ඊ මේල් -E- Mail (ඉලෙක්ට්‍රොනික තැපෑල)
ඉන්ටනෙට්වලට අයත් අතිශයින්ම වැදගත් කොටසක් වන්නේ වර්ල්ඞ් වයිඞ් වෙබ් ය. ප‍්‍රාග් ඓතිහාසික සිදුවීම්වල සිට මේ මොහොතේ සිදුවන දේ පිළිබ`ද තොරතුරු ද වර්ල්ඞ් වයිඞ් වෙබ් හරහා ලබාගත හැකිය.
ඉන්ටර්නෙට්වල අතිශයින්ම ජනප‍්‍රිය අංගය වර්ල්ඞ් වයිඞ් වෙබ් වුවත් එහි වැඩිපුරම භාවිතකරන කොටස වන්නේ විද්‍යුත් තැපෑලයි. එය ඉලෙක්ට්‍රොනික් මේල් හෙවත් ඊමේල් යන නමින් හැදින්වේ. Internet මගින් ලබා ගත හැකි සරලතම සේවය මේ E- Mail ය. මෙය Internet තාක්ෂණය යටතේ ලැබුණු පැරණිතම සේවයක් ලෙස හැදින්විය හැක. අන්තර්ජාලය පිළිබ`ද සංකල්පය ජනප‍්‍රිය වීමට ප‍්‍රථම පවා E- Mail භාවිතය පරිගණක ලෝකයේ දක්නට තිබුණි. අන්තර්ජාලය බිහි වීමත් සම`ගම E- Mail තාක්ෂණය, අන්තර්ජාලය මත ප‍්‍රධාන සේවාව බවට පත් විය.
මේ සේවාව මගින් ක්ෂණිකව පනිවුඩ හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසේ. එබැවින් ඉන්ටර්නෙට් සම්බන්ධතා ලබාගන්නා හැම අයෙක්ම ඊ මේල් යනු කුමක් ද? එයට කළ හැකි හා කළ නොහැකි දේවල් මොනවා ද? එය ක‍්‍රියාත්මකවන්නේ කොහොම ද? එයට සම්බන්ධවීමට තිබිය යුතු සුදුසුකම් මොනවා ද? වැනි දේවල් දැනගත යුතුය.
පාරම්පරික තැපැල සේවා පරිගණක ගත කිරීමක් වන ඊමේල්, සාමාන්‍ය ලිපියක මෙන් නොව විවිධ අකුරු, වර්ණ ඡුායාරූප, නාදරටා ආදිය එක්කළ හැකිය ගතානුතික ලිපි හා ඊමේල් අතර ඇති ප‍්‍රධානම වෙනසක් වන්නේ දී ඒවායේ දී සාමාන්‍ය තැපැල් ලිපිනය වෙනුවට විශේෂ විද්‍යුත් තැපැල් ලිපිනයක් භාවිත කිරීම ය. ඊ මේල් ලිපිනයක් කොටස් තුනකින් සමන්විත ය. මුල් කොටස එය ලබන අයගේ නම ය. දෙවෙනි කොටස ඉංග‍්‍රීසි ? සලකුණ ය. තෙවැන්න ලිපිහිමියා එම ලිපිය ලබාගන්නා තෙක් එය ර`දවා තබාගන්නා පරිගණකයේ නම ය. උදාහරණයක් ලෙස ඊ මේල් ලිපිනයක් සකස්වන්නේ Person name @ domain.nm යන පිළිවෙලට ය. ඩොමේන් නාමයේ අගට. Com, met , edu හෝ ilk. uk, in , jp වැනි අවසානක් ඇත.
