ජංගම දූරකථනය එදා සහ අද
ජංගම දූරකථනය අද වනවිට ලොව පුරා ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වී ඇත. අද නවීන තාක්‍ෂණය ද ඊටමුසු කරමින් පුද්ගල කාර්යයන් රැසක් ඉටු කර ගැනීමේ හැකියාව මෙම ජංගම දූරකථනය වටා ඒකරාශී කර තිබේ. මෙම තාක්‍ෂණයේ බලමහිමයෙන් වැඩි දියුණු වන්නා වූ ජංගම දූරකථනයේ ප‍්‍රභවය කෙසේ සිදුවීද යන්න සොයා බැලිය යුතුය. එවිට එහි තාක්‍ෂණික විපරිණාමය හොදින්ම පැහැදිලි කරගත හැකිය.
ප‍්‍රථමයෙන්ම ජංගම දූරකථනය බිහිවන්නේ 1960 ගනන් වලදීය. එය ජංගම රේඩියෝව (Mobile Radio) ලෙසින් හදූන්වනු ලැබීය. ප‍්‍රථම ජංගම රේඩියෝවේ ආරම්භය 1920 දී සිදූවේ. මෙය ද්විමාධ්‍යගතය.එනම් ඇසීම සහ පණිවුඩය යැවීම යන කාර්යයන් දෙකට පමණක් භාවිත විය. මෙය ජංගම දූරකථනයේ මූලාරම්භය සනිටුහන් කළද එහි තාක්‍ෂණික පසුබිම නිසාවෙන් ජංගම ගමනා ගමනයට පහසු නොවීය. එනම් මෙම ජංගම රේඩියෝවට බලය සපයන ලද බැටරි ප‍්‍රමාණයෙන් විශාල වීමය. මෙයට බලය ලබා දෙන ලද්දේ (Car Battery) වාහන බැටරියක් මගිනි.
ජංගම දූරකථන තාක්‍ෂණයේ මහත් පෙරළියක් සිදුවන්නේ (Transister) ට‍්‍රාන්සිස්ටරය සොයා ගැනීම සමගය. මෙතැන් පටන් ජංගම දූරකථනය අතේ ගෙන යා හැකි මට්ටමට බිහිවන්නට පටන් ගති.

මේ ආකාරයට ජංගම දුරකථනයේ ඉතිහාසය ප‍්‍රධාන යුග 4 ක් ඔස්සේ හදූනා ගත හැකිය.
ජංගම දූරකථනය කෙටි කාලයක් ඇතුළත ලෝකයේ වැඩි ව්‍යාප්තියක් සිදූවූ මාධ්‍යයකි. අන්මාධ්‍යයන් සියල්ල පරයමින් ජංගම දූරකථනය ලොවපුරා ව්‍යාප්ත වීම සිදූවි. එමෙන්ම තාක්‍ෂණය දියුණු වීම සමග එයට විවිධ අංගෝපාංගයන් රැසක් එකතු විය.
1973 වර්ෂයේ දී ඇමරිකාවේ Mortin Cooper විසින් ප‍්‍රථම වරට ජංගම දූරකථනය සකස් කරනලදි.
මෙය Analogue තාක්‍ෂණය මත ක‍්‍රියාත්මක වුණි.එනම් තොරාගත් ප‍්‍රදේශ වල ප‍්‍රධාන විකාශන මධ්‍යස්ථාන කිහිපයක් පිහිටුවා ජංගම දූරකථනය භාවිතයට සැලැස්වීය. 1977 වන විට ඇමරිකාව පුරාම මෙම මධ්‍යස්ථාන පිහිටුවා ජංගම දූරකථන භාවිතය වැඩි දියුණු කරවීය. පසුව ජ’මනිය, ප්‍රංශය යනාදි වශයෙන් යුරෝපා රටවල ද මෙම ජංගම දූරකථනය භාවිත කිරීම සිදුකරන ලදි.
