 දෙසැම්බර් වන විට 12,200 පමණ සේවාදායකයින් විය. මෙම නිළ වෙබ් අඩවියට පිවිසෙන්නේ  http://www. Yahoo.com ම`ගිනි. 
      ලෝක ව්‍යාප්ත ජාලය ඔස්සේ යාහූ වෙතින් සපයන සේවාවන් ද, මයික‍්‍රසොෆ්ට් වෙතින් සපයන සේවාවන් ද එක් ව ගත් විට බිහිවන්නේ ලෝක ව්‍යාප්ත ජාලයේ තිබෙන බලවත් ම සේවා සපයන්නා ය. එහි දී සිටින එකම තනි තර`ගකරුවා වන්නේ ගූගල් පමණකි.



මයික්‍රොසොෆ්ට්
යාහු
ප‍්‍රධානම තර`ගකරුවා
ඊ-මේල් සේවා
Hotmail                 255

   Yahoo mail              257                 
 Google Gmail              90
ඉන්ස්මන්ට් මැසෙංජින් සේවා

      MSN Live          223

    Yahoo Messen ger  93

AOQ  ICQ                      30

ඡුායාරූප සේවා


       Facebook          64

    Flicker                        40

Picasa                           38
සංගීත සේවා
       MSN Music       16

    Yahoo Music             57

ALO Music                    91
මූල්‍ය ව්‍යාපාර
 පුවත්
       MSN Money
     17

    Yahoo finace           35

Reed Business             16
සම්පූර්ණ පරිශීලකයන් ගණන
      Microsoft Sites 
                 මිලියන 540
     Yahoo sites
                   මිලියන485
Google sites 
                 මිලියන 588
සර්ච් කරනන්ගේ ප‍්‍රතිශතය 
Microsft sites 3%
Yahoo sites 13%
Google Sites 62%
   ”   (4)
       
 අන්තර්ජාල භාවිත කරන  බොහෝ දෙනෙකුගේ ජීවිත හා බැ`දුණු සමාගමක් ලෙස Yahoo
සමාගම වෙතින් ලබා දෙන ප‍්‍රධාන සන්නිවේදන මාර්ග දෙකක් ලෙස Yahoo messenger හා Yahoo mail සේවා හැ`දින්විය හැකි ය.” යාහූ මැසෙන්ජර් විශ්වාසනීය ය. එම`ගින්  ඕනෑම මොහොතක පාඨ පණිවුඩවලින් මෙන් ම කථනයෙන් ද අන්තර්ජාලය ඔස්සේ සන්නිවේදනය පැවැත්වීමට අවස්ථාව සලසයි. මෙය  Yahoo වෙතින් නොමිලේ ලබාගත හැකිය. විද්‍යුත් තැපෑලට වඩා වේගවත් ය. ඉන්ටර්නෙට් ඔස්සේ  ඕනෑම තැනක සිට  ඕනෑම කෙනෙකුට දුරකථන ඇමතුම් දිය හැකිය. එකවර බහු සංවාද පැවැත්වීමේ හැකියාව ද ඇත.”(5)  
”එසේ ම මයික‍්‍රසොෆ්ට්, ෆේස් බුක්, පෝල් ටෝක්, යු ටියුබ්, ස්කයිප්, AQL, ඇපල් යනාදි ආයතන හරහා ක‍්‍රියාත්මක වන දත්ත ද මිලියන ගණනක විද්‍යුත් ලිපි ද රාශියකි. මේ අතර බොහෝ දෙනෙකුගේ විද්‍යුත් තැපැල් ගනුදෙනු කරන්නේ Yahoo.com විද්‍යුත් ලිපිනය ඔස්සේ ය. හියුමන් රයිට්ස් ෆ(ර්)ස්ට් සංවිධානය ප‍්‍රකාශ කරන අන්දමට ඇමරිකාවේ වැඩි දෙනා පිවිසෙන වෙබ් අඩවිය Yahoo බවයි. එය අන්තර්ජාලයේ ඇති වැදගත් ම තොරතුරු ගබඩාවකි. උදා: 2012 දෙසැම්බර් වන විට මිලියන 281 පිරිසක්  විද්‍යුත් තැපැල් භාවිත කර ඇති අතර මෙම සේවාව 1997 ඔක්. 8 සිට වර්තමානය දක්වා ම භාවිත කරන්නන්ගේ ප‍්‍රමාණය අනෙකුත් සමාගම්වලට සාපේක්‍ෂව වැඩි වේ.”(6)