සාමාන්‍ය ලිපියක් ලිවීමේදී මෙන් නොව විද්‍යුත් තැපෑල ස`දහා පරිගණකයක් මෙන්ම ඒ හා බැදුණු මොඩමයක් ද තිබිය යුතු ය. පරිගණකයේ ජනිත කෙරෙන සංඥා සාමාන්‍ය දුරකථන මාර්ග ඔස්සේ සම්පේ‍්‍රෂණය කළ හැකිවන ආකාරයේ සංඥා බවට පෙරලෙන්නේ මොඩමය ම`ගිනි. එහෙත් එම උපකරණ දෙක තිබූ පමණින් විද්‍යුත් තැපෑල භාවිතා කළ නොහැකිය. ඊ මේල් පනිවුඩ සකස් කිරීම ස`දහාත් පණිවුඩ කළමනාකරණය කිරීම ස`දහාත් උචිත ක‍්‍රම ලේඛයක් තිබිය යුතු ය. ඒ වගේ ම විද්‍යුත් තැපැල් ගිණුමක් තිබිය යුතු ය.
E- Mail - පණිවුඩයක් යැවීම

විද්‍යුත් ලිපියක් යැවීමේ දී අනුගමනය කරන්නා වූ සරල ක‍්‍රියා පිළිවෙල මෙසේ ය.
නිවේශනය කර වහාම මාතෘකා තීරුවේ එම මාතෘකාව දිස්වෙයි.
පණිවුඩය අදාල නෙකා වෙත යොමු වේ.
E-mail පණිවුඩයක් කියවීම
express Outlook දියත් කර Send කර විට ලැබුණු පණිවුඩය In Box ඉදං එකේ පෙන්වයි. In Box ඉදං එකේ දැක්විය හැකි විශේෂාංග.
Priority – ප‍්‍රමුඛතාවය.
කිසියම් පණිවුඩයකට වැඩි හෝ අඩු අවධානයක් යොමුකළ යුතු ද යන්න දැන ගැනීමට මේ තීරුව බැලිය යුතු ය. කිසියම් පණිවුඩයක් දැඩි අවධානයට යොමු කළ යුතු එකක් නම් රතු පැහැති ! සලකුණු දිස්වෙයි. වැඩි අවධානය යොමු කළ යුතු නොවේ නම් නිල් පැහැති ඊ හිසක් මතු වෙයි.
Attachment – ඇමුනුම්
පැමිණි පණිවුඩට වෙනත් ගොනුවක් අමුනා ඇත්නම් මේ තීරුවේ කඩදාසි ඇමුනුම් කටුවක සටහනක් දැක්වෙයි.
Flag – කොඩිය
කොඩි සලකුණක් ඇත්නම් ඒ පණිවුඩය ස`දහා කිසියම් ක‍්‍රියාමාර්ගයක් ගත යුතු බව මතක් කරයි.
From – මාතෘකාව
Received - ලැබීම
කිසියම් පණිවුඩයක් මේල් Server ය වෙත ලැබුණ දිනය මෙහි දැක්වේ.
පණිවුඩ කියවීම
In Box එකේ කියවා නැති පණිවුඩ තද පැහැ අකුරින් හා අලවා ඇති ලිපි කවරයක් ආකාරයෙන් දිස් වේ. කියවා අවසන් ලිපිවල මුලින් දිස්වන්නේ විවෘත කළ ලිපි කවරයක මූර්තියකි.
පණිවුඩයක් මාකා දැමීම ස`දහා නම Select කර Delete කළ යුතුය. එහෙත් shoft Delete කළ හොත් එය ට‍්‍රෑප් බ`දුන වෙත නොගොස් හාඞ් ඩිස්කයෙන් මැකී යයි. එමෙන් ම පසු අවස්ථාවක Edit Emty Delete Items Folder තේරීමෙන් එහි රැු`දී ඇති ගොනු ඉවත් කළ හැකි ය.
පණිවුඩ වැළැක්වීම.
අනවශ්‍ය පණිවුඩ පැළැක්වීම පෙරණ හෙවත් ෆිල්ටර්ස් භාවිතයෙන් සිදු කළ යුතු ය. මෙය තාක්ෂණික වශයෙන් Massage rules යනුවෙන් හැ`දින්වේ.