Analogue තාක්‍ෂණයෙන් මිදී Digital තාක්‍ෂණයට මාරුවීම මෙම පරම්පරාවේ විශේෂම ලක්‍ෂණය විය.
ජංගම දූරකථනයට මෘදූ සංවාදය සහ තවත් දේ එකතු වීම මෙහිදී සිදූවේ. SMS නැතහොත් කෙටි පණිවුඩ යැවිය හැකි වීම මෙම යුගයේ දැකිය හැකි තවත් ලක්‍ෂණයකි.එමෙන්ම ජංගම දූරකථනයේ පුළුල් ව්‍යාප්තියක් අත්පත් කරගනු ලැබූයේද මෙම තාක්‍ෂණික පරම්පරාවේදී බව කිව යුතුය.
මෙය 3G Phones නමින් ලොව පුරා ව්‍යාප්ත විය. මෙහිදී ඇතිවන ප‍්‍රධානම තාක්‍ෂණික වෙනස නම් Fiber Optic Cables දූරකථන සන්නිවේදන ක‍්‍රමය ආරම්භ වීමයි.

මෙහිදී අන්තර්ජාල ප‍්‍රවේශය වඩා වේගවත් වීමත් පෙර තිබූ SMS ක‍්‍රමය වෙනුවට MMS යැවිය හැකිවීමත් මෙහිදී දැකගත හැකි සුවිශේෂි ලක්‍ෂණයකි. එපමණක් නොව ජංගම දූරකථනයේ යතුරු පුවරුව පරිගණකයේ යතුරු පුවරුව හා සමාන ‘QWERTY’ ක‍්‍රමයට සකස්වීම සිදූවිය. මෙය ප‍්‍රථම වරට BlackBerry Phone මගින් වෙළද පොළට හදූන්වා දුනි.
මෙම යතුරු පුවරු ක‍්‍රමයට එක්වූ අලූත් තාක්‍ෂණය නම්, Touch Screen හෙවත් ස්පර්ශයෙන් ක‍්‍රියා කළ හැකි තිරයක් සහිත දූරකථන බිහි වීමයි. මෙය අද වන විට Sensor Phone ඇහි පිල්ලමකට කට හඩට පවා අවනත කරගත හැකි ඉතා සංවේදී ජංගම දූකථන තිර බිහි වීම දක්වා වර්ධනය වී ඇත.
මෙහිදී හදූනාගත හැකි විශේෂම ලක්‍ෂණය වනුයේ අන්තර්ජාල ප‍්‍රවේගවත් වීමයි. ක්‍ෂණයකින් අන්තර්ජාලයට පිවිසිය හැකිවනවා මෙන්ම වී Upload මේ වේගයද ඉතා ඉහළින් පවතී. ලොව ප‍්‍රථම 4G ජංගම දූරකථනය සපයන්නේ Sprint සහ සමා Apple සමාගමෙනි.
4G සමග 4G LTE තාක්‍ෂණය පැමිණේ. මෙහිදී Wireless Router එකක් භාවිතයෙන් අන්තර්ජාල ප‍්‍රවේශය ලබාගත හැකිය.
NANO තාක්‍ෂණය භාවිත කරමින් නිපදවා ඇති ජංගම දූරකථන ද විවිධ සමාගම් විසින් නිපදවා ඇත.
ලෝක පරිමාණයෙන් ව්‍යාප්ත වූ මේ ජංගම දූරකථනය වෙළද පොළේ ඉතාමත් තරගකාරි අලෙවියක් අත්පත් කරගන්නා මෙවලමක් බවට පත්ව තිබේ. එමෙන්ම දිනෙන් දින ජංගම දූරකථනයට නව තාක්‍ෂණය එකතු වීම දැකිය හැකිය. අද මේ ප‍්‍රමාණයෙන් ජංගම දූරකථනය පිළිබදව කථා කළද හෙට දවසේ එහි තාක්‍ෂණය මේ සියල්ල පරයමින් නැගී සිටින්නට පිළිවන. අද පරිගණකයෙන් සිදූවන සියලු දේ සිදූ කිරිමට මෙම ජංගම දූරකථනය භාවිත කෙරෙයි.