        යාහූ  online ලෝකයේ  ප‍්‍රතිචාර දැක්වීමේ බලවතෙකි.  Online chat හෙවත් මාර්ගගත සල්ලාප ක‍්‍රමය වේ. මෙහි සාමාන්‍ය සල්ලාප ක‍්‍රමයට වඩා වෙනස් වන්නේ කතා කිරීම වෙනුවට කියන්නට ඇති දෙය ටයිප් කිරීමත්, ඇසීම වෙනුවට පරිගණක තිරය මත දිස්වෙන තොරතුරු කියවීමත් ය. එමෙන් ම යාහූ වෙතින් පවත්වා ගෙන යනු ලබන ප‍්‍රජා ම`ග පෙන්වීම් (චැට්, ගෲප්ස්, හෝම් පේජස්, මෙසේජ් බෝඞ්ස්, ප්‍රොෆයිල් ආදිය...) යාහූ සාමාජිකයින්ට එකිනෙකා හමුවීමට, අන්තර් කි‍්‍රයාකාරකම්වල නියැලීමට හා අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව සලසා දෙයි. සත්‍ය ජන හමුවක දී මෙන් ම යාහූ ප‍්‍රජා හවුලක දී ද එකිනෙකා අතර ඇත්තේ එකිනෙකට වෙනස් අදහස් ය. මෙහි සාමාජිකයන් සාමාන්‍ය නීතීරීතී කිහිපයක් පිළිපදින්නේ නම් යාහු ප‍්‍රජාවට එක්විමෙන් ලැබෙන අත්දැකීම් ද කදිමය. මේ ස`දහා පිළිපැදිය යුතු නීතීරීතී උපදෙස් කිහිපයක් මෙසේ ය.
        ”අනෙකුත් සාමාජිකයන්ට හිරිහැර කිරීමෙන් හෝ අපහාස කිරීමෙන් වැළකීම, අසභ්‍ය හෝ  මත භේදයට තුඩු දිය හැකි ඡුායාරූප හෝ පණිවුඩ එක් කිරීමෙන් වැළකීම, මාතෘකාවට අදාළ ව පමණක් දක්වන්න. ඔබ සම්බන්ධ වී ඇති ප‍්‍රජාවට අනුකූල විෂයක් සාකච්ඡුා කිරීම නොවන්නේ නම් එයින් ඉවත් වී වෙනත් හවුලකට එක්වන්න, නැතිනම් අවශ්‍යතා යොදා ගැනීමෙන් වළකින්න, හිමිකම් ඇවිරුණු යමක් එක් කිරිීමෙන් වළකින්න, වැඩිහිටියන්ට පමණක් අදාළ වන අන්තර්ගතය ස`දහා අවසර ලැබෙන්නේ ”Adult content” යයි විශේෂයෙන් ස`දහන් කරන ලද පෙදෙස්වල දී පමණි.  Adult chat හා Adult Group වැනි එවැනි පෙදෙසකට ඇතුල්වීම ස`දහා වයස අවු.18ට වඩා වැඩි අයෙකු විය යුතුය. යාහූ ප‍්‍රජා සේවාවකට එක් කරන අන්තර්ගතය සංස්කරණය කිරීමක් යාහූ දී නොකරයි. එවැනි සේවා කොන්දේසිවලට පටහැනිව එක් කරන දේවල් මූලික දැනුම් දීමකින් තොරව ඉවත් කර දැමෙයි. එසේ ඉවත් කරන්නේ් යාහූ හැ`දිනුම හා ඒ හා සම්බන්ධ විද්‍යුත් තැපැල් ගිණුම්, හෝම් පේජස් වැනි සියල්ලම එයින් අවලංගු කරනු ලැබේ.”(7)