E-mail සේවය ක‍්‍රියාත්මක වන්නේ ද සාමාන්‍ය තැපැල් සේවය ක‍්‍රියාත්මක වන ආකාරයටම ය. මෙහි දී යවන E-Mail පණිවුඩ mail server එකක් හරහා යවනු ලැබේ. එය ද පරිගණකයකි පැරණි E-Mail ක‍්‍රමයට අනුව දෙන ලද E-Mail පණිවුඩයක් සමහර විට E mail Servers කිහිපයක් හරහා යමින් අදාළ ස්ථානයට ළ`ගා වේ. අදාළ ඒ ඒ වේලාවන්වල දී පමණක් පණිවුඩ එකතු කර ගන්නා මෙවැනි Severs ඔස්සේ E-Mailයවන විට, සමහර අවස්ථාවලදී පණිවුඩය ගමන් කිරීම ස`දහා පැය ගණනක් හෝ දින ගණනක් ගත විය හැක. එය E-Mailක‍්‍රමයේ ඇති ප‍්‍රමාදයක් නොවේ.
E-Mailතාක්ෂණය ම`ගින් පණිවුඩ හුවමාරුවෙහි යම් යම් සිමාවන් තිබේ ප‍්‍රධාන වශයෙන්ම E-Mail තනා ඇත්තේ සාමාන්‍ය අක්ෂර නැතහොත් Text ආකාරයෙහි පනිවුඩ හුවමාරුව ස`දහා ය. එනම්, රූප ආදිය අතුරින් කළ බහු මාධ්‍ය පණිවුඩ මෙන්ම විශේෂ ආකාරයට සකස් කළ Text පණිවුඩ පවා E-Mailම`ගින් සාමාන්‍ය අකාරයට යැවිය නොහැක. එවැනි විශේෂ වණිවුඩ අමතර පරිගණක වැඩසටහන් ආධාරයෙන් E-Mailපණිවුඩ හා අනුබද්ධ කර යැවිය හැක එසේ අනුබද්ධ කර යැවීම Attachment එකක් ලෙස හැ`දින්වේ. Attachment එකක් සහිතව ලැබෙන E-Mailකියවා බැලීමට අදාළ විශේෂ පරිගණක වැඩසටහන් අවශ්‍ය වේ
.
E-Mail පහසුකම් ලබා ගත හැකි පරිගණක වැඩසටහන් අද බොහෝ ගණනක් දැකිය හැක. මේ අතර, EDUORA වැනි ඉතා ජනප‍්‍රිය E-Mail වැඩසටහන් දැකිය හැකිය. මෙම වැඩ සටහන Windows – 95 වැනි Operating systems මත ක‍්‍රියා කරන බැවින් ඉතා සිත් ඇද ගන්නා ආකාරයෙහි වූ උසබාදඅි පසුබිමක සිට E-Mailයැවීම, ලබා ගැනීම, කොපි කිරීම වැනි කටයුතු කල හැකි. සෑම E-Mailවැඩසටහනක්ම තමන් වෙත ලැබෙන E-Mailපණිවුඩ ප්සක ඉදං නැමැති පරිගණක වැඩසටහනක් මතට එකතු කර ගනු ලබයි.
Mailing lists
E-Mail තාක්ෂණයෙහි වැදගත් පියවරක් ලෙස Mailing listsදැක්විය හැක. කිසියම් කේෂ්ත‍්‍රයක පුද්ගලයින්ගේ E-Mail ලිපිනයන් ලැයිස්තුවක් සේ පවත්වා ගැනීමේ අදහස මේ නමින් හැ`දින්වේ. මෙම ක‍්‍රමය මගින් අදාළ පුද්ගල කණ්ඩායම් අතර පණිවුඩ හුවමාරුව කාාර්යක්ෂම කර ගත හැකිව තිබේ. එනම්, ඒ ඒ පුද්ගලයාට E-Mailපණිවුඩ වෙන වෙනම යැවීම වෙනුවට, Mailing listsඑකට පණිවුඩය යැවිය හැක. මෙයට උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාරවේ Artificial Intelligence නැමති කේෂ්ත‍්‍රයෙහි පර්යේෂණ සිදු කරන කණ්ඩායම විසින් Airlk නැමැති Mailing lists එකක් පවත්වාගෙන යනු ලැබේ. මෙම list එක මොරටුව විශ්ව විද්‍යාලයෙහි පිහිටුවා ඇති අතර එය විවෘත විශ්ව විදයාලයය ම`ගින් පවත්වාගෙන යනු ලැබේ.
E-Mail දස පනත
නූතන කාර්යාලයීය කාර්යයන්හි දී සීමාව ඉක්මවා ලැබෙන විද්‍යුත් තැපැල් පණිවුඩ නිසා මතු වී ඇති විශාල ගැටළුවට යම් විස`දුමක් ලෙස හාවඞ් විශ්ව විද්‍යාලයේ අංශයක් වූ හාවර්ඞ් ව්‍යාපාරික පීඨය ‘‘විද්‍යුත් තැපෑල ස`දහා වන දස පනත’’ යනුවෙන් ප‍්‍රමිති පිරිවිතරක් ප‍්‍රකාශයට පත් කරන ලදී. ඒ දස පනත මෙසේ ය.
1. ලැබෙන පණිවුඩ ලොප්කර දමන්න.
2. ඇ`දුම (ඇටෑච්මන්ට්ස්* වලින් නිදහස් වෙන්න.
3. යවන්නට පෙර දහයට ගනින්න.
4. ස්වාභාවිකත්වයට සමාන කිසිවක්ම නැත.
5. කාලානුරූපනව කටයුතු කරන්න.
6. දාමය බි`ද දමන්න.
7. කටකතා, ඕපා¥පා පැතිරවීම නොකරන්න.
8. ඔබට දැරිය හැකි දේ පමණක් යවන්න.
9. වටිනාකම ගණනය කිරීම.
10. අතිසාර්ථක මාධ්‍යයක් නොවේ.
මේවා E-Mail භාවිතයේ නීති රීති ලෙස දක්වා තිබේ.
මේ අයුරින් Internet ම`ගින් ලබාගත හැකි සරලතම සේවයක් වන E-Mail අද ඉතා ජනප‍්‍රිය අංගයක් බවට පත්ව ඇත. මේ නිසාම සාමාන්‍ය තැපැල් සේවය බි`ද වැටී ඇත. සන්නිවේදන
කේෂ්ත‍්‍රයේ ප‍්‍රමුඛයන් වන International data Cooperation පවසන අන්දම ට 1999 වසර තුළ ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් හුවමාරු කරගත් විද්‍යුත් තැපැල් පණිවුඩ සංඛ්‍යාව දිනකට බිලියන 2.1 බැගින් විය. වසර 2002 වන විට එය දිනකට බිලියන 8 ක් දක්වා ඉහළ න`ගිනු ඇතැයි අපේක්ෂා කර ඇත. ඔවුන්ගේ ඒ නිගමනය අද සත්‍යයක් බවට පත් වී තිබේ. මෙය Internet හි ජනප‍්‍රිය අංගයක් බවට ද පත් වී තිබේ.
ආශ්‍රේය කර ගත් මූලාශ‍්‍ර
x නන්දසාර, එස්.ටී. සහ සේනාරත්න, පී. ඇම්, ඉන්ටර්නෙට්, 1997, ඇස්. ගොඩගේ සහ
සහෝදරයෝ, කොළඹ
x විජේරත්න, එන්.පී. ඉන්ටර්නෙට් සහ ඊ - මේල් රහස් රැුසක්, 2002, ඩෙලමා කොම්
ටෙක්නොලජිස්, කොටදෙනියාව
x කරුණාරත්න , අසෝක. එස්, හෙට ලොවට පරිගණක 1998, අසෝක එස්.
කරුණාරත්න,
x තිලකරත්න, හේ. මු. පරිගණක විද්‍යාව හා එහි තාක්ෂණය, 1997, එස් ගොඩගේ සහ
සහෝදරයෝ, කොළම 10.
x Kishore ; Naval , Internet for Doctors, 2011, Vikas pubilising house Pvt LID.
AR/64977
AR/64977
No comments:
Post a Comment