පරිගණක ලොවේ Dextop පරිගණක මෙන්ම Laptop පරිගණක පවා පසෙකට කරමින් Tablet පරිගණක ලොව පුරා ජනප‍්‍රිය විය. මේ අතරට Tablet පරිගණකද පසෙකට කරමින් SmartPhone අප අතට පත්වී තිබේ. මේ සමග ඒකාබද්ධ වෙමින් නූතනයේ පැමිණි අනෙක් තාක්‍ෂණික මෙවලම Smart Watch හෙවත් බුහුටි ඔරලෝසුවයි. 2013 දී විවිධ සමාගම් 40 ක් මගින් මෙම Smart Watch වෙළද පොළට ඉදිරිපත් කරනු ලැබිය.
මෙයට අද වන විට ඉහළ ඉල්ලූමකින් යුතු වෙළද පොළක් නිර්මාණය වෙමින් පවතී.
මේ අයුරින් ජංගම දූරකථන තාක්‍ෂණයේ පියවර ඉදිරියට ගමන් ගන්නා ආකාරය පෙන්වා දිය හැකිය. නමුදූ මින් ඇතිවන යහපත් සහ අයහපත් ප‍්‍රතිඵල බොහෝමයකි. බොහෝ අයහපත් ප‍්‍රතිඵල සදහා විසදූම් මේ තාක්‍ෂණය මගින්ම සොයාගනු ලැබූවද මේ හැම තාක්‍ෂණික මෙවලමක්ම මානවයාගේ පැවැත්මට සාකල්‍යයෙන්ම හිතකර වන්නේ යැයි කිව නොහැකිය. එසේ සාකල්‍යයෙන්ම හිතකර වන්නා වූ තාක්‍ෂණික මෙවලමක් ගොඩ නැංවීම අපහසු වුවත් මතුයම් දිනෙක ඒ සදහා ඉඩකඩ විවරවිය යුතුය. ජංගම දූරකථනය ආරම්භය සිදූ වූ කාල වකවානුව සැලකීමේ දී අද වන විට අත්පත් කරගෙන ඇති තත්වය අතිමහත්ය.
දැනට ලෝකයේ ජනප‍්‍රිය ජංගම දූරකථන බොහෝ ප‍්‍රමාණයක් ඇතග විවිධ සමාගම් විසින් පුද්ගල කැමැත්තට අනුව ජංගම දූරකථන රැසක් නිර් මාණය කර ඇත. ඉන් ශ්‍රී ලංකාවේ හා ලෝකයේ භාවිත වන්නා වූ දූරකථන වර් ග මෙලෙස පෙන්වාදිය හැකිය.
මේ සියල්ලම මිනිස් මොලයේ පවත්නාවූ බුද්ධිමය දක්‍ෂතාව මත බිහි වූ ඒවාය. එසේනම් මෙකී සියලූ තාක්‍ෂණික තත්ත්වයන් මානවයාගේ හිතකර භාවයට හේතු විය යුතුය. අනාගතයේ දී බිහි වන්නා වූ තාක්‍ෂණය හමුවේ නිපදවෙන ජංගම දූරකථනය හෝ එම තත්ත්වය අත්පත් කර ගන්නේ නම් එයමානවයාගේ තාක්‍ෂණික නැගීමේ සාර්ථකම පියවර වශයෙන් හැදින්විය හැකිය.
References
ජයසුන්දර,භූපති (2014 සැප්තැම්බර්) ‘ස්මාට්වොච්’විජය පරිගණක, 4-6 පිටු.
K.Chathurika Rasanjalee.
AR/65094
K.Chathurika Rasanjalee.
AR/65094
I intend for this article to serve as an introduction for those who have not yet encountered 1-bit instrumental practice and, perhaps most importantly, as a comprehensive guide for would-be composer-programmers who wish to create their own 1-bit music—irrespective of chosen platform.
ReplyDeletegta 5 apk