         යාහූ හා සම්බන්ධ අනෙකුත් සේවාවන් රැුසකි. විශේෂයෙන් වෙබ් පිටු නිරන්තරයෙන් නිර්මාණය වන එකිනෙක අතර වඩාත් වැදගත් වූ තොරතුරු රාශියක් හුවමාරු කෙරෙන විවිධ සේවාවන් අන්තර්ගත වේ. ”එනම් Yahoo sports, Yahoo finance, Yahoo music, Yahoo movies, Yahoo weather, Yahoo news, yahoo answers  හා Yahoo games යනාදි තොරතුරු හා පුවත් ම`ගින් පහසුවෙන් ලබා දෙයි. එසේ ම 2013 සැප්. 19  පුද්ගලයාන සේවයක් ලෙස ”My Yahoo” නමින් විශේෂිත අංගයක් ලෙස තොරතුරු ඇතුළත් කළහැකි පිටුවක්  යාහු භාවිත කරන්නන්ට රිසි සේ නිර්මාණය කරගත හැකි ය. යාහූ වෙතින් හ`දුන්වා දුන් නවතම අංගයක් ලෙස මෙය හැ`දින්විය හැකිය. ”(8) 
         
         ආර්ථිකමය වශයෙන් ඇමරිකාව කඩා වැටීමත් සම`ග මයික‍්‍රසොෆ්ට් සමාගම විසින් 2008 වර්ෂයේ දී යාහූ සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 44.6කට හෙවත් කෝටි 4460කට (ආසන්න වශයෙන් රුපියල් කෝටි ලක්‍ෂ පහකට) විකුණන ලෙසට යාහූ සමාගමට යෝජනා කොට ඇත.” යාහූ සමාගම විසින් යාහූ මිල දී ගතහොත් එම සමාගම් දෙකේ සේවාවන් එකම වෙබ් අඩවියකින් ලබා ගැනීමට පුළුවන්කම ලැබේ. එසේ වුවහොත් අලුත් සමාගම බොහෝ ජනමාධ්‍ය හ`දුන්වා දී තිබුණේ ”microHoo”ලෝක ව්‍යාප්ත සෙවුම් පද්ධති අතර Yahoo තව දුරටත් තර`ගකාරී ලෙස විවිධ සේවාවන් හ`දුන්වා දෙමින් සිය නිළ නාමය පවත්වා ගෙනයාමට සමත් කි‍්‍රයාකාරී සෙවුම් පද්ධතියක් ලෙස හැ`දින් විය හැකි ය. 




පරිශීලන ග‍්‍රන්ථ :
1. https:// www.googel.com; (2014 Nov.30), Wikipidia ,the free encyclopedia
2. විජය පරිගණක; ,, කලාපය, (2008 මාර්තු), ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඞීස්, මීරිගම, 15 පිටුව
3. එම, 14 පිටුව
4. එම, 15 පිටුව
5. විජය; (2003 සැප්තැම්බර්,23), ප‍්‍රායෝගික පරිගණක, ,, වන කලාපය, ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඞීස්, මීරිගම, 21 පිටුව
6. https:// www.googel.com; (2014 Nov.30), Wikipidia ,the free encyclopedia
7. විජය; (2003 සැප්තැම්බර්,23), ප‍්‍රායෝගික පරිගණක, 2 වන කලාපය, ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඞීස්, මීරිගම, 23 පිටුව
8. https:// www.googel.com; (2014 Nov.30), Wikipidia ,the free encyclopedia
9. විජය පරිගණක; ,, කලාපය, (2008 මාර්තු), ඇකඩමි ඔෆ් කම්පියුටර් ස්ටඞීස්, මීරිගම, 14 පිටුව
10. සේනාරත්න;පී.එම්.;(2002),21 වන සියවසට ඉන්ටර්නෙට්, ඇම්. ඞී. ගුණසේන, කොළඹ 11 

                                                      ලංකා ශිවන්තිකා ලියනගමගේ 
                                                   AR/65172
           සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය